සුදු මට සැලොන් එකට යන්න ඕන
ෆේෂල් එකක් කරන්න තියනවා
අයිබ්‍රෝස් හදන්නත් ඕන
මාව ඩ්‍රොප් කරන්නකො
ඔයා පේ කරනවා නේද
හොඳ ළමයනෙ මගේ
අයි ලව් යූ සෝ මච්...
ෆිගර් එක මේන්ටේන් කරන්න ඕන
ජිම් එකට යන්නත් වෙනවා සෙවන් ඕ ක්ලොක්
ෆ්‍රෙන්ඩ්ස්ලා කිව්වා මම සෝ හොට් කියලා
මම ලස්සන උනාම කාටද ආඩම්බර...
ඔයත් ටිකක් ඉන්ග්ලිෂ් හදාගන්න
මගෙ ෆ්රෙන්ඩ්ස්ලාට ඔයාව ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනිනෙ...
යමුද ඔඩෙල්
මරු ෆැෂන් ටිකක් ඇවිල්ලාලු අනේ
මාර වෙරයිට්ස් ටිකක්ලු
ඔයා ළඟ මනී තියනවානෙ නේද...
ඊවිනිං වලට අපි මැක්ඩොනල්ඩ් යමු...
මට චුට්ටක් හෙඩෙක් වගේ්
ඩොක්ටර් කෙනෙක් චැනල් කරමුද...
මමි ඩැඩි නම් කැමති අපේ වෙඩින් එක ග්‍රෑන්ඩ් විධියට ගන්න
අපේ වෙඩින් එක ස්පෙෂල් ඉවෙන්ට් එකක් වෙන්න ඕනි
අපි හනිමූන් සිංගප්පෝ යං...
ළමයි හම්බවුණාම මම චබී වෙයිද දන්නෑ නේද
ඒ හින්දා අපි ළමයි හදන එක කල් දාමු
මට නම් බෑ ඔන්න ගෙදරට වෙලා බත් තම්බ තම්බ ඉන්න
අපි සර්වන්ට් කෙනෙක් ගමු
වොෂින් මැෂින් එකකුත් ගමු
ඔන්න ඔයාම තමයි ඔයාගෙ රෙදි හෝ්දගන්න ඕන...
පික්නික් එකක් යමු කසින්ලා එක්ක
ඇට් ලීස්ට් ත්‍රී ඩේස්වත් ඉන්න ඕන හරිද...
මේ කා එක මාරු කරලා වෙන එකක් ගමු අනේ...
ඇයත් මමත් මහ මග හමුවුණ කළ-යාළුවෝ කියයි මෙසේ...
අඩෝ උඹට පට්ට කෑල්ළක්නෙ සෙට් වෙලා තියෙන්නෙ මචං!!!!!!!
නියම සහකාරියක් ගැන සිතා ගනු ඇවැසි නම් අවංකවම ඔබේ හදවතින් විමසනු මැනවි ...
(අවවාදයයි- පට්ට කෙල්ලන් සියල්ල ඉහත ආකාරයම නොවිය හැක)
අසංක ගයාන් අබේසිංහ
අසංක ගයාන් අබේසිංහ
පට්ට කෑල්ලක් සහ සරල කෙල්ලක් අතර වෙනස හරි අපූරුවට සමන් එදිරිමුණි තරුණයා පත්තරේ ලිපියක කියල තිබුනා. ඒක කෙල්ලො කොල්ලො හැමදෙනාම කියවිය යුතුමයි. එනිසා ඒ ලිපිය මං මෙතන දානවා. කමෙන්ට් එකනම් ගොඩාක් දිගවෙයි. ඒකෙන් බ්ලොග් එක කැතවෙනවනම් අනේ ගී පවුරේ මට සමාවෙන්න. ඒත් මේක දැමිය යුතුමයි.
ReplyDeleteමෙන්න..හැමෝම කියවන්න අනිවාරෙන්. කලින් මේක කියවපු අයත් ඇති.
"කොල්ලෙක් අද කාලේ තවත් කොල්ලෙක් ගෙන් කෙල්ලෙක් ඉන්නවද කියල අහන්නෙ මචන් උබ කෑල්ලක් දගෙනද ඉන්නෙ කියලනෙ?
කොල්ලො හැමෝම ආසයි කල වයස ආවම කෑල්ලක් සෙට් කරගන්න හැබැයි ඒක එසේ මෙසේ කෑල්ලක් නෙමෙයි පට්ට කෑල්ලක්. පට්ට කෑල්ලක් දාගත්ත එක හරි අඩම්බරයි ඒ වගේම පොර ටෝක් දෙනවා. හැබැයි සරල කෙල්ලෙක් දාගත්ත එකා එහෙම නැහැ.... පට්ට කෑල්ලක් කියන්නෙ ඉතාම ආකර්ශනිය විලාසිත අනුගමනය කරන කාගෙත් සිත් දිනා ගත්ත හැකි රුපකාය වශයෙන් කිසි අඩු පාඩුවක නැති කෙනෙක්. තුන්සිය හැට පස් දවසෙම කෑල්ලට තියෙන්නෙ එක දෙයයි ඒ ඇගේ රුප කාය නඩතුව. හෙට මුන ගෙහෙන ඔහු හෝ අනෙකා පින වන්නෙ කෙසෙද යන්න ගැටලුව ඇරෙන්න වෙන ගැටලුවක් නම් නහැ. සාමාන්‍යයෙන් පට්ට කෑල්ලකට ගෙදර දොර වැඩ බහැ උයන්න පිහන්න බැහැ ගෙවල් දොරවල් අස් පස් කරන්න බැහැ රෙදි හෝදන්න බැහැ දරුවො හදන්න පුලුවන් උනාට උන්ට දරුවො නලවන්න බැහැ........ දරුවන්ට කිරි දෙන්න බැහැ දරුවන්ට හොද අම්මා කෙනෙක් වෙන්න බැහැ. නමුත් ඇය වෙලදපළ තුල තියන අකර්ශණීය භාණ්ඩ හැම එකක් ගැනම දන්නවා. ඒවා මිලදි ගන්නවා කලින් කලට වෙනස් වන නවීන පන්නයේ 4n නවීන පන්නයේ අදුම් පැළදුම් ඇයට තියනවා..... කෑල්ලක් පාරෙ ඇවිදින්නේ ලතාවකට හිතල මතලා ඇගට අරන් අගල් දෙකක් උඩින්. ඇය දිහා හැමෝම වගෙ බලනවා අකර්ශණීය හමදේම ඇය කරන්නෙ රටට ලෝකෙට පේන්න නමුත් ඇය සහතික වශයෙන්ම හිස් චරිතයක්. හොදයි වගේ පෙනුනත් හොද නැහැ. අහිංසකයි වගෙ පෙනුනත් අහිංසක නැහැ. සංවරයි කියල පෙනුනත් සංවරත් නැහැ. දින පතා පහන තිබ්බත් ආගමික නැහැ....... සරල් කෙල්ලෙක් මීට වඩා හාත් පසින්ම වෙනස්. කෑල්ලක් ඔබ ලගට වෙල කරන්නෙ දිලිසෙන එක. සරල කෙල්ලෙක් කරන්නෙ ඔබ දිරිමත් කරන එක. සරල කෙල්ලෙක් හරිම ලැජ්ජ ශිලියි ස්ංවරයි නමුත් අවශ්යතැනදි කතා කරනවා. පිරිමි සමග පවත්වන ගනු දෙනු ඉතා සීමිතයි එහේම කියලා යාලුවො නැතුව නෙමයි ඒත් යලුවා කරේ නැ....... ඇය චාම් සරල විලසිතා අනුගමනය කරනවා. තම්න්ගේ රුපයට ඇය ආදරෙයි නමුත් මනුශික සබදතා වෙනුවෙන් ඇය තම රුපය සහ සුන්දරත්වය නොසලකා හරිනවා.. ආදරයක් වෙනුවෙන් දරුවන් වෙනුවෙන් නොකා නොබි වෙහෙසෙන්න ඇයට පුලුවන්. ඇය අම්ම කෙනෙක් උනාම දවසක දරුවො කිරි බීලා බීලම ඇය වැහැරෙනවා. පට්ට කැල්ලක් අම්ම කෙනෙක් උනාම ගොන් කිරි බීලා බීලම දරුවො වැහැරෙනවා......... සරළ කෙල්ලෙක්ට ගේ දොර ඕන වැඩක් හැඩට වඩට කරන්න පුලුවන්. ගේ දොර අස්පස් කරන්න. රෙදි හෝදන්න. මිදුල අතු පතු ගාන්න. කටට රහට උයන්න. මල් වවන්න. කොල්ලෙක්ගේ හිතට දැනෙන්න ආදරේ කරන්න පුලුවන්. පට්ට කැල්ලක් ලග තියෙන්නෙ ආකර්ශණීය කාමයක් සහ ලිංගිකත්වයක් පමණයි. සරල කෙල්ලෙක් ලග ආදරේ උණුසුම පිරි ඉතිරි ගිය සුන්දරත්වයක් තියනවා. පට්ට කැල්ල සැරින් සැරෙට අපිට ලංවෙනවා සැරින් සැරෙට එහාට වෙනවා. ඒඋනාට ආදරේ කරන සරල කෙල්ලෙක්ව ජිවිතේ හැමදාම ලගින් තියා ගන්න හිතෙනවා. කැල්ල එක්ක තරහ උනාම එකිව බැනලා එලව ගන්න හිතෙනවා. සරල කෙල්ල එක්ක තරහ උනත් ළගට වෙලා ඉන්න හිතෙනවා. පට්ට කැල්ල එක්ක ඉදිද්දි ඒකි අපි ලග හුරුතල් වෙනවා. ඒඋනාට ආදරේ කරන සරල කෙල්ල එක්ක ඉදිද්දි ඒ කෙල්ල එක්ක අපිට හුරතල් වෙන්න හිතෙනවා. කැල්ලකට සාමන්‍යයෙන් අවශ්‍යතා වලදි ඔබව මතක් වෙනවා. නමුත් සරල කෙල්ලට හැම මොහතක්දීම ඔබව මතක් වෙනවා. කෑල්ලට කරදර කරන්න එපා කියුවම එකි අවශ්‍යතාවයක් එනකම් කට වගගෙන ඉන්නවා. එත් ආදරේ කරන කෙල්ලා එපා කියද්දිත් වාත වෙනවා. කැවද අහනවා. නැවද අහනවා. කොහේද ඉන්නෙ අහන්වා. ඒන්නෙ කියටද අහන්වා... කොටින්ම කියුවොත් පට්ට කෑල්ල සුවද ගහනවා නිතරම කොලෝන් පවිචි කරන නිසා... සුන්දර සරල කෙල්ලක් කොලෝන් නැතත් හැමදාම සුවද හමනවා මොකද එයාලා හැමදාම නානවා.. පට්ට කෑල්ලක් ඉන්න කොල්ලන්ට බුදු සරණයි දෙව් පිහිටයි හබැයි පරිස්සම් කරගනින් සරල කෙල්ලෙක් ඉන්න කොල්ලන්ට සුබ පැතුම් ....................... "
සමන් එදිරිමුණි-තරුණයා පුවත්පත
Thanks Manosh....... you have mentioned a good story regarding this..... These kind of stories reveal us a big cross section of the current society. This generation is blind. Their minds are empty. They don't know the reality. The blame cannot be placed directly on the young people. The government policy, educational process, economy, parents, teachers etc are very much responsible for all.......
DeleteFrom.....
White Man
මනෝ, මාත් සමන් එදිරිමුණිගෙගෙ පාඨකයෙක්. සමන්ගෙ ගුරු පාරෙ කතා වල විශාල ගත යුත්තක් තියෙනවා.
DeleteAno..
DeleteI don't know who are you. However I respect to your idea very much. And also totally, I agree with your point. There is a huge responsibility for the government. Not only for the government, but it goes to media also. They have to do lot of things. But no one does not get the responsibility of this. There is no way to youth. They are going away without hard purpose on their future. So this country is going down as fast as.
ප්‍රියා,
Deleteඋඹ වගේම මාත් සමන් එදිරිමුණිගෙ පාඨකයෙක්. ඒ ලියන ලිවිල්ලනම් කියල වැඩක් නෑ බං. ඒත් දැන් කරුමෙට ගුරු පාර නෑනෙ පත්තරේ. ඒත් දැන් ඒ වගේම රහ ලිපි වගයක් යනවා "මම" කියල. ඒ කතුවරය තමන් හඳුන්වන්නෙත් "මම" කියලමයි. ඒත් ලිවීමේ ශෛලිය අනුව මට හිතෙන්නෙත් මේත් එදිරිමුණිම තමයි කියල.
සාපේක්ෂ්යි... එයා කවදාවත් පට්ට කෑල්ලක් දාගෙන ඉඳලා නෑ.. සමහර පට්ට කෑලී ඉන්නවා, ඔය සාමාන්‍ය දැරිවි කරනවයි කියපු ඔක්කෝමත් කරන. මේක තනිකර ඒකපාර්ෂවික මඩක්.
Delete\\සමහර පට්ට කෑලී ඉන්නවා, ඔය සාමාන්‍ය දැරිවි කරනවයි කියපු ඔක්කෝමත් කරන//
Deleteඑහෙනම් ඒ පට්ට කෑල්ලක් නෙවෙයි, සරල කෙල්ලෙක්. මොකද කවදාවත් එකවර පට්ට කෑල්ලකට සරල කෙල්ලෙක් වෙන්නවත්, සරල කෙල්ලෙක්ට පට්ට කෑල්ලක් වෙන්නවත් බෑ.(මේ පට්ට කෑල්ල කීවෙ හරි ලස්සන පෙනුමක් තියෙන කෙල්ලෙක් ගැන නෙවෙයි.)
ඔහේලා ඔය සරලයි කියන දේත් සාපේක්ෂයි. මොකක්ද සරල කියන්නේ. නාන්නේ නැති එකටද. එහෙම නැත්නම් මොකක්ද? එතකොට ඔය ලංකාවේ ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ගාන්නේ සාමාන්‍ය කෙල්ලද? පට්ට කෙල්ලද?
Deleteඅනික මෙතන රචකයාම කියනවා ඔක්කෝම පට්ට කෑලී මෙහෙම වෙන්න බෑ කියලත්. එහෙම තියෙද්දිත් අනික් අය නානවා.
Deleteමානුෂීය හැඟීම මනින්න මිම්මක් නෑ, මෙච්චරයි සීමාව කියල කියන්න පුලුවන්. නමුත් තමන් ළඟ තියෙන ගතිගුණ වලින් බහුතර නැඹුරුතාවය අනුව අපිට පුද්ගලයෙක් මොන වගේද කියල නීර්ණය කරන්න පුලුවන්. ඒක ඔබතුමාගෙ තියරිය අනුව පරීක්ෂණ නලයක දාල ඔප්පු කරන්න බෑ. ඒක සිද්ධවෙන්නෙ ප්‍රායෝගිකත්වය මත. සාපේක්ෂයි කියන කතාව හරි. නමුත් ඒ සාපේක්ෂතාවයේ බහුතර නැඹුරුතාවකුත් තියෙනවානෙ.
Deleteමෙතන කතා කරලා තියෙන්නේ මානුෂික හැඟිම් ගැන නෙමෙයි නේ. ගති ලක්ෂණ ගැන නේ. දැන් එයා කියන විදියට දරුවන්ට තන කිරි දෙන පොෂ් කෑලී ඇත්තෙම නැද්ද? ඒ නිසාද පොෂ් අම්මලගේ බබාල පුහුල් ගෙඩි වගේ ඉන්නේ. ඇත්ත ඕක නෙමෙයි. ඒ අය දරුවට තන කිරි දෙනවා. ඒ විතරක් නෙමෙයි බබාගේ තාත්තටත් අඩුවක් නැතුව තනේ දෙනවා. ඊට පස්සෙ ජෙනී බ්‍රා එකක් ඇඳලා ආයෙත් පට්ට කෑල්ල වගේ යනවා. සාමාන්‍ය කෑල්ලට දෙන්න කිරිත් නෑ. බැඩ්ජැකට් එකකුයි, ලුංගියකුයි ගහගෙන බ්‍රා එකත් නැතුව වැටකොලු දෙක වගේ අරක එල්ලගෙන යනවා. එහෙම එල්ලගෙන ගියාම ලෙන්චිනාගේ එක වගේ වෙනවා වැඩි කල් නොයා. ඉතින් බබාටත් නෝ කුක්කු. අප්පට කුක්කු නෙමෙයි සංසාරෙම එපා වෙනවා. ඒ උනාට ඒ අප්පම අර බෝල බබාගේ අම්මට කෙල පෙරනවා. ඕන් ඇත්ත.
Deleteඑහෙනම් මාතේ ඔයා සරල කෙල්ලො දැකලා නෑ. ඔයා ඔය කියන එකේ අනිත් පැත්තනම් මං දැකල තියෙනවා. අනික අම්මා කෙනෙක් විදියට දරුවන්ට කිරි දීල තනේ වැටකොලු උනත් හොඳයි මං කියන්නෙ, දරුවන්ට ගොං කිරි දීල තනේ කිරි ටික නොදී තන කොමඩු ගෙඩි වගේ තියන් ඉන්නවට වඩා.
Deleteඔයාලා හිතනවා එයාලගේ තන් ලස්සනට තියෙන නිසා එයාලා බබාලට තන් කිරි දෙන්නෙ නෑ කියලා. එයාලා දෙනවා. ඒ උනාට වැටකොළු වගේ එල්ලගෙන යන්නේ නෑ. වැඩේ තියෙන්නේ පට්ට කෑලි ඔයාලා වගේ අයගෙන් බේර ගන්න බැරි එකනේ. අන්තීමෙදි වෙන්නේ පට්ට කෑලී දිහා බල බල ඉඳලා. ගමේ ඉන්න සමාන්‍ය කෑල්ලක් රේප් කරලා දානවා. මම නම් ආසයි පට්ට කෑලී වලට කෙල්ලෝ කාලේ ඕවා කරන්නේ නැතුව නාකි උනාම කරන්නය. මෙතන තනිකර තියෙන්නේ ඉරිසියාව. හා නොහැකියාව.
Deleteහරි හරි ඔයාට සාපේක්ෂව ඔයා, අපිට සාපේක්ෂව අපි. වැඩේ ෂේප්නේ.. හවස් වරුවම හොඳ විවාදයකට සහබාගි උනා. දැන් යන්නයි සූදානම. ගොහින් එන්නම්. හෙට හම්බෙමු ආයෙ.
Deleteපට්ට කැල්ලක් එක්ක සෝ එකක් බලන්න යනවා වගේ. ගිහින් එන්ජෝයි කරලා එන්නකො හෙට.
Delete//අනික මෙතන රචකයාම කියනවා ඔක්කෝම පට්ට කෑලී මෙහෙම වෙන්න බෑ කියලත්. එහෙම තියෙද්දිත් අනික් අය නානවා.//
Deleteඒක හරි. හැමදේම එකෙක්ගෙ දෙන්නෙක්ගෙ හැසිරීම මත මුළු ඔක්කොම එකම කැටගරියකට දාන්න බෑ.
ඒ වගේම මම සමන් එදිරිමුණිව අගය කලේ ඔහුගේ මේ ලිපිය සම්බන්දයෙන් නොව ඔහුගේ ලිපි බොහොමයක ගත යුත්තක් තිබූ නිසයි.
මාතලන් කියන කතාව හරි. ඔය පට්ට කියන කෑලි අතරේ ඉන්නවා පුදුම විදිහට ජීවිතය අවබෝධ කරගත් අය.ජීවිතයේ සරළබව කියන්නේ මොකක්ද කියන ගැටළුව මතුවෙනවා මෙහෙම බැලුවොත්.
Deleteඅපි සරලයි කියන කෑලි අතරෙත් ඉන්නවා..කුහක, තන්හාබරිත අයත්. එතකොට හිතන්න වෙනවා කොතනද සරල වෙන්න ඕන කියලා.
මාතලන්ගෙ කතාව ට සම්පුර්ණයෙන් එකගයි ....
Deleteමම අත්දැකීමෙන්ම දන්නව .....
මගෙ අම්ම පට්ට කෑල්ලක්.....
මගෙ බිරිද පට්ට කෑල්ලක්.....
මගෙ නංගිල තුන් දෙනා පට්ට කෑලි .....
එයාල ගෙදර වැඩ අකුරට වගේම.... එලියට බහිද්දි පට්ට ලෙසට යන්නෙ ....
මාතලන්, මනෝෂ්, අරූ, කන්ජි,ප්‍රියා, වයිට් මෑන්.
Deleteඔබ සියළු දෙනා විසින් පවත්වා ගන්නා ලද සංවාදය ඉතා සාර්ථක බව මුළින් ම කියන්න ඕනේ. එය කවිය තව තවත් අර්ථවත් කරා කියලා හිතෙනවා....
පසුගිය දින කීපයේ දී අපිට ඇතිවී තිබූ තාක්ෂණික දෝෂය නිසා බ්ලොගයට ඇතුල් වීමේ සහ සංවාදයට එකතු වීමේ ගැටළුවක් ඇති වුණා. දැන් ඒ සියල්ල හරි. අපි බලාගෙන හිටියා මේ සංවාදය දෙස. ඒක ඉතා සාර්ථක ව ගියා. මාතලන්ගේ සහ මනෝෂ්ගේ සංවාදය අපි දිගට ම බලාගෙන හිටියා. ඉතින් කවිය දැම්මට සංවාදයට ඉන්න බැරි වීම ගැන අපි කණගාටු වෙනවා. ඒ පිළිබද ඔබ අපිට සමාව දෙන බවත් අපි දන්නවා.... ස්තූතියි
ලොල් .. හා හා.... මමත් හා හා පුරා කියල සරල කෙල්ලෙක් බැන්ද කියහන්කෝ. එකී පට්ට කැල්ලක් වෙන්න ගිය නිසා පුකට පයින් දෙකක් ගහල එළවලා දික්කසාද කරන්නත් උනා. අනේ පට්ට කෙල්ලෙක් බැන්දනම් කියල හිතෙන්නේ දැන් තමයි බන්. හපෝ දැන් ආශ්‍රය කරන්නේ පට්ට කැලි. මාතලන්ගේ එකෙන්ම. පට්ට කැලි ෆොඑවර්... :)
Deleteමේක සමන් එදිරිමුණි මෙතරම් කාලෙකට ලියල තියන ඒවගෙන් මොඩම ලියවිල්ලක්..
Deleteඅඩෝ උඹට පට්ට -සා කෑල්ළක්නෙ සෙට් වෙලා තියෙන්නෙ මචං!!!!!!!
ReplyDeleteඅන්න ඒ හැඳින්වීමනම් හරියටම හරි.
Deleteඅනේ මන්දා අටම්......................
Deleteපට්ට කෑල්ලක් එක්ක සෙට් වෙන්න කොල්ලෝ කැමතියි , හැබැයි බඳින්න කැමති සරල කෙල්ලෙක්ව , එහෙම කෙල්ලෙක්ව බැඳලා ආපහු පට්ට කෑල්ලක් සෙට කරගන්නවා ස්පෙයා වීල් එකක් විදිහට . මොකක්ද අවශ්‍යතාවය ?
ReplyDeleteSex... Sex..........Sex......... Again Sex.......
Deleteදැන් තේරෙනවා නේද මම කියන දේ. ආදරය, ප්‍රේමය කියලා රෙද්දක් නෑ. ඔතනදි වෙන්නේ සම්භාව්‍ය රංගනයක යෙදෙනවා ලෝකයාට පේන්න. නමුත් සැටිස්ෆැක්ෂන් එක තියෙන්නේ වෙන තැනක. ඒක පිලිගන්න අකමැති සහ ඒ දේ නොලැබෙන අය, අර උඩ තියෙනවා වගේ ළිං මැඩි රචනා ලියනවා පත්තර පිරෙන්න. ඒ යකා කියන්න බොරු බව හොඳට දැණුනත්. අනික් උනුත් කියනවා අම්මට සිරි මෙන්න ඇත්ත කියලා. දැන් ඔය සාමාන්‍ය කෙල්ල ගැන ගැඹුරු විග්‍රහයක් දෙන්න පුළුවන්ද කාට හරි.
Deleteඒ පත්තර කාරයා ලියලා තියෙන්නේ කුහකකමෙන් කියලා කියවන්කොටම පේනවානේ .කෙල්ලෙක් සරල වෙනවද පට්ට කෑල්ලක් වෙනවද කියන එක ඔය දේවල් වලින් තීරණය කරන්න බෑ.
Deleteඔය පට්ට කෑලි කියන ඒවා අදින්න පුළුවන් කියලා හිතාගෙන ගිහින් අනාගත්ත එවුන් කීයක් නම් ඇත්ද , අහිංසක කමට පෙනුනට හතර වරම් ගහපු එවුන් කීයක් නම් ඇත්ද ?
මිනිහට තවත් මිනිහෙක් ව අඳුන ගන්න බෑ මේ කපේදී , එහෙව් එකේ ඔය එදිරිමුණි ලයි වෙසමුනිලයි කියන දේවල් වල වලංගු තාවයක් නෑ . උන් කොහෙන් හරි තමුන්ට අහුවෙච්ච කොටස ලස්ස්සන වචන වලින් ලියනවා , අපි පිළිගන්න කැමති දේවල් ඒ විදිහට කිව්වම .
මේකේ රචකයා කියනවානේ ඔක්කොම පට්ට කෑලි මෙහෙම නෑ කියලා ඉතින් තව මොන කතාද ? මිනිහෙකුට මිනිහෙක් , ගෑනියෙකුට ගෑනියෙක් වෙනස් පාටෙන් ඇඳුමෙන් ගමනින්, කතාවෙන් මිනිස්සු මනින එක තාම නැවතිලා නෑ. ඔය දෙතිස් වදයම මිනිහට දෙන මෙලෝ ලස්සනක් නැති ගෑනු කොච්චර ඉන්නවද ? එහෙම මිනිස්සු කොච්චර ඉන්නවද ? මිනිස්සුන්ව , ගෑනුන්ව පොදු කුලක වලට දාලා කතා කරන්න බෑ.
Deleteමගේ අදහස් තේරුම් ගන්නවානම් ,මාව අවබෝධ කරගන්නවානම් එච්චරයි මට ,එයා අඳින විදිහ , ලිප්ස්ටික් ගාන විදිහ , ඇවිදින විදිහ මට වැඩක් නෑ .දෙන්නෙක් අතර අවබෝධය නැත්තම් අවබෝධ කරගන්න බුද්ධිය නැත්තම් පට්ට කෑල්ලත් එකයි ,ඔය සරල කෑල්ලත් එකයි සොරිම තමා
එළකිරි, මී පැනී හා පැණි කොමඩු.. කව්ද අයියා පැණි කොමඩු වලට අකමැති. වැටකොළු ඩෙවල් දාලා දුන්නත් කන්නෙ නෑ.
Deleteමාතා.....වැටකොළුත් ඒ ලෙසට ඩෙවල් කරොත් නරකම නැහැ.
Delete@මාතලන්, ඉවාන් සහ අරූ,
Deleteසංවාදය නම් නියමයි. තුන් දෙනාම එකතුවෙලා එකම පැත්තට වැට ගහගෙන ගිහිල්ලා තියෙන්නේ.... මේකත් හොද සංවාදයක් තමයි. මිනිස්සු පට්ට කෑලි වලට ප්‍රිය කිරීම සහ නියම සහකාරියක් සෙවීම කියන දේ. අපිට මෙතනදී කියන්න විශේෂ දෙයක් නෑනේ... තුන්දෙනාම එකතුවෙලා විග්රහ කරගෙන තියෙන්නේ අගේට................ හැක්
එහෙම එකක් බැඳගත්තොත්
ReplyDeleteපාරෙ නිදන බල්ල වගේ
එතනින් යන හැම රතේට
ඉඩදීලා අයින් වෙනව.
ආපහු අර පාර මතම
නිදාගන්න ඌට ඕනෙ
අයින් නූන එකදවසක
බල්ලා බළු ලෑල්ල වෙයි.
හැම පට්ට කැල්ලක්ම එහෙම නැහැ තමයි.පට්ට එකකට වඩා හොද පොළවේ පය ගහලා ඉන්න කෙල්ලෙක්ම තමයි.
ReplyDeleteපට්ට කෑලිත් ඉන්නවා පොලොවෙ පය ගහලා ඉන්න.
Deleteපොළොවේ පය ගහලා ඉන්න ඒවාට තමයි පට්ට කෑලි කියන්නේ , අනිත් ඒවා ගොන් බඳින කණු
Deleteha ha ha
Deleteමාතා......මෙතනත් කියන්න තියෙන්නේ මම උඩම කිව්ව දේ තමයි. මම පට්ට කියන කෑලිවල නියම විවෘත හදවත් දැකලා තියෙනවා..බොරු සරල යැයි පෙන්වන අය ගාවට වඩා.
Deleteඉතින් එක තමයි මම කිවේ හැම පට්ට කැල්ලක්ම එහෙම නැහැ කියන එක.මොකද සමාජේ ගොඩක් අය පට්ට කෑල්ලක් කියලා අර්ථ දක්වන කෙල්ලෙක් එක්ක මගෙත් තිබුණ අත්දැකීමක් එක්ක තමයි මම ඒ දේ කියන්නේ.
Deleteමනෝජ්,
Deleteඔබ කියන කතාව ඇත්ත. නමුත් මට පේන විදිහට අරූ සහ මාතලන් ආයෙමත් කතා කරන්නේ පට්ට කෑල්ලක් යැයි අපි අදහස් කරන බොරු පොෂ් කෙල්ලක් ගැන නෙමෙයි. බාහිරින් පොෂ් පෙනුම තිබුණට සැබෑ ගතිගුණ ඇති කාන්තාවන් ගැන ම තමයි වගේ..........
"සරුංගලේ ලස්සන දිස් වන්නේ උඬු ගුවනේ විතරයි…
ReplyDeleteනූල ගැස්සුනොත් හදීසියෙන් හරි ඒ ලස්සන ඉවරයි…"
හුළගෙ පාවෙන සරුංඟලයක් නොවී පොළොවෙ ජීවත් වෙන කෙල්ලන්ගෙ හදවත හොදයි (බොහෝ විට, හැම විටම නොවේ). එවලෙ වින්දනයට ලස්සනට දකින්න නම් සරුංගලෙ හොදයි.
//අවවාදයයි- පට්ට කෙල්ලන් සියල්ල ඉහත ආකාරයම නොවිය හැක//++++
පද ටික ලස්සනයි අසංක.
එකගයි ප්‍රියා....
Deleteස්තූතියි අදහස් දැක්වීමට...
පට්ට කෑල්ලක් ලඟින් ඉන්නකොට ඇඬේන්නේ තනි ඇහැට, එත් සරල සුන්දර කෙල්ල ළඟ නැති උනාම ඇඬේන්නේ අස් දෙකටම.
ReplyDeleteඅඬනකොට ඇයි කදුළු එන්නෙ
දන් නෑ අනේ
දුක වැඩි හින්දා වෙන් නැති
එතකොට දුකටද අඩන්න්නෙ
වෙන්න ඇති
සතුටතත් කඳුළු එනවනේ
අයියෝ ඒ සතුට වැඩිකමටනෙ
අදහස් දෙකකට එකම ප්‍රතික්‍රියාවක්
මාරයි නේ
ඔයට මොකටද ඒ පන්ඩිතකම්
නෑ ඔයා අඬනකොට මූන රතු උනා
මාව අඬවලා ඔයාට සතුටුයි නේ
නෑ බබා
ඔයා හිනාවෙනකොටත් මූන රතූ වෙනෝ
හැබයි මන් ආස ඒ රතු මූණට
අනේ නිකන් ඉන්න
එක නෙවේ
මොකටද අනේ
තනි ඇහට ඇඬෙනවා කියන්න්නෙ
ආහ්....
ඒකද දැන් බලන්න බබා තෙල් මිල
ඔයාව තියන් යන්න
අද බයික් එකට පන්සීයකමකම ගැහුවා
අතේ සතේ නෑ බබා
චොකලට් එක කීයද
එකම ඩෙනිම පට්ට ගහන්නෙ
මාසයක් තිස්සේ ඉඳන්
ඉතින් බබා
ඔයත් එක්ක ඉන්නකොට
මට තනි ඇහැට ඇඩිලනේ තියෙන්න
බලන්නකෝ මගේ මුන දිහා
මේ.
කෑල්ල පට්ට උනත්, සරල උනත්, දෙන්නට දෙන්නා තේරුම් නොගන්නවානම් හැමදාම අපායේ තමා.....
ReplyDeleteකවි පද ටික සුපිරි අසංක... ජය ශ්‍රී,,!
පට්ට කෑල්ල පර්ස් එකට විදියි... හැබැයි ඉතින් ඔය ඔක්කොම අස්සේ සිරාවට ලවු කරන පට්ට කැලිත් ඇති සමහරවිට..
ReplyDeleteපට්ටයි...සරළයි ..කියන්නේ ඇත්තටම මොකක්ද බන්?
ReplyDeleteNice Question and I have a Simple answer for that. 'Patta' means that who is mostly living in a fantasy. Fantasy does not align with reality. I think so....
DeleteFrom.......
White Man
White Man.....Thanks!
DeleteWho got the right to decide...what is fantasy & what is reality? Isn't it completely up to the individuals?
Very good argument....... Yes you are right... Everything is relative..... In general, fantasy means what is away from the truth... nobody can avoid the truth whether if it is relatively correct as per his angle.... The truth is where what your heart feels actually.... In here, I think 'Patta' means extremes in connection with the bluff.... extreme fashions, extreme selfishness, fake behaviors etc. So many things are there. However, I need to explain this with a long chapter and I expect to narrate my feelings in common in the future..... You made me very interesting regarding this.......
DeleteFrom.....
White Man
මම දන්නා ලස්සන නංගි කෙනෙක් හිටිය අපේ කැම්පස් එකේ. එයා ටිකක් පොෂ් පෙනුමක් තිබෙන නිසා කොල්ලෝ කීපදෙනෙක්ම එයා ගැන උනන්දු වුනා. ගොඩක් දෙනෙක් විස්තර ඇහුවම එයා කියල තිබුනේ තාත්තට මිනී පෙට්ටි කඩ සාප්පුවක් තියෙනවා කියල. ඉතින් පොෂ් පෙනුම නිසා එයට ආස වුනාට විස්තරේ අහපුවම කොල්ලෝ අදහස අත්හැරගත්ත. පස්සේ එයාගේ තාත්තගේ රස්සාවට කැමති වුන පිරිමි ළමයෙකුට එය කැමති වුනා. බොහෝ කලක පස්සේ තමයි හැමෝම දැනගත්තේ ඒ නංගිගේ තාත්තට තයෙන්නේ කාර් සේල් එකක් මිසක් මිනි පෙට්ටි කඩයක් නොවෙයි කියල. ඒ නංගි නම් ඒගැන කිව්වේ එයට ඕනේ වුනේ කොන්දේසි විරහිතව එයාට ආදරේ කරන කෙනෙක් කියල, ඒ නිසයි එය එහෙම කිව්වේ කියල. අපි පට්ට කෑලි කියල හිතුවට ටින්ට් කරපු කොන්දවලින් වැහුන ඔළුගෙඩි ඇතුලෙන් සාමාන්‍ය මොලගෙඩි තියෙනවා කියන්න මට ඕනේ වුනේ.
ReplyDeleteකෝ මේ ගී පවුරෙ කට්ටිය? ඊයෙ ඉඳලම පේන්න නෑනෙ.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteමනෝෂ්,
Deleteඇත්තට ම අපිට පසුගිය දවස් කීපයක් ම තාක්ෂණික ගැටළුවක් ඇති වෙලා තිබුණා. දැන් ඒ සියල්ල හරි. ඉතින් ආයෙම අපි කතා කරමු.............................
වෙල්කම් බැක්! ඒ පැත්තෙත් ගොඩක් වෙනස් කම් වෙලා. පෝස්ට් 2ක් විතර මඟහැරිල මං හිතන්නෙ. ඔබ සිටිය යුතුමයි. නැත්නම් වැඩක් නෑ.
Deleteඅනිවා එනවා මනෝජ්,
Deleteමේ දැන් ඒ පැත්තට එන ගමන්.....
හැමදාමත් වගේ ලස්සන නිර්මාණයක් ...!
ReplyDeleteතරුණියක් " පට්ට කෑල්ලක් " ද ? නැත්ද ? යන වග තීරණය වෙන්නේ අපි එයා දිහා බලන විදිහ අනුවයි. ( අපේ ආකල්ප අනුවයි ) කෙනෙක්ට, හොඳ ෆිගර් එකක තියෙන කෙනාත් , තවකෙකුට පැහැපත් සමක් තියෙන කෙනාත් ආදී වශයෙන් එකිනෙකාට " පට්ට කෑලි " පෙනෙන විදිහ වෙනස් වෙන්න පුලුවන් යන්නයි, මගේ අදහස නම් .....
( ඒ කෙසේ වූවත් යුවතියන්ට " කැල්ල " යනුවෙන් ආමන්ත්‍රණය කිරීම නම් අනුමත කරන්න බැහැ නේ ? )
සඳරු,
Deleteඔබ කියන කතාව සමග අපි එකඟයි. එක එක්කෙනා තමන් කැමති කාන්තාවන් තේරන විදිහ වෙනස් තමයි. නමුත් ඔබ කියනවා වගේ ඔවුන් ආමන්ත්‍රණය කිරීමට සමාජයේ භාවිතා වන වචන ගැන නම් ටිකක් හිතලා බලන්න ඕනේ තමයි.
ජය වේවා!!!
ReplyDeleteස්තූතියි විදානේ....
Deleteකොහෙද අතුරුදහන් වෙලා හිටියේ. අපි පැමිණිල්ලකුත් දාන්න හිතන් උන්නේ........ හැක්....
///මට නම් බෑ ඔන්න ගෙදරට වෙලා බත් තම්බ තම්බ ඉන්න
ReplyDeleteඅපි සර්වන්ට් කෙනෙක් ගමු
වොෂින් මැෂින් එකකුත් ගමු///
මේ කොටස ආර්ටිෆිසල් ගතියක් දැනෙනවා...
Meka kawiyakmath newei. Meka story ekaka dialogs tikak wage. E hinda mata hitenne api meka balanna one histan sampurna karala samastayak widihata katawak wage. Me penwala tiyana kotasa atarata tawa siduwim saha debas enna one. Etakota nam katawa artificial wena ekak ne kiyala mata hitenawa....
Delete@ අපූර්වි....
Deleteඇයි ඒ...??? ආටිෆිෂල් කිව්වේ ඇයි....???
මං පරක්කු උනාට අවුලක් නෑ.. මාතයි අරැයි ඇවිල්ල කියල තියෙන්නෙ මං කිව්වත් කියන ටික... හි හි
ReplyDeleteMath ahamben wage awith serama kiyeuwa godak wedagath
ReplyDelete