Thursday, May 1, 2014

මැයි දිනය සහ වාසු ................. එතකකොට බාහු ................



බලව මිතුර,
දෑස් දෑගිල්ලෙන් මෑත් කර බලව,
රතු පාට හැද, දෑකැති මිටි අත දරා ගෙන,
උන්ගෙ දිනය වෙනුවෙන් උඹලට කත්අදින යන,
දුප්පත් කම්කරුවන් දෙස බලව.............

බලව මිතුර,
වංචාව, අමනුස්සකම අතහැර,
ඔය පෙනෙන පෙරමග නොව,
නුඹ වසාගෙන සිටින අතීතය දෙස හැරී බලව,
කරින් කර නුඹ ව ඔසවා තැබූ,
ග්‍රාමීය කම්කරුවන් දෙස බලව .................

බලව මිතුර,
සත්‍යවාදීබව, මනුස්සකම සිතට ගෙන බලව,
කන්න අදින්න නැති, තඹ සතයක් අත නැතිව,
මැළවුණු දරුමල්ලන්ගේ මුහුණු බලා හිදින,
අනාගතයට බියෙන් මුළුගැණුනු,
අහිංසක කම්කරුවන් දෙස බලව .................

බලව මිතුර,
කම්කරුවාගේ වෘත්තිය වෙනුවෙන්,
අයිතීන්, වරප්‍රසාද දිනා දීමට මගකියූ,
සත්‍යවාදී, මානූෂීය ගති පෙරදැරි කරගත්,
දුප්පත් අහිංසක කම්කරුවන් වෙනුවෙන්,
ජීවිත පූජාකර උරුම කරගත්,
මැයි දිනය පිළිබද,
වාමාංශිකයාගේ යුතුකම දෙස,
දෑස් බැදි අදුරු පට ලිහා,
තව තවත් දෑස් හැර බලව ..........................


කසුප් අනුරාධ

.

19 comments:

  1. වාමාංශිකයෝ.....????????
    වඳවෙලා ගිය සත්තු ජාතියක් වෙන්නඅැති..නෙහ්..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් විදාෙන්,

      මුන් වැඩ කරන්ෙන් කිසිම ෙදයක් දන්නෑ වගේෙන්?????????//

      Delete
  2. අහිංසකයන්ගෙ දහඬිය කඳුළෙන් රජ උන උන්ට මනුස්සකම් කොහෙන්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණෙ ප්‍රියා තාමත් එහෙමම කරගෙන යනවාෙන්...................................

      Delete
  3. වාමාංශිකයෝ දැන් ඉන්නවද හැබෑටම?

    ReplyDelete
    Replies
    1. අැත්තට ම නැතුව අැති කියලා තමයි හිතෙන්ෙන්...............................

      Delete
  4. සාඩම්බර වම විනාශ කළ කාළකන්නි..

    ReplyDelete
    Replies
    1. ඔව් මාතලන්, ෙම් අය තාමත් වම විකුණගෙන කනවා............................

      Delete
  5. මේ රටේ කවදත් කලේ අහිංසක මිනිස්සුන්ගෙ ශක්තිය සූරගෙන කාපු එක..හරියට මේ දවස්වල අපිට අහන්න දකින්න තියෙනව වගේ..

    ReplyDelete
    Replies
    1. අැත්ත උෙම්ෂ්,

      ස්තූතියි අදහසට......................

      Delete
  6. ඇත්ත..සහතික ඇත්ත. අනේ මුංට වෙච්ච දෙයක්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහසට ..........................

      Delete
  7. දෑකැත්ත මිටිය
    මළ කා ඇත...
    කම්කරුවන්.
    කඩේ ගෝස් ඇත..
    වාමාංශිකයන්
    සේදී දියව ගොස්ඇත..
    වාමාංශිකත්වය
    දේවත්වයට ප/ත්ව ඇත

    ReplyDelete
    Replies
    1. ලස්සනයි.................................

      ලියමුෙකා් කවියක්..............

      Delete
  8. හැබෑට වමට මොකක්ද වෙලා තියෙන්න්. මුකුත් නෑනේ වෙනද විදියමයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ෙවනදා විදිහමයි..... එ්ත් වම හැදුණ කාෙල් විදිහනම් ෙනෙමයි ෙන්ද????????????????

      Delete
  9. අපි නොදන්න.......වන්න පෝසු!!

    ReplyDelete
    Replies
    1. අැත්ත අරූ.....................

      Delete
  10. ඇහුවේ නැතිද වාසුගේ කතාව.
    මොන දේ කරන්නත් ආණ්ඩුව රැක ගෙන ඉන්න ඕනේ කියලා කිවේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...