Tuesday, January 7, 2014

සංවර්ධන‍යේ අරුණළු ‍සොයන ‍‍කො‍ළොන්ගස්තැන්න......................




හද්දා පිටිසර කොලොන්ගස්තැන්න ගම පිහිටා තියෙන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්රදේශය තුළයි.බෙරගල සිට වැල්ලවාය මාර්ගයේ කොස්ලන්ද පසු කර කි.මී 8ක් පමණ ගිය පසුව ස්වභාව සෞන්දර්යයෙන් පිරි මෙකී ගම්මානය හමුවේ.බෙරගල සිට කි.මී 35 ක් වුවත් කොලොන්ගස්තැන්න සිට වැල්ලවායට ඇත්තේ කි.මී 7 ක් පමණි.අධ්‍යයන කටයුත්තක් සඳහා කොලොන්ගස්තැන්නට ගිය ගමනෙහි තතු කිහිපයක් ඔබට කියන්නට මා අදහස් කළේ ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා ගමන් කරමින් පසුවන කාල වකවානුවක් තුළ සිටයි.

කොළොන්ගස්තැන්නට පිවිසෙන ස්ථානයේ වූ නාම පුවරුව කියා පෑවේ ඔවුන් තවමත් ආසියාවේ ආශ්චර්යයට බොහෝ දුරින් පසුවන බවයි.

හද්දා පිටිසර වුවත් ගොව්තැනින් දිවි සරි කර ගත් අව්‍යාජ ගැමියන් කියා පෑවේ උත්තුංග මිනිසත්බවේ සලකුණුය.ඔවුන්ගේ නිර්ව්‍යාජ සිනහව හා ආගන්තුක සත්කාර සැබවින්ම හෘදයාංගම වීය.පසු දා රාත්‍රිෙය් වර්ෂාවෙන් ගලා යන නිල් පැහැ දිය පාරක් සපත්තු පාලමක් උඩින් ගලා යන දසුන පරිසරයට එක් කළේ අපූර්ව චමත්කාරයකි.පවුල් ඒකක 255 වාස බිමක් වූ මෙම ගම්මානය රාත්‍රියේදී වල් අලින්ගේ පාරාදීසයකි.දිනකට ගමන් වාර දෙකකට පමණක් සීමා වූ බස් රථ සේවාව ගැමියන් තවත් හුදකලා කිරීම වස් සාධක එකතු කර ඇත.

රට සීග්‍ර සංවර්ධන කටයුත්තකට  අත ගසා පැවතියද සංවර්ධනයේ අරුණළු කොලොන්ගස්තැන්නට තවමත් උදා වී නැතැයි යන්නට සාක්ෂි පිණිස පහත ඡායා රූප පෙළ ගෙන එමි.ගම්මානයේ පවතින සැබෑ වාතාවරණය වටහා ගැනීමට එම ඡායාරූප පෙළ පමණක් ප්‍රමාණවත් වෙතැයි විශ්වාස කරමි


පෙර පාසැල් ගොඩනැගිල්ල




පෙර පාසල් දරුවන්ගේ වැසිකිලිය










ගොම මැටි පිරියම් කර බිම සකසා තිබූ අ තර රාත්‍රී කාලයේදී ගවයන්ගේ තිප්පලක් බවට පත් වන පෙර පාසල් ගොඩනැගිල්ල











පෙර පාසැල් දරුවන්ගේ සෙල්ලම් උයන


















කොලොන්ගස්තැන්න දෙහිලන්ද විහාරස්ථාන ගොඩනැගිල්ල

අටුවා ටීකා ටිප්පනි ඉදිරිපත් ‍නොකරමි.වචන‍යෙන් කිව ‍නොහැකි ‍බෙ‍හෝ ‍දේ ‍මෙම ඡායා රූප පසුපස ඇතැයි මා හු‍දෙක්ම විශ්වාස කරමි.

සංවේදී ඔබගේ අවධානය පිණිස ගෙන එමි.


කාංචනා චන්ද්‍රෙස්කර








                                                     

9 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඇයි මේ රටේ ඉන්න සම හරක් දේශපාලුවන්ට මේ දේවල් පේන්නෙ නැත්තෙ..අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් කාර් රේස් පදින්න පුළුවන් ගොන් හැත්තට බැරි ඇයි මේ මනුස්සයන්ට යන්න එන්න පාරක් හදල දෙන්න..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත උමේෂ්.......මේවා දකින්නතරම් අපේ ඇස් අවාසනාවක්ත වෙලා.......

      Delete
  3. රටේ අරමුදල් නම් කියල කීයක් තියනවද. එක එකා උන්ගෙ නම් වලට අරමුදල් නම් හදා ගන්නව.. හැබැයි ගොඩක් වෙලාවට උදව්වක් කලත් කරන්නෙ උන්ගෙ ප්‍රසිද්දියට. ඔය ඔටාරා කෙලීටත් තියෙන්නෙ බලු අරමුදලක්..අනේ මන්දා..

    ReplyDelete
    Replies
    1. අරමුදල් කීයක් තිබුණත් අයිංසක මිනිසුන් ‍වෙනු‍වෙන් ඒවා ක්‍රියාත්මක නොවෙන‍නෙම් ඒනෙක් වැඩක් නැහැ තමයි රාගමයා..........ඔබත් මාත් දන්න ‍මේ ඇත්ත රට කරන. අයට ‍නො‍තේ‍රෙත එක තමයි අ‍පේ කරුමයත්. ස්තුතියි ‍මේ පැත්තටත් ආවට

      Delete
  4. බොහොම ස්තුති ඔබගේ අදහසට........කොළොන්ගස්තැන්න පැත්ත ගැන ගොඩක් විස්තර දන්න හැඩයි................

    ReplyDelete
    Replies
    1. නියමිත තැන රිප්ලයි එක දැම්මොත් කමෙන්ට් කරන කෙනා කැමති වෙයි.

      Delete
  5. පාලකයෝ කුඩු කාලා එතනෝල් බීලා ගොරව ගොරව ආශ්චර්ය හීන දකිනවා..ඔහොම යන්...ඔහොම යන්....

    ReplyDelete
  6. ඒක ඇත්ත අරූ.......රිප්ලයි එක වැරදි තැනකයි වැටුනේ...ස්තුතියි ඔබටත් මේ පැත්තට ආවාට.ආශ්චරියයේ හීන දැක දැක ඔවුන්ගේ සනුහරවල් වල පසුම්බි පුරවා ගන්නවා.අහිංසක මිනිස්සු තුන් වේල කන්න නැතිව හූල්ලනවා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...