Monday, June 30, 2014

පොලිස් මාමේ........ මම නැවතී සිටිමි. ඔබ නවතින්න............



පොලිස් මාමෙ දැක්කත් හිත බය වෙනවා
කාකි ඇඳුමෙ කොළ පාටට හිත දනවා
අම්මලා තාත්තලා මේ ගැන කියවනවා
ඇහෙනව මාමෙ, කෙරුවද මෙහෙමත් ඒවා ..............

ඉස්සර මාමලා රැවුලත් වැව්වාලූ
කටමැත කියවලා මිනිසුන් නැව්වාලූ
දැං බැරි ඇයි මාමෙ රයිෆල් ඕනෑලූ
සාමය එක්කනම් ගිනිඅවි නෑ යාලූ ..............

පොලිසියෙ බිත්ති වල තීන්ත ගෑවාට
එස් පහ කරලා බෝඩ් ගහලා තිබ්බාට
ජනතා හිතවාදි වෙන්නම් කීවාට
මිනිසුන් බයයි එහි ඉන්නා යක්කුන්ට ..............

වාහන නවතලා මහ මග මරනවද
හිරේ ඉන්න අය එල්ලා මරනවද
අවි පෙන්නන්න ගෙනියන අය මරනවද
ඒ විතරක් ද, ගහලත් අය මරනවද ..............

වාහන පදින මාමේ මෙය අහගන්න
කොළ පෑ ඇඳුම් දැක්කොත් හයියෙන් යන්න
ලයිට් ගහලා එන අයටත් දන්වන්න
"පොලිසිය ඉන්නවා නොනවත්වා යන්න" ..............


කසුප් අනුරාධ



.

67 comments:

  1. මරු උපදෙස් ටික.. එක දවසින් ඩ්‍රැයිවින් ලයිසොං තියෙන උන් අපායට දක්කන්නද බං කසුපෝ උඹ හදන්නේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. නෑ දේශකයෝ.............

      නැවැත්තුවොත් කොහොමත් මරනවානේ... ඉතින් ටිකක් හයියෙන් ගියානම් හරි... අපේ පොලීසියට ජංගම ටාගට් එකකට වෙඩි තියාගන්න ජීවිතේට බෑනේ....

      Delete
  2. මාත් මීට පස්සෙ නවත්තන්නේ නෑ. උසාවියේදි කියනවා වෙඩි කන්න බැරි නිසා නැවත්තුවේ නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. එච්චරයි වෙන්න ඕනේ... මෙහෙමයි මාතලන්. නවත්තන්නැතුව කෙලින් ම උසාවියටම පැදහං. එතකොට අවුලක් ම නෑනේ. ආයෙම පොලිස් අත්අඩංගුවට පත්වෙලා ආයුධ පෙන්නන්න යන්න වෙන්නෙත් නෑනේ.

      උසාවියට ම පැදලා නඩුවත් අහලා ඉවර කරගෙන එහෙම්මම එයාපෝට් එකට ගිහින් රට පැනපං.. එහෙම නැත්තං ඔය බටහිර රටක එම්බසියකට පැනපං...

      නැත්තම් වාහනේ පැදගෙන ඇමරිකන් එම්බසියට පැද්දත් හරි......................

      Delete
  3. පොලීසිය නෙහෙ… මට මතක නැහැනෙ. පොලිසිය කියන්නෙ කවුද? :)

    ReplyDelete
    Replies
    1. ආ................ නැහැ නැහැ...

      එහෙම ආයතනයක් ඉස්සර තිබුණා. දැන් එහෙම එකක් නෑ. දැන් ඒ නමින් ම පාතාල කල්ලියක් තියෙනවා. ඒකයි කිව්වේ නැවැත්තුවොත් නවත්තන්නැතුව හැටට හැටේ පාගහන් කියලා........

      Delete
    2. ආ උන්ද? අනෙ අම්මෝ උන්ව නම් දන්නවා. :D

      Delete
    3. ෂැහ් ප්‍රියා නිකං අක්ෙෂ් කන්නා ෙවලා................

      දැන් අැස් ෙප්න්ෙනම නැද්ද ප්‍රියා..? අැත්තට ම අපිට හරිම දුකයි වුණ ෙද්ට..............

      Delete
    4. ශැක් සන්ග්ලාස් දෙකක් නිසා මම අහන කතා. :)

      Delete
    5. ආ.............. එහෙම ද??

      අපි හිතුවේ ඇස් පේන්නැතුව ම යන්න ඇති කියලා.. මූණ පුරා පත ඇස් කණ්ණාඩි දෙකක් දාගෙන ඉද්දි.... අවුලක් නෑ. දැන් ඉතින් ඔය රූපේ මාරු කරන්න එහෙම ඕන්නේ නෑ, අපි කට්ටියට කියන්නම් ප්‍රියා දාගෙන ඉන්නේ සන්ග්ලාස් දෙකක් ය කියලා....

      කොහොම වුණත් හින්දි සිනමාවේ නළුවෙක් වගේ....... නළුවගෙ නම නම් කියන්න මොකදෝ වගේ... ආයෙම අවුල් ගියොත්...

      Delete
    6. රැජිනින් කාන්ත් වගේ!!!

      Delete
    7. රැජිනි කාන්ත් කියන්න බෑනේ........ රැජිනි කිව්වාම ස්ත්‍රී ලිංග පදයක් වෙනවානේ... ප්‍රියාගේ එහෙම කේස් එකක් නෑ නේද????

      Delete
    8. වහපියවු කට! අහිංසක කොල්ලට පද හදන්නැතුං!!

      Delete
  4. අවම බලයලු නේ /

    ReplyDelete
    Replies
    1. ඒක හරි....

      ඕක අවම නම් ඉතින් උපරිම එක කොහොම ඇත්ද? ඔය හමුදාවල් හදාගෙන දැගලුවේ නැත්තං ෂුවර් ලංකාවේ පොලීසිය ප්‍රභාකරන්ව මරන්නේ අසූ ගණන් වලදිමයි....... මෙහෙම වෙඩි තියන්න පුළුවන් නම් ඉතින් තව මොනවද??

      Delete
  5. //"පොලිසිය ඉන්නවා නොනවත්වා යන්න" ..............//
    පට්ටම පට්ටයි කසුප්... කාලෙට ගැලපෙන කව....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලියා................

      නැවැත්තුවොත් කොහොමත් මරනවානේ.. ඉතින් නොනවත්වා කෙලින් ම උසාවියට ම යන්න කියලා තමයි අලුත් ම වර්ෂන් එකෙන් කියන්නේ..............

      Delete
  6. අවම බලය පාවිච්චි කලාම ඇස් එහෙම ගැලවිලා එලියට එනවනම් උපරිම බලය පාවිච්චි කලොත් එහෙම කොහොමට තියෙයිද.

    අම්මේ දුවපල්ලා!!! පොලිසිය ඉන්න අහලකවත් ඉන්නෙපා.

    ReplyDelete
    Replies
    1. ඒක හරි මනෝෂ්............

      දැන් විදිහ ඒක තමයි. අපි වැඩට යද්දි ඉස්සරහින් එන කෙනෙක් ලයිට් ගහලා කිව්වාම පොලීසිය ඉන්නවා කියලා කරන්න පුළුවන් වැඩ කීපයක් තියනවා අපිට......

      1. වාහනය නැවත හරවා ගෙන ගෙදර යෑම
      2. වාහනය අතුරුපාරක නවතා පොලීසිය යන තුරු සිට ගමන යෑම
      3. වාහනය ළඟපාත ගෙදරකට දමා බසයේ යෑම හෝ පයින් යෑම
      4. අසල ඇති තැපැල් කාර්යාලයකට ගොස් අසනීපයි නිවාඩු දෙන්න ටෙලිමේලය ගැසීම
      5. ඉන්ෂුවරන්ස් එකට කෝල් එකක්දී හැකි ඉක්මනින් එන්න කියා, බැංකුවට කතා කර ගිණුමේ මුදල් භාරගත යුතු පුද්ගලයා නම් කර, නීතීඥයාට කතා කර අන්තිම කැමති පත්‍රයට අවශ්‍ය දේවල් කියා, හිත හදාගෙ හැටට හැටේ පාගා ඇස් වහගෙන ජීවිතයට පරදුවට තබා වැඩට යෑම

      ඔබට අවස්ථාව අනුව ඕනෑම විකල්පයක් තෝරා ගත හැකි බව කරුණාවෙන් සලකන්න....

      Delete
    2. හැම පැත්තම බේරගෙන දෙවෙනි ඔප්ෂන් එකට යමු කුරුටු. ඒක නුවණට හුරුයි.

      Delete
    3. දැන් ඉතින් මෙහෙම තමයි ජීවත් වෙන්න වෙන්නේ. මොකද රටක පොලීසිය කියන්නේ ජනතාව සමග සමීපයෙන් වැඩ කිරීමට සිටින නීතිය ක්‍රියාත්මක කරන සහ සාමය රකින ආයතනය. ඒකේ පහළ ම සිටින කෙනාටත් අතට තුවක්කුවක් දෙන්න තරම් මේ පාලකයන්ට මොළයක් නැති හැටි. හමුදාවක් කියන්නේ රටක ආරක්ෂාවට සිටින කොටසක්. ඔවුන් යුද්ධය වෙලාවේ එලියට ආවා. දැන් ආයෙම ඇතුළේ. එහෙම නොවුණොත් ඉතින් රතුපස්වල නාට්‍යය තමයි ආයෙත් වෙන්නේ. දැන් ඉතින් පොලීසියක් රතුපස්වල ප්‍රැක්ටිස් කරනවානේ. ඉතින් මහජනතාව වෙනුවෙන් වැඩ කරන්න තවත් ආයතනයක් හදන්න වෙයි වගේ දැන්නම්................

      Delete
    4. පොලිසියට යන්නෙත් මේ සමාජෙ ඉන්න කොල්ලො. යන එකා හොඳ මානව හිතවාදී අවංක එකෙක් උනොත් රටට හොඳයි. හැබැයි ඒකා නසරාණියෙක් උනොත් අනේ ඉතින් දෙයියන්ගෙම පිහිටයි. එහෙම එකෙක් අතට පිස්තෝලෙකුත් හම්බුනාම ආයෙ ඉතින් ඌව අල්ලන්න වෙන්නෙ නෑ. කොහොමත් වැරැද්ද තියෙන්නෙ මේ ඇත්තන්ට හොඳ ගුණාත්මක පුහුණුවක් ලබා නොදෙන එකෙයි.

      Delete
    5. කතාව නම් ඇත්ත තමයි මනෝෂ්.........

      ගමේ ඉන්න කොල්ලෙක් තමයි පොලීසියට යන්නේ. ඒත් ඔබ කියනවා වගේ හරි පුහුණුවක් දුන්නා නම් ඒ යන කෙනා මුලින් ම ඉගෙන ගන්න ඕනේ රටක පොලීසියක් තියෙන්නේ ඇයි? ඒ වගේ ම සාමය රකින්න කරන්න පුළුවන් දේවල් මොනවද? තමන්ගේ රාජකාරි සීමාව සහ වගකීම මොකක්ද? එක් එක් අවස්ථා වලදි ක්‍රියා කරන්නේ කොහොමද? මිනිසුන්ට තියෙන අයිතීන් මොනවාද? එයට සහයෝගය දක්වන්න ඕනේ කොහොමද? මේ සියල්ලත් එක්ක ම ඒ පුද්ගලයාට ඊට ගැලපෙන විදිහට පෞරුෂය සංවර්ධන වැඩපිළිවෙලක් එක්ක ම නියමාකාර පොලිස් නිලධාරියෙක් (කොස්තාපල් වුණක් පොලීසියේ හදුන්වන්නේ නිලධාරියා කියලා. හමුදාවේ තමයි සොල්දාදුවෝ කියන්නේ... ) හදන්නේ කොහොමද කියලා....

      ඒත් වෙන්නේ ඒකෙන් කොයිතරම් සුළු දෙයක්ද? ඔහේ එකෙක් ගෙනාවා. බාගෙට පුහුණු කරා. යුනිෆෝම් ඇන්දුවා... ඔබ මහියංගනේ හින්දා දන්නවා ඇතිනේ 17 නේද පොලිස් පුහුණු එකත් තියෙන්නේ....

      මේ ඔක්කොටමත් වැඩිය මනෝෂ් ඇයි මේ මෝඩයින් අතට තුවක්කු දෙන්නේ.. ඇයි මොකක් හරි හොරයක් අල්ලන්න ගියාද? නැහැ. පාරක වාහන නවත්තන්නනේ ගියේ... ඒ මදිවට බයික් එකකුත් දීලා. එක්කෝ බයික් එකක් දෙන්න ඕනේ ගිහින් අල්ලගනිංය කියලා. නැත්තම් පිස්තෝලයක් දෙන්න ඕනේ වෙඩිතියලා මරාදාපිය කියලා... ඉතින් බලන්න මහතැන්වලට ඔලුවක් තියෙනවානම් ඕවා කරයිද කියලා................

      Delete
  7. පට්ට මචෝ...
    මේ අර ලියල තියෙන්නෙ කට මැද කියල... ඒක කට මැද නෙවීද

    රැවුල නිකං අර කෝරලේ මහත්තය වගේ වවල ඉන්න පොරක් ඉන්නව නේද ලේක් හවුස් එක ගාව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්..............

      මහේෂ් ඒක කටමැත කියල ද හැදෙන්න ඕන.... මටත් හිතුණා. ඒත් වචන ෂුවර්ම නැති නිසා එහෙම දැම්මා... හරියට ම කියනවාද හදන්න...

      ඔව් ඔව් මාත් දැකලා තියෙනවා රැවුල් පොලිස් මාමා.......... අද තුවක්කුව පෙන්නලා කරන එක ඒකාලේ රැවුලෙන් කරා. දැන් ඉතින් මයිලක්වත් වැවෙන්නැති එවුන්ට මොන රැවුල්ද??? දැක්කම බය හිතෙන්නෑ ලැජ්ජා හිතෙනවා....

      Delete
  8. පොලීසිය ගැන තියෙන මේ ආකල්පය වෙනස් කරන්න කවදා පුළුවන් වෙයිද මන්දා. ඒකට ඉතින් වගකියන්න ඕනෙත් පිලීසියම තමයි.

    ReplyDelete
  9. ස්තූතියි සැබෑ අදහස් දැක්වීමට..........

    ඇත්තට ම පොලීසිය ජනතාවට සමිප වෙන්න කියලා පොලීසිය ඇතුළේ තින්ත ගාලා, වටේ පිටේ සුද්ද කරලා. වාඩි වෙන්න පුටු දාලා, හැම තැනම බෝඩ් ගහලා තිබ්බට හරියන්නෑ. කොස්තාපල්ලත් තුවක්කු අරන් ඉන්නවනම් කොහොම ද මිනිස්සුන්ට සමීප වෙන්නේ............

    මේකත් හරියට යුද්දෙ නැවතුනාට පසුවත් ඇමතිලා ගමකට ආරක්ෂාව දාගෙන යනවා වගේ තමයි. ත්‍රස්තවාදීන් ඉවර කරාට පස්සේ කොස්තාපල්ලාටත් තුවක්කු දෙන්නේ සාමාන්‍ය මිනිස්සු මරන්න නෙමෙයි නම් මොකටද????

    ReplyDelete
  10. අඩේ මාර උපදෙස්නේ දෙන්නේ... ඔය උපදෙස් පිලිපැද්දොත් නම් ගුටිකලා හරි වෙඩි කලා හරි තමයි නවතින්න වෙන්නේ ඉතින් ;) 

    ReplyDelete
    Replies
    1. නෑ.......... නෑ මදාරා.........

      මෙහෙම නොකළොත් අනිවාර්යෙන් ම වෙඩි කාලා මැරෙන්න වෙනවා. මොකද නැවැත්තුවොත් නේ පපුවට ම වෙඩි තියලා මැරෙන්නේ.... ඔය පිස්තෝලය කියන එකේ සාර්ථක ව ම ටාගට් ගන්න පුළුවන් දුර මීටර් 25 යි. විචාරක මේ පැත්තට ආවොත් තවත් මේ ගැන විස්තර කරලා කියයි... ඉතින් ඉක්මනට මීටර් 25 පැන ගත්තානම් ඇති.

      හැබැයි එහෙමම ඕනත් නෑ. ටිකක් හයියෙන් ගියානම් ඉතින් ටාගට් කරලා වෙඩි තියන්න යෑ... මේක ලංකාවේ පොලීසියනේ......................

      ස්තූතියි කමෙන්ටුවට...........

      Delete
  11. ඔක්කොම කණපිට නේද කසුප්....
    කාලීන කවියක්.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානි...........

      දැන් ඉතින් හැම එකම කණපිට තමයි රෙහානි.. එහෙව් එකේ මෙහෙම වුණාම මොකෑ නේද????

      Delete
  12. පොලිස් සමග හෙලුවෙන්.......... මටනං පෙන්නන්න බැරි උන් ජාතියක්..........
    මේ තියෙන්නෙ පොලොස් එක්ක මට තියන අද්දැකීමක්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ස්තූතියි මල්...........

      නියම මාතෘකාව. පොලීසිය සමග හෙළුවෙන්... හැක්.....

      ලින්කුවෙන් ගිහින් කියෙව්වා........... නියම ලිපිය... විශේෂයෙන් ම පොලීසිය නිර්වචනය කරලා තියෙන රූපය එළස්..............

      Delete
  13. මේ රටේ හැමදේම වෙන්නේ අනික් පැත්තටනේ,නිතිය සාමය ආරක්ෂා කරන්න ඕනේ අය නිතිය,අවනීතිය කරනවා.අසරණයින් හැමදාම පෙලනවා.මේ රටේ පොලිසි වලින් සාධාරණයක්,යුක්තියක් බලාපොරොත්තු වෙන වුන්ට අබ සරණම තමයි.

    ReplyDelete
    Replies
    1. කතාව සීයට සීයක් ඇත්ත මනෝජ්...

      සල්ලි තියෙන බලය තියෙන මිනිස්සුන් ළග පොලීසිය බල්ලෝ වගේ. නමුත් අහිංසක දුප්පත් මිනිස්සුන් ඉස්සරහා දෙයියෝ කියලා හිතාගෙන ඉන්නේ... අනික මනෝජ් එදා නවත්තන්නැතුව ගියේ ප්‍රාඩෝ එකක් හරි, මොන්ටෙරෝ එකක් හරි, ලෑන්ඩ් රෝවර් එකක් නම් කවදාවත් පොලීසියේ එකෙක් ඒක පස්සෙන්වත් යයිද?? අනික එහෙම එකක් නවත්තයිද??? හැම සද්දෙම බයික් කට්ටට තමයි ඉතින්...

      Delete
  14. මේක දැක්කම මට මතක් උනේ සූර්යා ඉන්න SINGAM ෆිල්ම් එක... අන්න පොලිස් කාරයෝ.
    ඒ විදිහේ දෙතුන් දෙනෙක් හිටියනම් ඇති රටට ඕන තරම්......

    ලස්සනයි කවිය

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමයි..............

      කවිය ලස්සනයි කිව්වට ස්තූතියි සුසී....ඒක අපිව දිරිගැන්වීමක් සුසී...

      Delete
  15. රයිට් මං නං මීට පස්සේ නවත්තන්නෑ....
    කරුමෙට හරි අහුඋනොත් මේ ලින්ක් එක දෙනවා!! අනිවා...

    කාලීන කවියක් කසුප්..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හරි අන්න එහෙම තමයි හැදෙන්න ඕනේ විදානේ.......

      අහුවුණොත් ඉතින් අපේ ලින්ක් එක ලියලා දෙනකල් ජීවත් වෙලා ඉන්න ලැබෙන එකක් නෑ. එහෙනම් මෙහෙම කරමු. විදානේගේ වාහනේ අපේ ලින්ක් එක ගහගන්න. එතකොට නම් විදානෙව ඉවරයක් කරලා වාහනේ බලද්දි අපේ ලින්ක් එක හොයා ගනියි..........

      මේක මාර රටක් විදානේ..... මේවා බලන්න අපි මේ රටේ ඉපදුනානේ.......

      ස්තූතියි අගය කිරීමට..

      Delete
  16. 'මාමේ, මීමා වගේ වැඩ නොකරනු' කියලා බෝඩ් එකක් අල්ලන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක,

      කතාව නම් ඇත්තම තමයි... නැත්තම් අර පොලීසිය නවත්තන්න කියලා ස්ටොප් කියලා අල්ලන බෝඩ් එකේ මෙහෙම ලියුවත් හරි නේද?

      නවත්තනවාද? වෙඩි කනවාද?

      ඒක නෙමෙයි විචාරක මං මදාරාට දාපු කමෙන්ට් එකේ ලියලා තියෙන කතාවේ වැරැද්දක් තියෙනවාද? පිස්තෝලයෙන් වෙඩි තැබිය හැකි දුර ප්‍රතිඵලදායක දුර මීටර් 25 නේද? මට මතක විදිහට නම් උපරිම මීටර් 75 යි. මං හරිද?????

      Delete
    2. පිස්තෝල වෙඩිල්ලක සඵල දුර = maximum effective range වෙනස්වෙනවා පිස්තොල/රිවෝල්වර් නිෂ්පාදනය කර තිබෙන ආකාර අනුව. (බටයේ දිග, යොදන පතරොම් වර්ගය, වැනි සාධක) සාමාන්‍යයෙන් පිස්තෝලයකින් හොඳ ප්‍රතිඵල ලබාගත හැක්කේ මීටර් 25 - 40 අතර. නමුත් ඊට වඩා දුර වදින විශේෂ පිස්තෝල තිබෙනවා.

      Delete
    3. ඒක තමයි... එහෙමනම් ඕකේ... මම ඉහත විස්තර කරා මීටර් 25න් පොලීසියේ කෙනෙක් ගෙන් බේරිලා ගියානම් ඇති කියලා... ඒක හරිනේ.................

      ස්තූතියි තාක්ෂණික සහයෝගයට විචාරක.. අපිට ඉතින් අවි ආයුධ ගැනත් තාක්ෂණික සහයට සහෘදයෝ ඉන්නවා කියන එකත් කොච්චර දෙයක්ද නේද???

      Delete
  17. කලිනුත් නොනවත්වා දාවනය කර ඇති බව කියන්නෙ අඩම්බරයෙනි අහු උනා හැබැයි ,ඒ වගේම කොක් වැඩි වී නිවෙස් ඉදිරිපිට පාරවල් වල මූ @ කොට පොලිස් උත්තමයන් ගෙන් උපදෙස් ගෙන හොද මිනිහෙක් උනා බොලව් ටික කාලයකට මේ මන් එහෙම එකේ පොලොසියේ බොහෝ දෙට බැන්නට හොද පැත්තත් කියන්න ඕනෑ .....අතලොස්සක් ඉන්නවා මහ ජඩ උන් ටිකක් එ ඇරෙන්න අනික් වුන් නම් දේශපාලන වුවමනා නිසා ජඩ වෙලා ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. කතාවට එකගයි අත්දෙකම උස්සලා.............

      සහෝදරයා නියම කොල්ලෙක් නෙවැ. ඒක නෙමෙයි ඒ එක වෙලාවක වත් වෙඩිල්ලක් තිබ්බෙම නැත්ද? නැත්නං ඒ වෙද්දි තුවක්කු දීලා නැත්ද?

      Delete
  18. හෙලා දකිනවා තනිකරම.. මෙහෙම කවියක් දාලා අර අවංක ලන්ඩන් පොලිස් නිළධාරියෙක් දැම්ම එක ලන්ඩන් පොලීසියටම කරපු අපහාසයක්..

    මේ දවස් වල අපේ පොලීසිය රැජිනිකාන්ත්ගෙන්ලු ට්‍රේනින් ගන්නේ.. බුලට් එක කරකවන්න පුරුදු වෙන්න..

    ReplyDelete
    Replies
    1. පොලිස් කාරය ලන්ඩන් වුණාට මොකද ලංකාවේ පාරවල් අතුගාන අය අදින ඇදුමක් නේ ඇදගෙන ඉන්නේ.. අර කහපාට කෑලි එහෙම තියෙන. ලංකාවේ නම් ඔවා තැඹිලි පාට..................

      රැජිනිකාන්ත් විතරක් නෙමෙයි දිනේෂ් දෙමළ සිනමාවේ බොහොමයක් නළුවෝ හොදට පොලීසිය ගැන දන්නවා. මොකද උන් කරන්නෙම පොලීසියට නෙලන එකනේ...........

      ස්තූතියි දිනේෂ් අදහස් දැක්වීමට..........

      Delete
  19. //ලයිට් ගහලා එන අයටත් දන්වන්න//
    එව්වා හොඳ වැඩ.. ;)

    ReplyDelete
    Replies
    1. අනිවා ..................

      අපි ඉතින් පරහිතකාමී ජාතියක්නේ...... දැනට කියන්නේ ඉස්සරහා පොලීසියෙන් ඉන්නවා හෙමීට යන්න කියලානේ.. ඒත් මේ කේස් එකෙන් පස්සේ ලයිට් ගහලා කියන්නේ පොලීසියෙන් ඉන්නවා හයියෙන් නවත්තන්නැතුව යන්න කියලයි................... හරිය....

      ස්තූතියි සංචරක මලයෝ අදහස් දැක්වීමට....

      යමුද සංචාරයක් ................

      Delete
  20. පොලිසිය විතරක් නෙමේ බං ලංකාවෙ හැම රෙද්දම ඔහොම තමයි....
    ඔය කොමිෂන් සභා හරියට පිහිටෙව්ව නම් වැඩ ටික නියෙමෙට වෙනව ....
    ලංකාවෙ දැන් තිබෙන කුණු දේශපාලනය කණපිට හරවනකම් කිසිම දෙයක් හරි යන්නෙ නැහැ බං ....

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි කෙන්ජියෝ................

      ජේ.ආර් ආපු වෙලාවේ එයාට ඕනේ විදිහට තිබ්බ උපරිම බලය පාවිච්චි කරලා හැදුවා ව්‍යවස්ථාවක්.. ඒක තමයි මේ හැම මගුලකට ම මුල. විධායක ජනාධිපති කමක් හදාගත්තා මෙලෝ එකෙකුට යටත් නැති. එතනම තියෙනවානේ නීත්‍යානුකූල ඒකාධිපතිකම....

      ඊට පස්සේ කෙන්ජියෝ ඕකට මොන කොමිෂන් සභා දැම්මත් මොකටද? ඔය කමිෂන් සභා දැම්මේ චන්ද්‍රිකා යන්න ලංවෙලානේ.. එයත් එයාගේ විධායක බලතල භාවිතා කරලා ඇති වෙලා කොමිෂන් සභා දැම්මට එයත් ඒ අය පත්කළේ නෑ. ඒකත් හරියට උතුරු නැගෙනහිර ප්‍රශ්ණය විසඳන්න පළාත් සභා ගෙනාපු ගමන් ම උතුරු නැගෙනහිර පළාත් දෙක එකතු කරලා ඒ දෙකේ විතරක් මැතිවරණ නොපවත්වා හිටියා වගේ තමයි.... අනික් අයට කුණු ගොඩක් හදලා තියෙනවා. තමන් අතගහන්නෑ..........

      පැහැදිලි ව ම කෙන්ජියෝ මේක දේශපාලනික විප්ලවයකින් ම වෙනස් කළ යුතු දෙයක්.. වත්මන් ආණ්ඩුවත් කරේ ව්‍යවස්ථාවේ එක ම එක වගන්තියක් වෙනස් කරලා පණ තියෙනකල් විධායක බලතල භාවිතා කරන්න පුළුවන් ක්‍රමයක් හදපු එක විතරයිනේ...... ජේ.ආර් හදපු ව්‍යවස්ථාව හින්දා යූ.එන්.පීය දුක් විදිනවා වගේ හෙට අනිද්දාම දවසක පටන් ගන්නවා ඔය වගන්තිය අයින් කරපු එකේ ප්‍රතිඵල පොදු පෙරමුණටත් හම්බෙන්න..............

      ඕක තමයි ඉතින් දේශපාලනය................

      Delete
  21. පොලීසිය දුප්පත් පෝසත් පරතරේ අනුව ක්‍රියා කරන්නෙත් දෙවිදිහකට. දුප්පත් මනුස්සයෙක් පොඩි වරදක් කළත් මිනිහාට පුළුවන් තරම් අඩන්තෙට්ටම් කරනවා. සල්ලි කාරයෙක් කොච්චර ලොකු වරදක් කළත් සමහර විට උගේ අණට පවා පොලීසිය කීකරු වෙනවා.

    ReplyDelete
    Replies
    1. කතාව නම් සීයට සීයක් ඇත්ත පකිස්..........

      සල්ලි තියෙන මිනිහා ඉස්සරහා පුළුවන් නම් දෙකට නැමිලා වදිනවා. පොලීසිය කියන්නේ අන්තිම දූෂිත ආයතනයක් ලංකාවේ තියෙන. පගා මුරුවෝ ඉන්නේ.. හැබැයි ඉතින් එහෙම ආයතනයක් තමයි නීතිය ක්‍රියාත්මක කරවන්නේ............ කාට කියන්න ද මේ අවනඩුව පකිස්.........

      දුප්පත් මිනිහෙක් අහුවුණොත් පහුගිය කාලේ හොරු හොයාගන්න බැරිවුණු හොරකම් ටිකේ නඩුත් ඒ මිනිහාගෙම පිට දාලා උසාවි දාලා දඩුවම් දීලා හිරේ දානවා. එතකොට කලින් හොරකම් වලට හොරු අල්ලන්න ඕනත් නෑනේ.... ඒකනේ එක හොරකමකට මිනිහෙක් අහුවුණ ගමන් ප්‍රවෘත්ති වලට කියන්නේ // මේ පුද්ගලයා තවත් හොරකම් ගණනාවකට සැකකරුවෙක් වෙයි// කියලා... පොලීසිය කියන්නේ අජූත තැනක්.........

      Delete
    2. පකිස් පෙට්ටිය දැකල තියනවද මකුළු දැල්වලට අලි එහෙම අහුවෙලා ඉන්නවා??

      Delete
  22. හ්ම්.. හොඳ උපදෙස් ටිකක්... පදවැල් ටික ගැට ගහලා තියෙන විදිහත් අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි.............

      මේ විදිහට තමයි දැන් ඉතින් උපදෙස් දෙන්න වෙලා තියෙන්නේ. කවි පිළිබද ව අදහස් දැක්වූවාවට බොහොම ස්තූතියි................

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. Peechan
      Olmorondhdhan
      Lawless
      IRC
      Conmen's
      Establishment

      Delete
    2. අරූ.................

      නියම හැදින්වීම........ ඕක තමයි හරි... අර ලෝයල් ගගා තියෙන එකනම් කිසිම ගැලපීමක් නෑ තමයි....

      මල් මල් අඩවියේ පොලීසිය කියන එක හදුන්වලා දීලා තිබුණ විදිහත් මරු.

      පොලු මුතුරු රැගත්
      ලීමට කීමට නොදත්
      සිසුන් පැහැර ගන්නා
      යකුන් රැළ

      මේක නම් විශ්ව විද්‍යාල සිසු මර්ධනය ගැන වෙන්ට ඕනේ ලියලා තියෙන්නේ...

      Delete
  24. අඩේ මං සෑහෙන්ඩ පරක්කුයි. චැහ්

    ReplyDelete
    Replies
    1. තව ටිකක් පරක්කු වුණානම් හරියට ම හරි.........

      ඒක නෙමෙයි පත්තරේ.ස්තූතියි මේ පැත්තට ඇවිත් කමෙන්ටුවකුත් කෙටුවට... පත්තරේගේ ම කියලා බ්ලොගයක් තියෙනවාද?? එකපාරක් නම් දේශකයා ආක්‍රමණය කරලා තියෙනවා දැක්කා. ඊට පස්සේ පත්තර මල්ලි කියලාම බ්ලොගයක් මං හොයා ගත්තා. ඒත් ඒකේ මුකුත් ලියන්නෑනේ............

      ඇත්තට ම බ්ලොග් ලිවීම ගැන ඇත්ත කතාව කියමුකෝ බලන්න පත්තරේ............

      Delete
  25. පොලිසිය මගදී දැක්කොත් රිය නවතන්න
    බැසගොස් රියෙන් කීයක් හරි දී එන්න
    පඩිපත මදිය උන්ගේ බඩ පුරවන්න
    පිස්තෝලෙත් වෙනවා අද හෙට විකුණන් කන්න

    අසරණයින් දැක නොම යනු වෙට්ටු දමා
    ලයිට් ගසා පවසනු එය හැකිය තමා
    අන්න අතන ගහ යට නං බඩු ම තමා
    කීය කීය හරි දීපං ඒවා මහ පිං ම තමා

    ReplyDelete
    Replies
    1. වාව්.....................

      කේජ් නියම කවිදෙකක් ගොතලා නෙවැ... හරිම අගෙයි.. අල්ලලා කේජ් එකේ දාන්නට හිතෙනවා....

      ස්තූතියි අදහස් දැක්වීමට සහ අපිව දිරිගැන්වීමට......

      Delete
    2. කේජ් වෙලා ඉඳල මේ එලියට ආව විතරයි.. ආයේ නං යන්න බෑ.. :P

      Delete
  26. අපූරු සංකල්පනාවක් ...!

    වටිනා කියන උපදේශයක් නොවැ දීලා තියෙන්නේ. දැන උගත් උදවියගේ යුතුකම , වගකීම තමා, නොදන්න ඇත්තන්ට කියලා දෙන එක.

    ඔබ " සංචාරකයාට " කිව්වා වගේම දැන් සිග්නල් එකේ තේරුම වෙනස් කරන්න ඕනා. ඉතිං මේ අලුත් සිග්නල් එක සමාජයට ගෙනියන්න වැඩ පිළිවෙලක් සූදානම් කරා නම් තවත් හොදයි නේ ? ( අපිත් Support එක දෙන්නම්කො. )

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...