Sunday, May 4, 2014

නුඹට මා වශීවෙලා ...............



මලින් මල පියඹලා 
රොනින් රොන තුඩතියා
යන අතර පියඹලා
නෙත බැඳුනි කිතිකවා ......

දිනෙන් දින මගබලා

කොහිද ඔබ කිය කියා
නෙතු පියන් දිව ගියා
සොදුරු නෙත් සොය සොයා ....

අහම්බෙන් හිනැහිලා

මහමගදී හමුවෙලා
බලන සඳ මා දිහා
නොබලාම හිඳිමි මා ...

සිහිනෙකින් දැවටිලා

දුටුව රුව කොහි කියා
සෙව්ව මුත් නිතිපතා
මග හැරිමි හඬ හඬා .......

අනග පෙම් හෙළ හෙළා

පෙම් මැදුරු බිඳ දමා
උමතු වී රැඟු යුරා
විඳිමි මා නෙතු පුරා .....

පියුව විට නෙතුසරා

පැමිණි ඔබ හදපුරා
විඳිමි මම නිතියුරා
එහෙත් මග හරිමි නෙතු සදා .....


කාංචනා චන්ද්‍රසේකර

.

24 comments:

  1. ලස්සනයි...............

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිතුම් අදහසට ................

      Delete
  2. //අහම්බෙන් හිනැහිලා
    මහමගදී හමුවෙලා
    බලන සඳ මා දිහා
    නොබලාම හිඳිමි මා ...//

    බැලුවොතින්නම් ඉවරයි තමයි බොලේ...
    ලස්සන කයියක්..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අනිවා විදානේ. බැලුවොතින් ඉවරම තමයි. දන්නවානේ ඉතින් පිරිමින්ගේ හැටි.... නේද විදානේ..... හැමෝම විදානේ එහෙම වගේ නැතුවයෑ.............

      Delete
  3. Replies
    1. එ් කෙළ්ල කොහොමත් ලස්සනයි තමයි

      Delete
    2. @ ප්‍රියා,

      ස්තූතියි ඇගයීමට .............

      හැබැයි විදානේ කියලා තියෙන කතාවෙත් දොසක් නෑ ............

      Delete
    3. @ විදානේ

      විදානේ කොහොම ද ඒක දන්නේ ??????????

      Delete
  4. ඔය බලන බැල්මන් දිහා බැළුවොත් ඉතින් අහු උනාම තමයි ඉතින්.. ආයේ කරන්න දෙයක් නෑ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් ඒක නොදන්නවා යෑ නේද??????????

      දිනේෂ් දන්නවා කියලා අපිත් නොදන්නවා යෑ නේද???????

      Delete
  5. ඇයි අප්පා එහෙම මඟහරින්නෙ?

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුව බෑනේ මනෝෂ්.... දන්නවානේ නැත්තං වෙන දේ.....

      //අනග පෙම් හෙළ හෙළා
      පෙම් මැදුරු බිඳ දමා//

      නැත්තං මටත් වෙන්නේ මගේ මැදුරත් බිද ගන්න තමයි.........

      Delete
  6. බොහොම අගෙයි.. ගීතයකට වඩාත් අපුරුයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයා........

      ඔබේ කවිකාරකම ගැන රචනයත් අපූරුයි... ඔබ කොහොමත් හොද රසිකයෙක් නේ........

      Delete
  7. නුඹට කෙසේවත් කවියට නං මං වශී වුණෙමි..
    වෙනද වගේම පට්ට
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්......

      හැමදාම මේ පැත්තට ගොඩවෙලා අපේ නිර්මාණයන් අගය කිරීමට ඔබට අපගේ ස්තූතිය.......

      Delete
  8. ඉතාමත්ම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලීන්...................

      Delete
  9. ලස්සනයි හරිම ලස්සනයි,

    //අහම්බෙන් හිනැහිලා
    මහමගදී හමුවෙලා
    බලන සඳ මා දිහා
    නොබලාම හිඳිමි මා//

    මේක මේ මගේ කතාවක් වගේම මට හරියට දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි මනෝජ්....

      ඔය තැනදී ගොඩක් දෙනෙක්ගේ අත්දැකීම් සමානයි. ඒ නිසා එක්කෙනෙක් තම අත්දැකීමෙන් ලියන දේ තමන්ට ලියුවා වගේ දැනෙනවා. ප්‍රේම ගීත සහ විරහා ගීත වල සමීපත්වය දැනෙන්නෙත් මෙහෙම තමයි. ඒත් ඉතින් මනෝජ්ගේ වේදනාව ගැන නම් අපිටත් කණගාටුයි.............

      Delete
  10. ගොඩ කාලෙකින් මේ පැත්තට ආවේ. බ්ලොගයේ නැවුම් වෙනසකුත් වින්ඳා...

    හැමදාමත් වගේ නිර්මාණයත් බොහොම ලස්සනයි ! අපූරුයි !

    ( කවි අරණ )

    ReplyDelete
  11. බොහොම ස්තූතියි සදරු................

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...