Thursday, May 8, 2014

අභියෝගයක් - දිනුවොත් අපි දෙනවා තෑග්ගක් ....



හැකිවෙයි ද හිතන්නට 
හෙට අපට වෙන දෙයක්
හැකි වුණොත් කියන්නට
අපි දෙනවා තෑග්ගක් .......................

හෙට අපිට විශේෂයි
ඒක ලොකු කතාවක්
ඉවසාන හිටියොතින්
බලන්නට හැකි දෙයක් ..................

ඒත් බෑ ඉවසන්ට
දැනෙනවා හදිස්සියක්
එහෙම නම් කරන්නට
තියෙනවා එක දෙයක් .....................

රහස මේ කොහේ හරි 
බ්ලොගයේ ම ඇති දෙයක්
ඇත්තමයි කියන්නේ 
හෙව්වොතින් තෑග්ගක් .................

බලමු කාටද ඇහැකි
ගන්න අභියෝගයක්
කවුරුන් ද ජයගන්නේ 
හෙට දවසේ තෑග්ගක් ...................


කුරුටු ගෑ ගී පවුරේ අපි

.

31 comments:

  1. \\රහස මේ කොහේ හරි
    බ්ලොගයේ ම ඇති දෙයක්
    ඇත්තමයි කියන්නේ
    හෙව්වොතින් තෑග්ගක්//

    ඒ කීවෙ ඔබෙ මේ බ්ලොග් පිටුව තුලමද, එහෙම නැත්නම් අපේ බ්ලොග් අවකාශයේ කොතනක හරිද?

    ReplyDelete
    Replies
    1. අයියෝ මනෝෂ්, අපේ බ්ලොගයේ ම තියෙනවා කියලා කිව්වේ. මොනවා කරන්න ද රාජ් වැඩේ අල්ලලා....

      Delete
    2. බ්ලොග් අවකාශයේ ඔත්තුවක් කියල හිතාගෙන මේ බ්ලොග් එකේ හැමතැනම බැලුවෙ නෑනෙ මං. තෑග්ගෙන් කමක් නෑ, කුරුටු, ඔයාල සෙට් එක හැමදාම අලුතින් මොනා හරි දෙයක් අරන් ඇවිත් අපිට දෙන තෑගි හොඳටම ඇති. කොහොම උනත්.. ම්..ම්.. කමක් නෑ සුබපතන එක හෙටටම කල්දාන්නම්කො..

      Delete
    3. ස්තූතියි මනෝෂ්.................... ඔබත් දිගට ම අපිත් එක්ක ඉදිමින් අපිව දිරිගැන්වීමට අපිත් ස්තූතිවන්ත වෙනවා.

      Delete
  2. තෑග්ග මටයි. සුභ උපන්දිනක් වේවා කුරුටු ගෑමට!

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වයි. රාජ් ඇල්ලුවා.

      දැන්ම සුභ පතන්නට එපා. හෙට පොඩි වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒකට ම සුභ පතන්න. නැත්තම් අපරාදෙනේ.... සුභ පැතුම් අපතේ යනවානේ....

      ඒක නෙමෙයි දැන් තෑග්ග ගැන කතා කරමුකෝ. ඉස්සල්ලා ම ඔබෙන් ම අහන්නම්කෝ මොනවද ඕනේ....

      Delete
    2. හපොයි හෙට නෙව! මට මතක අද 9 වගේ. අද ලියුං ගැහුවෙත් නැති නිසා දිනේ බැලුවෙත් නෑ.

      තෑග්ගට දෙන දෙයක් බාරගන්නව. කැතිපාරක් පිහිපාරක් නෙවේ නං.... :-)

      Delete
    3. හරි රාජ් හෙට ම කියන්නම්කෝ අපි තෑග්ගට දෙන්න හිතාගෙන හිටපු දේ මොකක් ද කියලා.... ඔන්න ප්‍රතික්ෂේප කරන්නත් බෑ. තරහා වෙන්නත් බෑ හරිය.....

      Delete
  3. හම්මේ කුරුටු පවුරට අවුරුද්දක් නෙවෙද... හැක්
    මට හිතුණ...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      සුභ පැතුම් පස්සේ බැරියෑ. දැන් කියමුකෝ බලන්න තෑග්ගට මොකද කරන්නේ කියලා. කලින් ම කිව්වේ කවුද ???

      Delete
    2. රාජ් නෙව... එයා මට කලිං දාල තිබ්බ... මං රිලේටඩ් පෝස්ට් වල බලල තමා හොයාගත්තෙ...
      අවුලක්‍ නෑ...
      මේ ආව වගේ දිගටම කරමුකො... ලෙසටම
      ජයවේවා

      Delete
    3. අවුලක් නෑ මහේෂ්,

      එහෙම හොයා ගන්න අයටත් අපි සැනසිලි තෑගි දෙනවා.මොකද ප්‍රියාට ඕනේ නම් ඔයාලට දෙන්න ම වෙනවා නෙව....

      Delete
  4. Thursday, May 9, 2013
    වලාවෙන් දුටු මිනිසා
    විටක නුඔ
    නිසසලයි
    සැහැල්ලුවෙන් බලා හිදී......
    විටක නුඔ
    සිත්තරෙකි
    සිත්සේ රූ රටා මවන......
    එකවිටම
    සසල වී නුඔ සැනින්
    වසාගෙන කලු අදුරු ගතින්
    මර සෙන් මෙන්
    කඩු කිනිසි අමෝරා
    මවයි ගිනි පුළිගු
    ගුගුරමින්...............
    මෙහොතකින් නුඔ
    පියවි උතුරු සලුව
    ඇග ලා ගත් උපාසකයෙකු මෙනි.........


    හසිත හර්ෂණ



    -----------------------------------------------------------------
    අවුරුද්දට..

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. වාව්...... පට්ටයි.

      ඒත් පොඩි අවුලක් තියේ හරිය. විදානයෝ අපේ උපන්දිනේ අද නෙමෙයි හෙට... අදම ඕවා කිව්වා ම හෙට මොනවැයි කියන්නේ..... හෙට ඔයිට හපං එකක් කියන්න වෙයි හා ද???

      Delete
  5. අනේ පලයල්ලා බං යන්න විකාර නොකර.. හැක්..

    හා හා හෙටට සුභ ඇනිවැසැරයක් එහෙනං..

    ReplyDelete
  6. මොකා .......................

    එතකොට හෙට කියන්නැත්ද?????

    හෙට දේශනයක් දුන්නැත්තං ඉතින් ඉවරයි තමා හරිය..... පත්තරයාට වඩා බ්ලාස්ට් එකක් දෙනවා හා.

    ReplyDelete
  7. ඉතිං යකෝ මේක හෙටම දාන්ඩ තිබුණනේ.

    ReplyDelete
    Replies
    1. නෑ.. නෑ මේක ට්‍රේලර් එක. එහෙම නේ දැන් වෙන්නේ. ෆිල්ම් එකට කලින් ඒක එනවානේ. ඒකෙන්නේ කියන්නේ මෙන්න මේ දවසේ ෆිල්ම් එක එනවා කියලා. ඒවා වලදී මේ විදිහේ තරඟත් තිබුණොත් හොදයි කියලා අපිට හිතුණා. ඉතින් අපි ඒ ක්‍රමය ලෝකයට හදුන්වලා දුන්නා. එච්චරයි. ඇයි අවුල් ද අපි අලුත් දෙයක් හදුන්වලා දුන්නට....

      Delete
  8. දැන් ඒ කියන්නෙ පරක්කු උන අපිට සැනසිලි තෑග්ගක් වත් නැත්ද මං අහන්නෙ.?

    ReplyDelete
    Replies
    1. කොහෙද ගිහින් හිටියේ.................

      සලකා බලන්නම්. ඒත් ඉතින් දෙන දෙයක් ගන්න ඕනේ හරිය. හෙට ම කියන්නම්කෝ කට්ටියට දෙන තෑගි ගැන.

      Delete
  9. දැන් ඉතින් වැඩක් නෑ නේ...

    ReplyDelete
    Replies
    1. ඇයි වැඩක් නැත්තේ මාතලන්. දැන් තමයි වැඩ තියෙන්නේ. ඇයි හෙට අපේ උපන්දිනේට පාටියට ලෑස්ති වෙන්න එපැයි. මාතලන් එහෙම එයි නේද එදා අවුරුදු උත්සවේට ගත්ත ඇදුමත් ඇදන්.....

      Delete
  10. හා හා ඔය තියෙන තැගි ටික බෙදලා දුන්නා නම් ...අපිටත් ඔය පොඩි එකක් හරි සැට් වෙයි නේ ;))

    සුබ පැතුම් වර්ෂ පුර්ණයට ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදර,

      අවුලක් නෑ ඔයාටත් සැලසිලි තෑග්ගක් හිමියි.....

      Delete
  11. ආ පර්ටියක් නෙහ්..අඩුපාඩු නැතිව විදුරු ගැටෙනා සද්දයක් එහෙමත් අහෙඉ නෙහ්

    ReplyDelete
    Replies
    1. ආචාර්යතුමෝ.....

      වීදුරු හැප්පෙන්නේ අපි උපන්දිනයට වීදුරු බෝල සෙල්ලම් කරනවා කියලා හිතුව ද????

      Delete
  12. ඇනිවසරියට සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. අපේ ඇනිවසරිය 9 වෙනිදා...

      ඔන්න සැනසිලි තෑග්ගත් ගහලා යයි හරිය...

      Delete
  13. හරි අසාධාරණයි.. අදට විතරක් කමෙන්ට් මොඩරේට් කරලා හරි උත්තරේ පොඩ්ඩක් හංගන්න තිබ්බා.. අපි වගේ රෑ වෙලා බලන අහිංසක ළමයින්ට තෑගි ගන්න වෙන්නේ නෑනේ දැන් ඉතින්..

    ඇනිවර්සරියට හෙටම සුභ පතමි.. ;)

    ReplyDelete
    Replies
    1. රෑ බලන ළමයින්ට වෙනම තෑගි ජාතියක් තියෙනවා.එ්කක් දිනේෂ්ට වෙන් කරන්නම්කෝ....

      Delete
  14. කමන්ට් මොඩරේට් කරන්න තිබුනේ.එතකොට අපිටත් උත්සහාකරන්න තිබුණා.

    සුබ පතන්න තව දවසක්ම තියෙනවානේ....:)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...