ඔබ පුංචි සියපතක්
වැව් දියෙන් හිස සැලුව
ඈත ඉඳ අතවනන
ඉපල් ගස වෙමිය මම......................
රතුපාට හිනාකට
නිල්පාට දෙනෙත් කැට
කෝම ළං කරන්නද
කෙස් පැහුණු මේ හිතට......................
කිරිගරුඩ දෙඅත් අග
නා රතට ඇඟිලි තුඩු
කෝම මං පතන්නද
රැළි වැටුණු මයෙ අතට......................
සුවඳ මං සිඹින්නම්
හමා යන සුළඟකින්
නුඹේ තතු අහන්නම්
පාව එන රැළෙන් මින්......................
කෝටියක් මල් දුටිමි
දියවරේ පූදිනා
දැනී නෑ මේ හැඟුම්
තුරා නුඹ හිනැහෙනා......................
තුෂාර විතාරණ
.
වියපත් බඹරෙක් වගේ.... :)
ReplyDeleteඅන්න හරි...........................
Deleteසුසී මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා. මං හිතන විදිහට අදයි අපි හම්බුණේ. ඉතින් කුරුටු ගෑ ගී පවුරේ කවි කියවන්න වෙලාව වෙන්කරලා අපිට කමෙන්ටුවකුත් කොටලා අපිව දිරිමත් කරාට බොහොමත් ම ස්තූතියි......
තමන්ගෙ වයස ගැනවත් හිතුවොත් නරකද, ළමයි දීගතුලා දෙන වයසේ ඉන්න අය.. ගැටිස්සියෝ දිගා බලන්නැතුව...
ReplyDeleteකයිය ලස්සනයි තුෂාර...
ජය වේවා!!!!
ඒ වයසේ ඉද්දි හැගීම් දැනීම නැත්තේ නෑනේ විදානේ... මේක මට හිතුන දෙයක් විතරයි. අර වියපත් බඹරා ගීතයත් මේ ගැනම තමයි කියැවෙන්නේ... මේක අපි හිතන්නෙම නැති පැත්තක්නේ... ඇත්තටම මේ හැගීමේ වැරැද්දක් තියෙනවාද????
Deleteඅඩෝව් ....විදානෙ .... මටද කිව්වෙ හෙක්... හෙක්....
Deleteඅපිත් බැලුවා විදානේ කාටද මේක කිව්වේ කියලා දැන්නේ සිද්ධිය තේරුණේ................. අනේ අහිංසක කෙන්ජියා...............
Delete"මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා..."
ReplyDeleteධම්මික බංඩාරයන්ටත් ඔය විදියටම හිතුනලු ගී පවුරේ..
\\ඔබ පුංචි සියපතක්
වැව් දියෙන් හිස සැලුව
ඈත ඉඳ අතවනන
ඉපල් ගස වෙමිය මම//
හිතට ගොඩාක්ම දැනුනා ඒ කොටසනම්. කවිය පටන්ගන්නකොටම වශී උනා. ඔබ ඒ සිතුවම ක්ෂණයකින් මගේ හිත පුරා ඇන්දා. ඉතාම අලංකාරයි ගී පවුරේ..
කෝටියක් මල් ඇතත් දියවරේ පූදිනා..
එකම එක මල් කැකුලකට මගේ හිත පීදිලා..
ස්තූතියි මනෝෂ්................
Deleteහැමදාම අපිව දිරිමත් කරන ඔබේ වචන ටික අපිට බොහොම වටිනවා. පත්තරේ දැක්ක දේකින් මේ විදිහ ප්‍රේමයක් ගැන හිතට දැනුනා. දැනුන ගමන් හිතට ආපු පද ටික තමයි ඔය...... විනාඩි 5 ක් ඇතුළේ මුළු කවිය ම ගැලපිලා ඉවර වුණා. මට තිබුණේ කොළ කෑල්ලක යන්තම් ලියලා ඒ ගමන් නිව් පෝස්ට් එකට ගිහින් දාන්න විතරයි..................
ඉතින් ඒක කවියක් වුණා...........
හැඟීම දැනුනට මොකද දැන් පරක්කු වැඩිද මන්දා කියලා හිතුනා හැබැයි කියවන් එද්දී..
ReplyDeleteආදරයට ඉතින් පරක්කුයි කියලා දෙයක් නෑනේ දිනේෂ්... මේ විදිහ ඇත්ත හැගීම් කොච්චරක් නම් ඇතිද? නමුත් ඒවා කවදාවත් සමාජය ඉස්සරහා සාකච්ඡා වෙන්නෑ. මොකද ඒක සාමාජ විරෝධීයි නේ... ඒත් ඒක අහිංසක හැගීමක් තවත් එක.........................
Deleteගත වියපත්ය එනමුදු
ReplyDeleteසිත නොමැත නැවතී
මනුසත් බවේ ඇති
දුර්වල කමත් එයමැයි
ඒකෙ අනිත් පැත්ත වෙන්නත් බැරිද?
Deleteගත නවතිතත්
Deleteසිත යයි තණ්හාව පොදිබැඳගෙන
භවයෙන් භවයට
කෙසේ නම් එය
ගතට පෙර නවතින්නද සබඳ ?
ලංකා....................
Deleteඉතින් ඕක සාමාන්‍ය මනුෂ්‍ය ගතිය නම් ඕකේ ඇති වැරැද්දකුත් නෑනේද??? මිනිස්සු අනික් හැම හැගීමක් ම නොනැවතී පවත්වා ගෙන ඔබ කියන විදිහට ආත්මයෙන් ආත්මය අරන් යනවානම් මේ හැගීම විතරක් වයසත් එක්ක නවත්වන්න පුළුවන් ද?????
@ මනෝෂ්...........
Deleteහැම දේකම දෙපැත්තක් තියෙනවා...
මේ වගේ හැගිම් ගැන ලියවෙන නිර්මාණ වලට සැහෙන කැමැති ,පස්ට
ReplyDeleteහ්ම්....................... සහෝදරට අල්ලලා ගිහින් වගේ.... ඔය වර්ගයේ හැගීම් නැතෑ එහෙනම්....
Deleteඅපූරුයි... මං හිතන්නෙ වියපත් බඹරා වගේ නිරිමාණයක් හැරෙන්න බ්ලොග් අවකාශෙ වුණත් මේ වගේ වෙනස් නිර්මාණයක් කරපු අය අඩුයි...
ReplyDeleteආදරයට වයස බාධාවක්ද...
හිහි
ලස්සනයි තුෂාරයො
ස්තූතියි මහේෂ්...........
Deleteහැමදාම අපේ පෝස්ටුවක් නෑර ඇවිත් අපිව දිරිමත් කරන බ්ලොග් සගයා....
ඇත්ත මේ හැගීමෙහි තියෙන ගැටළුව මොකක්ද කියන එක තමයි මහේෂ් අපිත් සංවාදයට විවෘත කරන්නේ... මේ හැගීම වැරැද්දක්ද?? කෙනෙක්ට මෙහෙම දැනෙන්න බැරිද?? ඒක සමාජ විරෝධීද???
අම්මේ අපි වගේ උන් ගැන නේ ලියල තියෙන්නේ...
ReplyDeleteහික්ස්.. ඒ කියන්නෙ නලින් අයියත්... නෑ එක්කො ඔන්නෑ.
Delete@ නලීන්...............
Deleteමං හිතුවා නලියා ගැනත් කවියක් ලියන්න. ඒකයි මේක ලියුවේ.................. හැක්
@ මනෝෂ්..............
Deleteහ්ම්.............. හ්ම්................. නලියා එහෙමයිලු.....................
නාකි මානමලයෙක් උණත් කවි සිතුවිලි ටික නම් අපුරුයි.
ReplyDeleteමනෝජ්..............
Deleteස්තූතියි අදහස් දැක්වීමට.... ඔය නාකි මනමාලයා කියන ජනවහරේ එන වචනයත් මේකට සම්බන්ධයි තමයි. නමුත් මනෝජ් මේ විදිහේ අහිංසක හැගීමුත් තියෙනවා. හැබැයි මේවා ප්‍රකාශ වෙන්නේ නැහැ. හුදෙකලා හැගීමක් විතරයි. හිත ඇතුලේම ඇතිවෙලා නැතිවෙලා යන.. ඒවා හරිම අහිංසකයි. අනේ මන්දා.............
ගතින් වයසට ගිය පමණින් ආදර හැඟුම් වලට විශ්‍රාම දිය යුතුද?
ReplyDeleteහ්ම්ම් නිර්මාණය ලස්සනයි තුෂාර වෙනදා වගේම.
ඇත්ත ප්‍රියා.....
Deleteනියම ප්‍රශ්ණයක් තමයි ප්‍රියා නගන්නේ.. එහෙම කරන්න ඕනේය කියලා සමාජය විශ්වාස කරනවා. ඒත් එහෙම කරන්න පුළුවන්ද??? මනුෂ්‍ය හැගීම් ඒ විදිහට යටපත් කරන්න හැකිද? අනික යටපත් කරන්න ඕනේද???? මේක සමාජයට ප්‍රශ්ණයක් ද ???
කෝටියක් මල් දැක්කත් හිත සනසන මල දකින වෙලාව අපිට කලින් කියන්න බෑනේ
ReplyDeleteඇත්ත ඉවාන්....
Deleteහොදට මතක ඇතිනේ එහෙම මලක් දැකලා නින්ද නැතුව රෑ එළි වෙනකල් දුක් වින්ද අවස්ථාවන් එහෙම නේද??? ඇයි දවසක් මෙච්චර දිග. රෑ එළිවෙන්න කොච්චර වෙලා යනවාද කියලා එහෙම එතකොට කොච්චර හිතුව ද නේද????
හිතට වදින සුපිරි සිතිවිල්ලක්......
ReplyDeleteමම හැමදාම සිතන/කියන දෙයක් තමා වයස ගැන හිතන්න නරකයි කියල.... හෙක්...හෙක්....
හැබැයි..... වැරදි දේ වලට නොවේ....
ස්තූතියි කෙන්ජියෝ............
Deleteනිතර මේ පැත්තට ඇවිත් අපේ කවි වලට අදහස් දැක්වීම ගැන. එය අපිව තව තවත් නිර්මාණ කිරීමට දිරිගන්වනවා කෙන්ජි..............