Saturday, May 3, 2014

ඒක කරන විදිහ ......................



ආදරේ දැනෙනවා.
ආදරේ හිතෙනවා.
ඒ වුණාට ආදරේ කරන්නත් විදිහක් තියෙනවා.

ජීවිතේ විදිනවා.

දිනෙන් දින ගෙවෙනවා.
ඒ වුණාට ජීවත් වෙන්නත් විදිහක් තියෙනවා.

ආයෙමත් දකිනවා.

බලන්නට හිතෙනවා.
ඒ වුණාට අහන්නත් විදිහක් තියෙනවා.

සුමුදු බව දන්නවා.

සුමට බව හැගෙනවා.
ඒ වුණාට නොරිදන්නත් විදිහක් තියෙනවා.

ලෝකයෙන් මිදෙනවා.

මා ළගින් ඉන්නවා.
ඒ වුණාට ඕනෙම දෙයක් කරන්න විදිහක් තියෙනවා.......


තුෂාර විතාරණ

.

19 comments:

  1. පෝස්ට් කියවනවා..
    එක එක ඒව හිතෙනවා..
    ඒත් කමෙන්ට් කරන්නත් විදියක් තියෙනවා..!

    ReplyDelete
    Replies
    1. පට්ට මනෝෂ් පට්ට...................................

      Delete
  2. සොඩා ටික දානවා..
    බයිට් එක ගන්නවා..
    එත් බොන්නත් එක විදියක් තියනවා..

    පට්ට කයි ටික..
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වයි විදානේ.........

      අපේ අමධ්‍යප කවි විදානේ වෙරි කරනවා නේද?????

      එළ එළ නියමයි......... ඔක්කොම කවිකාරයෝ කරමු..........

      බලමු අනික් අය කවිය ඉස්සරහට ලියන විදිහ....

      Delete
    2. බයිට් ටික තියෙනවා…
      බෝතලෙත් පේනවා…
      ඒත් නොබී ඉන්න පුළුවන් කමත් තියෙනවා……

      විදානෙ අපි දෙන්නා එකම දවසෙ එකම දේ ගැන එකම විදිහට කවි වලින්ම කමෙන්ට් කරා ඕන්. දාහන් 5ක් :) :)

      Delete
    3. හත්තිලව්වයි ප්‍රියා,

      බයිටුයි බෝතලෙයි තියෙනවානම් නොබීම ඉදියි නේද??????? ඇත්ත ම කිව්වොත් එහෙම ක්‍රමයක් තියෙනවා ද නැත් ද????

      Delete
    4. @ ප්‍රියා
      ඉස්සර මටත් ඔය වගේ ක්‍රමයක් තිබුණා..
      පස්සේ මේ ක්‍රමේට හුරුඋනා...
      මෙන්න 5ක් :)

      Delete
  3. එක එක දේවල් හිතෙනව අෆ්ෆා..මොනවා කියන්නද කියල හිතාගන්න බැහැ..

    ReplyDelete
    Replies
    1. විවිධ දේ හිතෙනවා…
      හිතෙන දේ හොයනවා…
      ඒත් නොකියා ඉන්නත් ක්‍රම තියෙනවා…

      :) :) :)

      Delete
    2. උමේෂ් මෙන්න මෙහෙම ප්‍රියා වගේ ට්‍රයි එකක් දෙමු ද බලන්න...................

      එක පාරක් ට්‍රයි කරලා බලමුකෝ..............

      Delete
  4. කවිය මම ගොතනවා…
    ගොතන කවි විඳිනවා…
    ඒත් කවි විඳින්නත් විදිහක් තියෙනවා.…

    පට්ට තුෂාර. නියමයි අද නම් වෙනස්ම ක්‍රමයකින් අපිවත් අවුස්සලා ගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රියා,

      ලස්සනයි කවිය. ඔබ කොහොමත් හොද කවියෙක්නේ නේද???????
      අපි දැක්කා දේශකයාගේ කවිකාරකම පැත්තෙත් නියම සංවාදයක් යනවා................

      Delete
    2. හප්පේ නෑ කුරුටු මට කවි නම් බෑ. අර මගේ බ්ලොගෙත් කවි සිතුවිලි කියලා ලේබලයක් පටන් ගත්තට ඒක වේලෙනවා. :) :)

      කවි විඳින්න නම් ටිකක් පුළුවන්

      Delete
    3. නෑ ප්‍රියා කවි ලියන්න බෑ කියලා එකක් නෑ. ලියන්න ට්‍රයි කරන්න. අනිවා පුළුවන්. ලියන්නැතුව හිත හිත හිටියට ඉතින් හරියන එකක් නෑ.....

      කවි සිිතුම් තියෙනවා.
      පද බැදන් ඉන්නවා.
      ඒ වුණාට කවි ලියන්නත් විදිහක් තියෙනවා...

      Delete
    4. හරි ප්‍රියා කාගෙද මේ ලස්සන කවිය. කියමු බලන්න අපිටත් ......

      //හැගුම් රළ කැළබිලා...
      වදන් වැල ගොළු වෙලා...
      නෙතින් නෙත පටලලා...
      කෙසේ ඉමු සැනසිලා...//

      Delete
  5. බ්ලොග් කරුවො ඉන්නව
    මුන් බයිල කියනව
    එ වුනත් මුන්ගෙ හොද විදියකුත් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත දමිත් මුන්ගේ හොද ගොඩක් තියෙනවා....

      ලස්සනට කවිය ලියලා.. නයමයි හොදේ...........

      Delete
  6. කරන්න දෙයක් නැති කමට කරන දේත් තියෙනවා..

    ReplyDelete
  7. ඕනෑම දෙයක් කරන්න හොද විදියක් තියෙනවා.එත් මට තාමත් ඒ හොද විදිය හොයා ගන්න බැරිව නේ මේ ඉන්නේ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...