Thursday, May 29, 2014

නිවන් සැප ලැබේවා ...............



කළත් මැරකම් ඇති පදම් - මිනී මැරුණත් මගෙ අතින්
වුණත් හොරකම් බුරුත්තක් - යට යවමි එය මගෙ බලෙන්

ගිනි තියන්න හැකි වුණේ - ගෙවල් යායක් විතරනේ
දුටුව විට ඒ නිවැසියන් - තිබුණානේ මගෙ කට කනේ

විකුණගන්නට හැකි වෙතේ - මගෙ අණින් මත්පැන් පෙරා
සතුව ඇති කුඩු කඳු ගණන් - සමතලා වෙයි රට පුරා

සිටියි එකසිය හමාරක් - කෙල්ලෝ මඩමෙහි මා සතූ
හිතන්නේ තව කොහොමදැයි - පතුරවනු මේ කටයුතු

දිව්‍ය ලෝකෙකි රෑ පුරා - කම් සැපෙන් පිරි සාජ්ජේ
නටයි මා වට සුරඟනන් - අහෝ සැපතකි සමාජේ

ගසා කෑමෙන් අල්ලසින් - ලැබෙයි සැමවිට කුට්ටියක්
පළායන හැටි මම දනිම් - නීතියත් මට සෙල්ලමක්

දාන දෙමි මම රට පුරා - නොවේ සැනකෙළි මේ වගේ
සුදු වතින් මල් පුදන්න් - පිං පතාමයි මට අගේ

ගිරිය පුප්පා වේදිකාවේ - විසිරුවන්නේ මගෙ රැසේ
දනන් රැවටෙන් හැටි දකින විට - නැගේ සිත තුළ මදහසේ

කරයි සතහට සේවයක් - මගෙ නමින් කණ්ඩායමක්
යවමි යහමග පරපුරක් - බෙදා දී රෙදි පොත් ටිකක්

මව්පියන් නොහඳුනන්නේ - අඹුව දරු පිටුදකින්නේ 
කුමට ඒ ගැන හිතන්නේ - ලොවට මා සුචරිතයිනේ

ලැබෙයි ලොකු නිල නාමයක් - මගේ අත්වල නොමැත ලේ
මෙවන් දස්කම් සපිරි මා - කුමට ඉනු පසුතැවිල්ලේ

ඒ නිසාමයි මහතුනේ - මටත් යනු ඕනෑ නිවන්
මුළු හිතින්මයි කියන්නේ - අසනු මැන දැන් මේ වදන්

මගේ ඉරණම එන ලෙසින් - මරණයට පත් වුවොත් මා
ලියනු මැන දැන්වීමකින් - මෙන්න මේ ලෙස හැඩදමා

සත්ගුණවත්, සමාජ සේවක, දානපති, පරමාදර්ශී 
------------------- හට නිවන් සැප ලැබේවා........!!!



අසංක ගයාන් අබේසිංහ


.

41 comments:

  1. බොහෝ දෙනෙකුට අදාලයි... දැන් නිවන් දකින්නත් ලේසී නෑ.. පට්ට පෝලිමක් ලූ තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒ පෝලිමටවත් යා ගන්න ලැබෙයි ද මේ අයට....????

      Delete
  2. මාත් ඔය ගැන කලින් ලිව්වා නිවන් සැප ලැබේවා කියලම තමා.. හැක්..

    ReplyDelete
    Replies
    1. දේශකයා.... එහෙනම් සොරි ඉතින්..ඒ ගැන නොදැන ලියුවේ...

      ඒකේ ලින්කුවත් පොඩ්ඩක් දැම්මනම් එන අයට ඒකත් උදව්වක් වෙයි.. දේශකයෝ.....

      Delete
  3. නිවනට යන්නට කෙටිම මග....

    ReplyDelete
    Replies
    1. ඔව් නලින්......

      මෙහෙමත් මරණ දැන්වීම් ගහනවානේ.....

      Delete
  4. ඔහේ පලයන්,.....
    අප සිරිලංකාවේ බොහෝ දේශපාලුවන්ගේ කතාව.....

    ReplyDelete
    Replies
    1. ඔව් නිමෝ...

      අපේ කට්ටියම අන්තිම කාලේ කල්පනා කරන හැටි තමයි ඔය....

      ටික දවසක් දැක්කෙම නෑනේ... මොකෝ බ්ලොග්කාරයෝ එපා වුණාද????

      තාක්ෂණික තොරතුරකුත් මාසෙකින් විතර අප්ඩේට් වෙලා නෑනේ... මොකෝ....

      Delete
    2. බෙල්ල ලගට හිරවෙනකන්ම ඔපීසියේ තිබුනා. දැනුත් නැතුව නෙමෙයි, බ්ලොගිය අප්ඩේට් කරන්නත් බැරි උනා, ලියන්න දේ ගොඩයි, වෙලා නැති උනා. තැන්කු මතක් කලාට, අනිවා ඉක්මනටම ලියනවා,

      කවදාවත් බ්ලොග්කාරයෝ එපාවෙන්නේ නම් නැතිවෙයි.

      Delete
    3. *//බෙල්ල ලගට හිරවෙනකන්ම ඔපීසියේ තිබුනා.//
      වැඩ තිබුනේ හොදේ වෙන මොනවත් නෙමෙයි හරිය.

      Delete
    4. නිමෝ....

      අපිට පොඩි තාක්ෂණික ගැටළුවක් තියෙනවා. අපි ඔබට ඊයක් කොටා ඇත. හැකිනම් සහ වෙලාවක් තිබුණොත් පිළිතුරක් එවන මෙන් ඉල්ලා සිටිමු.................

      Delete
    5. මට තවම ඊයක් ලැබිලා නැනේ.
      admin@ithelpzone.info එකට එවන්න පුලුවන්ද?

      Delete
    6. හරි නිමෝ...

      ඔබේ මේල් එකේ අකුරු දෙකක් මාරු කරලා යවලා තියෙන්නේ. දැන් හරි. ඊය දැන් ලැබී ඇති. නිවාඩු ඇති විටෙක බලලා උදව්ව කරන්නකෝ......

      ස්තූතියි නිමෝ..

      Delete
  5. පික්ෂු තද වෙයි කීවලු...
    නූතන දේසපාලන විගඩම.... හරි අගේට ඔබ ගලපල තියෙනව... ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්.......

      විගඩමක් ම තමයි. මාරම නාඩගමක් ඒකත්. ඒත් ඉතින් අපි අත් දෙකම උස්සලානේ.............. සහය දෙන්නේ........

      Delete
  6. නියමයි අසංක. පට්ටනෙ. දේශ පාළුවන් ඇතුලු ගොඩක් දෙනෙක්ගෙ යථාර්තය තමා මේ.

    //සත්ගුණවත්, සමාජ සේවක, දානපති, පරමාදර්ශී
    ------------------- හට නිවන් සැප ලැබේවා........!!!// හැක්. +++++++++++++

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රියා සහයෝගයට...

      මේ ඇත්ත කවදා වුණත් ඔය බොරු කාරයන්ට තේරෙනවා. එදාට මැරෙන්න ලං වෙලා හූල්ලනවා... නිදහසේ මැරෙන්නවත් වෙන්නේ නෑ... ඒ අතින් අපි නිදහස්........ නේද????

      Delete
  7. ඔය හිස් තැනට දාන්න නම් පේළියක්ම තියෙනවා මගේ හිතේ නම්.

    ReplyDelete
    Replies
    1. මනෝජ්

      ස්තූතියි අදහස් දැක්වීමට.....
      ඇත්ත කතාව. නම් ලිස්ට් එක කොච්චර දික් වෙයිද කියලා හිතාගන්න බැරි තරම්... දේශපාලුවෝ විතරක් නෙමෙයි හරියට බැලුවොත් ගොඩක් කට්ටිය මේකට අදාලයි නේද????

      Delete
  8. මැරුණ දා මට මක් කරයිදැයි දන්නෙ නෑනේ දැං
    ඒක හින්දා මගේ වල මං දැංම හැදුවා බං ..
    ජෝතිපාලය පයින් ගහලා අපායට යනකං
    සමාදානේ සැතපීලා ඒකෙ ඉන්නං මං..

    ReplyDelete
    Replies
    1. ෂැහ්........

      ලංකාගේ කවි කතා..... එලස් කවියක් කියෙව්වා ටිකකට කලියෙන් ඔබේ බ්ලොගයෙත් ...

      ලේසිම ක්‍රමේ තමයි ඕක............

      ස්තූතියි අදහස් දැක්වීමට...................

      Delete
    2. සරා දරුණු වෙලා..

      කවියෙන්මයි ගේම දෙන්නේ...

      Delete
    3. ඒක තමයි අපිත් බැලුවේ....

      අර ඇදේ කේස් එක බැලුවද සෑම්.. කවියෙන් ගොතලා තියෙන අපූරුව.. කවිකම ඉහවහා ගිහිල්ලා නෙවැ....

      Delete
  9. මේකනම් හැන්සාඩ් වාරතාවෙන් ඉවත් කරන්න වෙනවා , 225 කට කෙලින්ම වදිනවා , අනිත් අයටත් අඩු වැඩි වශයෙන් වදින නිසා

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා ඉවාන්,

      225 දැන් ඉන්න සෙට් එකනේ... කලින් හිටපු සහ අනාගතයේ දියවන්නාවේ යන ඈයෝ කොතෙක් නම් ඇතෑ..............

      Delete
  10. බුදු අම්මෝ සුදු වෑන් එකක් ඇවිත් ගී පවුරෙත් කලු තෙල් ගාලා ගී ලියන කට්ටියත් කුදලගෙන යයි.. මේකට කමෙන්ට් කරොත් මාත් අරන් යයි..

    කවි ටිකනම් මරු කුරුටු. අර ඉන්න 225ක් හැත්ත බුරුත්ත සේරමගෙ මැරුණම කවි කොලයක් ගහන්න නියමයි මේක.

    ඒත් ඉතින් මේ සේරම දන්න අපේ ගරු ජහමනතාව ආයෙ ආයෙමත් මුංවම පත්කරල යවනෙකනෙ අරුමෙ.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ මනෝෂ්....

      කියපු කතාව නම් සීයට පන්සීයක් ඇත්ත. ඒත් ඉතින් අර කිව්වා වගේ අපේ රටේ උත්තමයන් ඡන්දයක් එනකල් මගබලාගෙනනේ ඉන්නේ.. කළ ගුණ සලකන්න... අපි මාර කළ ගුණ දත් ජාතියක් නේ............

      Delete
  11. අහවලාගේ අහවලා වූද,
    අහවල් අය‍ගේ අහවල් අය වූද,
    අහවල් අහවල් අයගේ අහවලා වූද,
    අහවලා (අහවල් රට), අහවලා (අහවල් රට),
    අහවලා (අහවල් රට) වූද,
    සත්ගූණවත් අහවල් ව්‍යාපාරික,
    මුලු රටටම අහවල් විනිශ්යකාර,
    අහවල් අහවල් මැති ඇමති කම් දැරූ
    අහවලා අහවල් දින
    අහවල් වූයෙන්
    ඒ පිළිබද අහවල් කටයුතු
    අහවල් කනත්තේදී
    අහවල් වෙලාවට
    පැවැත්වීමට නියමිත බව
    අහවල් අහවල් අය වෙත
    අහවල් වේගයෙන් දැනුම් දෙමු.

    හෙක් හෙක් ඔන්න මන් මර දැන්වීම ගැහුවා හරිය.

    ReplyDelete
    Replies
    1. අහවල් කතාවක් නෙව සොමියා කොටලා තියෙන්නේ...

      අගේට ගැලපෙනවා කවියත් එක්ක. හරිම අගෙයි ඒක. කවියක් ලියුවොත් මක්වෙනවද ඔය ටිකත් එකතු කරගෙන..............

      Delete
  12. දැන් කාලේ හැබැයි හුඟක් දෙනෙක්ට ඉල්ලුවේ නැතත් ඔය වචන සෙට් එක හම්බුවෙනවනේ මැරුණට පස්සේ..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. ....

      අපි ඕනෙම කෙනෙක්ට මේ වචන ටික දානවානේ.. ඒක දානවාමත් නෙමෙයි මරණ දැන්වීම් ගහන්න ගියාම එයාලා ඉල්ලන්නේ උපතයි විපතයි ෆොටෝ එකයි විතරනේ....... අනික්වා ෆෝමැට් එකේම දාලා තියෙන්නේ.......

      Delete
  13. දේශපාලුවන් ගේ විතරක් නෙවෙයි ඕක තව ගොඩක් අයට පොදු දෙයක් ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහෝදරයෝ,

      හරියට බැලුවොත් අතලොස්සකට හැර අනෙක් අයට මේ කියිය අදාලයි තමයි... ස්තූතියි අදහස් දැක්වීමට...

      Delete
  14. එළකිරි සිතිවිල්ල කවි වෙලා.......

    ReplyDelete
    Replies
    1. තෑන්කූ කෙන්ජියෝ.....

      හැමදාමත් වගේ අපේ කවිය අගය කරලා අපිට ශක්තියක් වුනාට..... බොහොම ස්තූතියි.......

      Delete
  15. මගේත් කොටපිය ආය අතින් පයින් යනවා කියලැය

    ReplyDelete
    Replies
    1. ෂුවර් එකට ම කොටන්නම්.........

      Delete
  16. නිවන් යන බව හිතන් හිටියට බොහො ඩෙනෙක් යන්නෙ නම් නිරයට...

    ReplyDelete
    Replies
    1. ෂැගියා මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා....

      ඇත්ත කතාව. බහුරයක්, අතිශය බහුතරයක් යන්නේ අපාය පැත්තට තමයි. ඒත් අපි ලියන්නේ නිවන් සුව ලැබේවා කියලානේ... හම්බෙන්නැතුවට ඉතින් මොනවා කරන්න ද නේද???

      Delete
  17. උන්ට යන්න අපායක් නැතිම උනොත් එහෙම දවසක නිවනට යාවි..(එතකොට නිවන කියල අලුත් අපායක් හදල තියෙයි)
    :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත දුල්ෂාන්...............

      ස්තූතියි අදහස් දැක්වීමට. ඒ වගේ ම මේ පැත්තට සාදරයෙන් පිළීගන්නවා....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...