Sunday, January 12, 2014

CAMPZ කොක්කට සෙනෙහසින් අකුරු කරමි............................




නෑයන් සනුහරය පිරිවරා    -      ගියෙමි නිවසින් නිදිවරා
කැළණිය විදු බිමට හිනැහිලා  -පා තැබීමි හා හා පුරා

නිල්වන් තණපිටිය පීදිලා-කහ පැහැ මලින් බරවෙලා
හැල්මේ දුවයි අයියලා      -අලුත් නැව  පිළිගන්ටලා

ගැහෙයි හද ඩික් ඩික් කියා  -දැනෙයි තනිකම හදපුරා
බලයි සීනියර් අක්කලා  -රැගින් වලටම අතවනා

තෙල් බැම්ම ඇත හිනැහිලා  -අලුත් නැව එහි නවතලා
හඬයි ජූනියර් නංගිලා  -තැනින් තැන ඔහෙ හැංගිලා

අද පටන්මොණරී කියා  -පට බඳිමු නුඹ හට කියා
කාඩ් එක පට බැඳුණු හින්දා  -විදු බිමේ මොණරී වුණා

වරෙන් මොණරී මෙහෙ කියා  -අතක් දුනි මට පටලවා
ගතිමි මම අත හඬ හඬා  -ටින් ටින්ගෙ අත උදුරලා

බැඳි දෑත් අපගේ එදා  -අහඹුවක් ගෙන දුනි සදා
ඉරණමේ ඇති ගති සොබා  -වැටහුණේ මතු පසුවදා

බැඳි දෙඅත ඉරණම කියා  -නොදැන සිටියෙමි හදපුරා
රැගින් වලටම බඳුණු දෑඟිලි   -ඇත්තටම අද මගෙ වෙලා

ටින් ටිනුයි මොණරියි එදා  -එකම වහලක් යට මෙදා
පතමි ටින් ටින් ඔබට දිගාසිරි  -මොණරී ඔබගේ දිවිතුරා


කාංචනා චන්ද්‍රෙස්කර




13 comments:

  1. තුෂාර විතාරණJanuary 12, 2014 at 3:18 PM

    ලස්සනයි කාන්චනා, මටත් මගේ කැම්පස් ජීවිතය මතක් ‍වුණා. ඒත් ඔයාගේ කාඩ් එක මේකද???

    අනික ටින් ටින් කවුද????

    ReplyDelete
  2. ස්තුතියි තුෂාර ඔබට.............රසවිඳලා ක‍මෙන්ටුවක් දැම්මාට

    ReplyDelete
  3. Replies
    1. ස්තූතියි.

      අරූ නිතරම ඔබ අපිව දිරි ගන්වනවා. ඒක අපිට ලොකු හයියක් ස්තූතියි ඔබට;

      Delete
  4. මේකනම් අපූරුම කවියකි..

    ඔයා කැම්පස් යන කෙනෙක් නම්. වර්ෂය හා කැම්පස් එකේ නම රිප්ලයි එකක් විදියට දාන්න. මේ වගේ අය තමයි අපට අවශ්‍ය..

    ReplyDelete
    Replies
    1. කැළණිය කැම්පස් එක 2005 බැච් එක. මේක අවුරුදු 09 කට කලින් අත්දැකීමක් කියන එක තමයි ඇත්ත. හැබැයි අපේ කාඩ් නම් මොණරී සහ ටින් ටින් ම නෙමෙයි. ඇත්ත කාඩ් දැම්මොත් අතටම අහුවෙනවා. අපේ කාඩ් තිබුණේ අපිට ම විතරයි. ඒවා කෙලින් ම අහු වෙන වර්ගයේ කාඩ්. ඒකයි මේ නම් දෙක භාවිතා කරේ. අපේ බැච් එකෙත් ටින් ටින් කෙනෙක් හිටියා. එයාත් අපේ හොද යාලුවෙක්. ඔහු දැක්කොත් සමහර විට දැනගනීවි.

      Delete
  5. සමහරවිට ඔයා ඒ දවස් වල තරමක ආඩම්බරකාර යුවතියක් නිසා"මොණරී" කියා කාඩ් වදින්නැති.ඔය ටින් ටින් කාඩ් එක නම් තව සරසවිවලත් තියෙනවා.මොණරී නම් අඩුයි.මල් බකට් එක වැදුනේ රී ‍රැග් බකට් එකත් එක්කමද?www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අමුතු ඔබ දැක්වූ අදහසට.

      මොණරී නෙමෙයි ඇත්ත ම කාඩ් එක. මාතලන්ට කිව්වා වගේ ඒක වෙනස් එකක්. හැබැයි ඕකට ලගින් යනවා. ඒත් ඇත්තට ම ඒ කාඩ් එක දැම්මෙත් ආඩම්බරකමටම තමයි. කොක්කගේ කාඩ් එකත් ටින් ටින් ම නෙමෙයි. ඒක අන්තිම විරලයි. ඒක දැම්මේ නුවර පැත්තට තියෙන සමාන කමක් එක්ක.

      ඒ මොනවා වුණත් ඒ අතීතය හරිම ලස්සනයි වගේ ම ආයේ ආයේ මතක් කර කර හිනා වෙන්න පුළුවන් කාලයක්. ඇත්තට ම අපේ කැම්පස් කාලයනම් නියමයි. ඒ තමයි අපේ ජීවිත වල ලස්සනම කාලය. දැන් නම් අපි කැම්පස් අවුට්ත අවුට් වෙලා අවුරුදු කීපයක් ම වෙනවා. ඒත් ඒ කාලය කවදාවත් අමතක වෙන්නෑ.

      //මල් බකට් එක වැදුනේ රී ‍රැග් බකට් එකත් එක්කමද?//

      ඇයි අමුතු මෙහෙම කතාවක් ඇහුවේ. ඔබ මොනවත් දන්නවද කියලා හිතෙනවා. ඇත්තට ම කොක්ක ගැහුවේ නම් රැග් සීසන් එකේ මයි. මල් බකට් එක ලැබුණේ රැග් සීසන් ඉවර වුණ ගමන්. ඒ දේවල් නම් නියමයි.............

      Delete
  6. ඇත්තෙන්ම මරු මොණරි...

    ReplyDelete
  7. ඇත්තටම ස්තුතියි මනෝජ්...................

    ReplyDelete
  8. ලස්සන අදහසක් මොණරි...
    ආයේ ඒ කාලෙ මතක් වෙනවා..්‍

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ විදානේ කැම්පස් එකෙන්ද ගොඩ ගියේ????

      නැත්තම් අමතක නොවන ඇණයක් එහෙම කෑවද????

      Delete
    2. දෙකම...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...