Tuesday, February 3, 2015

100


 
 
දිනෙන් දින ගෙවී යයි
රි නාඩගං යළිත් කරළියේ රඟ දෙයි

 

සියළු දේ ( බොහෝ දේ ) වෙනස් අච්චුවක පරණ විදිහටම සිදුවෙයි
න මඟ වැරදිදැයි සිතෙයි
න මාවත වහා වෙනස් නොකළොත් කෙළවෙයි





-අසංක ගයාන් අබේසිංහ-

58 comments:

  1. කෙළ වෙන සීන් එකක් වගේ තමයි පේන හැටියට තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් බං...මීට වඩා පරිණත දේශපාලන ක්‍රමයක් තමයි බලාපොරොත්තු වුණේ...

      Delete
  2. විෂන් එකද? මිෂන් එකද?

    ReplyDelete
    Replies
    1. විෂන් එක ගොඩක් හොඳට පෙනුණා...ඒත් මිෂන් එක අනාගෙන වගේ...

      Delete
    2. හහ් හහ්...ඇනිමිෂන්?

      Delete
  3. උනුත් එකයි මුනුත් එකයි... කුහකත්වයයි පලිගැනීමයි විතරයි තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත...අපි මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණේ මේව නෙවෙයි...නියම වැඩ...ආදර්ශමත් වැඩ...යහපාලනය ආදර්ශයෙන් පෙන්නීමක්...අරයා ඒ කාලෙ කළා කියල මෙයත් මේ කාලෙ ඒවට ඉඩ දීමක් නෙවෙයි...ඊට වඩා රටේ සමස්ත ආකල්ප දියුණුව ගැනයි හිතන්න ඕන...

      Delete
  4. හ්ම්.. ප්‍රශ්ණාර්තයක්..

    ReplyDelete
  5. බෝතලේ තමයි වෙනස්. අරක්කු එකමයි.

    ReplyDelete
    Replies
    1. බෝතලේ ලස්සනයි...ඒත් මික්සර් එක වෙනස් වුණා නම් හරි...

      Delete
  6. Replies
    1. හැමදාම රැවටෙනවා...

      Delete
  7. ඇයි ඔහේලට යතාර්ථය තේරුං ගන්න බැරි.. දින 100 ගැන වැඩිපුර හිතන්න ගියොත් පිස්සු වැටෙයි.. මොකද දින 100 කියන්නෙත් දේශපාලන ගේම් එකක්.. තිබිච්ච පාලනේ පෙරලන්න හදපු ආකර්ෂණීය ප්‍රකාෂණයක්.. හැබැයි ඒකෙන් යම් හොදක් උනා තිබ්බ අධූරධර්ශී පාලනය බිඳ වැටුනා.. නමුත් අපි මොවුන්ගෙන් මස් රාත්තලම(දින සීයේ වැඩසටහන) බලාපොරොත්තු නොවිය යුතුයි.. මන්ද මොවුන්ද දේශපාලකයන් බැවිනි..

    සියල්ල ඕන නෑ.. කොමිෂන් සභා 4 බලාත්මක කලොත් ඇති..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඕ ..යේස්
      දින සියය කියන්නේ දේශපාලන ප්‍රචාරණ පාඨයක් විතරයි .
      1.කොමිෂන් බලාත්මක කිරීම
      2.නීතිය සැමට එකසේ ක්‍රියාත්මක වන පසුබිමක් සෑදීම කියන කාරනා ඉටුවුනොත් ඇති

      Delete
    2. @ විදානේ, ඉවාන්

      ඔය උඹල කියන තැනම තමා මාත් කලින් හිටියේ...දින 100 ජනතාව අද්දගන්න කරපු කැම්පේන් එකේ පාඨයක්...ඒ දින 100 තුල එක එක දිනට එක එක වැඩත් දාලා තිබුණා...ඒවත් කරන්න බෑ කියමුකෝ කියපු දිනටම...මමත් කලින් කිය කිය හිටියේ කල් දීලා බලමු කියලා...ඒත් මචංලා...හානා හීය පානා අඬහැරෙන් දැනේ කියනවනේ...මේක පටන් ගත්ත තැන ඉඳලම වැඩිපුර යන්නෙම රෝං සයිඩ්නේ...දින 100න් කරන්න බැරි නම් අඩුගානේ ඒව කරන්න මුල් ගල්වත් තියන්න ඕන නේද...එතකොට නේද අපිට විශ්වාසයක් ගොඩනැගෙන්නේ...දැන් කරන්නේ මොකක්ද...ප්‍රධාන කාරණා සේරම ටිකෙන් ටික අමතක කරලා වෙනත් පාරක යන එකනේ...අපිට වඩා දේශපාලනේ කාපු මිනිස්සු හදපු ප්‍රතිපත්ති ප්‍රකාශයක් එහෙම ලේසියෙන් අමතක කරන්න බෑ...මතක තියාගනිල්ලා දින 100 හරි 500 හරි කියලා පොරොන්දු දීලා ආයෙමත් රවටන්නේ අහිංසක මිනිස්සුන්ව කියලා...

      Delete
    3. අසංක

      පොරොන්දු දේශපාලනය ගැන ලංකාවේ ජනතාවට තියෙන්නේ ඕන හොඳ අත්දැකීමක්. කවදාවත් කිසිම දේශපාලකයෙක් පොරොන්දු ඉටු කරන්නේ නෑ කියන එක අපි මේ වෙනකොට අත් දැකලා ඉවරයි . එහෙනම් මොකටද තවත් පොරොන්දු ගැන බලාපොරොත්තු දල්වාගෙන ඉන්නේ .

      එක නිසා තමයි කොහොම හරි ජනතාව ඡන්ද දායකයෝ හැටියට අපි කැප වෙන්න ඕන පුද්ගලයෝ මත නැතිව සිස්ටම් එක මත දුවන දේශපාලනයක් හදන්න . ජාතික ප්‍රතිපත්ති අමාරුවෙන් හරි හදන්න . හැම දෙයක්ම සිස්ටම් එකක් ඇතුලට දාගන්න. එතකොට පාට ,මූණු මාරු වුනාට දුවන්නේ සිස්ටම් එක. හරියට ඇමරිකාවේ ,යුරෝපේ සිද්ධ වෙනවා වගේ. දේශපාලනය කියන දේට අපි මේ තරම් වහල් වෙන්න අවශ්‍ය නෑ

      Delete
    4. උඹ හරි ඉවාන්...අපේ සිස්ටම් එක මුළුමනින්ම අවුල්...තනිකරම තියෙන්නේ බලයට එන පුද්ගලයා හරි පක්ෂය මත තීරණය වන ප්‍රතිපත්ති...ඒත් මේ ගමන ටිකක් හරි බලාපොරොත්තු තියාගෙන හිටියා...වැදගත් විදිහට ප්‍රතිපත්තිමය වෙනසක් වෙයි කියලා...දැන් බේරෙන්න කරන්න තියෙන්නේ එකම දෙයයි...ඊළඟ මැතිවරණයෙදි හැකිතරම් සුද්දවන්තයො ටිකක් පාර්ලිමේන්තු යවන එක...මේක ටිකක් හරි හදන්න පටන් ගන්න පුලුවන් එතකොට...

      Delete
    5. විදානේ.. ඉවාන්.. අසංක අයියා..

      මං මගේ අදහස කියන්නම්... ජනතාව පත් කළ නියෝජිතයින් තමයි දේශපාලකයා කියන්නේ... ඒ කියන්නේ ජනතාව සතුව අැති පාලන බලතල ඡන්ද බලය භාවිතා කරලා රට පාලනය කරන්න අපි වෙනුවට නියෝජිතයෙක් යැවීමක්... ඉතින් ඔවුන් කරන්න ඔ්නේ අපිට කරන්න අවශ්‍ය දේ පමණයි.. ඔවුන් තම කැමැත්තට වැඩ කරන්න ගිය ජාතියක් නෙමෙයි..... නියෝජිතයින්....

      ඔවුන් බලයට ඒන්න කලින් අපිට වැඩ පිළිවෙලක් පෙන්නුවා.. අපි ඒකට ඡන්දය දුන්නා. දැන් ඔවුන් ඒක කරනවාද කියලා අපි බලන්න ම ඔ්නේ... ඒක තමයි ඡන්දය දුන්නට පස්සේ ජනතාවට අැති අයිතිය. ඒක අයිතියක් විතරක් නෙමෙයි යුතුකමක්... ඒකට තමයි දේශපාලනිකව සවිඥානික ජනතාවක් කියන්නේ.. ඉතින් අපි දින 100 දිනයක් නෑර ප්‍රශ්ණ කරන්න ඔ්න්... අැත්තට ම ඒ ටික වෙනවානම් රටක් කරගන යන්න හොද පදනමක් වැටෙනවා.. ඉතින් අපි දිගට ම මේ ගැන ප්‍රශ්ණ කරන්න අවශ්‍යයි කියලයි මං විශ්වාස කරන්නේ...........

      තුෂාර විතාරණ

      Delete
    6. විදානේ,ඉවාන් එක්ක මමත් එකඟයි.දින 100 කියන්නේ පොඩි මාකටින් පාරක්.ලංකාවේ මිනිස්සුන්ට ඕනේ දුෂණයෙන්,භීෂණයෙන් තොර රටක්නම් එකට පළමු පියවර තමයි උඩින්ම ඉවාන් කියලා තියෙන කරණා ඇති කරන එක,ඒ තුලින් පුළුවන් අනාගතයේදී අතීතයේ සිදු වෙච්චි වැරදි හදාගෙන හොඳ පාරක රට ගෙනියන්න.දින 100 වැඩපිළිවෙළේ අපි ප්‍රමුඛතාවය දිය යුත්තේ එකටයි.

      Delete
  8. ඒක නීතියක් නෙමෙයි.. පොරොන්දු පත්‍රයක් විතරයි.. මිනිස්සු පොරොන්දු කොයි තරම් කඩ කරනවද..?

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ මෑත ඉතිහාසෙ තිබුණෙම කඩවුණු පොරොන්දු ගොඩක් විතරයි මාතලන්...ඒත් මිනිස්සුන්ගෙ බලාපොරොත්තු එක්ක සෙල්ලං කරන්න හොඳ නෑ...ඒක ශාපයක් වෙනවා කාලෙකදී...

      Delete
    2. Maathalan - Priyantha HewageFebruary 3, 2015 at 9:15 PM

      //ඒක නීතියක් නෙමෙයි.. පොරොන්දු පත්‍රයක් විතරයි.. මිනිස්සු පොරොන්දු කොයි තරම් කඩ කරනවද..?//
      කටින් රීම!

      Delete
  9. Replies
    1. අපි කියන්නේ කෙළවෙන්න කියලා නෙවෙයි...යහමගට යන්න කියලයි...

      Delete
  10. යහ පාලනේ ඊස් ඔන් ඇක්ශන් r8!! :D

    ReplyDelete
    Replies
    1. ටිකක් පැහැදිලි මදි සුසී...

      Delete
  11. අම්මපෙයි කියපං?

    ReplyDelete

  12. ඇත්තම කියන්න මට යහපාලන සොඳුරනි, ඔබලා නිකං වත් හිතුවේ නැද්ද, මෙහෙම නොවෙන්නත් හැකි නොවේද කියලා?
    අපි නම් ඕවා ඇන්ටිසිපේට් කොරා නෙව!-මෙහෙමත් විය හැක කියලා.

    නොදන්න යකා ගෙ එක එක වෙස් පෙරලෙන කොට, ඔබලාට තොල කට වේලී..., මන්දැයි නොදනිමි සිදු වුනෙ කාගෙ දොසා...;-)
    සහලෝලා උණ ගන්න පෙර කොත්තමල්ලි ගන්න තමයි මිල අඩු කරේ. බලන්න පින්වතුනි, කෙතරම් දූරදර්ශී අය වැයක්ද කියා. G

    ReplyDelete
    Replies
    1. ඔබේ දැක්මේ ගැටලුවක් නෑ...ඕනම දෙයක් නොවන්නත් හැකියි...ඒත් හොඳ දේවල් නම් විය යුතුමයි නේද...ඒව නොවෙද්දී කට පියාගෙන ඉන්න එකවත්, අපි ඔහොම වෙයි කියල කලින් කිව්ව නේද කියල අතහරින එක හරිද...මොනව වුණත් වෙන දෙයක් වෙන්නෙ අපි ඔබල ඇතුළු මුළු රටටම...එතනදි ඔබ හරි අපි හරි ජන්දෙ දුන්නෙ කාටද කියල කවුරුත් අහන්නෙ නෑ...දන්න යකා හොඳයි කියල නොදන්න කෙනෙක් යකෙක්ද දෙවියෙක්ද කියලවත් අඳුරගන්නෙ නැතුව ඉන්න එක නෙවෙයි කළ යුත්තේ...එහෙම බැලුවොත් කලින් ආණ්ඩු පත් කරද්දිත් දන්න යකා හොඳයි කිය කිය හිටියනම් මේ රටේ තවමත් තියෙන්නෙ එකම එක ආණ්ඩුවක් විතරයි...

      Delete
    2. අැනෝ......................

      මුලින් ම ලැජ්ජා වෙනවා ඔබ නම භාවිතා නොකර මතය ප්‍රකාශ කරන්නට පැමිණිම ගැන.. පැවති ඡන්දයේදී ඔබ කියන පැත්තේ හිටපු බහුතරය දැන් බ්ලොග් අවකාශයේ සැරිසරන්නේ අැනියෝ විදිහට තමයි.. අපි කවදාවත් විරුද්ධ මත ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ නිසා බය නැතුව නමින් ම ඒන්න.. ඒක සාධාරණ සංවාදයකට මග පාදනවා...

      නොදන්න යකා ගැන කතාවත් හිටපු ජනාධිපතිතුමා හිරිකිතයක් නැතුව ඔහුගේ කටින් ම කියපු කතාවක්.. ඒ කියන්නේ ඒතුමාම පිළිගන්නවා ඔහු යකා කියලා.. ඉතින් ඊටත් ඒහා තර්ක මොනවට ද ?? අපිට ඒ යකා ඒපා.. අපි නායකයෙක් පත්කරගත්තා....

      පත්කරගත්තා කියලා කට වහං ඉන්න බෑ.. ඒ තුළ වුණත් වැරැද්දක් තියෙනවානම් අපි ඒ ගැන විවෘත ව කතා කරනවා.. ඒත් ඔවුන් වැරදි පාරේ යනවා නම් අපි ඊළග ඡන්දයෙන් අපිට අවශ්‍ය කෙනෙක් ව පත්කරගන්නවා... අපි යමෙක් ව තෝරගත්තා කියලා ඔහු ව බූදලයක් කරගෙන සදාකල් රජ කරවන්න අපිට අවශ්‍ය නැහැ.... රටේ බහුතරය ඒපා කියලා තියෙත්දිත් තාමත් ඔබ හිටපු ජනාධිපතිගේ ගුණ වැයුවාට කළ යුත්ත ඒය නෙමෙයි අැනි..... දැන් වර්ථමානයට ඒන්න.. අනාගතය ගැන හිතන්න..................

      තුෂාර විතාරණ

      (අසංක අයියා මැදින් පැනලා කෑ ගැහුවා කියලා හිතෙනවානම් සොරි හරිය...)

      Delete
    3. පිස්සුද සහෝ...උඹේ පැමිණීම සාදරයෙන් පිළිගන්නවා...

      Delete
    4. අඩෝ තුෂාරයා අසංකයා කිව්වා තමා අන්න අරු මැදින් පැනලා කෑවා කියලා .. ඕ ... යේස්

      Delete
    5. අඩෝ ඉවානයා...දවල්ද රෑද මම උඹට එහෙම කිව්වේ...මතක නෑනේ බං...හැක්...

      අසංක

      Delete
  13. සහන ටිකක් නම් ලැබුනා.. ඒත් ස්ථිරසාර දෙයක් තාම දැක්කේ නෑ... පිළිගැනීම්උත්සව, කතා පැවැත්වීම්, මාධ්‍ය සාකච්ඡා තමයි වැඩිපුර දකින්න තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් හිමාල්.............

      කරන්නෑ කිව්වාට මාධ්‍ය සංදර්ශන තමයි තාමත් අපි දැක්කේ.... සජිත්ට අැමතිකමක් ලැබුණා විතරයි තාම තාත්තාගේ පරණ යාලුවෝ බලන්න යනවා... යකෝ වැඩ කරන්නේ කවදාද.. දවස් සීයයි තියෙන්නේ... මේවා කවුරු කරත් වැරදියි...

      Delete
  14. අඩොව්.. මම 7වෙනිදා පඹහින්නේ එනවා.. චන්ඩි එහෙම ඉන්නවනං පේස් ටු පේස් වරෙව්..
    cvpsur@gmail.com

    ReplyDelete
    Replies
    1. විදානේ ................. අදත් පඹහින්න පැත්ත කලු කරලා තිබුණා. මටත් හිතුනා මොකක් හරි ඒකක් තමයි කියලා......

      උඹට පිළිතුර මේල් කර අැත.........

      Delete
    2. හැරෙන තැපෑලෙන් පිිලිතුරු මේලක් එවා ඇත..

      Delete
  15. අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ වෙනසක් යන විදිහ ටිකක් වෙනස් කලොත් හොදයි කියලනම් හිතෙනවා

    ReplyDelete
    Replies
    1. හොරා.....................

      මේ අණ්ඩුව තාම හොරු අල්ලනවා විතරයි.... අාණ්ඩුකාරවරු ටික පත්කරගත්තා... අගවිනිසුරු පත්කරගත්තා.... සභාපතිලා ටිකක් වෙනස් කරගත්තා.... දැන් වැඩේ අැදලා යනවා... ඒත් ජනතාව පැත්තට දුන්නේ උදු, කොත්තමල්ලි මිල අඩුකිරීම තමයි..... අනේ යකෝ අඩුම ගානේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිව්වා ම හාල් මිල රුපියලකින් හරි අඩු කරන්න තිබුණා.... සම්බෝලයි බතුයි කන්න පොල් රුපියල් 5 කින් අඩු කරන්න තිබුණා.... පරිප්පු................

      අනේ මන්දා හොරා......... මේවටත් හරිය කියන්න අපිට බැහැ....

      Delete
  16. මට මේ පාලනය ගැන 75%ක වත් විශ්වාසයක් තිබුනෙ නෑ,රටට ඕන දේ වෙයි කියලා.එ්ත් තිබුන පාලනය ගැන කිසිම විශ්වාසයක් තිබුනෙ නෑ.
    කොහොම උනත් දේශපාලකයන්ගෙයි ජනතාවගෙයි ආකල්ප වෙනස් විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම ඉන්දරේ...ආකල්පවල අවුල හැමතැනකම තියනවා...

      Delete
  17. හොද වේලාවට මතක්කලේ..අම්මාපල්ල අපිට දින 100ක් තියනවනේ

    ReplyDelete
    Replies
    1. තියනවා තියනවා...උඹනම් මේ ලෝකෙ නෙවෙයිද කොහෙද ඉන්නේ...හැම එකම මතක් කරන්න එපැයි...හැක්...

      Delete
    2. 100,100,100,100,100,100,100,100,100,100,100,100,100,100,

      Delete
    3. ඒ ගමන උඹ මොකද...ජප කරනවද...

      Delete
  18. ඒකෙන් 25 ක් හරියට දිව්වත් අපි ගොඩ බං

    ReplyDelete
    Replies
    1. ඔව් බං...හැබැයි ඒව අත්‍යවශ්‍ය ඒවා වෙන්නත් ඕන...අර කොමිෂන් සභා වගේ...

      Delete
  19. කවුද දන්නේ හංගගත්ත මැජික් බෝල එහෙම තියනවද කියලා. හැබැයි දින 100 ඉවර වෙන්න කලින් හොඳ ගේම් ටිකක් නොපෙන්නුවොත්, චන්ද්‍රිකා නම් කියයි මට බෝල නැහැ ඒ නිසා බැහැ කියලා. නමුත් රනිල් මෛත්‍රී දෙන්නට තමා බෝල ගහන්න හෝ බෝල ගැලවෙන්න සෙල්ලම සැට් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කාගෙ බෝලද දන්නෑ ලොකු...එළියට දැම්මොත් නම් බැලිය හැකි...

      Delete
  20. මහින්ද පැරදුන එක ජයක් උනත් යූ එන් පී ආණ්ඩුවක් ආපු එක අපිට ජයක් නෙවෙයි මචං. මහමැතිවරණෙකදි කලයුතු දේ බොහෝයි..

    ReplyDelete
    Replies
    1. මේ වගේම ගේමක් ගහලා නියම සැට් එකක් ඇතුළට යැව්වනම් මේ රටේ ලොකු හෙණයක් ඉවර වෙයි බං...වැඩේ ඉතිං ජහමනයගේ අතේ...ජන්ද කාලෙට කෙටි කාලීනව නොරැවටී බුද්ධියට තැන දීලා හරි එකා යවන එක...එහෙම වෙනකං ඉතිං අපේ රටේ කාලකණ්ණිකම ඇරෙන්නෙ නෑ...අර කියමනක් තියෙන්නේ...ජනතාව මී හරක් නම් පාලකයෝ ඉබේම ගොපල්ලෝ වෙනවා කියලා...

      Delete
  21. කෝ දාපු කොමන්ටුව

    ReplyDelete
    Replies
    1. මම ගිල්ලා...ඔන්න පහළ වමාරලා ඇති...හැක්...

      Delete
  22. හ්ම් දින 100 වාගේම අපේ ජීවිතයත් දිනෙන් ‍දින ගෙවී යනවා.
    කනගාටු වෙන්න දෙයක් නෑ.
    අපි යම් තාක් දුරට හෝ ජනතා අයිතින් දිනා ගනු ලැබුවා.
    අවශ්‍ය මේ ඇරඹුම තව තවත් සුභ දිශෘවකට තල්ලු කර ගැනීමයි.

    ReplyDelete
    Replies
    1. මෙච්චර අමාරුවෙන් දිනාගත්තු දේ එහෙම නිකම්ම ලෙස්සලා යන්න දෙන්න බෑ...ඒකයි කණගාටුව...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...