Wednesday, January 15, 2014

හෙලූ සළු තිර මෑත් කළ රුව ........................



ඔබේ රත් පෑ පිපුණු වටකුරු
මුව පියුම නෙත හොයනවා.
දැනුණු සුසිනිදු සුමුදු බව තව
ඇගිලි තුඩු සිහි කරනවා. ....................

වත ගැටුණු විට දැනුණු සිසිලස 
ගත හොයනවා තාම නෑ.
දෑත දෙවුරත වින්ද සුව කෝ
සනසවන්නට ලැබුන්නෑ....................

හෙලූ සළුතිර මෑත් කළ රුව 
කිසිවකට සම කරනු බෑ.
අමා බදුනින් දැනුණු සුසුවද
තවත් තැනකින් ලබනු බෑ. .....................

නැගුණි වේගය ලිහුණි තාලය
මධු බදුන ඇත විසිරිලා.
තවත් දිනසති මාස ගාණක් 
කොහොම හරි ඉමි ඉවසලා. ..........................


තුෂාර විතාරණ

.

17 comments:

  1. ඉවසන්න ඉවසන්න.. බැරිම තැනත් ඉවසන්න

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ දේශකයා.

      කොහොම හරි ඉවසනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. වෙන මොනවා කියලා කරන්න ද නේද,,,

      Delete
  2. //අමා බදුනින් දැනුණු සුසුවද
    තවත් තැනකින් ලබනු බෑ. .....................//
    ලයික්


    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදානේ.

      ඒක ගැන නම් කියලා වැඩක් නෑ

      Delete
  3. අපරාදේ මධු බඳුන.........

    ලස්සනයි තුශාර!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ.

      ඔබ අපිව හැමදාම දිරිගන්වනවාට ස්තූතියි

      Delete
  4. දේශ කියනවා වගේ ඉවසන්න..ඉවසන්න අමාරුයි කියල දැනෙනවනම් තවත් ඉවසන්න..

    ReplyDelete
    Replies
    1. ඔව් උමේෂ්.

      මෙහෙම ලිය ලිය හරි ඉවසගෙන ඉන්නවා...................

      Delete
  5. ඉවසන දනා මොක්ද්ද එකකට ජය කොඩිය කිව්වලු

    ReplyDelete
    Replies
    1. ජනාධිපතිකමට!

      Delete
    2. ඔව් නලීන්,

      ඉවසලා ඒකවත් කරගන්න බැරියෑ නේද????

      Delete
    3. අරූ,

      ජනාධිපතිකමට ඉවසලා පුළුවන් නම් විපක්ෂයේ අය අවුරුදු ගානකට ජනාධිපති වෙයි නේද???? මොක ද ඇති වෙනකම් ඉවසුවා නේ නේද???

      Delete
    4. ඒකනේ වර්තමාන රජතුමා කරේ...චන්ද්‍රිකාලාගේ කැපිලි කෙටිලි ඔක්කොම ඉවසා වදාරා හිටියා කාලයක්. දැන් හරි. දැන් යන්න හිත නැහැ.

      Delete
    5. ඇත්ත කතාව අරූ,

      ව්‍යවස්ථාව වෙනස් කරගෙන තමන්ගේ වැඩේ කරගන්න තරම් මේ පාලකයෝ අන්තිම ආත්මාර්ථකාමීයි. යන දවසට පුතාට රජ කම දෙන්න තමයි ප්ලෑන් එක.

      Delete
    6. @ ඇනෝ.........ඕකතමයි මට පේන ඇත්තම ඇත්ත.

      Delete
    7. අරූ,

      ඔබ දකින දේ මම ත් දකින්නේ එහෙමම තමයි.

      Delete
  6. තුෂාර ලස්සන නිර්මාණයක්.......එහෙම තමයි ජීවිතේ හැටි.අපි හැමදාම කරන්නේ ඉවසන එකනේ.

    සුබ පැතුම් ඔබට...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...