Monday, May 19, 2014

මොන පිරිමියා ද මේකට උත්තර දෙන්නේ.......?



දනි පනි ගා නැගැ බසයට
සීට් එකේ හරි බරියට
කිරා වැටෙයි
          කලිසන් ඇඳි මහත්තුරු ................

බඩ නෙරලා ඇඟේ තෙලට
මස් පිරිලා හරි හරියට
පාට පාට හැන්ඩි කමිස
දිලිසෙන කළු ඔප සපත්තු
සෙන්ට් පුයර සුවඳ හමන
          කලිසන් ඇඳි මහත්තුරු ...............

අතින් ගමක මළු පුරවන්
වාරු නැතුව අමාරුවෙන්
ගොඩවෙන විට බවලත් උන්
දැක ඇස් පියවෙන ඉබේම
අනේ ඉතින්
          කලිසන් ඇඳි මහත්තුරු ...............


ඉසුරිකා චූලරත්න


.

74 comments:

  1. මේකෙ අනිත් වර්ෂන් එක මීටත් කැතයි. හැමදාම කිලෝමීටර විසි තුනක් බස් එකේ යන මම දකිනව

    ReplyDelete
    Replies
    1. මොකක්ද රාජ් ඒ වර්ෂන් එක. ටිකක් විස්තර කරන්නකෝ...............

      Delete
  2. වනිතා අැන්ටිගේ වර්ශන් එකක් වගේ...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදානේ...............

      කිසිම සද්දයක් නැතුව මෙහෙම උත්තරයක් දුන්න ම අනික් පිරිමි ටික මොකක් කියයි ද දන්නෑ...........

      Delete
    2. කුරුටු පවුර ,වනිතා හඩ,නිහිංසා,කැරළිකාරි,මහී කියල බ්ලොග් අකරන්නෙ එකම අන්තවාදී සෙට් එකක් තමයි.

      Delete
    3. ඇනී,

      දිගින් දිගට ම කියුවා වගේ මුලින් ම කියන්න කැමතියි පිරිමියෙක් නම් අනන්‍යතාවය හංගන්නැතුව එන්න කියලා.

      අනික තමයි ඔබ ඔය කියන ගොඩට අපිව දැමීම ගැන අපේ විරෝධය දක්වනවා. ඔය කියන එක්කෙනෙක්වත් අපිට කමෙන්ටුවක්වත් දාලා තියෙනවා දැක්ක ද ?

      අනික අපේ බ්ලොගයේ කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි නිර්මාණකරුවන් 7 දෙනෙකු සිටිනවා. මේ කිසිවක් නොදැන, බ්ලොගය දෙස අවධියෙන් නොබලා එක ම එක කවියක් දිහා බලලා අපිව ෆෙමිනිස්ම් කියන ඔබ කොයි තරම් අවිචාරශීලීද ඇනී.

      Delete
  3. කවමදාවත් තවත් ගැහැණියක් නම් ගැහැණියකට ෂීට් එකක් දෙන්නේ නැහැ, මේ වගේ ඒවයින් වෙන්නෙ, බඩදරු අම්ම කෙනෙක්ට උනත් නැගිටලා ෂීට් එක දෙන මහත්වරු ඒකත් නොකර හරින එක... ඇයි යකෝ ගෑණුන්ට සම තැන ඕන කියලා කෑ ගහන රටේ බඩු බැරි නම් ඕන මඟුලක් උස්සගෙන හිටගෙනම පලයල්ලකෝ...

    ReplyDelete
    Replies
    1. අන්න අශාන් පිරිමි මහතා උත්තර දීලා තියෙනවා.

      මුලින් ම ස්තූතියි පිළිතුරට.

      ගැහැණුන්ට ගැහැණුන් ෂීට් දෙනවා දැකලා නැතිනම් ඔබ බසයක ගිහින් තියෙනවා ද කියලත් සැකයි. හැම පිරිමියා ම නිවැරදි නැහැ වගේ හැම ගැහැණිය ම නිවැරදිත් නෑ කියලා අපි දන්නවා. නමුත් කාන්තාවන් සහ දරුවන් පහසුවෙන් අවධානමට ලක්විය හැකි පිරිස කියලා රටේ උත්තරීතර ම නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේත් තියෙද්දි ඔබ මෙවැනි මතයක සිටීම ගැන කණගාටුයි. ගැහැණුන් කුණු මුල්ලට දාන සමාජයක ගැහැණුන් තමන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම නුරුස්සන පිරිමි යැයි කියා ගන්නා පිරිස් ගැහැණුන්ගේ සහ දරුවන්ගේ අවධානම් සහගත බව මේ විදිහට හෑල්ලු කිරීම කණගාටුවට කරුණක් අෂේන්.

      Delete
    2. මමත් දැකල නෑ ගෑනු කිසිම කෙනෙකුට සීට් දෙනව.10% ක් විතර ඇති.ගර්භනී මාතාවක් ආවොත් නම් කිසිම ගෑනියෙක් සීට් දෙන්නෙ නෑ.බස් වල යන ඕන කෙනෙකුගෙන් අහන්න.ගර්භනී මවුවරුන්ගෙන් අහන්න.ගෑනුද පිරිමිද සීට් දෙන්නෙ කියල.මේක පිස්සු අන්තවදයක්.මේ රට ඕවට සරු පසක් නොවෙයි.මම දැක්ක ත්‍රඩ් ට්‍රයිම්ස්ටර් ඇබෝෂන්ස් ඉල්ලන ෆෙමිනිස්ට්ල.ඇබෝෂන්ස් ඔන් ඩිමාන්ඩ් කියල.මේ අයට තවම එහෙම බැරි නිසා බස් වල සීට් ගැන කතාව.තව ටිකකින් පවුල් ඒකකය අහෝසි කරන්න කතා කරයි.සමාජය ඔහෙල ගැන අවදියෙන්.මේ ගොල්ලොත් හොරගල් අහුලන්නෙ වෙටර්න් ලෙස්බියන් සිස්ටම් එකට තමයි.

      Delete
    3. මුලින් අශාන් කියූ දේට අපි පිළිතුරු දුන්නාම ඒකට තරහා ගිහින් තියෙන්නේ ඇනී කෙනෙකුට. කමක් නෑ..............

      ඇනී ගැහැණුන් කියන්නෙත් පිරිමි වගේ ම ඉපදෙන ජාතියක්. ඔබ පිරිමි කම ඔච්චර නලලේ තියාගෙන දගලන්නේ පිරිමියෙක් වෙලා ඉපදුන නිසානේ. (නමුත් ඔබ අනන්‍යතාවය සගවන නිසා පිරිමි කම ගැනනම් සැකයක් ඇත) ගැහැණියක් වෙලා ඉපදුනා නම් ඔබ දැන් මොන අදහසක් දරයිද?

      අනික ඇනී ඉපදෙන හැම කෙනාම තමන් පිරිමි ද ගැහැණුද කියලා තීරණය කරලා නෙමෙයි ඉපදෙන්නේ. ඒ නිසා අපිට ස්වාභාවික ව ලැබුණ දෙයක් වෙනුවෙන් අපි ඊට පස්සේ සටන් කිරීම ලැජ්ජාවට කාරණාවක් ඇනී. ඔබේ තියෙන මානසික පීඩනය ඉවත් කරගන්න අපි ෆෙමිනිස්ම් නෙමෙයි. හැබැයි අපි ගැහැණුන්ට වෙන අසාධාරණකම් වෙනුවෙන් කතා කරන අය. ඒක කාන්තාවන් වෙනුවෙන් විතරක් නෙමෙයි. පිරිමින් වෙනුවෙන් වුණත් එකයි. ඉතින් ඔබේ අසහනය දැන් ඉවත් කර ගැනීම හොදයි ඇනී.

      Delete
    4. අනික ඇනී ඉපදෙන හැම කෙනාම තමන් පිරිමි ද ගැහැණුද කියලා තීරණය කරලා නෙමෙයි ඉපදෙන්නේ. ඒ නිසා අපිට ස්වාභාවික ව ලැබුණ දෙයක් වෙනුවෙන් අපි ඊට පස්සේ සටන් කිරීම ලැජ්ජාවට කාරණාවක් //
      ඔබටත් කියන්න තියෙන්නෙ ඒක තමයි.

      හැබැයි අපි ගැහැණුන්ට වෙන අසාධාරණකම් වෙනුවෙන් කතා කරන අය.//
      බලල මල්ලෙන් එළියට ආව නේද? එන්ජීඕ වලින් බ්ලොග් නිර්මාණය ගැන වැඩමුලු එහෙම කරල පටන් ගන්න ඒව බව අපි දන්නව.කාන්තාව හා මාධ්‍ය කියන ආයතනයෙන්.

      Delete
    5. ඔන්න සැමට මිතුරු අපිට හතුරු කතාවක් කියුවා නේද???
      අපි එන්.ජී.ඕ කාරයෝ කියන පොදු කුලකය ඇතුළට දැම්මා නේද??
      ඕක තමයි තමන්ට නොදිරන යමක් දුටු විට ඒකට විශේෂණ පදයක් දාලා අයින් කිරීම කියලා කියන්නේ..................

      සැමට මිතුරු අපේ උපන්දිනය දවසේ පෝස්ටුව බලන්න අපි කවුරුත් ම එන්.ජී.ඕ කාරයෝ නෙමෙයි කියලා ඔබට පැහැදිලි වෙයි. ඒ වගේ ම අපි රටේ වැදගත් ක්ෂේත්‍ර ගණනාවක රැකියා කරන අය කියලත් ඔබ තේරුම් ගනීවී. අපිට බ්ලොග් කරන්න කාන්තාව සහ මාධ්‍යය ඕනේ නෑ. එන්.ජී.ඕ කාරයින්ට කරන්න පුළුවන් දෙයක් නෑ ලංකාවේ. පුළුවන් නම් මේ වෙද්දි ලංකාවේ යූ.එන්.පී ආණ්ඩුවක් තියෙන්න ඕනේ. නැත්තම් එන පාටක්වත් පේන්න ඕනේ. එහෙම දෙයක් නෑ. එන්.ජී.ඕ කාරයින් කියන්නේ තමන්ගේ පාඩුවේ කීයක් හරි හම්බකරගෙන පවුල නඩත්තු කරන පිරිසක් විතරයි. ඔවුන් ලංකාවේ සමාජය තුළ කරන්නට හැකි දෙයක් නැත. ඒ බව ඔවුන් ද මනාව දනී................. ඔවුන් මහා ලොකුවට ලොකු කරගෙන ඉන්නේ ඔබ වැනි අයගේ අනියත භිය නිසාය......

      Delete
  4. වනිතා ඇන්ටිල මේ ගොල්ලො එකම කට්ටියක්.වනිතා ඇන්ටිට ෆෙමිනිස්ම් බටර් ගාල හරියට කියාගන්න තේරෙන්නෙ නෑ.වනිතා ඇන්ටි ප්‍රභාකරන් වගෙ නම් මේ අය සම්බන්ධන්ල වගෙ.

    ReplyDelete
    Replies
    1. ඇනී

      ඔය වනිතා ඇන්ටි කියන්නේ කවුද කියලා ඉන්නවද?

      Delete
    2. ඒක බ්ලොග් කියවන ඕන කෙනෙකුගෙන් අහගන්න.තැන නොතැන බලන්නෙ නැතිව ෆෙමිනිස්ම් කියවන අම්මන්ඩි කෙනෙක්.එයාගෙ බ්ලොග් එකේ මෙහෙම බටර් එක්ක ෆෙමිනිස්ම් නෑ.ගෙඩිය පිටින් ඩෝන් ගාල අත අරිනව.

      Delete
    3. හා දැන් එයයි අපියි අතර තියෙන සමානකම මොකක්ද?

      පිරිමින්ට ඕනෙම දෙයක් කරලා බබ්බු වගේ ඉන්න පුළුවන්. ගැහැණු කෙනෙක් තමන්ට වන අසාධාරණයක් හෝ අපහසුතාවයක් ගැන කියුවාම ඒක ෆෙමිනිස්ම් වෙනවා. අපි මුලින් ම දැම්මානේ පිරිමි ඇවිත් මේකට උත්තර දෙන්න කියලා. (අදහස් දක්වන්න එන කාන්තා බ්ලොග්කරුවන්ට මෙම ප්‍රකාශය අදාල නොවේ.) ඉතින් තම අනන්‍යතාවයවත් ප්‍රකාශ කරන්න බැරි ඔබ වැනි ඇනියන් පිරිමින් දැයි බලන ඕනෑම අයෙකුට පැහැදිලි වෙනවා. ඉතින් ඔය ඇන්ටිලයි අපියි ගලපන්න හදන්නැතුව තම අනන්‍යතාවය පෙන්නලා උත්තර දෙන්න. බැරිනම් අදහස් නොදක්වා සිටියාට ගැටලුවක් නෑ.

      Delete
  5. SHOAK KAIYAK NEDA

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනී................

      Delete
  6. ආසන දෙන එක කෙසේ වෙතත්, නරකද ඔය නෝනා මහත්තුරු දෙගොල්ලොම ටිකක් හවසට මොනවා හරි කරලා නෙරපූ බඩවල් අඩු කරගත්තොත්.

    එතකොට නිදිමත ගතියත් අඩු වෙයි.
    හිටගෙන ඉන්න එකේ අමරුවත් අඩු වෙයි.
    වයසට ගියාම ඔය උදේ හවස බඩගාලා හම්බු කරලා අමරුවෙන් ඉතුරු කරගත්ත සල්ලි ටික private hospital එකකට පුදන්නත් ඕනිත් නැති වෙයි.

    ReplyDelete
    Replies
    1. ඇනී ස්තූතියි අලුත් අදහසට. මාතෘකාවෙන් එළියට ගිහින් නියම පිළිතුරක් හොයලා.

      Delete
  7. හ්ම්ම්
    කමෙන්ට්ස් කලත් තෝ නසී…
    නොකර ගියත් තෝ නසී…

    ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඔයදේ සිද්ද වෙනවා ඉසුරිකා. අපි ගොඩ තැන් වල දැකලා තියෙනවා පිරිමි අතින් ගෑණු අසාධාරණයට ලක් වෙනවා.

    නමුත් ඔබ මෙතන කතාකරන බසයේ ශීටය සම්බන්ධව නම් පිරිමියා කියන චරිතය ගැහැණියට වඩා යහපත් තැනක ඉන්නවා බොහෝ විට. ගැහැණියක් අවම වශයෙන් කෙල්ලෙක් වත් අත්‍යාවශ්‍ය අවස්ස්ථාවල ශීට් දෙනවා අඩුයි. ඒත් කොල්ලො බොහෝ විට දෙනවා. (මාත් දිනපතා බසයෙම යන එකෙක්)

    හිත රීදුනත් ඇත්ත ඒකයි.

    ReplyDelete
    Replies
    1. තව දෙයක්. තමන්ට ශීට් එක දෙන්න පුළුවන් තත්වයක් යටතේ (පිරිමි/ගැහැණු) ඕන කෙනෙක් …… ශීට් එකක් ලබා දිය යුතු අයෙකුට (ගැහැණු/පිරිමි) ඕනම කෙනකුට එය ලබා නොදෙනවා නම් නිතී අනුකූලව කෙසේ වෙතත් මානුෂිකවනම් සම්පූර්ණයෙන්ම වැරදී.

      Delete
    2. මුලින් ම මේ වගේ මාතෘකාවකට සංවාද කරද්දි ඔබ විසින් පවත්වා ගන්නා ලද මහත්මා ලක්ෂණයන්ට මුලින් ම ස්තූතිවන්ත වෙනවා.

      ඔබ කියන දේත් එක්ක අපි එකග වෙනවා ප්‍රියා. බස් රථයක දී පිරිමින් සහ කාන්තාවන් ෂීට් දීමේ දී වෙනස් තත්වයන් දෙකක තමයි ඉන්නේ. ඒකට අපි දකින විදිහට ප්‍රධාන ම හේතුව තමයි ප්‍රියා කාන්තාවන් බොහෝ විට බස් රියක හිටගෙන යෑමට කැමැත්තක් දක්වන්නේ නැති වීම. ඒක හිටගෙන යෑමේ අමාරුව නිසාම වෙන දෙයක් නෙමෙයි. හිටගෙන යන කාන්තාවන්ට පිරිමින්ගෙන් විදින්නට වන දුක් ගැහැට නිසා ( දැන් හිටගෙන යද්දි විතරද මේවා වෙන්නේ කියලා අහන්න ඉන්න ඇනීලා එහෙම නොකරාවි කියලා හිතනවා)

      ඒ වගේ ම කාන්තාවන්ට සාපේක්ෂ ව පිරිමින්ට යමක් දරා ගැනීමට හැකි කායික මට්ටමක් පවතින නිසා කාන්තාවන් පිරිමින් විසින් ෂීට් එකක් දේවි කියලා බලාපොරොත්තු වන ගතියක් තියෙනවා. ඒක හරි දෙයක් කියලා කියනවා නෙමෙයි ප්‍රියා.

      අනික් අතට කාන්තාවන් සහ පිරිමින් කියන දෙපාර්ෂවය කායික ශක්තිය අතින් වෙනස් විදිහට නිර්මාණය වෙලා තියෙන නිසා මේ දේ තුළ සැලකිය යුතු යමක් තියෙනවා නේද කියලත් හිතන්නට පුළුවන් ප්‍රියා..............

      Delete
    3. යකුනේ අපි සුද්දෝ නෙමෙයි තමයි. ඒක හරි. හැබැයි සීට් සහ ශීට් දෙකක්. seat/sheet

      මම නම් සීට් එකක් දුන්නත් ෂීට් එකක් දෙන්නේ නැහැ.

      මෙහෙම දෙකුත් තියෙනවා....මිනිස්සුද ගැහැණුද කියලා නැහැ, හැමෝම මහන්සිවෙලානේ , මැරිලානේ ගෙදර යන්නේ. අපි හිතමු දවස තිස්සෙම පාරවල් දිගේ ඇවිදලා, ඇවිදලා බඩු විකුණන කොල්ලෙක් බස් එකට නගින්නේ වාඩිවෙලා ගෙදර යන්නනේ. එහෙම එකෙක්ගෙන් ඔෆිස් එකේ ආතල් එකේ වාඩිවෙලා ඉන්න නෝනා කෙනෙක් හැන්දෑවට ෆුඩ් සිටි එකෙන් බෑග් දෙකක් උස්සන් බස් එකට නැගලා සීට් එකක් බලාපොරොත්තුවීම හරිද?

      Delete
    4. සීට් ගැන කියපු කතාව නම් නියමයි. ස්තූතියි........

      අරූ වෙන්න පුළුවන් අන්තිම දරුණු තත්වයක් ගැන මනස් චිත්‍රයක් මවලා වගෙයි. ඒ අවස්ථාව යටතේ අපි ඔබට එකගයි. ඒත් අරූ එහෙම නොවන අනෙක් හැම අවස්ථාවක දී ම ඔබ අපිත් එක්ක එකග වෙනවාද???????????????

      Delete
    5. අවසානයේ කියන්න වෙන්නේ....මේ පහසුකම් ලබාදීම ක්‍රමවත් වෙනවා වගේම, ආකල්පවලත් මටු සිළුටු ස්වරූපයන් ඇතිවිය යුතු බවයි.

      Delete
    6. උපරිම එකගයි අරූ ඔබත් එක්ක. පැහැදිලි ව ම මෙතන දී ආකල්ප සම්බන්ධ ප්‍රශ්ණයක් තමයි තියෙන්නේ. ඒ දේවල් වෙනස් නොවී අපි මොනවා වෙනස් කරන්න හැදුවත් වැඩක් නෑ. ඔබ නියම මාතෘකාවක් මෙතෙන්ට ගෙනාවා.....................

      Delete
  8. මේකට මෙහෙම උත්තරයකුත් තියෙනව හැබැයි. අඩුම ගානේ අදට අවුරුදු 30 කට 40 කට වගේ උඩදිනම් බවලත් උදවිය ගැන මෙහෙම තත්වයක් නොතියෙන්න ඇති. මොකද ඒ කාලේ ගෑනු පිරිමි කියලා වෙනසක් බෙදීමක් තිබිලා තියෙනවනේ. අද ඉන්න බවලත් උදවියමයි ගෑනු පිරිමි කියලා භේදයක් ඕන නෑ කියන්නේ. ඒ වගේම පිරිමි කරන කොයි දේත් බවලත් උදවියට කරන්න පුලුවන් කියල තර්ක කරනවා සමහරු. අනෙක කලිසම් අඳින නෝනලත් ඔය ඉන්නේ හැබෑටම ඕන තරම් දැන්. මේ අය සමහරු උදම් අනන්නේ පිරිමින් සමග උරෙනුර ගැටෙමින් හරි හරියට වැඩ කරන හැටි කිය කියානෙව. එතකොට බලපුවාමනම් මේ ලියවිල්ලට මුල් වෙන සිද්ධිය ගැන පුදුමෙකුත් නෑ වගේ. අනේ ඉතින් තවත් මොන කතාද හැබෑට මේව ගැන.

    ReplyDelete
    Replies
    1. පොඩි වෛරයකින් කාන්තාවන් දෙස බලා පකිස් කතාවක් කියුවට ඔබ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. දැන් මේකනේ පකිස් වෙලා තියෙන්නේ. අපි කියන සුළු සිද්ධියයි කාන්තා නිදහස හෝ කාන්තා විමුක්තිය වගේ මාතෘකාවනුයි කීහිප දෙනෙක් පටලන් ඉන්නවානේ. ඇත්තට ම පටලන් ඉන්නේ ඇනීලා තමයි. නමුත් අපි මේ කියන කවියට වස්තු විෂය වූ සිද්ධිය ගැන කතා කළානම් අපිට මීට වඩා සාර්ථක සංවාදයක් ගොඩනගන්න තිබුණා නේද????????/

      Delete
    2. මටනම් පෙනෙන්නේ ආයුබොවන්ඩ මෙතන පැටලිල්ලක් නෑ. මොකද පිරිමියෙක් කාන්තාවට බසයේදී අසුනක් ලබාදීම කියන එක පිරිමියා හා කාන්තාව සමාජයේදි ගොඩනගාගෙන තියෙන අනන්‍යතාවයට සමගාමීයි කිය්න එකයි මට කියන්න ඕන උනේ. එහෙම බලපුවාම පිරිමියා කාන්තාවට අසුනක් ලබාදී ඇයට පහසුකමක් සැපයීම වියයුතු දෙයක් වන්නේ කාන්තාව යනු පිරිමියා නොවන නිසා. නමුත් කාන්තාව පිරිමියාට සමානයි කියන තර්කය ගෙන එන විට ඔය කාරනයත් අවලංගු වෙනවා. මෙලෙස කාන්තාව පිරිමියාට සමානයි කියලා කියන අයත් එක්ක ඒ මතය අනුමත කරමින් කාන්තාවන් ගොඩ දෙනෙක් වර්තමානයේ ඒ ස්ථාවරයේ ඉන්න එක තමයි පැටලිල්ල.

      Delete
    3. ඇත්ත පකිස්

      ඔබ වැදගත් තැනකට මේ කතාව ගේනවා. ඒ වගේ ම ඔබ බොහොම ඉක්මනට මේ සංවාදය තුළ අපි දරන මතය තේරුම් අරන් තියෙනවා. ඇත්තට ම පකිස් අපි ඔබේ අදහස සමග උපරිම එකග වෙනවා. කාන්තා විමුක්තිය කියලා සමහර ගැහැණුන් නටන නාඩගම් ගැන නම් අපි එකග වෙන්නෙත් නෑ.

      හැබැයි පකිස්. එහෙමයි කියලා කාන්තාවට ලැබිය යුතු තැන අහිමි කරමින් කාන්තාව කුණු ගොඩට තල්ලු කරන පිරිමි නොවන පිරිමින්ගේ ස්ථාවරයන් අපි අනුමත කරන්නෙත් නෑ.

      Delete
    4. මමත් ඔබ එක්ක මෙතනදී එකඟ වෙනවා. මොකද සමාජයේ පිරිමියාට කාන්තාවගෙන් වෙනස්වන විශේෂත්වයක් ගොඩනගා ගන්න තියෙන හැකියාව වගේම කාන්තාවට පිරිමියාගෙන් වෙනස් විශේෂත්වයක් ගොඩනගාගන්න තියෙන හැකියාවත් ඉතා වැදගත්. ඇත්තෙන්ම එක හා සමානව සැලකිල්ලට ගතයුත්තේ මේ කාරනේ. නමුත් ඔය සමහර මෝඩ කාන්තා විමුක්තිකාමීන් ඒක පටලවලා තියෙන්නේ ගෑණියෙකුට පිරිමියෙක් කරන සේරම කරකරා ඒ විදිහට ජීවත් වෙන්න සමාන අවස්ථාවක් සලසන්න ඕනේ කියන කාරනේ එක්ක. ඇත්තෙන්ම කාන්තාව පුරුෂයාගෙන් වෙනස්වන විශේෂත්වයක් ගොඩනගාගත් පමණින් ඇය කුණු කූඩයට දමන්න පීඩා කරන්න කෙනෙක් යනවනම් ඒක අන්තිම කැතයි. ගෑනු පිරිමි දෙපිරිසටම එකිනෙකාගේ විශේෂත්වයන් හැඟීම් ආදිය තේරුම් ගන්න හැකියාව තියෙන්නම ඕනේ. එහෙම උනානම් ගැටලු අඩුයි.

      Delete
    5. පකිස්, ඇත්තට ම ඔබ සාර්ථක සංවාදයක් ගොඩනැගීම ගැන අපි මුලින් ම ස්තූතිවන්ත වෙනවා. කාන්තාව සහ පුරුෂයා කියන්නේ එකිනෙකට වෙනස් පෞරුෂයන් දෙකක් කියන දේ අපි මුලින් ම තේරුම්ගත යුතුයි. ඒ වගේ ම මේ දෙපාර්ෂවයේ පවතින වෙනස්කම් තමයි ලෝකයේ සමස්ථ පැවැත්ම විෂයෙහි හේතු වෙන්නෙත් කියලා අපි තේරුම්ගත යුතුයි.
      කොහොම වුණත් පකිස් මේ අදහස තේරුම් නොගෙන මෙතන ම කී දෙනෙක් නැට්ට පාගගෙන කෑ ගහනවාද කියලා බලන්න. ඔවුන්ට කාන්තාවක් වෙනුවෙන් දෙයක් ලියපු ගමන් මේ යකා ආවේශ වෙනවා. ඒ තුළ තවත් යමක් තියෙනවා පකිස්. පරිමියෙක් විදිහට අපි සම්පූර්ණ නැතිනම් සහ අපිට අපි ගැන විශ්වාසයක් නැති නම් අපි අනෙකාට ස්වාධීනත්වයක් ගොඩනගා ගැනීමට දෙන්නේ නෑ. ඒක අපිට තර්ජනයක් කියලා හිතනවා. හැබැයි ඔය හැම දෙනාගෙම අම්මත් ගැහැණියක්. අම්මා බුදුවේවා කියලා කියන්නේ ඔය ගැහැණියට ම තමයි කියලා තේරුමකුත් නෑ...............

      Delete
    6. පකිස් ගේ කතාව හරි. කාන්තාව පුරුෂයාගෙන් වෙනස් සුවිශේෂත්වයක් ගොගනගාගන්නා විටයි ඇයගේ සැබෑ වටිනාකම සමාජයට ඒත්තු ගැන්වෙන්නේත් ඒ වගේම එය වැදගත් වෙන්නේත්. එවැනි පසුබිමක් තුල කාන්තාවට පොදු ප්‍රවාහන සේවය තුල වැඩි පහසුකමක් සාපේක්ෂව ඇති කර දෙන්න කෙනෙක් හිතන්න මැලි වෙන්නේ නෑ. නමුත් මේ මෑතක ගොඩනගපු කාන්තාව පිරිමියාට සමානයි යන විකාරයත් එක්ක කාන්තාවනුත් එකට හිටියොත් මෙය ප්‍රායෝගික වෙන්නේ නෑ. ඇත්තටම කාන්තාවන්ට වගකීමකුත් තියෙනවා එවැනි විකාර අදහස් සමාජයෙන් ප්‍රතික්ෂේප කරන්නත්.

      Delete
    7. සැබෑ,

      ඔබ කියන කතාවත් සමග අපිත් එකග වෙනවා. පකිස් කියපු විදිහට ම කාන්තාව විසින් කාන්තාව කියන අනන්‍යතාවය ගොඩනගා ගන්නා අතර පිරිමියා විසින් පුරුෂ අනන්‍යතාවයක් ගොඩනගා ගැනීම තමයි සිදු විය යුත්තේ. ඔබ කියන විදිහට මෙතනදී කාන්තාව පිරිමියාට සමාන කිරීමට යෑම තමයි කාන්තා විමුක්තිකාමීන් කියන කට්ටියට වැරදුන තැන. ඇත්තට වෙන්න ඕනේ කාන්තාව සම්පූර්ණ කාන්තාවක් වීමයි. එවිට එය ලෝකයේ පැවැත්මට සහ පිරිමියාගේ අනන්‍යතාවය පවත්වා ගැනීමට ඉතා වැදගත් වේවි. එදාට මොවුන් දෙපාර්ශවයට මොවුන් එකිනෙකා නැතුව බැරිවේවි. එදාට අනෙකා වෙනුවෙන් කැපකිරීම් කිරීමට කිසිදු පාර්ශවයක් දෙවරක් නොසිතාවි................

      ස්තූතියි අදහසට.............

      Delete
    8. ඇත්තෙන්ම ඔවු කාන්තාව හා පිරිමියා එකිනෙකාගෙන් වෙනස් විශේෂත්වයක් මත වෙනස් අනන්‍යතාවයන් ගොඩනගාගන්නකොට තමයි ලිංගික බැඳීම් හා පවුල් සංස්ථාවේ ඉඳලා සමාජයේ සංකීර්ණ ගොඩනැගීම් දක්වා එක් පාර්ශවයකට අනෙක් පාර්ශවය අත්‍යවශ්‍ය වෙන්නේ. එතනදී එක් පාර්ශවයකට අනෙක් පාර්ශවය නොසලකාහරින්න බෑ. පුරුෂයාට ආවේනික සමාජ වගකීම් කාර්‍ය්භාරයන් මෙන්ම ඊට සමගාමීව කාන්තාවන්ට ආවේනික කාර්‍යභාරයන් සියල්ලද මනුස්ස සංහතියේ යහ පැවැත්මට අනිවාර්‍ය වශයෙන් තිබියයුතුය කියන දේත් මේ සමගම තහවරු වෙනවා.

      Delete
    9. ඔව් පකිස් ඔබ සංවාදය වැදගත් තැනකට ගෙනත් තියෙනවා. ඇත්තට ම කාන්තාව කෙරෙහි පිරිමියාගේ ආකර්ෂණය ඇති වන්නේ කාන්තාව සතුව පවතින විශේෂ ලක්ෂණයන් නිසායි. කාන්තාවත් පිරිමියා වගේ වුණොත් කාන්තාව ගැන පිරිමියා තුළ ඇති ආකර්ෂනය නැති වෙනවා වගේ ම ඒක මනුෂ්‍ය සංහතියෙහි පැවැත්ම සදහා මහත්වූ ගැටළුවක් වෙනවා. කාන්තාව පිරිමින් මෙන් වීමට යෑම ඔස්සේ වත්මන් සමාජය තුළ පවතින ගැටළු බොහොමයක් තියෙනවා. ඒ අතර දරුවන් නොමග යෑම, සමාජ තුළනය නොමැති වීම වගේ ම ලිංගිකමය ගැටලුත් මතුව තිබෙනවා. ඔබ මේ මාතෘකාව ගෙනා තැන ඉතා වැදගත් පකිස්....................

      Delete
  9. මම කතා කරන්නෙ මේ කතාව ගැන නොවේ ඇනෝල ගැන.මම නම් ඇනෝ එන්නෙ මට ප්‍රොෆයිල් එකක් නැති නිසා.ඒත් උඩ ඉන්න ඇනෝල ප්‍රොෆයිල් නැති අය නොවෙයි.ඒ අයගෙ කතා විලාසෙන් පේනව දවසට දහස පන්නල හිට්ස් එන අය කියන එක.මං අහන්නෙ ඇයි මේ අයට කොන්ද පන නැත්තෙ තාම්න්ගෙ ප්‍රොෆයිලෙන් එන්න.රාජ් ල විදානෙල අශාන්ල චතුරංගල පකිස්ල එඩිතරව කොමෙන්ට් කරන හැටි.රාජ්ල අශාන්ල චතුරංගල තාම්න්ගෙ පොටෝ එකත් දාල.අනෙක් අය එහෙම නැතත් තමන්ගෙ අනන්‍යතාව හරි පෙන්නනව.උඩ ඇනෝල කියන්නෙ පොන්නයො ටිකක්.

    ReplyDelete
    Replies
    1. ආ තව එකක් .අමතක වුනා.ඉසුරිකාගෙ කවිවලින් පොන්නයින්ට රිදිල වගෙයි.

      Delete
    2. අලුත් ඇනෝ,

      ඔබ කියන අදහසත් සමග අපි කුරුටු ගෑ ගී පවුර විදිහට සීයට සීයක් එකග වෙනවා. ඇත්තට ම තමන්ගේ අනන්‍යතාවය පෙන්නලා තමන්ගේ අදහස් දක්වන්න කියන එකයි අපි කියන්නේ. එවිට අපිට වුණත් ඔවුන් සමග සංවාදයක් දිගට ම ගෙනියන්න පහසුයි. නමුත් තමන්ගේ අනන්‍යතාවය හංගගෙන පිරිමින් වගේ කතා කිරීමනම් පිරිමි කමටත් නිගාවක් කියලයි අපිට හිතෙන්නෙත්.

      මොනවා වුණත් ඇනෝ තමන් කියන දේ ගැන තමන්ට වගකීම දරන්න බැරි කමයි මීට හේතුව. ඒ කියන්නේ පෞරුෂයක් නොමැතිකම.

      අපිට පක්ෂව කතා කිරීමක් අපි කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඔය පකිස් ප්‍රියා තමන්ගේ වෙනස් අදහස් පැහැදිලි ව කියලා තියෙන්නේ. ඔවුන් භාවිතා කරන භාෂා විලාෂය වුණත් හරිම වැදගත් පාටයි. නමුත් ඇනීලා කියන්නේ සමාජයෙන් හැංගිලා කුණුහරප කියවන පිරිසක් වෙලා.

      අපි ඇනීලාට අවස්ථාව දීලා තියෙන්නේ ඔබ කියන විදිහට ප්‍රොෆයිල් එකක් නැති අයට අදහස් දැක්වීමටයි. නමුත් ඒක භාවිතා වෙන්නේ වැරදි විදිහට යි.........

      අනික ඇනී ප්‍රොෆයින් එකක් නැතත් ඔබේ නම හෝ අන්වර්ථ නාමයක් හෝ මේ සදහා යොදා ගත හැකියි.

      reply as කියලා තියෙන එකේ පහළින් ඇති Name/URL එක භාවිතා කර නම පමණක් හෝ යොදන්න හැකියි.

      Delete
  10. මුලින්ම මම දාපු කොමෙන්ටුව සැර වැඩි වෙන්න අැති, පහල තියෙන කොමෙන්ට් ටික කියව්වම එහෙම හිතෙනවා..

    එ්ත් මුලින්ම මම කොමෙන්ට් කලේ මට දැනුනු දේ..

    මට ගැටළුව තිබුනේ //කලිසන් ඇඳි මහත්වරු.............//
    කොටස සම්බන්ධයෙන් පමණයි.. එය ස්ත්‍රී හෝ පුරුෂ බේදයක් නොමැතිව ලියා තිබුනේ නම්.. එසේ නොමැතිනම් ස්ත්‍රි පුරුෂ දෙපාර්ෂවයම නියෝජනය වන අාකාරයට ලියා තිබුණි නම් මේ ගැටළුව මතුවෙන්නේ නෑ..

    උදා - කලිසන් අැඳි මහත්වරු..... වෙනුවට

    01. නෝනාවරු මහත්වරු...... ලෙස හෝ
    02. පුන්‍ය වන්ත මිනිස්සූ....

    (ඔබගේ ලිවීමේ අැති අයිතියට බලපෑම් කරනවා නොවේ - ඔබ ලිවිය යුත්තේ ඔබට රිසි දෑ මිසක් මට අවසි දෑ නොවේ..
    )

    ජය වේවා!!!



    ReplyDelete
    Replies
    1. විදානේ

      ඔබගේ අදහස දැක්වීම සමග පැහැදිලි ව ම පොඩි ගැටළුවක් ආවා තමයි. අපිත් ඒකයි ඒ විදිහ දෙයක් ලියලා ගියේ. නමුත් හිතුවට වඩා වෙනස් අදහසක් සමග ඇනී කෙනෙකුන් උඩ පැනීම නිසා සංවාදය සම්පූර්ණයෙන් ම වාගේ වෙනත් අතකට ගියා.

      ඔබ අපේ බ්ලොගය ගැන හොදින් ම දන්නා අයෙක් නිසා අපි දන්නවා ඔබ කාන්තා විමුක්ති බ්ලොග් කරුවන් සහ අපි අතර වෙනස පැහැදිලි වම දන්නා බව. අපේ බ්ලොගය ඒ විදිහට වර්ගීකරණයකට ලක් වීම තරමක් වේදනාකාරී දෙයක් නිසයි අපිත් දිගින් දිගට ම මේ ගැන කතා කළේ. නමුත් විදානේ අද මේ පැත්තට ඇවිත් කවිය කියවලා ෆෝම් වුණ කෙනෙක් පිරිමිකම හංගගෙන ඇනී කමෙන්ටු වලින් පිස්සු නටද්දි ටිකක් තරහා යනවා නේද???? සමහර විට මීට කලිනුත් මේ පැත්තට ආවට කවදාවත් කවියක් කියවලා අපිව දිරිගන්වපු නැති අයට යන්තම් රිදෙන මාතෘකාවක් දැක්ක ම මාර විදිහට තරහා යනවා. ඔවුන් කැමතියි මෙතන විකාරයක් වෙනවා දකින්න. ඒවා මානසික විකෘතිතාවයන් විදානේ.

      විදානෙත් ඒ ගොඩට දාලා හිතයි කියලා හිතුව ද ??? පිසුස්ද????? අපි කොච්චර කතා කියාගත්තත් අපි දන්නවා අපි කවුද කියලා.... හිහ්.....

      Delete
  11. මගේ නම් අදහස ඕක දෙපාර්ෂවයටම අදාලයි.. ඒ ඒ අවස්ථාවන් වල දෙගොල්ලම නොදැක්කා වගේ ඉන්නවා වගේම ඒ වගේ වෙලාවට උදවු කරන්නත් දෙගොල්ලම පෙළබෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්,

      ඔබගේ අදහසත් ඉතා වැදගත්. මේ දෙපාර්ශවයේ ම ඉන්නවා නොදැක්කා වගේ ඉන්න පිරිස්. ඔවුන් හැමෝගෙම ඇස් ඇරෙන්නට මේ කවියත් මොනම හරි සහයෝගයක් දේවි කියලා අපි හිතනවා............

      Delete
  12. කියන කතාවත් ඇත්ත. ඒත් ඒකෙ අනිත් පැත්තත් ඔහොම්මයි. උදාහරනයක් කියන්නම්. දවසක් මං බස් එකේ යනවා. ගමනෙ දුර කි.මී 60ක්. ඉතින් ස්ටෑන්ඩ් එකේදිම හොඳ අයිනක් එහෙම අල්ලගෙන සැපපහසුවට වාඩි උනා. දෙයියනේ කියල කිලෝමීටරයක් එන්න හම්බුනේ නෑ නැග්ග දරුවෙක් වඩාගත්ත අම්ම කෙනෙක්. දරුවෙක් කීවට අවුරුදු හයක හතක ළමෙක්. බස් එකට නඟින හින්ද වෙන්නැති වඩාගත්තෙත්! කොහොමහරි ඉතින් මං මගේ සුවපහසු අසුන පරිත්‍යාගකලා. එදා මං ගොඩක් අසනීපෙනුත් හිටියෙ. කොහොමහරි ඒ අම්මා බහින්නෙ තව කි.මී 30කින් කියල දැනගත්ත ටිකට් ගන්නකොට. කමක් නෑ ඉතින් එයා බැස්සම වාඩිවෙනවා කියල හිතාගෙන මාත් ඉතින් දැන් යනවා හිටගෙන. එතුමියගෙ හොඳ කියන්නෙ අඩුම තරමෙ සීට් එකෙ දුන්නෙ මොකාද කියලවත් බැලුවෙ නෑ ස්තූති කිරිල්ලක් තබා. කොහොමහරි පැය එකහමාරක් විතර ගියා. ඔන්න බෑග් එක එහෙම හදාගෙන, කුඩේ එහෙම අතට ගන්නකොට තේරුනා මට මෙයා බහින්න හදන්නෙ කියල. මාත් හිතුව දැන් හරි එහෙනම් කියල. ඒත් එතුමිය මොකක්ද දන්නවද කලේ. අර මෙච්චර වෙලා වඩාගෙන හිටපු දරුවට කිව්ව මෙහෙම. "පුතේ ඉස්සරහට ගිහින් නැන්දට කතාකරල එක්ක එන්නකො. පොඩි එකත් කඩිය වගේ රිංග රිංග ඉස්සරහට ගියා. ඉස්සරහ හිටපු ගෑනු කෙනෙක්ව එක්කගෙන ආව. දැන් අර අම්ම කියාපි, " අක්කෙ අපි එහෙනම් මෙතන බහිනවා. අක්ක මෙතව වාඩිවෙන්න" හොඳයිනෙ!!! ඉතින් මං ඉතිරි ටිකත් හිටගෙන. අන්තිමේදි බස් එකෙන් බහිනකොට උණ ඩබල් වෙලා. ඔන්න ඔහොමයි අපේ බවලත් උදවිය..!!

    ReplyDelete
    Replies
    1. සිරාවටම මෙහෙම දේවල් වෙනකොට හිතට තරහත් එනවා.

      Delete
    2. මනෝෂ්,

      ඇත්ත කතාව. මෙහෙම දේවල් ඕනේ තරම් සිද්ධ වෙනවා තමයි. නමුත් වඩාගෙන යන්න ඕනේ වයසේ දරුවෙක් ඉන්න කාන්තාවක් මේ කියන ගොඩට දාගන්න බෑ නේද මනෝෂ්, අපි අදහස් කරන්නේ එහෙම දෙයක් විතරයි.

      කොළඹ කොටුවෙන් බස් එකක් ගන්න පුළුවන් කම තියෙද්දි ඊට හෝල්ට් දෙකක් එහායින් හිටගෙන ඉදලා නුවරට ම ෂීට් ගන්න අයත් නැතුව නෙමෙයි. දරුවන්ගේ පිිහිටෙන් බස් වල යන අයත් ඉන්නවා තමයි.

      ඒත් ඇත්තටම දරුවෙක් වෙනුවෙන් මවක් වන වෙහෙස මහන්සිය ගත්තා ම ඒක අපිට මැනලා පෙන්නන්න බැරි තරම් දෙයක්. ඉතින් ඒ වෙනුවෙන් එක විනාඩි කීපයක් අපි පිරිමින් විදිහට කැපකිරීමක් කිරීම කොයිතරම් වැදගත් ද කියලා තමයි අපි මේ කවියෙන් සාකච්ඡා කරන්න උත්සහ කරේ.......................

      Delete
    3. ඒක හරි කුරුටු. එකෙන්ම ඒක පිළිගන්නවා. ඔය කීව විදිය ගෑනු උදවිය නිසා කළකිරීමක් දැනෙනවා.

      Delete
    4. ඔව් මනෝෂ්,

      මේ කිසිම පාර්ශවයක් හරියට ම හරි නෑ. සමාජයේ හැටි ඔහොමනේ මනෝෂ්. හැම හරි තැනක් ම මොකක් හරි වැරැද්දකුත් තියෙනවා. හැම වැරදි තැනක ම හරි දේවලුත් තියෙනවා.............

      Delete
  13. මචෝ ඉසුරි රාජ් අයිය කියල තිබ්බ අනික් වර්ෂන් එක තමා මේකෙම අනික් පැත්ත...
    ඔයා ඔය සිද්ධිය අත් දැක්කෙ කොහෙදකියල මම දන්නෙ නෑ... ඒත් මම නං කවදාවත් දැකල නෑ බඩදරු අම්ම කෙනෙක් බස් එක්කට නැග්ගම පිරිමි කෙනෙක් සීට් එකක් නොදී ඉන්නව... වැඩිපුරම ඒ වගේ සීට් එක දෙන්නෙ පිරිමි අය... ගෑණු අය හුගක් මං දැකල තියෙනවදැක්කත් සද්ද නෑ වගේ ඉන්නව.. විශේෂයෙන් කෙල්ලො නං කවදාවත් සීට් එකක් දෙනව මං දැකලම නෑ..
    ඒක් හංද ඔය චෝදනාව දෙගොල්ලටම පොදුයි..

    ReplyDelete
    Replies
    1. මමත් ආවේ මෙන්න මේ ටික කියන්න. ඔක්කොම කමෙන්ට්ස් කියවාගෙන එද්දී මේක දැක්කේ. මහේෂ් හරියටම හරි. මම දැකලා තියනවා ආබාධිත සොල්දාදුවෝ කතාවක් බහක් නැතුව බස් එකේ හිටගෙන යන හැටි.

      Delete
    2. ඔන්න ඔය කතන්දරේ ගැන ලගදි ලස්සන කතාවක් කව්රු හරි ලිව්වා මට ඒ කව්ද කියල තමා අමතක..

      Delete
    3. මහේෂ්,

      මුලින් ම ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. අපි ඔය හැම අදහසක් ගැනම කතා කිරීම වැදගත් තමයි මහේෂ්. ඒ තුළින් තමයි කවියට එළියක් ලැබෙන්නේ. සමහර විට කවිය කියන්නේ සාකච්ඡා මාතෘකාවක් විතරයි. එහෙම තමයි වෙන්න ඕනේ. සාකච්ඡාව සංවාදයක් විදිහට වැදගත් ස්වරූපයෙන් සිද්ද වනවා නම් ඒකෙන් සමාජයට යමක් එකතු වෙනවා කියලයි අපි විශ්වාස කරන්නේ. ඒක තමයි බ්ලොග් කරුවන් හැටියට අපේ සමාජවගකීම මහේෂ්....

      පළමුවෙන් ම කියන්න ඕනේ මහේෂ් අපි පැහැදිලි ව ම ඔබේ අදහස සමග එකග වෙනවා. නමුත් කාන්තාවන් කොහෙත්ම ගැබිනි මවකට ෂීට් එකක් දෙන්නෑ වගේ දේවල් නම් අනුමත කරන්න අමාරුයි. සාමාන්‍යයෙන් දෙනවා අඩු ඇති. ඒ අපි මීට ඉහත විස්තර කරා වගේ ඔවුන් කායික වශයෙන් පිරිමින්ට වඩා පහළ තත්වයක සිටින නිසා ඔවුන් එය පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වීම. නමුත් එහි වරදක් තියෙනවා තමයි.

      අනික මෙහෙම දේකුත් තියෙනවා මහේෂ්. තැන් කීපයක දී කාන්තාවන් මෙවැනි තත්වයන් මගහරිනවා දැක්කා ම අපි හිතින් ම හදා ගන්නවා එකක් කාන්තාවන් මේ වගේ වෙලාවට ෂීට් දෙන්නෑ කියලා. ඉතින් ඊට පස්සේ කාන්තාවන් ෂීට් නොදෙන තැන් කලාතුරකින් වුණත් අපි ඒවා එකතු කරලා මතක තියාගන්නවා. නමුත් ෂීට් දෙන අවස්ථා කොච්චර දැක්කත් අපි ඒවා අමතක කරලා දානවා. ඒක අපේ මානසික තත්වයක්. ඕක තමයි ගෙස්ටෝල්ට්වාදී මතයේදී කියන්නෙත්.............

      Delete
    4. @ විචාරක

      ඇත්ත කතාව විචාරක. රට වෙනුවෙන් යුද වැදුණු ආබාධිත සොල්දාදුවන් ඕනේ තරම් මහමගදී අපහසුතාවයට පත් වෙනවා. ඒ දේ තේරුම් ගන්න තරම් යුද්ධයෙන් බේරුණ මේ සමාජයට දැන් මනුස්සකමක් නෑ.

      ඇත්ත විචාරක අපි කතා කරමින් හිටපු මාතෘකාව ඔබ පෙන්වා දෙන ආබාධිත සෙබලුන්ගේ මාතෘකාවත් එක්ක එකට ගත්තාම යමක් කියවෙනවා කියලයි අපි හිතන්නේ.............. ඒ කියන්නේ ඒක මුළු සමාජයේම කුහක බවක් ද විචාරක...???

      Delete
  14. //හැම පිරිමියා ම නිවැරදි නැහැ වගේ හැම ගැහැණිය ම නිවැරදිත් නෑ කියලා අපි දන්නවා.//
    මාත් තදින් විශ්වාස කරන දෙයක් තමයි මේක. නමුත් මේ කතාවෙදි කාන්තාවන් අමතක කරල පිරිමියගෙ බඩට ඇඟිල්ල දික් කිරීමයි අවුල.
    බස්වල යන උදවිය ගැන ලිපියක් ලියන්න මාත් හිතාගෙන ඉන්නව. තාම ලියන්න උනේ නෑ.

    ReplyDelete
    Replies
    1. අපි දෙන්න තරගෙට ලියමුද බස් කතා.. හැක්

      Delete
    2. ඇත්තට ම රාජ් ලියන්න. අපි මේ සංවාදයත් මීටත් වඩා සාර්ථක ව ඉදිරියට ගෙනයමු. අපි පුළුවන් විදිහට සමාජයට පණිවුඩයක් දෙමු...........

      සංවාදය ඉතා වැදගත් ඒ තුළින් යමක් පිළිබද මතයක් ගොඩනගනවා. නමුත් විවාදය කියන්නේ තම මතය හරිය කියලා පෙන්නන්න බොරු ගෙතීමයි. එය බලහත්තාරය භාවිතා කිරීමක්. ඉතින් ඔබ වැනි සංවරව භාෂාව භාවිතා කරන්නන් මෙම මාතෘකාව ගැන කතා කිරීම ඉතා වැදගත් කියලා අපි හිතනවා..............

      Delete
    3. @ දේශකයා......

      මොකද කියන්නේ අර නාන තැන්වල ගෑණු ළමයි දිහා බැලුවා වගේ බස් කතාවකුත් ලියමුකෝ...............

      Delete
  15. අපොයි බං දැං ඔය බස් වල යන පොෂ් කොලු කුරුට්ටෝ අන්තිම නරකයි. කිසිම ගුණ දහමක් නැහැ. මං කියන්නේ පිට රට වල නං එහෙම වෙයි. ඒත් අපිට කාලාන්තරයක් තිස්සේ තියෙන පොදු සංවේදයෙන් හෙබි අය. වැඩිහිටියෙක් අපහසුවෙන් යන කොට, පොඩි එකෙක් වඩා ගත්තම, කාට හරි අමරු උනාම ටක් ගාලා සීට් එක දෙන. දැං උන්ට ඒවා නැහැ බං. කෙලින්ම පෝන් එක ඇහැට තියාගත්තා. ලෝකේ පෙරලුනක් උන්ට කමක් නැහැ. මම කියන්නෑ හැම සිද්ධියටම නැගිට්ින්න ඕන කියලා. ඒත් කරුණයන් ට හැගීමක් තියෙන්න ඕන තව මිනිහෙක්ගේ අපහසුකම්. ඒකට තමා මනුස්සකම කියන්නේ. දැං උන්ට මෙලෝ මලදානයක් නැහැ බං. හික්මීමක් නැහැ. ඉවසීමක් නැහැ. පොදු සංවේදනයක් නැහැ. සිතීමක් නැහැ. අන්තිම සව්ත්තුයි. අපේ සිස්ටම් එකේ වැරැද්ද. ඔය ගැන නං රාජ් කිව්ව වගේ මාත් බස් එකේ දවසට කි.මි. 80 ක් විතර දුවන එකෙක් නිසා හොදට දන්නවා..

    ReplyDelete
    Replies
    1. ගෑනු පිරිමි දෙගොල්ලොම නේද?

      Delete
    2. @ දේශකයා.

      ස්තූතියි දේශකයෝ අදහසට................ නියම අදහස් ටික. පැහැදිලි ව තවත් මතයක් ඔබ විසින් මේ සංවාදය තුළ ගොඩනගනවා. වත්මන් පරපුර විසින් ඇබ්බැහි වී ඇති තාක්ෂණික උපකරණ ඔස්සේ අවට පරිසරය ගැන අවධානය අවම කොට ඇති තත්වය ගැන නම් අපි තවත් කතා කරනවානම් හොදයි තමයි. ඔවුන් බසය තුළ දී පමණක් නෙමෙයි. නිවසේ දී ත් එහෙමමයි. ඔවුන් රටේ තොටේ වෙන්නේ මොනවදවත් නොදැන සමාජමය කාරණාවන් දැන ගන්නේ කොහොමද දේශකයා. ලියන්නකෝ මේ මාතෘකාව ගැනත් හොද ලිපියක්...................

      Delete
  16. මම මීට අවුරුද්දකට විතර ඉස්සර sexism වලට එරෙහිව බ්ලොග් එකක් කළා.මම ඒ බ්ලොග් එක කරන කාලෙ වැඩි දෙනෙක් sexism ගැන අහල තිබුනෙත් නෑ.මට පුළුවන් වුනා ඒක කිසියම් සංවාදයකට භාජනය කරන්න.sexist මේක අදහසක්.බටහිර රටවල තමයි මේ වගෙ අදහස් තියෙන්නෙ.බටහිර ස්ත්‍රීවාදීන් ඉතා වෛර භාෂාවෙන් පිරිමි විරෝධී ප්‍රකාශන ඉදිරිපත් කරනවා.ඒත් ලංකාවෙ සමාජ පසුබිම අනුව එහෙම දේවල් අර වාගෙ ඉදිරිපත් කිරීමක් නෑ.
    මීට කලකට පෙර මේ වගෙ sexist ලිපියක් පළ කළානම් හරවත් සංවාදයක් ගෙන යන්න තිබුන.අවාසනාවකට දැන් බ්ලොග් වල එහෙම අය නෑ.අපිත් බ්ලොග් ලියන්නෙ නෑ දැන්.ලොකු සංවාදයක් යන්න පුලුවන් ලිපියක් මේ වගෙ වේලෙන එක කනගාටුයි.

    මේක පිරිමි විරෝධී මානසිකත්වයෙන් ලියූවක් බව බහුතරයක් තේරුම් අරන්.ඒ වගේම ස්ත්‍රීවාදය එක්ක පරස්පරයනුත් මේකෙ තිබෙනවා.

    ඒකට හේතුව ඇත්ත තත්වය මේක නොවීම.බස් වල යන අය දන්නව මොකක්ද ඇත්ත කියල.ඒ නිසා මේකට වැඩි කතා ඕන නෑ.කාගෙ හරි බලල මල්ලෙන් එළියට පැනල.ඉක්මනට ඇතුලට දාගන්න.

    ReplyDelete
    Replies
    1. sexist මේක අදහසක්.බටහිර රටවල තමයි මේ වගෙ අදහස් තියෙන්නෙ යන්න
      "මේක sexist අදහසක්.බටහිර රටවල තමයි මේ වගෙ sexist අදහස් තියෙන්නෙ " ලෙස නිවැරදි වෙන්න ඕන. ස්තුතියි

      Delete
    2. සැමට මිතුරු ඔබගේ අදහස් දැක්වීමට ස්තූතිවන්ත වෙනවා මුලින් ම..

      //ලොකු සංවාදයක් යන්න පුලුවන් ලිපියක් මේ වගෙ වේලෙන එක කනගාටුයි.//

      ලොකු සංවාදයක් යන්න පුළුවන් ලිපියක් කීම සම්බන්ධයෙන් ස්තූතියි. නමුත් අපි මේ කවිය ලියුවේ අත්දැකීමක් නිර්මාණාත්මක ව ඉදිරිපත් කිරීමටයි. නමුත් එය අපේ බ්ලොග් සමාජය විසින් සංවාදාත්මක ව ඉදිරියට ගෙනයනවා. බ්ලොග් ලියන්නන් සහ කියවන්නන් ඔබ ඔය හිතන තරම් නූගතුන් නොවන බවයි අපේ අදහස. ඔවුන් ලංකාවේ යම් බුද්ධිමය ස්ථාරයක් නියෝජනය කරනවා. ඔවුන් නිතරම සංවාදශීලී මාතෘකාවන් සමග ජීවත් වෙනවා......

      //මේක පිරිමි විරෝධී මානසිකත්වයෙන් ලියූවක් බව බහුතරයක් තේරුම් අරන්.ඒ වගේම ස්ත්‍රීවාදය එක්ක පරස්පරයනුත් මේකෙ තිබෙනවා.//

      සැමට මිතුරු අපිට මේ කවිය තුලින් ස්ත්‍රීවාදය නම් වූ න්‍යායාත්මක කාරණාව ඔසවාගෙන යන්න උවමනාවක් තිබුණේ නෑ. අපි ඉහත දිගින් දිගට ම කීවෙත් ඒක තමයි. නමුත් අපේ නිර්මාණකරුවෙකුගේ අත්දැකීමක් නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමක් විතරයි අපි කලේ. ඒක සිද්ධියක්. නමුත් ඒ තුළ සැගවුණු මහා සමාජමය කාරණාවක් තියෙනවා කියලා අපි නොදන්නවා නෙමෙයි. නමුත් ඒ ඔබ කියන ස්ත්‍රීවාදය නමින් බටහිරින් නැගිටින න්‍යායාත්මක කාරණාව නෙමෙයි කියලත් අපි දන්නවා. නමුත් ඒ හරියට ම මොකක් ද කියලා අපි දන්නෙත් නෑ. අපිට හොයන්න ඕනෙත් නෑ. නමුත් මේ සංවාදයන් සියල්ල එකතු කරාම ඒ තුළ ඒ දේ සැගවිලා තියෙනවා කියලත් අපි දන්නවා.

      Delete
  17. හයියෝ මෙවත් කවි ද බන්? උඹ තාම දන්නෙ නැහැ නෙ රැඩිකල් කවි ලියන්න. එක එකාගෙ කෑලි කොපි කරලා අවුරුදු 28 ක් වෙච්ච උඹ ලියන්නෙ පහේ පන්තියේ කවි නෙ.

    ReplyDelete
    Replies
    1. ඇනී,

      ඔක්කොට ම කලින් කියනව ද මගේ වයස 28 යි කියලා කොහොම ද දැනගත්තේ.................. අනික් හැම දෙයක් ම කතා කරන්න කලින් ඒක ගැන කතා කරමුකෝ. එතකොට ඔබේ රැඩිකල් කවි ගැන කතා කරන්න අපිට පහසු වෙයි ඇනී.......

      Delete
  18. ඉස්සර වගේ කාන්තාවන්ට පමණයි කියලා බස් සර්විස් එකක් පටන් ගත්තනම් හරිනේ.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත අරූ,

      එතකොටනම් කාන්තාවන්ට ම තමයි වෙන්නේ ෂීට් දෙන්න. මාර විසදුමක් අරූ..................... වාව්

      Delete
  19. පළමුවෙන්ම නිර්මාණයට සුභපැතුම් !

    100% චතුරංග ප්‍රියශාද් සමඟ එකඟයි.

    සංවාදයක් ඇති වෙලා තියෙන නිසා හිතෙන දේ කියන්න හිතුවා. මේක මගේ පුද්ගලික අදහස. යම් වරදක් පිරිමියෙක් කරත් කාන්තාවක් කරත් වරද වරදක්මයි. මාතෘකාවට ඉලක්ක වෙලා තියෙන වරද දෙපාර්ශවයෙන්ම වෙනවා කියන එකයි මගේ හැඟීම. අනෙක් කාරණාව නම් කාන්තා හිංසනය කියන්නේ පිරිමියා වෙතින් කාන්තාව ඉලක්ක කර සිදු කරන හිංසනය විතරක් නෙමෙයි,, කාන්තාවක් තවත් කාන්තාවකට එරෙහිව සිදු කරන් දේවලුත් කාන්තා හිංසනයම තමා.

    චතුරංග කියනවා වගේ හැකි පුද්ගලයා දුබලයාට උදව් කල යුතුයි. එයට ගැහැණු - පිරිමි භේදයක් අවශ්‍ය නැහැ.

    ප.ලි. - දුබල යන වදන භාවිතා කළේ කාන්තාව පිළිබඳව අවතක්සේරුවෙන් නොවන බව සලකන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරු කවිය අගේ කිරීමට සහ අපිව දිරිගැන්වීමට.....

      ඔබත් මේ සංවාදය තවත් පෝෂණය කරමින් කාන්තාව විසින් කාන්තාව හිංසනයට ලක්වීම කියන මාතෘකාව මේ අතරට ගේනවා. හරිම වැදගත් මාතෘකාවක්. කාන්තාවන් අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගය නොමැති කම මීට හේතුවයි. සාමාන්‍යෙයන් බස් රියක් තුළ වුණත් කාන්තාවකගේ මල්ලක් කාන්තාවක් විසින් ඉල්ලාගෙන ඇයට සහය වීම ඉතාම දුර්ලභයිනේ. ඒ ඔවුන් අතර පවතින තරඟයක් නිසයි. සාමාන්‍යයෙන් කාන්තාවන් බොහෝ විට වයස පරතරයකින් තොරව අනෙක් කාන්තාව කෙරෙහි ඉරිසියාවකින් පසුවෙනවා. මේ ඔස්සේ පීඩනයට පත්වන කාන්තාවනුත් බොහොමයක් ඉන්නවා.................

      Delete
  20. කාන්තාව පිරිමියාට සමානය කියමින් කාන්තාවන්ද පිරිමින් සෑම ආකාරයකින්ම අනුගමනය කළයුතුයි කියන විකාර අදහස සමාජයෙන් මුලිනුපුටා දමන්න පුලුවන්නම් කාන්තාවන්ගේ සැබෑ වටිනාකම සමාජයට තේරුම් යයි. එතකොට මේ කිසිම දෙයක් ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕන වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සැබෑ අදහසට.

      ඔබ කියන දේත් ඇත්තක් තියෙනවා. ඒ මගින් එකිනෙකා විසින් වෙනස් වූ අනන්‍යතාවයන් දෙකක් ගොඩනගා ගැනීම හරහා සමාජය විවිධත්වයෙන් පෝෂණය වීමක් ගැන ඔබ අදහස් කරන බව පේනවා. ඉන් පසුව එකිනෙකා අනෙකා මත යැපෙන තත්වයක් ඔස්සේ අන්‍යෝන්‍ය සහයෝගයක් ඉබේම හටගැනීමක් සිදුවෙනවා...............

      Delete
  21. තව කෙනෙක්ට සීට් එක දෙන එක ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ, මිනිස්සු එතරමටම තව කෙනෙක් ගැන නොහිතන්නේ කොහොමද කියලා තේරෙන්නේ නෑ, ගැහැණු පිරිමි කියලා බේදයක් නෑ, දෙගොල්ලොම වැරදියි, එහෙමත් කෙනෙක් තමයි සිට් එක දෙන්නේ.ඕන තරම් වයසක අය හිටගෙන යද්දී දැක්කේ නෑ වගේ යන අය ඕන තරම් දැකලා තියනවා මම.සමාජේ අද තත්ත්වේ ගැන දුකයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ධනුෂ්,

      මිනිස්සු හැසිරෙන්නේ තමන් මැරෙන්නේ නෑ කියලා හිතාගෙන. ඔවුන්ට කවදා හරි අවශ්‍යතාවයක් ඇති වෙනවා කියලා හිතන්නෑ.........

      Delete

Related Posts Plugin for WordPress, Blogger...