Friday, January 17, 2014

නුඹෙන් හිස්වුණු හිතේ රික්තය තාම එහෙමයි අංජනා .....



කිලිපොලායන තරම් හීතල
හීං පිනිකැට අත වැනූවත්,
නෙත් අගින් වෑහෙන කදුළු බිදු
හරිම රස්නෙයි අංජනා ...............................

ඇගේ හිරිගඩු පිපෙන තරමට
සුළං කෝඩය ගත වෙලූවත්,
නුඹෙන් හිස්වුණු හිතේ රික්තය
තාම එහෙමයි අංජනා ............................

උදාගිර නෙතු අගින් හිනැහී
සප්ත සයුරම එළිය කෙරුවත්,
හිතේ කෙළවර නුඹ උන්නු තැන
කළුවරයි තව අංජනා ............................

අහස් ලම්භක සූර්ය කත් මල්
පිපී හිනැහෙන අරුම ලෝකෙක,
නුඹ දෑත් බැද ගිහින් අහවර
හෙටක් ඇයි මට අංජනා .........................


තුෂාර විතාරණ

.

7 comments:

  1. //හෙටක් ඇයි මට අංජනා //
    ම්....
    ඔබට හෙට දිනේදී එය තේරේවි....
    ඇයි?
    ආදරය අන්ධයිලුනේ!

    ReplyDelete
    Replies
    1. මේ කවියේ කියන්නේ ආදරය කරන ගැහැණු ළමයා මිය ගිය තත්වයක් ගැන. ඉතින් ඒ වෙලාවට හෙටක් ඇයි කියලා හිතෙන එක සාධාරණයි නේ ද ????

      //අහස් ලම්භක සූර්ය කත් මල්
      පිපී හිනැහෙන අරුම ලෝකෙක,
      නුඹ දෑත් බැද ගිහින් අහවර
      හෙටක් ඇයි මට අංජනා//

      ඉර දිහා බලාගෙන ඉන්න සූර්යකාන්ත මල් ඒ ඉර බැහැලා ගිහාම දුකෙන් බිම බලාගෙන ඉදලා ආයෙම වෙන ඉරක් පායද්දි ඒක දිහා බලලා හිනාවෙනවා, ඒත් ඔබ මිය ගිය ලෝකයක මට කිසිදෙයක් ඕනේ නෑ.

      ඒ නිසා ආදරය අන්ධයි කියලා කියන කතාවට නම් අපි විරුද්ධයි. විශේෂයෙන් මේ වගේ විශේෂ අවස්ථා වලදී.

      Delete
  2. අංජනා. අංජනා මොන වෙලාවේ බැලුවත් අංජනා.. (හැක්. බොලාගේ අම්ම මේක දැක්කනං එහෙම කියාවිද මන්දා)

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ දේශකයා,

      Delete
  3. අමුතුම රසයක් හරිම අගෙයි.
    අංජනා මිය ගිහින් කියා සිතුනේ නැහැ,නිර්මලාට කල පැහැදිළි කිරීම නොවන්නට...

    ReplyDelete
  4. ස්තූතියි මනෝජ්,

    කවියේ කො‍හේදිවත් ඒ දේ නිතර නිතර කියන්නේ නැති හින්දා ගොඩක් දෙනෙක්ට ඒක විශේෂයෙන් තේරුම් ගන්න අමාරු වෙලා තිබුණා. නමුත් අහිමි වීම් සහ සංතෘප්ත නොවීම් ගැන කිවීමෙන් ඒ ගැන නිතර නිතර ඉගි කරලා තිබුණා. කොහොම වුණත් ඔබගේ අගය කිරීම අපව තව තවත් දිරිමත් කරා මනෝජ්.

    ReplyDelete
  5. ලස්සනයි තුෂාර..........කවුද මේ අංජනා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...