Saturday, January 25, 2014

මැරුණු අප්පා දනී නම් උඹ රෙදි නැතිව නටනා අගේ ..........................



හිරුණිකා මගේ නංගියේ ඇයි
කොළොම් පුරයට ගොඩවුණේ,
අප්පා මැරු එක හම්බකරගෙන
කන්න යනවද නංගියේ .....................

සුදු ඇදන් නුඹ උසාවිය දොර
දිවා රෑ සක්මන් කළේ,
මිනීමරුවන් රටින් පන්නපු 
උන් හිනාවෙනවා නගේ .............................

අප්පා මැරුවම නංගියේ උඹ
අඩ අඩා නෙව දුක්වුණේ,
මැරු එකා ළග මැතිසබේ හෙට
පෙම්කෙළින්නට යයි වගේ .........................

මැරුණු අප්පා දනී නම් උඹ
රෙදි නැතිව නටනා අගේ,
ආයේ ඇවිදින් උඹ මරාගෙන
මැරෙනවා සත්තයි නගේ .......................


කසුප් අනුරාධ

.

28 comments:

  1. අර මනුස්සයාට මැරිලාවත් නිදහසේ ඉන්න දෙන්නේ නැති හැටි

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමයි පූමා,

      මේ මිනිස්සු හැසිරෙන විදිහ හිතාගන්නත් අමාරුයි නේද??
      අපි නම් ජීවිතේ ට අපේ තාත්තා මරපු කෙනෙක් එක්ක හිටගනියි ද???

      Delete
  2. හරිම ලස්සනයි. ඒත් උන්ට හිරිඔතප් තියේනම් ඔහොම කරයිය

    ReplyDelete
    Replies
    1. ඇත්ත මේක තමයි වැව්,

      ඒත් ප්‍රශ්ණේ තියෙන්නේ එතන නෙමෙයි වැව් මෙහෙම එවුනුත් දිනන එකනේ. කොළඹ වගේ නගර වල මිනිස්සු බුද්ධිමත් කියලා කිව්වට ඇත්තට ම බුද්ධිමත් ද කියලා බලන්න වෙනවා. පබා, අනර්කලී ව‍ගේ ගෑණුත් ආපු එක මේක මොකක් ද ????

      Delete
  3. /////මැරුණු අප්පා දනී නම් උඹ
    රෙදි නැතිව නටනා අගේ,
    ආයේ ඇවිදින් උඹ මරාගෙන
    මැරෙනවා සත්තයි නගේ ......................./////

    තාත්තාව මරපු එකා කොලොනාවෙන් ප්‍රොමෝට් කරන්නේ මෙලෝ රහක් නැති ජින්ජර්ව. මුන් දෙන්නාම එක වේදිකාවට එන හැටිනේ පුදුමේ. ඇඳුම් නැතුවම ස්ටේජ් එකට ආවා නම් දෙන්නම...වෙඩිකාපු එකාටයි, වෙඩි තියපු එකාටයි උපහාරයක් හැටියට.

    උඹේ නිර්මානය වෙඩි වගේ!

    ReplyDelete
    Replies
    1. ඕක තමයි අරූ දේශපාලනය,

      රටක දේශපාලනය කියන්නේ ‍ගොඩක් දේවල් පාලනය කරන අංගයක් වුණාට අපේ රටේ ඒක භාවිතා වෙන්නේ අන්තිම වැරදි විදිහට. ඇත්තම කතාව නම් මේ ප්‍රජාතන්ත්‍රවාදයත් ලෝකයෙන් ප්‍රතික්ෂේප වෙන්න ඕනේ තැනට දැන් ඇවිල්ලයි තියෙන්නේ.

      Delete
    2. ප්‍රජාතන්ත්‍රවාදය භාවිතා වෙන හැටි තමයි බන් ගැටළුව. ගල්ෆ් රටවල් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සටන් කරනවා. අපිට ප්‍රජාතන්ත්‍රවාදය බඩ යනවා. වාදයේ වැරද්දද භාවිතයේ වැරද්දද කියන එක තමයි ගැටළුව. උඹ ඕවා ගනන් ගන්න එපා :D

      Delete
  4. මෙක පාරිහොගික සමාජයක්.මිනිස්සු දැන් විකුනන්න පුලුවන් හැම එකම විකුනනව.අනුකම්පාව විකුනල ජනාධිපතිකමත් ගන්න පුලුවන් රටක හිරුනිකා අවස්ථාව ප්‍රයොජනෙට ගන්නව.හිටියට වට මැරුනම වටිනව නෙ?

    ReplyDelete
    Replies
    1. ඇත්ත දමිත්,

      ඔබේ අදහස හරියට ම හරි. අපි අපේ රට අවුරුදු ගානක් මිනිස්සු මැරිච්ච ගෑණුන්ගේ කදුලු වලට පව් කියලා දුන්නනේ. සිරිමා, චන්ද්‍රිකා තව ඩිංගෙන් ගාමිණි දිසානය‍ක‍ගේ නෝනා. මොනවා කරන්න ද දමිත්. මේක ලංකා‍වනේ........

      Delete
  5. හිරුණිකා මගෙ නංගියේ ඇයි
    උසාවිය ලඟ ගොම්මනේ ....//

    පත්තරේ ඇති විස්තරේ
    දුමියගේ පව් සෝදනා
    රත්තරන් වී රජතුමා දැන්
    චන්ද්‍රයා සේ පායලා
    හිරුණිකා ඇති දඟ කලා දැන්
    මැද කොළඹ යං චන්දේ එනා

    හිරුණිකා මගෙ නංගියේ ඇයි
    උසාවිය ලඟ ගොම්මනේ ....
    http://bitternight.blogspot.com/2014/01/blog-post.html

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ,

      අපි ඒ පැත්තටත් ගිහින් බැලුවා. නියමයි

      Delete
  6. මරුනු කෙනා මලා..දැ්න ජීවත්වෙලා ඉන්න කෙල්ලට යන කලදසාවක් තියෙන්නත් එපාය.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අමිල,

      වෙන මොනවා කියලා කියන්න ද මේ විකාර බල බල නේද????

      Delete
  7. ඒකිට දේශපාළණය නොකර වෙන මොකක් කරන්නද..? අපි බලමු කොළඹ ජනතාව ඇයට සලකන ආකාරය..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් මාතලන්,

      කොළඹ ජනතාව වැඩි වෙනසක් කරන එකක් නෑ ගම්පහට වඩා. මතකයිනේ පබා නංගිට සලකපු විදිහ. කරූ ජයසූරිය දෙක වුණා, අර රාජකරුණා ගෙදරට වැටිලා දුකට මැරිලත් ගියා. මැරිලා දවස් දෙක යද්දි පබා ආණ්ඩුවට ගියා. දෙරණේ පබා පෙන්නුවේ දේශපාලන දැනුමේ තරම. ඒ පබාගේ දැනුම නෙමෙයි ගම්පහ අයගේ තරම තමයි ඉතින්

      Delete
  8. මැරුණු අප්පා දනී නම්
    කුඩු විකුණලා
    නුඔට කන්න දුන් රඟේ....
    නුඔ හරි නඟේ

    ReplyDelete
    Replies
    1. උඩ එක මකල දාපන් මට මං ගැන බයයි මල්ලියේ

      Delete
    2. ඇත්තමයි කියන්නේ

      Delete
    3. ඇයි අනෝ බය වෙන්නේ. ඔයා ඇනෝ කෙනෙක් විදිහටනේ දාලා තියෙන්නේ. බය වෙන්න එපා. එයාලට මේ දවස් වල ඊට වඩා වැඩ තියෙනවා.

      Delete
  9. හි හි ලස්සනට ලියලා තියෙනවා ,බලමුකෝ එයාලත් දැන් ඉන්න හොර පිරිමි මැති ඇමතිවරු වගේම වෙයිද කියලා

    ReplyDelete
    Replies
    1. ඔව් අපූර්වි,

      දැන් අපිට තියෙන්නේ බලාගෙන ඉන්න එක තමයි. කොළඹ අය කරන දේ නියමෙට කරයි. ඊට පස්සෙත් අපිට තියෙන්නෙ බලාගෙන ඉන්න තමයි.

      Delete
  10. දුමින්ද,භරත මේ ඔක්කොම එකම බෝට්ටුවේ අය.
    හිරුණිකාට දැන් ලජ්ජාවක් නැහැ කියමුකෝ.බලමුකෝ අපේ ජන්දදායකයෝ ලැජ්ජාවක් තියෙන අයද කියලා.

    ReplyDelete
    Replies
    1. ඔතන තමයි අපි වරද්ද ගන්නේ මනෝජ්,

      මේ අයට බනින අය කොච්චර හිටියත් ඡන්ද ලක්ෂ ගානකින් දිනනවා. ඒක තමයි යථාර්තය. හැබැයි හැමෝම බනිනවා. ඉතින් ඒකට බැනලා අපි වරද්ද ගන්නවා මනෝජ්

      Delete
  11. මැරුණු මනුස්සය වලේ ඉදන් නටනව ඇති මුන් කොරන දේවල් වලට..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ රජ වීදියේ උමේෂ්

      Delete
  12. හිරුණිකා,
    කියන්නේ ආණ්ඩුව දෙදරවන්න තරම් බලපෑමක් කරන්න පුළුවන් කෙනෙක් ඒත් අපේ මහරජතුමා මෙයාව ලස්සනට තමන්ගේ අල්ලේ නටවන අපූරුව.. (ඔවුන් සියල්ලොම එකම මඩ වලෙහි මඩ කෙලිති, අප මුව අයා බලා සිටිමු)

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සීජේ

      ඔබ කියන දේ ඇත්ත තමයි. නමුත් මේ රටේ ඉන්න බහුතරයකට ඒක නොතේරෙන එකයි ප්‍රශ්ණය සීජේ. හරිම තත්වය බලාගන්නට පුළුවන් ජන්දය ඉවර වුණාම නේද???

      Delete
  13. නංගිව වලට ලුය
    කටෙන්ම ගොඩවෙන්න එපාලුය(ඔහෙලගෙ විකාර )
    මූදේ තරගයට නෙක නෙක මාලුය
    ඇම අනෙක් මාලුන්ට පෙර කෑවෙලුය

    තව ලූ එකක් තියෙනව

    ඇය කැමති නාමල් රජ වෙනවාටලුය
    --------------
    හැබැයි නංගි කොළඹින් මුල් තැනකට එයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...