Tuesday, January 21, 2014

රැවටිලිකාර කොක්කට කොක්කක්................




කවිකාර වදන් වැල් රස මුසුව ගොතා ගෙන
ඉර හඳත් මුතු රනුත් රැගෙන දී පය මුලට
ලොව පුරා දිළෙන තරු රැසක උපමාව ගෙන
නොදිළේවි ඔබ වන්ව පවසමින් නිරතුරුව............

හිටි අඩියේ සිහි වෙලා හලෝ කොහොමදැයි අසා
රැය පුරා බොරු සෙනෙහේ ගඟේ මා පා කළා
නළවමින් බොහෝ සිත් නිදිවරා රැය පුරා
එළි වෙලත් නිදිකිරයි වී වගේ මං මුලා.............

දහසකුත් අනග පෙම් රැගුම් සුරවිමනෙදී
සනසවා ඇගේ සිත කිමිදවා රස ගඟේ
දිව්රමින් ඔබ මගේ යැයි කියා තෙපලමින්
නොයෙක් ඇවිටිලි කරයි මා හටම වද වෙමින්..........

කවිකාර ඔබේ සිත් මණ්ඩපය බොර දියක්
බොර දියේ පාව යන කඩදාසි ඔරුව මම
පාව යනු මිසක එහි නොගිලෙමිය ගැඹුරු දිය
බොර දියක ගැඹුර දැන පාව යන ඔරුව මම............

කාංචනා චන්ද්‍රසේකර

16 comments:

  1. ඇත්තෙන්ම බොර දියේ ගැඹුර දැන ගන්නේ කොහොමද
    දිය බොර නිසා පෙනෙන්නේ නැහැ නේද ගැඹුර.කොහොම වුනත් පරිස්සම හොදයි සරිරේට..

    ReplyDelete
    Replies
    1. මනෝජ්....දිය බොරයි කියල දැක්කම තේරුම් ගන්න පුළුවන්නේ ඒකෙ යම් අවධානමක් තියෙනවා කියන එක..ඔබ කියනවා වගේ පරිස්සම තමයි සරීරෙට හොඳ..

      ස්තුතියි ඔබට

      Delete
  2. Replies
    1. සමහර විට මටත් හිතෙනවා දේශකයා..........

      ස්තුතියි කමෙන්ටුවට

      Delete
  3. කාන්චනා,

    මේක ඔබ දකින දෙයක් විතරක් නෙමෙයි. බොහොමයක් කසාද බැදපු ගෑණු තමන්ගේ සැමියාව පාලනය කරගන්න පාවිච්චි කරන බොරුව තමයි මේක. ඕනේම පිරිමියෙක්ගෙන අහලා බලන්න. කසාද බදින්න කලිනුත් මෙහෙම තමයි. මේක ඕනේම ගැහැණියගේ හිතේ තියෙන අවිඥානික සැකයයි.

    ඒත් කිසිම වැරැද්දක් නොකරන කෙනෙක්ව නිතර නිතර සැක කරමින් මේ විදිහේ කතාවක් කීම කොයිඅතට හැරෙයිද කියලා හිතන්න අමාරුයි නේද??? මම කියන්නෑ පිරිමි හැම වෙලාවෙම සීයට සීයක් හරි කියලා. ඒත් හැම පිරිමියාම එකවගේ නෑ.

    ඔබට ආදරය කරන ඔබේ සැමියා/පෙම්වතාව ඔබට පේන්නේ

    //හිටි අඩියේ සිහි වෙලා හලෝ කොහොමදැයි අසා
    රැය පුරා බොරු සෙනෙහේ ගඟේ මා පා කළා//

    නමුත් ඔබේ හිතේ තියෙන සැකයක් ඔබ දකින්නේ

    //දහසකුත් අනග පෙම් රැගුම් සුරවිමනෙදී
    සනසවා ඇගේ සිත කිමිදවා රස ගඟේ//

    මේ ඔක්කොම ගැටලුවක් නෑ කියමුකෝ. ඒත් ඔබ ඔහු සමග ජීවත් වීමේ දී මේ සැකය පවත්වා ගැනීම හැම දේකට ම හරිම වදයක් වේවි. ඒක මම ඔබට විතරක් නෙමෙයි ගැහැණු සනුහරයට ම තමයි කියන්නේ.

    ReplyDelete
    Replies
    1. එබිකම්...මම ඔබට කාරණා කිහිපයක් සංවාදයට විවෘත කර තබන්නම්
      1.ස්වාම් පුරුෂයා කියන වචනය මම කවි පන්තියේ කිසිම තැනක සඳහන් කළේ නැහැ.මා මේක ලියන්‍ෙන් කොක්කට.

      2.කිසිම වැරැද්දක් නොකරන පිරිමින් විතරක් නෙවෙයි ගැහැණුත් ඉන්නවානේ.මේ කොටස් සෙකම 100%ක්ම නිවැරදිත් නැහැනෙ.

      3.හැම පිරිමියෙක්ම එක වගේ නැහැ කියන කතාව මා පිළිගන්නවා.ඒත් එබිකම් මා මේකෙන් කියන සත්‍ය එතනින් එහාට ගිය දෙයක්.මා විග්‍රහ කරන්නේ ගැහැණු කෙනෙකුගේ දෘෂ්ටි කෝණයකින් වුවත් මේ ඇත්ත දෙපාර්ෂවයටම පොදු විය යුත්තක්.
      විවාහ ජීවිතයේදී විස්වාශය තමයි අංක එකේ කාරණාව.හිටි අඩියේ සිහිවෙලා හලෝ කොහොමද කියලා අහන පෙම්වතෙක් හෝ ස්මාමි පුරැෂයෙක් නොවී තමන්ගේ පෙම්වතියට හෝ බිරිඳට ගරු කරන්න පුළුවන්නම් බොාහාමයක් සමාජ ප්‍රශ්න වලට උත්තරය එතැන තියනවා කියන එකයි මගෙ නම් අදහස.එවන් වාතාවරණයක් තුළදී බිරිඳ හෝ පෙම්වතියගෙනුත් ඔබට ලැබෙන්නේ අවංක ආදරයක්.සැකය ඇති වුණාට පසුව පිළියම් යෙදීමට වඩා සැකය ඇතිවීම වැළැක්වීමයි වැදගත් වෙන්නෙ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  4. ගනන් ගන්න එපා....මාළුවෝ බොහෝ හිඳී ජලේ. :D

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අරූ...........
      ස්තුතියි මේ පැත්තට ආවට..........

      Delete
  5. ගොඩක් මූදෙ මාලුවො හිටියට මට නැතිවුනේ කෙල්ලෙක්..කෙල්ලෙක් වෙනුවට මාලු දෙන්න මුන්ට අමු කැවිලද?

    ReplyDelete
    Replies
    1. අමු කැවිලා නෙමේ ඇම කැවිලා :D

      Delete
  6. මාළු ඉන්නව ඇති වෙන්න..කිසිදේකට බය වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. මාළු නම් ඉන්නවා උමේෂ්...ඒත් බොර දියේ මාළු තෝරන එකත් ප්‍රශ්නයක්නෙ.........

      ස්තුතියි මේ පැත්තට ආවාට.........

      Delete
  7. ///බොර දියක ගැඹුර දැන පාව යන ඔරුව මම..///හ්ම්ම්ම්ම් ඒක හොදයි

    ReplyDelete
    Replies
    1. දිය බොරයි කියලා දැනගන්න කාලයක් යනවනෙ අපූර්වි......දැනගත්තට පස්සෙ දැන දැන ගිලෙනඔරුවක් වෙන්නත් බැහැනෙ........
      ස්තුතියි රස වින්දට......

      Delete
    2. දිය බොරද ක්ලියර්ද කියන එක එච්චර හිතන්න එපා...පළවෙනි කාරනාව ගිලෙන්න එපා....වතුර බොරද නැද්ද කියන එක නෙමේ මූලික ප්‍රශ්නේ .....තමන්ට පීනන්න පුළුවන්ද බැරිද කියන එක...මම හිතන්නේ එහෙමයි....තව අය අදහස් දෙන්න.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...