Friday, January 10, 2014

කවියක් ලියන්න බෑ අද මට ...............


ලියන්නට දැගලුවෙමි කවියක්..........
දැන් දවස් ගානක් ති‍ස්සේ
බෑ ලියා ගන්නට පේළි දෙකක් වත්
ගැලපෙන්නෑ එකකට එකක්
ගැලපෙන්නට ලියවුණත් ආයෙම හිතෙන්නේ
ඒක හරියන්නෑ කියලා තව තව ලියන්න..............................

කොහොම හරි ලියනවාමයි කියලා හිතාගෙන
අද ඉදගතිමි පෑනක් පොතක් ගෙන
කුරුටු ගෑ වෙමි පොත පුරා
නැත ලියවිලා එකම වචනයක් වත්
ඉතින් කොහොමද අද කවියක් දාන්නේ.............................

තුෂාරට එපා වෙලා ද ‍බ්ලොග් කෙරුවාව
හැමෝම අහනවා කෝල් කරකර
ඉතින් නොලියත් බෑනේ ලැජ්ජාවට
සිත හදාගමි කොහොම හරි ලියන්නට
අනේ අපරාදේ කාලය
කෝ තිබ්බ කවිකම
ආගිය අතක් නෑනේ................................

ඉරහද තරු, ආදරය, ජීවිතය, දුක සතුට
මොනවත් එන්නෑ දැනෙන විදිහට
ඒ නිසා සමාව දෙනවානේද
කවියක් ලියන්න බෑ අද මට......................................

තුෂාර විතාරණ

.

4 comments:

  1. ලියහන් ලියහන් මොනව හෝ එපා කරගන්න එපා බ්ලොග් කෙරුවාව

    ReplyDelete
    Replies
    1. ලියනවා ලියනවා නලීන්,
      ස්තූතියි ඔබ කරන දිරිගැන්වීමට

      Delete
  2. තුශාර කොහෙද හිටියේ මෙච්චර දවස්? මොකද රැකියාව උඹව වෙනස් කරලාද?

    ReplyDelete
    Replies
    1. මොකක් ද අරූ ඒ රැකියාවේ කතාව.

      ඇයි එහෙම දෙයක් කිව්වේ???????

      Delete

Related Posts Plugin for WordPress, Blogger...