Friday, May 9, 2014

අද අපේ උපන්දිනය - එන්න අප හා එක්වන්න. මේ අප මුවේ නැගෙනා ඔබේ සිනහවයි...........



අද අපේ කුරුටු ගෑ ගී පවුරට අවුරුද්ද පිරෙනවා. ඇත්තට ම ඒක අපිට සතුටක්. මේ සතුට ඔබත් එක්ක බෙදා ගැනීම තමයි අපේ එකම අරමුණ. ඒ වෙනුවෙනුයි අපේ මේ සටහන........................

හරියට ම මීට අවුරුද්දකට කලින් අපේ අඩවියේ ඉන්න හසිත හර්ෂණ වීරසිංහ තමයි මේ අඩවිය පටන් ගෙන තිබුණේ. ඊට මාසෙකට විතර පස්සේ තමයි ඔහු මේ ගැන තුෂාර විතාරණ වන මට පැවසුවේ. ඉන්පසු සුරංග සම්පත් විජේසූරිය සහ කාංචනා චන්ද්‍රසේකර සමග කතා කොට අපි මෙය පොදුවේ කරගෙන යන බ්ලොගයක් කරන්න තීරණය කළා. ඒ ගැන හසිත කිසිම රෙගුලාසියක් දැම්මේ නැතුවට අපි හැමෝම එකඟ වුණා මෙය කවි සඳහා වෙන් වූ බ්ලොගයක් කිරීමට. ඒ තමයි කුරුටු ගෑ ගී පවුරේ ආරම්භය..................

ඊට පසුව ක්‍රමයෙන් මෙයට චතුරිකා චන්ද්‍රසේකර, අසංක ගයාන් අබේසිංහ, ඉසුරිකා චූලරත්න, ඩබ්.ටී වීරසිංහ, මෙත්මල් සුභසිංහ කියන සහෘද කැල එකතු වුණා. (මේ අය කවුද කියලා පහතින් කෙටියෙන් සඳහන් කරමි.) කාලයෙන් කාලයට මොවුන්ට ඇති නිදහස අනුව තම තමන් ම විසින් ම නිර්මාණයන් එකතු කිරීම සිදු වනවා. මෙය අප කාගේවත් පුද්ගලික අයිතියක් නොවන වග අපි ව්‍යංගයෙන් අවබෝධකරගෙන සිටින්නෙමු. එනිසා ම මෙය අප සැමගේ පොදු ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස සැලකුව මනාය.

අවුරුද්දක් පිරෙන අද දවසේ අපි ගැන පොඩි විස්තර ටිකක් කියන්නම්. හැබැයි එක එක්කෙනා එකඟ වුණ තරමට විතරයි කියන්න වෙන්නේ.

හසිත හර්ෂණ වීරසිංහ
- රුහුණු විශ්වවිද්‍යාලය
- සිංහල විශේෂවේදී උපාධි අපේක්ෂක

තුෂාර විතාරණ
- කැළණිය විශ්වවිද්‍යාලය
- සාමය හා ගැටුම් නිරාකරණය උපාධිය, පශ්චාත් උපාධිය
- ආරක්ෂක අංශයෙහි සේවය කරයි.

කාංචනා චන්ද්‍රසේකර
- කැළණිය විශ්වවිද්‍යාලය
- සාමය හා ගැටුම් නිරාකරණය උපාධිය, පශ්චාත් උපාධිය
- රාජ්‍ය අංශයේ රැකියාවක් කරයි.

චතුරිකා චන්ද්‍රසේකර
- පේරාදෙණිය විශ්වවිද්‍යාලය
- ශාස්ත්‍රවේදී උපාධිය සහ පශ්චාත් උපාධි අපේක්ෂිකා
- රාජ්‍ය අංශයේ රැකියාවක් කරයි.

ඩබ්. ටී වීරසිංහ
- යාපනය විශ්වවිද්‍යාලය සහ කැළණිය විශ්වවිද්‍යාලය
- භූගෝල විද්‍යා විශේෂවේදී උපාධිය
- විශ්‍රාමික විදුහල්පති

සුරංග සම්පත් පෙරේරා
- පේරාදෙණිය විශ්ව විද්‍යාලය
- සිංහල විශේෂවේදී උපාධිය සහ පශ්චාත් උපාධි අපේකෂක
- රාජ්‍ය අංශයේ රැකියාවක් කරයි.

අසංක ගයාන් අබේසිංහ
- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
- විද්‍යාවේදී උපාධිය
- පෞද්ගලික අංශයේ සේවය කරයි.

ඉසුරිකා චූලරත්න
- කොළඹ විශ්වවිද්‍යාලය
- උපාධි අපේක්ෂිකා

මෙත්මල් සුභසිංහ
- පේරාදෙණිය විශ්ව විද්‍යාලය
- වෛද්‍ය පීඨය උපාධි අපේකෂක

කසුප් අනුරාධ
- කිසිදු තොරතුරක් හෙළි කිරීම ප්‍රතික්ෂේප කරයි.

මේ අපේ කණ්ඩායම ගැන කෙටි හැඳින්වීමක්. මේ අයගේ තවත් විශේෂතාවයන් ගොඩක් තියෙනවා. පොඩි ඉඟියක් දුන්නොත් මේ අය එක එක්කෙනාගේ කවුද වගේ දේවල්. ඒවා ඔබට අනුමාන කරන්න පුළුවන්. ඊළඟ විශේෂ අවස්ථාවක අපි තවත් දේවල් කියන්නම්.....

අනික් දේ තමයි අපිට මේ තරම් ගමනක් එන්නට ඔබ දුන් සහයෝගය. අපි නිතර ම දිරිගන්වමින් උනන්දුව ඇති කරවන ලද්දේ ඔබයි. අපි කුරුටු ගෑ වචන කවි කළේ නුඹයි. එනිසා ම අපේ ගමනේ පසුපස සිටි ශක්තිය ඔබයි. එනිසා ම මේ සතුට අපි බෙදා ගත යුත්තේ ඔබ සමගයි. මේ ඒ සඳහා වූ ආරාධනාවයි. 

එන්න අප හා එක්වන්න..... මේ අප මුවේ නැගෙනා ඔබේ සිනහවයි.......

(අපගේ අඩවියේ උපන්දිනය දවසේ එන ඔබ හැම දෙනා අපි සාදරයෙන් පිළිගන්නා අතර අප අඩවිය පිළිබඳ කියන දේවල් අතරේ අප වෙනස් විය යුතු ආකාරය පිළිබඳ ව වන ඔබගේ අදහසුත් ගොණු කරන්නේ නම් අගය කොට සලකන්නෙමු.............)

කුරුටු ගෑ ගී පවුරේ අපි.

.

42 comments:

  1. "Happy Birthday To You.. Happy Birthday To You.. Happy Birthday Dear Kurutu.. Happy Birthday To You..."

    සුබම සුබ උපන්දිනයල් ප්‍රාර්ථනා කරනවා කුරුටු ගී පවුරට. ඒ වගේම ඉහත සඳහන් කොට ඇති අයුරින් ඉතාම විදග්ධ නිර්මාණකරුවන්, උගතුන් කැලකින් බිහිවුන මේ කුරුටු ගෑ ගී පවුරට දීප්තිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බොහෝ කාලයක් අප අතර රැඳෙමින් බ්ලොග් අවකාශය හරවත් අරුත්බර දෙයින් පෝෂණය කරමින් ඉතා දිගු ගමනක් යන්නට ආසිරි පතනවා. වසරක් වැනි කෙටි කාලයක් තුල ඔබ පැමිණි ගමන් මඟ ඉතාම ප්‍රසංශනීයයි. ඔබ බ්ලොග් අවකාශයට තිළිණ කොට ඇති දේවල් ඉතාම වටිනවා. ඉතින් ඔබගේ මෙම මෙහෙවර වෙනුවෙන් ඔබට තුති පිදීමටද මා මෙය අවස්ථාවක් කරගන්නවා.

    ඉතින් එහෙනම්, අලුත් ගමනක සමාරම්භයට නැවතත් සුබ පැතුම්...

    ජයෙන් ජයම වේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ් මේ දැනුත් ඔබේ බ්ලොගයේ අලුත් ම ගීත විචාරය බලමින් ඉදලයි අවේ.

      ඔබ හැමදාම අපේ කුරුටු වලට තාලයක් ගෙනාවා. ඔබ ඉතාමත් හොද රසිකයෙක් වගේ ම විචාරකයෙක්. වෙනදා වගේ ම අපි ආයෙමත් කියනවා ඔය පරිචය දැන් ස්වාධීන ව ලෝකයට ඉදිරිපත් කරන්න කියලා. ඒක අපේ උපන්දිනය දවසේ අපි ඔබෙන් ඉල්ලන දෙයක්. ඒක ඔබෙත් වෙනසකට හේතු වේවි....

      හැමදාම අප පසුපස සිටි ශක්තීන් අතරින් ඔබ විශේෂයි. එනිසා ම ඔබ මෙතෙක් දැක්වූ සහයෝගයට අපේ ප්‍රණාමය........

      Delete
    2. \\වෙනදා වගේ ම අපි ආයෙමත් කියනවා ඔය පරිචය දැන් ස්වාධීන ව ලෝකයට ඉදිරිපත් කරන්න කියලා.//

      හ්ම්.. කියාගන්න බැරිතරම් පහන් හැඟීමක් දැනෙනවා අද ආපහු ඇවිත් මේ සටහන් කියවනකොට. ගී පවුරට පිං!

      Delete
  2. කුරුටු ගී පවුරට සුබ උපන්දිනයක් වේවා කිව්වා ඔන්න.තව තවත් ලස්සන අරුත්බර කවි අපිත් එක්ක බෙදාගන්න ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපේ....

      අප සමගින් දිගට ම හිදිමින් අපිව දිරිගැන්වීම වෙනුවෙන් ඔබට ස්තූති වන්ත වෙමි. අපගේ උපන්දිනයේ අපි සමග සතුට බෙදා ගන්නට ආවට ස්තූතියි.....

      අපේ උත්සහයත් ඒකම තමයි. බ්ලොග් අවකාශය තුළ විවිධත්වය පෝෂණය කරමින් හරවත් ඉඩකඩක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි......

      Delete
  3. කුරුටු ගී පවුරට සුභ උපන් දිනයක් !!!! දිගටම ලියන්න කස්ටියට ශක්තිය ලැබෙවා

    ජය !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ........

      අද මේ පැත්තට ඇවිත් අපේ සතුට බෙදා ගන්නට සහයවුණාට... අපි මේ සමරන්නේ අපේ වචන ගැලපීමකටත් වඩා ඔබ විසින් රසවිදි බ්ලොගයක උපන්දිනයක් කීවොත් නිවැරදියි. ඔබ නොඑන්නට මෙතැන බ්ලොගයක් නොතිබෙන්නටත් පුළුවනි.

      ස්තූතියි ඔබට ................

      Delete
  4. මෙන්න අපෙන්..
    සුහද පැතුම්....
    සුභ උපන් දිනක් වේවා....!!!

    උඹලාට කරන්න පුළුවන් සමාජ මෙහෙවර මීට වඩා විශාලයි. තවත් බූන්දියක් වේවා කියා උන්ඩුක පුඡ්චයෙන්ම් ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන්,

      උඹත් අපිට මහා ශක්තියක් වුණා.. උඹ අපිව නිතරම අගේ කරා. විශේෂයෙන් ම මං කලිනුත් වතාවක කිව්වා වගේ උඹේ සින්ඩියේ අපේ අඩවිය පළවනතුරු මං නොඉවසිල්ලෙන් බලං හිටියා තාම මතකයි. අද අපි ඔබලාගේ සහයෝගයෙන් යම් ගමනක් ඇවිත් කියලා හිතට සතුටක් දැනෙනවා. ඒකයි මං කියන්නේ මේ ගමනේ ලොකු කොටසක් උඹලාටත් අයිතියි කියලා. මේක අපිට තනිමය විදින්න බෑ....................

      Delete
    2. අම්මප! බූන්දි ගානට ගේන්න පුළුවන් මෙතන ඉන්න (ඇකඩමික්) සෙට් එක බැලුවම.

      Delete
    3. ස්තූතියි රාජ්,

      එහෙම ඔබලා කියන එකත් අපිට ලොකු හයියක්. අපි උනන්දු කරවන ඔබලා ඒ තත්වයට අපිව ගෙනෙන ගාමක බලවේගය කියලයි අපි විශ්වාස කරන්නේ.....

      Delete
  5. හැප්පි ඇනිවසරි මචංලා..

    ReplyDelete
    Replies
    1. පිං දේශකයා....

      ඔබත් අපිව නිතර ම දිරිගන්වනවා. ඒ කමෙන්ටු අපිව ශක්තිමත් කරනවා දේශකයා.... ස්තූතියි අපේ උපන්දිනය දා අපිව බලන්න ආවට සහ අපිට ෆිට් එකක් දීලා ගියාට.....

      Delete
  6. සුභ උපන් දිනයක් වේවා. මම හිතුවෙ මේක තනි බ්ලොගයක් කියල.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රාජ්,

      මේක තනි බ්ලොගයක් නෙමෙයි. ඒත් අපි ඈතින් ජීවත් වෙන කණ්ඩායමකුත් නෙමෙයි. අපි එකෙක් වගේ පිරිසක්. අපි මේ බ්ලොගය තනියම අප්ඩේට් කරන්නෙත් නෑ. හැමෝම කරනවා.

      Delete
    2. රාජ්,

      පොඩි දෙයක් කියන්න අමතක වුණානේ. එදා තෑග්ග ගැන. ඇත්තට ම තෑග්ගක කතාවක් දැම්මේ විහිළුවට. මං හිතුවේ පොඩ්ඩක් විහිලුවක් කරන්න කෙනෙක් අහුවෙයි කියලා. නමුත් ඔබ ඒ ගැන සොයා ගත්තාට පසු අපි ඒ අදහස වෙනස් කළා. ඉතින් ඔබේ නිවසේ ලිපිනය අපේ පහත දැක්වෙන මේල් ලිපිනයට එවන්න. අපි ඔබට වැදගත් වන අපේ ම නිර්මාණයක් ඔබ වෙත එවන්නම්. ඔබ ඒකට කැමති වනවා නොඅනුමානයි. ඒක වියදම් යන දෙයක් නෙමෙයි. ඒ නිසා අපේ ඉල්ලීම මගහරින්න එපා.....

      weerasinghehasitha@gmail.com

      Delete
    3. හෙහ් හෙහ් හෙහ්..... තෑගි ඕන නෑ අනේ. මාත් විහිවවක් කලේ.

      Delete
    4. නෑ රාජ්, උඩින් කිව්වා වගේ ඒක වියදමක් යන දෙයක් නෙමෙයි. අපේ ම නිර්මාණයක්.

      Delete
    5. රාජ්, අපේ කණ්ඩායමත් කතා කරා. කමක් නෑ ඔබ ප්‍රතික්ෂේප කරාට. අපි නැවත හමුවෙන පළමු අවස්ථාවේදී අපි ඔබට මෙම නිර්මාණය ගෙන එන්නම්. ඒක අපි වෙනුවෙන් ඔබ පිළිගනීවි කියලා හිතනවා. ඒක අපේ ම නිර්මාණයක් නිසා ඔබට ඒක මතක සටහනක් වේවි..... එහෙම නැතුව තරඟයකට ලැබුණ තෑග්ගක් කියලා හිතන්න එපා.

      Delete
  7. සුබ උපන්දිනයක් වේවායි කියා ඉත සිතින් පතන්නෙමි. ශ්‍රී ලාංකීය ගීය නවමු තලයකට ගෙනයාමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැව්......

      ඔබත් අප සමග හිදිමින් දැක්වූ දිරි ගැන්වීමට ස්තූති වන්ත වෙනවා. ඔබ අප ඔසවා තබමින් අදහස් දැක්වීම ගැන අප නිහතමානීව ආඩම්බර වන්නේ ඔබ කියන ගමන යෑමට ඉත සිතින් ම සිතා ගනිමින් ම තමයි වැව්.................

      Delete
  8. සුභම සුභ උපන් දිනයක් වේවා!!!!!!

    ලොකයේ සුන්දරත්වය දකින..
    මිනිසාගේ මිනිසත් කම රකින..
    අාදරයේ, විරහවේ සිනහව, කඳුලු කියාපාන..
    මහපොලවට ලංවුනු..
    කවි සිතුවිලි..
    දස දහස් ගනනින් පබඳින්නට..
    ශක්තිය, ධෙෙර්යය...
    මතුවටත් ලැබේවා!!!!!!

    සියල්ලටම
    ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. විදානේ.......

      අපි සමග නිතරම හිටපු අපේ පැත්තේ කැම්පස් ගිය කොල්ලා................ සතුටුයි අද දවසේ අපි එක්ක එකතු වුණාට. ඒ විතරක් නෙමෙයි විදානේ ඇවිත් බලලා කමෙන්ටුවක් නොදාපු පෝස්ටුවක් අපි ළග මෑත කාලයේ නැති තරම්. විදානේ තාමත් අවේ නැත්තම් අපි තවත් පෝස්ටුවක් දාන්න ටිකක් පරක්කු කරන්න තරම් ඔබ අපේ කෙනෙක් වෙලා හමාරයි....

      විදානේ පොඩි ආරාධනාවක් කරන්නද. පහතින් තියෙනවා අපේ මේල් ලිපිනය. විදානේ අපිට කවියක් ලියලා මේල් කරන්න. අපි ඒක අපේ බ්ලොගයේ ඔබ නමින් පල කරන්නම්. මේක අපේ ඉල්ලීමක්. මං හිතනවා ඔබ එකග වෙයි කියලා......

      weerasinghehasitha@gmail.com

      ඉදිරියේ දී මේ විදිහට අපි අපේ රසික පිරිසටත් ඉඩක් දෙන්නයි හිතාගෙන ඉන්නේ... පළවෙනියට අවස්ථාව විදානේට දුන්නට අනික් අය අවුල් යන එකක් නෑ නේද?????

      Delete
    2. මං හිතන්නේ මං බ්ලොග් කියවන්න අාපු මුල් දවස්වල ඉදලම හිතට වැදුනු කවි ලියවුනු තැනක් තමයි මෙතන..

      කවි ලියන්නනං මට බෑ මොනවහරි කුරුටු ගාන්නම්..
      හැමොටම මේ අවස්ථාව දෙන්න ගත් තීරණයට ස්තුතියි..
      දිගුකල් දිනෙන්වා!!!

      Delete
    3. බොහොම ස්තූතියි විදානේ අපි කරපු යෝජනාව ප්‍රතික්ෂේප නොකලාට......

      කවි ලියන්න පුළුවනි ද බැරිද කියලා අපි පෙන්නම්කෝ ........................

      Delete
  9. මෙතන ලංකාවෙ පෙධාන විස්ස විජ්ජාල ඔක්කගෙම අය ඉන්නෙකේ අනික් ඒවයිනුත් ඇහැක් නං එකෙක් දෙන්නෙක් ගලවගන්න බැලුව නං හොද නැද්ද... එහෙම වුනොත් මේ මාදිලියට තියෙන පට්ටම බොග මේක වෙනව...
    පස්ට් ඇනිවසරියට හුරේ.....
    මේ ආව වගෙම ගමනක් යන්න ශක්තිය ධෛර්ය ලැබේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්,

      අපේ අය ගැන කියලා තියෙන දේට සහ අපිට සුභ පැතුවට.... බලමු. බලමු..

      අපේ අයගේ පුද්ගලික විස්තර දැන්ම කියන්න බෑ කියලා කට්ටියම කියපු නිසයි මේ විස්තර දැම්මේ. ඒත් යකා එහෙම ආවනම් අපිට අමතනවා මේ කැම්පස් ගැන ලියුවා කියලා. ඒත් අපේ අය දැනට එකග වුණේ මේ විස්තර ටික ලියන්න විතරයි. මොනවා කරන්න ද ??? ඉතුරු විස්තර පසුවට කියන්නම් කෝ......................

      Delete
  10. මම අද පරක්කුද මන්දා.

    කොහොම උනත් පළවෙනි උපන් දිනේදි සුබම සුබ උපන් දිනයක් පතනවා……!!

    ඒ වගේම විශාල පිරිසක් එකතු කරගෙන ඔබ සැම යන මේ ගමන සාර්ථක වේවා කියා පතනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රියා,

      පරක්කුයි කියලා අපි කවදාවත් හිතන්නෑ. අපේ ගමන සිය දහස් ගුණයකින් ඔසවා තැබූ මිනිසා..... චතුරංග ප්‍රියශාද්.

      ප්‍රියා අපිව දිරිගැන්වූ දවසක් නැති තරම්. ඇත්තට ම ප්‍රියා ඔබ දුන් ශක්තිය අපිව මෙතෙක් දුර ගෙනාවා. ඒ වගේ ම ඔබ වැනි සහෘදයන් අපි සමග දිගට ම සිටීම අපිට මහත් ධෛර්‍යයක්..

      අවුරුද්දක් පිරෙන දවසේ අපි අමුතුවෙන් පෝස්ටුවක් දාන්න ඕනෙද කියලත් අපේ අය කතා කරා. ඒත් මං යෝජනා කරේ අපි තනියම සතුටු වෙලා බෑ. අපිත් එක්ක මේ ගමන ආපු අපි වගේ ම එදාට සතුටු වෙන බොහොමයක් අය ඉන්නවා. අපි මේ සතුට එයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් ඔබ අපි තරම් ම අද සතුටු වෙන බව දන්නවා ප්‍රියා... ඒ ගැන අපිත් සතුටුයි...

      Delete
  11. ඉදිරියටම යන්න, හරවත් දේ දෙන්න, අපි සමගම ඉන්න, මෙන්න මගේ සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත විචාරක,

      හරවත් නොවන දෙයක් තවකෙකුගේ කාලය කා දමන බවයි අපි විශ්වාස කරන්නේ.... ඉතින් අපි නිතරම උත්සහ කරන්නේ තවත් කෙනකුට වැදගත් දෙයක් දෙන්න. ඒ වගේ ම අපේ කාලය හරවත් දෙයක් වෙනුවන් කැප කරන්න. ඉතින් හරවත් දේ සමග බ්ලොග් කරණයෙහි යෙදෙන ඔබ වැනි අයෙක් අද දින අපේ උපන්දියට සුභ පතමින් අප සමග එකතු වීම ගැන අප සතුටු වෙනවා. ස්තූතියි විචාරක....

      Delete
  12. උඩින් මාතලන්,රාජ් කියලා තියෙනවා වගේ මේකත් බුන්දියක් කර ගත්තා නම් තවත් රසයි.කොහොම වුනත් මගෙත් සුබ පැතුම් හැමදාම අපිට ගෙනත් දීපු රස වැඩි,වැඩියෙන් දෙන්න හැකියාව ලැබේවා....!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්,

      අපේ පරණ මිතුරා....
      ඔබ මේ ගමනට අපිට දැක්වූ සහය කොතෙක්දැයි ඔබේ හිත හොදින්ම දන්නවා ඇති. ඉතින් ඉදිරි ගමනටත් අපි සමග මේ විදිහට ම ඔබ වැන්නන් හීදී නම් අපේ පුංචි බ්ලොගයත් බූන්දියක් වේවි තමයි.......

      Delete
  13. ආදරණීය දරුවනේ, මිතුරනේ.....

    ජයෙන් ජයම වේවා!!! ඇත්ත ඇති සැටියෙන් දැකීමටත්...ඒ වෙනුවෙන් පෙනී සිටීමත් ශක්තිය ධෛර්ය ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ,

      මගබලාගෙන හිටියා ඔබ එනතුරු, අවුරුද්දක් අපි සමග සිටි සහෘදයා.....

      ඔබ හැමදාම කියනවා වගේ අපේ අරමුණත් සත්‍යය දැකීමට උත්සහ කිරීම සහ සමාජය වෙත හරවත් ව ඒ සත්‍යය ගෙන යෑමයි. ඉතින් අද වැනි දවසක ඔබගේ පැමිණීම අපට මහත් ශක්තියක්. අපිට දරුවනේ කියන්න තරම් සැබැවින් ම පරිණතවූවෙක් වන ඔබ අපට මග කියාදෙන නියමුවෙක් හැටියටයි අපි සලකන්නේ අරූ..............

      Delete
  14. දයාබර සුබ පැතුම්, ගී පවුරේ සොයුරු සොයුරියන්ට. වැඩිපුර කොමෙන්ට් නොදැම්මාට ඉඩක් ලද සැනින් මා ඔබේ ගී රස විඳිනවා . දිග ගමනක් යාමට දිරිය හා ශක්තිය ඔබ සතු බව ඉතා පැහැදිලියි . ජය !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලක සිත,

      අපේ උපන්දිනය දවසේ සුභ පතන්නට එකතු වුණාට. ඔබ වැන්නන් අපිව දිරිගන්වමින් දිගු ගමනකට අපව කැදවාගෙන යන බවයි අපේ අදහස. ඉතින් ඔබට හැකිවිට අපි වෙනුවෙන් සටහන් කරන කමෙන්ටු අපිට මහත් ශක්තියක් තිලක සිත.

      Delete
  15. ඊයේ වැඩ අදික වුනායින් මේ පැත්තට එන බැරි වුනාට මුලින්ම සමාව බජනය කරත්වා..

    අවුරුද්දට හදපිරි සුබ පැතුම්.. දිහටම අපි එනවා කවි රස විදගනවා..

    ( ඔය ඊයේ පාටියේ ඉතුරු කේක්ක් කෑල්ලක්වත් නැද්ද අෆ්ෆා මට..)

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      බ්ලොග් අවකාශය වර්ණවත් කරන අපේ ම සහෝදරයා. අපේ අඩවියටත් ඔබ එළියක් දිනේෂ්. හැමදාම මේ පැත්තට ඇවිත් අපිට කතාකරලා යන අපේ ම මිතුරා. ඔබත් අපේ කණ්ඩායමේ කෙනෙක් තරම් අපිට සමීපයි දිනේෂ්. නුඹලා සමග සතුට බෙදා නොගන්නා උපන්දිනයක් අපිට මොකට ද දිනේෂ්. ඔය ලියන වචන සහ ඔය සිතේ ඇතිවන සතුට අතිශය අව්‍යාජ බව අපි හොදට ම දන්නවා දිනේෂ්............

      (දිනේෂ්ටත් ඒ තරඟයේ සැනසිලි තෑග්ගක් තියෙනවා. ඒ සැනසිලි තෑගි හිමි අය අංක 65,කොළඹ 08 ට පැමිණ සතියේ දිනයක උදෑසක 08 ත් සවස 04ත් අතර ලබා ගන්න. සැනසිලි තෑගි වශයෙක් ඔබට රු.20 ක කැන්ඩොස් චොකලට් එකක් ලැබෙනවා)

      Delete
  16. අවුරුද්දට සුබම සුබ පැතුම්.. ඔන්න මාත් දිහටම එනවා කවි රස විදගනවා.., ජය වේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සොඳුරු,

      අපේ උපන්දිනයට සුභ පතන්නට එකතු වුණාට. ඒ වගේ ම ස්තූතියි අපිත් එක්ක දිගට ම එකතුවනවාටත්. ඒක අපිට මහත් ශක්තියක් වේවි සොඳුරු....................

      Delete
  17. සමාජයේ කතිකාවට ලක්විය යුතු , අවධානය යොමුවිය යුතු මාතෘකා වගේම, සොඳුරු - සංවේදී නිර්මාණ රසවිඳින්න අපිට ලැබුනු අපූරු ‍තෝතැන්නක් " කුරු‍ටු ගෑ ගී පවුර "

    ප්‍රථම සංවත්සරයට වගේම දිගු ගමනකටත් හදවතින්ම ආශිර්වාද කරනවා

    ජයෙන් ජයම වේවා ...! ( බ්ලොගයටත් - සහෘද නිර්මාණ කරුවන්ටත් )

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...