Monday, May 5, 2014

ආදරේ සොයමි මම් ..................



කුරුටු පෙම් ගී ලියන්
ආදරේ සොයමි මම්
ඒත් ඈ දුර ගිහින්
මාව නොපෙනෙන තරම් ...............

නෙත් කෙවෙනි බොඳ කරන් 
ඉකි ගසා කුමට මම්
සිත් සතන් තුටු කරන්
නුඹ තුටින් සිටියි නම් .................

ආවෙමිය මග ගෙවන්
ඔය වතම පතා මම්
මා දමා ගියෝතින්
හෙටත් මග බලන්නම් ...............

ඉකි ගැහෙන හදවතින්
කෝම ඉවසමි ද මම්
ඒත් කඳුලැලි වසන්
දෑස් පිස දමන්නම් ................


තුෂාර විතාරණ

.

35 comments:

  1. ඒක තමා ආදරේ කියන්නේ. පිහියක් අරන් පන්නන එක නෙමෙයි.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත දේශකයා......

      ඕක අද ඉන්න තරුණ පරම්පරාවට නොතේරෙන හැටියක් නේද?????

      දේශකයාගේ වයසේ අයටනම් ඕන පටස් ගාලා තේරෙනවා නේද?????

      Delete
    2. අපොයි ඔව්... අපි පිහිය හංගන් නේ පන්නන්නේ.. හැක්..

      Delete
    3. ඒක කෝකටත් හොදයි දේශකයා. නැත්තම් කට්ටියට පිහිය දැක්කම හිනා යයි..........

      Delete
  2. සොයමි තාම ආදරය කොහේ ඇති දැයි කියා..

    ReplyDelete
    Replies
    1. සොයන්න නලීන් සොයන්න... හැම මිනිහෙක්ට ම තමන්ගේ ම කියලා ආදරයක් තියෙනවා. ඒක කවදාක හරි තමන්ට හමුවෙනවා. නලීන්ටත් හමුවුණාම කියන්නකෝ.............. සමහර විට බ්ලොග් එකකින්ම හමුවෙයිද දන්නෑ..........

      Delete
    2. නලියට ආදරය එක්ක පුදුම ඇම්මක් තියෙන්නේ.... :)

      Delete
    3. කෙන්ජිට නම් කිසිම ගානක් නෑ කියලා කට්ටිය කියන කතාව ඇත්තක් ද ??????????///

      Delete
  3. තවමත් සොයමි මම

    ReplyDelete
    Replies
    1. තව කොච්චර කල් හොයන්න ද අදහස සහෝදර.....................

      Delete
  4. යන හරකට යන්න දෙනව මිසක් බලෙන් තියාගෙන ඉඳල මොකටද. ඒත් ඉති හිත හදාගන්න කොච්චර අමාරුද. ඒත් කොහොම හරි හිත හදාගෙන ජීවිතේ ඉදිරිය ගතකරනෙක තමා හපන්කම.

    ReplyDelete
    Replies
    1. මනෝෂ්ගේ දැක්මත් වැරැද්දක් නෑ,.............. කරලාම බලන්න ඕනේ. එතකොට තමා සමහර දේවල් තේරෙන්නේ.................

      Delete
  5. මේක හොයාගන්න එක කළුනිකද මොනවද හොයනවටත් වැඩිය අමාරුයි නේද

    ReplyDelete
    Replies
    1. අනිවා විදානේ.... විදානේ ඔය හැම දේම ගැන දන්නවා නේද?????????????/

      Delete
  6. හෙව්වට වැඩක් නැහැ තුෂාර අනෙත් පාර්ශවයට ඒක දැනෙන්නෙ නැතිව.නොපෙනෙන තරම් දුර ඉඳන් මින්සුන් කොච්චර ආදරය කරනවාද?කුරුටු ගී නොලීවට ඔබේ ආදරය ඔබටත් ආදරේ ඇති.එහෙම නොවෙනවා කියලා දැනුනොත් හොයලා බලන්න කාරණාවක් ඇති.කෙනෙක්ට පුළුවන් නම් තම සහකරුට හෝ සහකාරියට විශ්වාසය දෙන්න ඔය කියන ආදරය කොච්චර දුර වුණත් ඔබත් සමගම ඉඳීවි.
    සමාවෙන්න කමෙන්ට් නොකරම බැරි වුණා.

    කාංචනා

    ReplyDelete
    Replies
    1. 10 දෙන 10ක් හදාගත්තනං හරිනේ..

      Delete
    2. තුෂාර විතාරණMay 5, 2014 at 10:27 PM

      නෑ විදානේ මෙතන තියෙන්නේ මගේ නිර්මාණයට කාංචනාට ඉවසගෙන ඉන්න බැරි වුණ එක විතරයි. ඔහොම තමයි හොද නිර්මාණ දැක්කා ම තරහා යන්නෙත් මොකක් හරි හේතුවකට නේද?????????????

      Delete
    3. තුෂාර විතාරණMay 5, 2014 at 10:31 PM

      @ කාංචනා,

      මිනිස්සුන්ට විශ්වාසය කොච්චර දුන්නත් ඒ දිහා සැකයෙන් බලන එක නවත්වන්න විදිහක් නෑනේ. මට ඔය විශ්වාසය රැකලා දැන් ඇතිවෙලා. කොච්චර නිවැරදි ව හිටියත් සැකය නැති කරන්න බෑනේ. ගොඩක් කාන්තාවන් තමන්ගේ ස්වාමිපුරුෂයාව ඈත් කරගන්නේ ඔහු ඈත කියලා නිතර නිතර හිතලාමයි. නැතුව ඔහු ඈත නිසා නෙමෙයි.....

      මේ කවිය ලියුවේ අත්දැකීමකට නෙමෙයි. ඒ හින්දා ඔයා කලබල නොවී හිටියොත් තමයි හොඳ ..............

      Delete
  7. ආදරේ හෙවුවට ලැබෙන්නෑ ආදරේ අපි හොයා එන දාට අපි නෑ…

    පද ටික වෙනදා වගේම ලස්සනයි තුෂාර.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රියා,

      ආදරේ නැතුවට මොකද ඔය කරගෙන ඉන්න හරිය මදැයි නේද????????????

      Delete
  8. //නෙත් කෙවෙනි බොඳ කරන්
    ඉකි ගසා කුමට මම්
    සිත් සතන් තුටු කරන්
    නුඹ තුටින් සිටියි නම් .................//

    ඈ ඇගේ ලොවට වී
    කිරුළු පළදවයි නම්…
    මා මගේ ලොවට වී
    ඇයට සුබ පතන්නම්………

    ReplyDelete
    Replies
    1. ෂැහ් .................... ඔය ඉන්නේ නියම කවියා ....
      අලුත් පද ගැලපුම හරිම අගෙයි ප්‍රියා... ලියමුකෝ ඔය විදිහට ලස්සන පද ටිකක් ගලපලා කවි පොස්ටුවක් හෙම ................

      Delete
  9. ඉකි ගසා හඬන අතීතයක.....

    අමතක කරන්න එපා මේ පද රචකයා අමිල තේනුවර. අනිත් අය ගැන හැමෝම කතා කරනවානේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අරූ,

      මෑත කාලයේ ලියැවුණු ලස්සන පද ටිකක්......
      ඉතින් අරූ ඒ ගැන ඔබ සතුව ඇති අදහසත් ටිකක් අකුරු කරොත් තවත් හොද වෙයි කියලා හිතෙනවා................

      Delete
  10. පට්ට මචන්...... දිගටම ලියපන්.... ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අකීකරු ......

      මේ පැත්තට ඇවිත් අපිව දිරිගන්වලා කමෙන්ටුවක් දැම්මට ස්තූතියි අකීකරු ............

      Delete
  11. මොනවා කරන්නද, වේදනාව වුනත් ඉතින් ඉවසන්න දරාගන්න වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත දිනේෂ්..........

      ඒත් දිනේෂ් ටිකක් හැගීම්බරව ඒක කිව්වා වගෙයි ?????/

      Delete
  12. සිතිවිල්ල සරල ව බොක්කටම වැදෙන ලෙසට ලියවිලා ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි..................

      Delete
  13. ඒත් කඳුලැලි වසන්
    දෑස් පිස දමන්නම් ................
    මට බොක්කටම වැදුණ...
    පට්ට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්.............. ඔබලා හැමදාම අපිව දිරිගන්වනවා මහේෂ්...........

      ඒත් ඒ පද දෙක විතරක් වැදුන එක ගැනනම් ටිකක් බලන්න වෙනවා.......

      Delete
  14. දිනක් ඒයි ඇය ඔබ වටහා ගන්නා
    එතෙක් ඉවසා සිටින් මිතුරා.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      පළමුවෙන් ම ස්තූතියි මේ පැත්තට ඇවිත් අපි වෙනුවෙන් කමෙන්ටුවක් දමා ගියාට....

      ඇත්ත මමත් බලං ඉන්නේ කවදා වටහා ගනීද කියලා තමයි යාලුවා.............

      Delete
  15. පිරිමියෙකුට ගැහැනිය එපා වෙනකන් එ ගැහැනියට ඒ පිරිමියගෙ අගේ තේරෙන්නෙ නැ

    Ignore the every blame from the girl you love and let her know that you can live without her. If she really loves you she must be beg for your love

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...