Wednesday, August 5, 2015

වඳුරා......



දවසක් දා එක මිනිහෙක් - තම සුරතල් වඳුර රැගෙන
බාර් එකට ගොඩවීලා - වටපිට බැලුවා

වඳුරු මොටා දුව පැනලා - බාර් එකේ සැරිසරලා
බිලියඩ් මේසය පැත්තට - කඩාන වැදුනා

වඳුරු සිරිත මේ යයිනේ - නියම ලෙසට පහදාලා
ඌ එක් බෝලයක් අරන් - එය ගිල දැම්මා

දැන් මෙහි හරි අවනඩුවකි - බාර් හිමිත් පැමිණීලා
වෙච්චි අලාභය කියලා - බෙරිහන් දුන්නා

වඳුරාගේ අයිතිකරුව - බාර් හිමිව සනසාලා
බිලියඩ් බෝලෙක ගානත් - ගෙවාල දැම්මා

ඔන්න ඉතින් තව දවසක් - වඳුරු මල්ලි එක්ක ඉතින්
අයිතිකරුව බාර් එකට - යළි ගොඩ වැදුනා

මේ වතාවෙ නම් සන්සුන් - වඳුරු මොටා නෑ දඟයක්
ඒත් ඉතින් වටපිට නම් - බලමින් ඉන්නා

ඌ දැකලා එතන තිබුණු - පළතුරු වට්ටියක උඩින්
තබා තිබුණු චෙරි ගෙඩියට - ආසා හිතුවා

ඉතින් ඌත් හෙමින් ගිහින් - ඒක රැගෙන හොඳට බලා
පස්ස පැත්තෙ ඔබා බලල - අනුභව කෙරුවා

මෙය දැකලා බාර් හිමිට - පුදුමය දැන් ජනිත වෙන්නෙ
වඳුරු අයිතිකරු විමසයි - මොන සිරිතද මේ

බිලියඩ් බෝලය ගිල්ලට - පස්සෙ තමයි මේ පුරුද්ද
ඌට පහුවදා අමාරු - වෙලා තිබුණනේ

ඉතිං ඊට පස්සෙන් පහු - මූ මොනවා කන්න ගියත්
පස්ස පැත්තෙ සයිස් එකට - ගලපල කන්නේ...

( තාලය සහ මාත්‍රා උපුටා ගැනීම - මධුමාධවී---ස්තුතියි හොඳේ...කතාව නම් අහල තිබුණු එකක් )

අසංක ගයාන් අබේසිංහ


52 comments:

  1. හරි උඔ විතරයි අඩු වෙලා හිටියේ..
    උඔ අපේ ගෙවල් පැත්තෙ එනවනම් කියපන් ගෙදර තියන බෝනික්කන්ටත් ඡංගි අන්දන්න..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ටොපියක්වත් ඇරං පළයං අසංකයෝ.

      Delete
    2. කාර් එකක් තිබ්බනං තාප්පයක් පස්ස පැත්තට ඔබලා බලන්න තිබ්බා .. හැක් හැක් ..

      Delete
    3. උඹ ඉතින් බ්‍රා අන්දන්නයි ජංගි කොට අන්දන්නයි ඇර වෙන මොනවද දන්නේ...අඩුගානේ ඒව ගලවන්නවත් ඉගෙන ගං...හැක්...හැක්...

      මෙතන මේ තොපි තුන්දෙනා කියල තියන එක කොමෙන්ට් එකක්වත් මට තෙරෙන්නෙ නෑ...මොන හත්තිලව් කියෝනවද මන්ද...

      Delete
    4. කුරැට්ටෝ..
      ටොපියක්වත් ඇරං පළයං අසංකයෝ.//
      මධු මාධවි රස සරනියේ “ටටා මාමලා“ කියවන්න..

      කාර් එකක් තිබ්බනං තාප්පයක් පස්ස පැත්තට ඔබලා බලන්න තිබ්බා //
      විදානගේ මලදානේ “එය තවත් එක දවසක් නොවේ“ කියවලා වරෙන්.

      Delete
    5. ටැන්කුයි ටැන්කුයි...අද සෑටම කියවන්ට ඕනෑ...

      Delete
  2. මෙන්න අර වල් මධාවියාගෙ තවත් ගෝලයෙක්.. නියමයි මචෝ....

    ReplyDelete
    Replies
    1. මාතලංට පසුව වැඩිම ගෝලයින් සංඛ්‍යාවක් බිහිකිරීමේ ගෞරවය හිමිවන්නේ....... මේ මට!

      Delete
    2. අම්මප ඉතිං තියන ආඩම්බරේ...ජරා ගෝලයො බිහි කරල...හැක්...හැක්...නේද යසා...

      Delete
  3. තවත් හුඟක් දේවල් කොරන්න කලින් සයිස් එක බලපල්ලා කියන ආදර්ශය තමයි මේ කතාවෙන් දෙන්නේ. නැද්ද මං අහන්නේ?

    ReplyDelete
    Replies
    1. තේරුං නෑ

      Delete
    2. උඹට තේරෙන්නෙ නැත්තම් විදානයෝ නෝනගෙන් අහපිය...ඔය විචාරකතුමා එහෙම කොරල බලලනෙ මේව කියන්නෙ...කෙස්ස පැහිල තියෙන්නෙ නියඟෙට නෙවෙයිනේ බොලව්...අපි වගේ ඇච්චන්ගේ යුතුකම තමයි එව්ව අහන එක...

      Delete
  4. හික්ස්
    තර්කානුකූල වඳුරෙක්!...
    ජය!

    ReplyDelete
    Replies
    1. වඳුරු තර්ක අපිටත් ඔට්ටුයි හොඳේ වර්ණයෝ...හැක්...හැක්...

      Delete
  5. හනේ....මේකා මං ලියන්නම හිටපු එකක් ලියලනේ....මූසිලයා. මං යනවා ඩිලාන් අයියා හම්බවෙලා වහ බෝතලයක් ඉල්ල ගන්න.

    අඩේ කවියනං මරු බං. පද ගැලපීම සහ තනුව සුපිරියි. මටනෙ ඉතිං ආඩම්බර!

    අසංකයෝ, බෝලෙ ගිල්ල දාට පහුවදා උදේ උඹලගෙ බාත්රූම් එක පැත්තෙන් අමුතු සද්දයක් ආවා කියලා ආරංචියි. මංදන්නෑ....මේ...බව්වෙක් තමා මටත් කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. නෑ බොල තුෂාරයලගේ ගෙදර කොමඩ් එක පිපිරුවලු...
      ඊට පස්සේ උගේ සබ්බ රෝග නිවාරණය උනාලු.. හැක් හැක්..

      Delete
    2. කව්ද...විදාන බව්වද කිව්වේ...උඹලගෙ ගෝලයො වෙන්වට අපිට තලන්න ඕන බූවල්ලෙන්...

      අඩෝ තුෂාරයෝ...මෙහෙ වරෝ...අර විදාන වඳුරු මොටා මේකෙ එහෙ මෙහෙ පනිනවෝ...උඹේ බෝල පරිස්සම් කරගනින්...හැක්...හැක්...

      Delete
    3. අඩෝ................ විදානයා...... මචං අර ටිකිරා අයියාගේ සමපෝෂ ගුලිය ගැන මොනවා හරි කියපංකෝ.....

      අසංක අයියේ මේකට දාන්න තිබ්බේ බෝලයක් නෙමෙයි සමපෝෂ ගුලියක් කියලා..... අනේ විදානයෝ මොනවා හරි වචනයක්වත් කියහංකෝ...... ඒක අහන්න මං දැන් මාස ගානක් බලාන හිටියා...... අනේ කියහංකෝ..........

      තුෂාර

      Delete
  6. අනේ පවු තුෂාරයා..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ...ඒකනේ...ජය වේවා...

      Delete
    2. විදානේ...................

      මෙන්න මෙහෙට ගිහිං බලලා කතා කරානං.......

      http://kurutugegeepawra1.blogspot.com/

      Delete
    3. හෙට එච්චර කළුවර නෑ...

      Delete
  7. ඇයි බං මේ හැමෝම මෙන්ඩා ගැනම කවි ලියන්නේ....?

    ReplyDelete
    Replies
    1. උඹට තේරුනා නේද කටුස්සෝ මොකා ගැනද ලිව්වේ කියලා...එකපාරම ඉතින් කියන්න මොකක්ද වගේනේ...කමක් නෑ...දැන් අඳුරගත්තනේ...ඒක ලොකු දෙයක්...හැක්...හැක්...

      Delete
    2. ඔව්..ඔව්..මම සුරතල් වදුරා අයින් කරලා උඔලා දෙන්නව හදා ගන්නවා..හැබැයි වදුරට නම් බිලියඩ් බෝලයක් දුන්නාම ඇති උඔලා දෙන්නට නම් කසිප්පු 8 කෑන් එකක්වත් දෙන්න වෙයි.

      Delete
    3. අා........... උඹ කෑන් ඒකේ සයිස් ඒකත් දන්නවා නේද?????? යකෝ කසිප්පු........... හැබැයි බ්‍රෑන්ඩ් ඒක අැහුවොත් කියන්නේ වෙන මොනවත්...

      තුෂාර

      Delete
  8. මම හිතුවා අසන්කයා උගේ නමම පොස්ට් එකට දාලා තියෙනකොට

    ReplyDelete
    Replies
    1. මොකක්ද හිතුවේ...උඹට වෙච්චි වැඩේ මටත් වුණා කියලද...හැක්...හැක්...

      Delete
    2. දැන් ඇත්තටම උඔලා දෙන්නගෙන් කවුද බෝලේ ගිල්ලේ?

      Delete
  9. අනේ මන්ද කුරුට්ටෝ ඒත් ඉත්න් වදුරනේ නේද...... ඒත් කොමෙන්ටු බලපුවම නම් පේන්නේ මට වදුරා හොය‍ාගන්න බැරි පොටක්නේ

    ReplyDelete
    Replies
    1. අමාරුම නැහැ...උඹ පොඩ්ඩක් කණ්ණාඩිය ළඟට ගිහින් බලාපන්...

      Delete
    2. වැඩේ කියන්නේ මාත් කන්නාඩි දාගෙන තවත් කන්නාඩියකින් බැලුවාම වදුරවම පෙනේද කුරුට්ටෝ.........

      Delete
    3. පෙනේ නොපෙනේ...

      Delete
    4. ඇයි කුරුට්ටෝ ගැරඩියෙක්ද.....

      Delete
  10. ඔවු ඔවු. මොනව උනත් කටට දාගන්න ඉස්සෙල්ල අනික් පැත්තෙං යන්න පුලුවන්ද කියල බලන එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි...ඒක තමයි ප්‍රසා...අමාරුවේ තරම මතක් වෙනව නේද...හැක්...හැක්...

      Delete
  11. කටෙං පටං ඇරන් **න් ඉවර උනාම ඔහොම තමයි ලු..
    මෙණ්.. නෑ නෑ.. වඳුරා කිව්වෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වඳුරට ගස්ලබ්බක් දුන්නනම් කොහොමට හිටීවිද...කොහොමද ගස්ලබ්බ කටෙන් ගිහින් **න් එද්දි නෙහ්...හැක්...හැක්...

      Delete
    2. නෑ බං අසංක අයියේ ගස් ලබ්බක් දුන්නා නම් ෆුට් බෝලයක් වුණත් ගේමක් නැතුව යනවා....... කෙසෙල් වලට වඩා පවර්ෆුල්... අම්මපා....

      තුෂාර

      Delete
  12. ඉතින් බං වඳුරාට ජාපල ටිකක් දීලා බලන්න තිබ්බානේ අයිතිකාරයාට.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඉතිං...උඹේ අයිතිකාරයාට තරම් මොළයක් තිබිල නෑ නේ මේ වඳුරගෙ අයිතිකාරයට...හැක්...හැක්...

      Delete
  13. ගයියා මධුවගෙ හොඳ ගෝලයෙක් වෙලා එහෙනං.. එළ එළ.. මරු පැදිය...

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචෝ...මධුවා හොඳ වල් ගුරෙක්...මම හිටියෙ කොහොමද...කපුටු බෝ පැලේ වගේ...ඒත් දැං...

      Delete
  14. ජේ ආර් මහත්‍තයයි, ප්‍රේමදාස මහත්තයයි රඹුටනුයි,දූරියනුයි අරංගිය කතාව මතක් උනා. මරු...

    ReplyDelete
    Replies
    1. හනේ හනේ උඹත් ඉතින් පුංචි කමට කියන කතා...හැක්...හැක්...

      Delete
  15. මට අපේ ආච්චී ඒ දවස් වල නිතර කියන කතාවක් මතක් උනා.. මොකක් හරි නොසන්ඩාල වැඩක් කරලා ඉන්නවා අහු උනොත් උන්දා කියන්නේ 'මගේ පුතා දැකත්තක් ගිල්ල.. රෙනකොට දැනෙයි..' කියල.. හැක හැක..

    වඳුරාගේ ආච්චි ඒ කතාව දැනන් ඉන්න නැතුවැති.. පවු..

    ReplyDelete
    Replies
    1. ඒ වගේම තමයි ගින්දර කෑවම අඟුරු මළපහ කරන්න වෙනව කියන කතාවත්...

      Delete
  16. පට්ට. තවත් මදාවියෙක් කල එළි බසින ලදී.. හැක් :D

    ReplyDelete
    Replies
    1. හාපෝ ඔය වල් මදාවියාව මටනම් සමාන කරන්න එපා යකුනේ...හැක්...හැක්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...