Monday, January 27, 2014

නයි නළඟනගෙන් පසුව සුදු කැස්බෑවාට පිං සිදු වන්නට......................






ශ්වේත කැස්බෑ රැජිනියනි ඔබ
කරන ලද අකුසලයකට ලෙද
ගැනුම්කරු රට දිනූවකු විය
පූර්වයෙහි කළ කරුමයක තර...............


දහසකුත් දෙන උහුලමින් ගිනි
කුසට අහරක් පතන රටකදී
පුවත් මැව් නයි නළඟනම සේ ඔබ
පුවත් මැව්වා ඉකුත් වසරෙදී...................


වෙළාලගන නයි රජකු ඇඟ වට
සුරාවෙන වී මත් මුලාවෙන
පිරිමි සැනසවූ පුරා රැයෙදිම
පුවත් මැව් නළඟනක විය ඇය.................


අසම්මත නයි ඇසුර හෙළි කර
හඬන සඳ ඇය උසාවිය ළඟ
දෑස නොවසා ඉකි ගැසිනි මට
අහෝ රටකට වෙච්ච අරුමය..................


ශ්වේත කැස්බෑ රැජින ඔබ හට
කතා කරනට නොහැකි පිනකට
පුවත් මවනා දනන් ඔබ හට
කතා හදනා අරුම නොපෙනෙද..................


කළක් නයි නළඟනක පස්සේ
එළව එළවා පුවත් සෙව්වේ
අහෝ එදනන් ඔබම මත්තේ
නැහෙන හැටි දැක හැඬුම් එන්නේ................


කුසට අහරක් හිසට සෙවණක්
පතන මිනිසුන් හඬන රටකදි
නයි නළඟනන් කැස්බැ රැජිනන් 
මවන පුවතේ අරුම මක්කේ......................


කාංචනා චන්ද්‍රෙස්කර


20 comments:

  1. ඇත්තටම මක්කවත් නෑ තමා.. ටිකක් හොදට හිතුවම මුකුත් නෑ සද්දයක් ඇවිත් ගියා විතරයි..

    ReplyDelete
    Replies
    1. ඒ අයට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැහැ.........

      ස්තුතියි ඔබට.......

      Delete
  2. හැමතැනම හිස් .......

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නලීන්..මේවා දකින්න අහන්න තරම් අපි පව් කරලාදැයි විටක හිතෙනවා..........

      Delete
  3. මහා පුදුම ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන අමුතු ජාතියක්නේ අපි

    ReplyDelete
    Replies
    1. පෞඩ ඉතිහාසයට නොවටිනා දේවල් වෙද්දී ටිකක් රිදෙනවා අපූර්වි.......නයි නළඟනන් කැස්බෑවන් නැතිවට සංවාද විවාද කරන්න හේතු නැති රටක් නෙවෙයිනෙ මේක.........

      ස්තුතියි ඔබට......

      Delete
  4. ලස්සනයි කාන්චනා,

    මේක තමයි මාධ්‍ය සදාචාරය සහ මාධ්‍යයන් හී සමාජ වගකීම කියන්නේ. නියමයි නේද????

    කවියට මාගේ ආචාරය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට........

      නයි නළඟන මාධ්‍ය මගින් කොයි තරම් ප්‍රමෝට් කළාද කියනවනම් නවක ගායකයකුගේ ගීතයක විෂුවල් එකකට පවා ඇයව යොදා ගත්තා.ඔබට මතක නම් යම් ප්‍රශ්නකාරී අවස්ථාවකදි මම තමයි නයි නළඟන කියලා ඇය කෑ මොර දෙන දසුන් රෑපවාහිනි නාලිකා වල දිගින් දිගටම ප්‍රදර්ශනය කළා.මේවා සාධනීයව ගන්න තරම් බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් අපි සතුයිද කියන එකත් ගැටළුවක්නෙ.....කොහොම වුණත් මෙච්චර ප්‍රශ්න තියන රටේ නයි නළඟනන් කැස්බෑවන් ඇනකොණ්ඩාවන් ප්‍රමෝට් කරක්නේ කාගෙ වරදින්දැයි හිතෙනවා............

      Delete
  5. උපරිමයි කියන්න වදන් නෑ.. අර කිව්වා වගේ මේ තමයි, රටවැසියකුගේ යුතුකම..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන් ඔබට.............

      Delete
  6. මහා ලොකු සද්දයක් දාලා යනවා. අන්තිමේ මෙලෝ තේරුමක් නැති එකකට ඔට්ටු වෙලා තියන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.අපිත් ඉතින් මේවා බලාගෙන ඉන්නවා..........

      ස්තුතියි රස වින්දාට........

      Delete
  7. ජේ ආර් කිව්වෙ මට බැරි ගැහැණියක් පිරිමියෙක් කරන්නත් පිරිමියෙක් ගැහැණියක් කරන්නත් විතරයි කියල. නමුත් අදවන විට ඒ සියල්ල කනපිට හරවමින් ජනසන්නිවේදන මාද්දියට හැකි වෙලා තියෙනවා ඒ දේ කරන්න.බොරුද මං කියන්නෙ හා

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය විසින් අපිට දෙන ගොඩක් දේවල් කිසිම තෝරාගැනීමකින් තොරව වැළඳ ගන්න බොහෝ මිනිසුන් පුරුදු වෙලා වැව්.......මේක වෙනස් කරන්න අපහසුයි කියලයි හිතෙන්නෙ.........

      ස්තුතියි අදහස් දැක්වීමට.

      Delete
  8. නයි නලගනට නොමිනේෂන් දුන්නනම් එලකිරි ..
    දැන්නම් මේ වගේ සද්ද මිනිස්සුන්ට ගොඩක් හුරුයි මාසෙකට වතාවක් අනිවා මොකක් හරි අලුත් සිද්දියක්. (ග්‍රීස් යකා, කහවත්ත, කටුගෙදර කඩුව, රටකිරිපිටි, අලිපොත, කුඩු කන්ටේනර්, ..... ) යනාදී ලෙස.

    මොනව උනත් කවිය හරි ලස්සනයි..
    ජය වේවා!!!!

    ReplyDelete
  9. උපේක්ෂාලට අනර්කලීලට දුන්න එකේ නයි නළඟනට නොදෙන එකක් නෑ විදානේ.හැබැයි අපරාදෙ කියන්න බැහැ ඒ අයට සලකපු විධියටම අපේ මිනිස්සු නයි නළඟනටත් සලකනවා සිකුරුයි..උණුවෙන මිනිස්සුනෙ.........

    ස්තුතියි මේ පැත්තට ආවාට....................

    ReplyDelete
  10. හැබෑවක්ද ඔබ පවසන්නේ...

    ReplyDelete
    Replies
    1. හැබෑවක් නැත්තම්...............

      Delete
  11. වෙන මොනවා කරන්නද කාංචනා.....මේ තියෙන ප්‍රශ්ණ මිනිස්සුන්ගෙන් යටගහන්න මොනවා හරි ජෝගියක් කරන්න එපැයි. දැන් අළුත්ම එක නිලියන් ඕනද එපාද? ඇයි අපිද නොමිනේෂන් දෙන්නේ? ඇයි අපෙන් අහන්නේ? අපෙන් අහලද මේ රටේ මෙච්චර කල් දේවල් සිද්ධ වුනේ? විකාර.

    ReplyDelete
  12. බලා‍ගෙන යද්දි විකාර තමයි අරූ............

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...