Thursday, May 22, 2014

උඹ කපල් ලව් කරන ඒවා බලන්න යනවද ???


තෙල්බැම්ම පුරා
හිනා කටවල් ගොඩයි.
පළවෙනිම දවස සරසවියට ගොඩවැදී....
උහුලා ගත නොහෙන කැළණියේ රස්නය
වපුලයි දහඩිය බිඳු නහය උඩ....

ආ.. ඒ .. මෙහෙට මෙහෙට....
ගියෙමි අයියා කෙනෙකුගේ ආරාධනයෙන්.
ගෙවල් කොහෙද ? නුවර 
නුවර කොහෙද ? පේරාදෙණියේ
මල්වත්ත ළඟද ? ඔව්
උඹ කපල් ලව් කරන ඒවා බලන්න යනවද ? නෑ
පල පල යන්න. අනේ නෑ
උඹේ කාඩ් එක එබිකම්................
අදට ද මිතුරන් අමතන මා ප්‍රියතම නම.

ආ..... අර අතන ඉන්න අක්කා පේනවද? ඔව්
ගිහින් අහපං උඹට කැමති ද කියලා.  හා
ඒ... මෙන්න මේ මලත් ගිහින් දීපං මං ගානේ.

තැබූවෙමි දකුණු පා ආපස්සට
හැරී ගියෙමි කෙල්ලන් රැළක් වටකරගත් ඈ වෙතට
උන්ට පිටුපසින් ඈ දෙස බලා සිටියෙමි.
ඇයි ඔතන ඉඳන් බලං ඉන්නේ  ?
අක්කේ මට කැමතිද ?
මොනවා???  (ආයෙත් මම) මට කැමතිද?
මලත් දිගු කළෙමි පැරණි සිංහල චිත්‍රපටියක මෙන්..

කවුද කිව්වේ මගෙන් අහන්න කියලා. 
දෙවරක් නොසිතා හැරුණෙමි ආ පස්සට
අත දිගු කර සැනකින් පෙන්වා දුනිමි ඔහු...
මහා කඩේ යෑම .........................
කඩේ යනවද එක එකාට?
අසල සිටිවුන් යක්ෂාවේෂව මා වෙත කඩා පනී
උගතිමි පළමු පාඩම
කිසිදාක අනුන්ට කඩේ නොයනු.....................

ආපසු ගියෙමි අණ ලැබූ තැනට
උන් ඔරවාගෙනය මරාගෙන කන්න මෙන් මා
කළ වරදක් කිසිත් නැත මා දන්නා.
උඹ මොකට ද අත දිග් කරලා මාව පෙන්නුවේ.
ඒ අක්කා ඇහුවා කවුද එව්වේ කියලා.
මොනවා තෝ මාව පෙන්නුවාද?
මහා පාවාදීම ......................................
වට පිටාවම එකම ගෝෂාවට මට බැනවදී
උගතිමි දෙවැනි පාඩම
කිසිදාක කිසිවෙකුවත් පාවා නොදෙනු ..................

එදා සිට අද වන විට ගෙවී ඇත දසවසරක්
අදටත් කරන්නට බැරි වැඩ දෙකකි.
1. කඩේ යෑම්‍
2. පාවාදීම
එබැවින් එදා ඔවුන් ගොඩනැගූ එබිකම් ම වෙමිය මම.......


තුෂාර විතාරණ


.

49 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඇනී ඔබ දිගින් දිගට ම අපේ බ්ලොගයට කරන තේරුමක් නැති අදහස් දැක්වීම් නිසා ඔබට මෙහි කමෙන්ටු දැමීමට ඇති අවස්ථාව අපි අහිමි කරන බව කරුණාවෙන් සලකන්න. ඔබගේ අනන්‍යතාවය සහිත ව විත් හැකිනම් සංවාද කරන්න එන්න ඔබ නොආවද අප තුළ කිසිදු අමනාපයක් නැති බවත් සලකන්න.

      ඔබ දිගින් දිගට ම අපේ බ්ලොගය ඉලක්ක කරගනිමින් මඩ ගැසීමක් අරඹා ඇති බව මෑත දින කිහිපයක දී ම දැකගන්න ලැබුණු නිසා මෙම ක්‍රියාමාර්ගය ගන්නා අතර ඔබ විසින් අප බ්ලොගය වෙත පැමිණෙන සහෘදයන් සිත් තුළ වැරදි ආකල්පයක් ඇති කරන්නට යෑම මෙමගින් නවතා දැමීමක් පමණක් සිදුවේ..

      ඔබ මෙලෙස පන්න පන්නා කරන්නා වූ මඩ ගැසීම හේතුවෙන් අනෙක් ඇනියන්නට ඇති අවස්ථාව නැති නොකරන මෙන් ඉල්ලා සිටින්නෙමු............................

      Delete
  2. සැහ් මාරයි..

    මටත් මතකයි.. ගියපු පලවෙනි දවසෙම රෑ, අයියලා (නෑ නෑ ජේෂ්ඨ උත්තමයෝ) දස මාර සේනාව මෙන් හොස්ටල් එකට කඩා පැනපු හැටි. බයඋනු බයවිල්ලට සරම නොතමුණා පුදුමයි...
    අක්කලා කීපදෙනක්ටම මල් දීලා තියනවා.. එ් අතර එක්කෙනෙක් මගේ ඉස්කොලේ එකම පන්තියේ ඉදල මට කලින් සැරේ කැම්පස් අාපු එකියක් (නෑ නෑ ජේෂ්ඨ උත්තමාවියක්)..
    එ් වෙලාවේ අැය හිනාවෙලා මොකුත් නොකිය ගියා..
    හැබැයි පස්සෙ දවසක කිව්වා "ඉස්සෙල්ල අැහුව නං හරි" කියලා.. එතකොට මෙයා කොක්කක් ගහල .. (බලන්නකො මං බේරුනු බේරිල්ල -)

    රස බර මතකයන් මතක් වෙවා -
    ජය වේවා!!!!!

    ReplyDelete
    Replies
    1. වෙවා - = වෙනවා

      Delete
    2. කියලා වැඩක් නෑ විදානේ....

      ජීවිතේ සුන්දරම කාලේ. අපේ නම් විදානේ ජ්‍යෙෂ්ඨ උත්තමයා කියලා කියන්නේ නෑ. අයියා අක්කා කියලා තමයි කතා කරේ. ඒක මටත් පුදුම හිතුනා. මමත් හිතුවේ ඒ වචන කියන්න කියයි කියලා. ඒත් කැළණියේ ඒ ගරු කිරීම තිබුණේ නෑ. අනික්වා නම් ඉතින් මදි නොකියන්න. සරසවි සාහිත්‍යය, බැම්මේ තෙල් බෙදීම, හොස්ටල් රැග් එක, වාතකිරීම, ඒ සියල්ල ජීවිතේට වෙනමම අත්දැකීම් ටිකක් එකතු කරා. ඒ විතරක් යෑ මගේ කොක්ක. ආ දැන් මගේ බිරිඳ.......... රැග් සීසන් එක ඉවර වෙන්න සතියක් තියෙත්දි ගැහුවේ. අයියලා දැන ගත්තේ බකට් එකට කලින් දවසේ. උන් කියුවා උඹ තව දවස් දෙකකට කලින් අහුවුණා නම් හම ගහනවා කියලා. මොකද උන් බරගානක් කලින් එයාගෙන් අහලා උන්ට ගොඩයන්න බැරි වෙලා. තව ඩිංගෙන් උන්ගේ තරහත් මගේ කරෙන් යන්නේ.....

      විදානේ ඒ කියන්නේ කැම්පස් එකේ ගස්යට හිටියේ නැතැයි,,,??????

      Delete
    3. ගස් යට ඉදලා.. කැන්දන් අැවිල්ලා.. දැං මේ දරු සුරතලුත් බලනවා.....

      Delete
    4. ඊයක් විදලා අැති..

      Delete
    5. ගස්යට ඉන්න කාලේ ඔයිට වඩා හොදයි කියලා හිතෙන්නැත්ද????

      ඊය ලැබුණා.. හරවා එවා ඇති...

      Delete
  3. සිතට වදින අනගි නිර්මාණයක්......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලියෝ...

      හැමදාම වගේ ඇවිත් අපිව දිරිමත් කරලා අපිට ශක්තියක් වෙනවාට.......................

      Delete
  4. උඩ බලාගෙන ටික වෙලාවක් අතිතය වින්ද.කොච්චර සුන්දරද.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ දමිත්....

      හරිම සුන්දර කාලයක් නේද?? ආයෙම යන්න පුළුවන් නම් අත්දෙකම උස්සලා අපි යනවා නේද?

      Delete
  5. Replies
    1. ස්තූතියි නෙතින්,

      කවිය ගැන අගය කරමින් අපිව දිරිගැන්වුවාට ස්තූතියි...

      Delete
  6. ඇත්තෙන්ම අනගි නිර්මාණයක් තුෂාර.

    ReplyDelete
    Replies
    1. ගී පවුර ඒ ගමනා පැයෙන් පැයට වෙනස් කරනවද බොලවු. :o :)

      Delete
    2. ස්තූතියි ප්‍රියා.......

      හැමෝගෙම ජීවිත වල ලස්සනම කාලයක් තියෙනවා ඒක ගොඩක් විට ආදරය පටන් ගත්ත කාලේ නේද???

      Delete
    3. නෑ නෑ ප්‍රියා,

      හැමදාම වෙනස් කරන්න අදහසක් නෑ. ඒත් පුළුවන් වුණ ගමන් පොඩි වෙනසක් හෙම කරනවා. ඒක අවුලක් නෑ නේද???

      Delete
  7. ඒ කියන්නෙ රැගත් නරක් වෙලා නෑ වටින පාඩමක් උගන්වා තිබෙනව...
    නේද
    ඒකනෙ ඒව සිහිකරල අදත් අපූරු නිර්මාණ කරන්නෙ

    ReplyDelete
    Replies
    1. ඇත්ත මහේෂ්,

      ඒකාලේ ඉගන ගත්ත න්‍යායාත්මක දේවල් කෙසේ වෙතත් ජීවිතේට වැදගත් ම සමාජමය කාරණාවන් බහුතරයක් ඉගෙන ගත්තා. පළමු වරට අපේ ගෙවල් වලින් වෙන් වෙලා ස්වාධීන වුණ අවස්ථාව. මං නම් පළවෙනියට ම කරගත්තේ අනාගත ජීවිතේට සහකාරියක් හොයා ගත්තු එක. එදා ඉදලා ආයේ ලෙක්චර්ස් යන්න වෙලාවක් එහෙම තිබුණේ නෑ. හැබැයි මං ඩිග්රි දෙකක්ම ගත්තා. ඇයි නෝනාගේ එක............

      Delete
  8. මගේ.....ප්‍රණාමය....වචන අවැසි නොව....නුම්බලට...මගෙ ...පුතනුවනි/දියණියනි.....!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි .................... කෙන්ජි............. ආතේ
      .................... බොහොම ..................... ස්තූතියි.............

      Delete
    2. වෙලාවකට අයියා, තව වෙලාවකට මාමා, අනේ දැන් මෙතන ආතා!! ඇත්තටම ඔබ කවුද කෙන්ජි?

      Delete
    3. හිත හොද මනුස්සයෙක් මනොෂ්...

      Delete
    4. කවුද මේ ඇනෝ..? කෙන්ජිම වත්ද? ඇත්තටම කෙන්ජි හිත හොඳ මිනිහෙක් කියල දැනෙනවා. අහල තියෙනවා. මං කීවෙ මේ, ඇයි මේ ආතා කියන්නෙ?

      Delete
    5. කෙන්ජියා වෙනදා මචං ලෙවල් එකේ කමෙන්ට් කරලා යනවා. අද මොකක් ද වෙලා පුතනුවනි/දියණියනි කියලා අපිට ආශීර්වාද කරලා. ඉතින් එහෙනම් ආතෙක් නෙව......

      මේ ඇනියා කොහොම ද දන්නෑ කෙන්ජියාගේ හිත ගැන දන්නේ??????????????

      Delete
  9. කපල් ලවු මලඉලවු පැත්තක තියලා ප්‍රේම කතා පැත්තක දාලා කාන්තාවට යහපතක් වෙන නූතන යුගයේ වැඩපිළිවෙලක් ගැන හිත යොමු කරන එකයි කාලීන අවශ්‍යතාවය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වනිතා අදහස් දැක්වීමට..

      කලින් කවි දෙකක් ම ඒකට ලියුවා.... ගහමරාගත්තේ නැතුවා විතරයි. නමුත් සමාජයීය කාරණාවන් විදිහට තවත් බොහෝ දේවල් තියෙනවා කතා කරන්න.....

      Delete
    2. ගහමරාගන්න වෙන්නේ ඉතින් පරන තාලේ අදහස් තියෙන අයත් එක්කනේ.

      Delete
    3. නෑ වනිතා,

      පරණ තාලේ අදහස්ම නෙමෙයි. ඔවුන් ගෙනෙන සාර්ථක තර්කයන් බොහොමයක් තියෙනවා. හැකිනම් කලින් කවි දෙක පැත්තට ගිහින් පොඩ්ඩක් ගොඩ නැගී ඇති සංවාදය බලන්න. අන්තගාමී නොවීම සහ කාන්තා අයිතීන් දිනා ගැනීම කියන කාරණය ගැන වැදගත් සංවාදයන් එහි ඇති.....

      Delete
  10. කඩේ නොයාමත් පාවානොදීමත් ඉගෙන ගැනීමට ඔහුට සරසවියටම යාමට සිදුවූ හැටි.

    ReplyDelete
  11. නියමයි.. ඔය විදිහේ නවක වදය නම් සුන්දරයි කියන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්... ස්තූතියි අදහස් දැක්වීමට.

      ඇත්ත ම කතාව අපි කැම්පස් හිටියේ මීට අවුරුදු 10 කට කලින්. කැළණියේ.... මං අවුරුදු 4 ක් හොස්ටල් හිටපු හොදට රැග් වුණ සහ රැග් කරපු කෙනෙක්. මොනවා කරත් අපි කවදාවත් කොල්ලෙක්ගේ ඇගට අතක්වත් තියන්නේ නෑ... අපිට තියලත් නෑ... අපි රැග් එකෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි... අපි මිනිස්සු වුණේ කැම්පස් එකඑන්.. නවක වදය කියනවට වඩා වචනේ තමයි රැග් එක. ඒක අත්විදින්නැතුව ඒක මහා අපායක් කියලා චෝදනා කරන එකටනම් අපි විරුද්දයි. තරහා වෙන්න එපා කියුවට අපි වින්ද රැග් එක සහ අපි දුන්න රැග් එක අරං බැලුවාම නම් අපි රැග් එකට සීයට සීයක් එකගයි. රැග් එකට කැමති වෙන්න හේතු දහස් ගානක් අපිට තියෙනවා දිනේෂ්... අපි අත් දෙකම උස්සලා කැමතියි...

      Delete
  12. අනේ මංද ඉතින්. ඕකනම් නවක වදය ඉතාම සතුටින් බාර ගත හැකියි. පාඩම් උගත්හැකියි. නමුත් ඔයවගේ සුන්දර දේවල් විතරයිනෙ සමාජෙට කියන්නෙ. එතනින් එහා ගිය අදහගන්නවත් බැරි දේවල් වෙනව නේද අලුතින් යන උන්ට?

    කොහොම උනත් ඒ ඉගනගත්ත පාඩමනම් නියමයි. ඒ වෙලාවෙ ඔය පාඩම දැනගෙන, ඔය දෙකින් එකක්වත් නොකල නම් මොනව වෙයිද ඊළඟට?

    ReplyDelete
    Replies
    1. //එතනින් එහා ගිය අදහගන්නවත් බැරි දේවල් වෙනව නේද අලුතින් යන උන්ට?//

      මෙහෙමයි මනෝෂ්, ඔය රැග් එක එක කැම්පස් එකෙන් කැම්පස් එකට වෙනස් වෙනවා. කැළණිය ගැන තමයි මං දන්නේ. පේරා ගිය අපේ සෙට් එකේ අය කියන රැග් එකේ දේවල් මීට වඩා ටිකක් වෙනස්. කොළඹ නම් රැග් එකක් නැති තරම්. ජපුරත් අපේ අසංක කියන විදිහට රැග් එක කැළණියට වඩා වෙනස්. නමුත් අපි හැමෝම හොදට රැග් වුණ අය. අපි කවුරුත් රැග් එක වැරදියි කියලා කියන්නේ නෑ, රැග් එක ගැන දැන් කියවෙන කතා තරම් රැග් එක දරුණු නෑ. සමහරු කියයි රැග් එක නිසා ළමයි මැරුණා නේද කියලා. එහෙනම් ඉස්කෝල වල ළමයි කීයක් එල්ලිලා මැරුණ ද? එහෙනම් ඉස්කෝලත් වහන්න එපැයි.

      මං මේ රැග් එක උපරිම සාධාරණයි. ඒක අත්‍යාවශ්‍යයි කියලා කියනවා නෙමෙයි. රැග් නොවුණ හෝ මානසික ආබාධිත එවුන් ජුන්නොන්ට නොහොඹිනා රැග් දෙනවා කියන එකත් ඇත්ත. හැබැයි ඒ රැග් එක නෙමෙයි. ඒවා තමයි නවත්තන්න ඕනේ...

      රැග් එක අනිවාර්යෙන් ම තියෙන්න ඕනේ දෙයක් කියලා මං මේ රචනයෙන් කියන්න උත්සහ කළේ නෑ මනෝෂ්. මේ රැග් එක ගැන මගේ අත්දැකීම. හැබැයි රැග් එක දැන් පෙන්නන තරම් අපායකුත් නෙමෙයි. ඒක ඔය නායකත්ව පුහුණුව කියලා කරන නාඩගමට වඩානම් ගොඩක් ඉදිරියෙන් තිබුණ දෙයක්.... දැන් ඒ දේ හරියට විදින්න වාසනාව කැම්පස් යන ජුන්නොන්ට නැති එක නම් කණගාටුවට කරුණක්.....

      Delete
    2. ඔය කියන ජුන්නොන්ට විතරක් නෙවෙයි, අලුතින් එන සේරම පෝලිං කරල මහ ජුගුප්සාජනක රැග් දීපු සිද්ධි මං අහල තියෙනවා. උදාහරනෙකට එකක් කියන්නම්. එක් නවක සිසුවියන් පිරිසකට දීපු රැග් එකක්. ඔය කියන උත්තමයො මේ ගෑණු ළමයි සේරම ටික කාමරේකට දාල. ඊළඟට යට ඇඳුම් විතරක් ඉතිරිවෙන්න අනිත් ඇඳුම් සේරම ගලවන්න කියල. පස්සෙ මේ අයව වතුරෙන් නාවල. මේ වගේ රැග්වල අරමුණ මොකක්ද? මේවා තනිකරම විකෘති කාමාෂාවල් මහ පහත් විදියට සංසිඳවා ගැනීම් විදියටයි මං නම් දකින්නෙ.
      කුරුටු... වරදවා වටහගන්නනම් එපා. මං ඔය කීවෙ සමහර අවස්ථා. නමුත් ඔබේ මේ අත්දැකීමනම් හරිම මිහිරියි. මේවා හරි අහිංසක රැග්. මේව මෙහෙම උනේ නැත්නම් වැඩකුත් නෑ. මං කියන්නෙ මෙච්චරයි. රැග් එකක් තුලින් රැග් දෙන්නාට මෙන්ම රැග් කන්නාටද ආතල් එකක් තිබිය යුතුයි. තමුන් ආතල් ගන්නෙ තව එකෙක් මඩවලනම් ඒක මානසික රෝගයක්.

      Delete
    3. ඇත්ත මනෝෂ්

      මානසික රෝගීන්ගේ රැග් එක ගැනනම් අපි හැමෝම විරුද්ධ විය යුතුයි. නමුත් විශ්ව විද්‍යාල වල එදා පැවති නවකයින් අනුගත කිරීමේ ක්‍රියාවලිය ඔය රැග් එක යැයි හදුන්වන දේට ගොඩක් එහා ගිය සාම්ප්‍රදායික ව පවත්වා ගත් තාර්කික ක්‍රමයක් එහි තිබුනා. දැන් ඒ සියල්ල අනාගතයට ගොස් අවසානයි.... ඒකට වග කිව යුත්තන් බොහොමයක් ඉන්නවා මනෝෂ්.....

      Delete
  13. මල්ලි එබිකම්.. ගුටි කාලා නැතිව ඇති...

    ReplyDelete
    Replies
    1. දේශකයෝ.... මං කපල් ලව් කරන ඒවා බලන්න ගියේ නෑ. යනවා නම් මල්වත්තට ටිකට් අරං යන්න ඕනේ නෑනේ. පේරා කැම්පස් එකට ගියාම මහපාර දිගට නොමිලේ ම බලාගන්න පුළුවන්නේ...

      ඒක නෙමෙයි දේශකයා. ඉස්සර අපි ඒලෙවල් කරද්දි මමයි යාලුවෙකුයි තමයි පාඩම් කරේ. අපිට එකදිගට පාඩම් කරලා එපා වුණාම අපි යන්නේ කැම්පස් එකට ඇවිදින්න. (අපේ ගෙදර ඉදලා පයින් යන දුර) ඒ ගියාම කපල් ඉන්නවා දැක්කම හිතට එනවා හයියක් කියලා වැඩක් නෑ. ඉතින් ආයෙම දවස් ගානක් නිදිහන්නැතුව වුණත් පාඩම් කරන්න පුළුවන්..... ඔහොමයි මං ඒලෙවල් ගොඩගියේ.... කැම්පස් ගිහින් කරේත් ඔය වැඩේ විතරමයි... කොහොමද දේශකතුමාගේ ප්‍රේමය පිළිබද අත්දැකීම්...........

      Delete
  14. සොඳුරු නිර්මාණයක් !

    අත්දැකීමක් වෙන්ටැ මයෙ හිතේ. හි.. හි.. හී

    අත්දැකීම් නැති නිසා ඒ සුන්දරත්වය විඳින්න ලැබෙන්නෙ මේ වගේ නිර්මාණ තුලින් තමා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරු අදහස් දැක්වීමට..

      ඇත්තට අත්දැකීමක් තමයි... ඒ වගේ ම ඇත්තම කතාව තමයි ඔය.

      අත්දැකීමක් නැතත් යස අගේට නිර්මාණය විඳින්න තරම් ඔබ නිහතමානී වීමට ස්තූතියි.....
      මේක කැම්පස් ගැන අත්දැකීම් ඇති අයට විතරක් ලියපු දෙයක් නොවන නිසා හැමෝටම පොදුයි. හැමෝගෙම ජීවිතේ මේ වගේ සුන්දර කාලයක් තියනවානේ සඳරු.................

      Delete
  15. එබිකම්,හේ,හේ එකත් මරු නම.
    එබිකම් හොද පාඩම් දෙකක් තමයි කැම්පස් එකෙන් ඉගෙනගෙන තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ මනෝජ්...............

      ඒකාලේ දාන දේවල් ඇගටම දැනෙනවානේ. තාම ඒ පාඩම අමතක නෑ........

      Delete
  16. අදටත් කඩේ යන්න පාවාදෙන්න හිතෙන්නේ නෑ එදා ඉගෙන ගත්ත පාඩම නිසා. නමුත් ඔය පාඩම ඉගන ගෙනත් එක අමතක කරන අය බොහොමයි .

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව ඉවාන්,

      කැම්පස් එකේ දී මේ පාඩම් ඉගෙන ගත්තට එළියට ආවාම ඔය ඔක්කොම අමතක කරලා දාලා කඩේ ගිහිල්ලා පළවෙනියට ම ජොබ් එකක් හොයා ගැනීම තමයි හැමෝම කරන්නෙත්.... එදා ඉදලා පාවා දීලා උඩට යනවා.. ඒක තමයි හැටි...

      කැම්පස් එකේ දී රැග් වෙලා රැග් කරලා ශීෂ්‍ය සංගම් වල සහ අන්තරේ සභාපතිලා වෙලා හිටපු අය අද ශිෂ්‍යයන් මර්ධනයේ ඉදිරියෙන් ම ඉන්නවා... රැග් එකට විරුද්ධව පනත් ගේනවා. පන්ති තහනම් කරනවා.

      Delete
  17. පාවා නොදෙන එක ඉගෙනගත්තේ ඉස්කෝලෙං බං.කඩේ නොයන්ඩ නං ඉගෙන ගත්තේ විමල් වීරවංශගෙං හොඃ හොඃ

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉස්කෝලෙන් ම දිනුකට හොද පාඩමක් උගන්නලා.... ඊටත් වඩා වැදගත් කඩේ නොයන්න ඉගෙන ගත්ත ක්‍රමයයි. ඒක බලලාම ඉගෙන ගත්ත එකක් වගෙයි............

      Delete
  18. මං මලක් දුන්නෙ ලෙක්චරර් කෙනෙකුට.. එයා තැන්ක් යු කියල ගත්ත.. සින්නො ඊට පස්සෙ මට වදේ ගැහුවෙ ‍තෝ වයසක ආච්චි කෙනෙකුටවත් ඉන්න දෙන්නෙ නෑ කියලා. මං ආචාර්ය මැන්දිස් රෝහණදීර මහත්තයගෙ කණට කරල හූ කිව්ව. සින්නෝ කී නිසා. එයා ඇන්දෙ ජාතික ඇඳුම හින්ද මං දැනගෙන හිටියෙ නෑ කව්ද කියල..

    ReplyDelete
    Replies
    1. ඒවා නම් මාර අත්දැකීම් නේද ලංකා.

      ඒ කියන්නේ ලංකා ජපුරද???

      Delete

Related Posts Plugin for WordPress, Blogger...