Wednesday, March 30, 2016

නොසිඳෙන ආශාව...



ඈත මෑත සොයමි නිතර
හද ඇඳි රුව ඇතිද කියා
වරෙක මහත් වෙහෙසකි මට
එකම රුවක් මදිය කියා

මේ ලැබුණා දැන් ලැබුණා
කියා සිතට සැනසුම එයි
ඒත් සැනින් නිමේශයෙන්
ඊට වැඩිය රුවක් මැවෙයි

එකම පෙමක රැඳුනු සිතක්
සතුටු සිතින් හිඳිනු කෙසේ
එයද මහත් පැනයකි මට
සලකන විට වෙනස් රසේ

සනසනු බැහැ මගේ සිතත්
තිබහට ලුණු දිය බිව් සේ
ගහෙන් ගහට පනින්නටයි
හිත කියන්නෙ හැම මොහොතේ

සංස්කෘතිය සභ්‍යත්වය ආගම හා ලැජ්ජා බිය
පසුපසටම අදිනු වගේ මගේ නොතිත් ආශාවම
ඒත් අනේ කෙසේ කියා අමතක කරනට හැකිවෙද
මගෙ සුන්දර අන්තඃපුර සිහින රාජ මාලිගාව

-අසංක ගයාන් අබේසිංහ-

Tuesday, March 29, 2016

එකක් නොව අත පුරා සම්මාන ත්‍රිත්වයක් - නෙලුම්යාය බ්ලොග් සම්මාන උලෙළ

තෙවසරක බ්ලොග් දිවිය 
විඩාබර කාලයක්
බැලූ කල ආපස්ස
දුක සතුට මතකයක්

ජීවිතේ පොරබැදපු 
දාහකුත් දින තිහක්
අත්දැකපු දේ අරන්
කවි කෙරුණු පද ගොඩක්

බලා අදහස් කියූ 
බ්ලොග් සොහොයුරන් රැලක් 
ළග ඉදන් දිරිදුන්නු 
සහෝදර බැදීමක්

මුල් වරට බ්ලොග් ලොවේ
දිරිය සම්මානයක්
එකක් නොව අත පුරා
සම්මාන ත්‍රිත්වයක්

නෙලුම්මල් පිපුණු දින
සතුට පිරි සාදයක්
හිතේ තිබු පැතුම් පොදි
හැබෑ වුණ දාවලක්...............




2015 වසරේ හොදම බ්ලොගය - කුසලතා සම්මානය


















2015 වසරේ හොදම ප්‍රහසන පෝස්ටුව - දෙවන ස්ථානය













2015 වසරේ හොදම 18+ පෝස්ටුව - දෙවන ස්ථානය



















සටහන - සම්මාන උලෙළ උපරිම මට්ටමින් සංවිධානය කිරීම ගැන සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාටත් (අජිත් අයියා කමියා ඇතුළු), සම්මාන දෙන්න ආ කතානායකතුමාටත්, සහය දැක්වූ පරණවිතාන මහතාටත්, සංගීතය සැපයූ මනා සාජ්ජා ඇතුළු බ්ලොගාලාටත්, නිවේදක කටයුතු සිදුකළ ඉවාන් සහ එම සහෝදරියටත් (වැරදියට හිතන්න එපා), සම්මාන ඇතත් නැතත් බ්ලොග් සම්මාන උලෙළ වෙනුවෙන් තම කාලය කැප කරමින් පැමිණි සියලු බ්ලොග්කරුවන්ට සහ බ්ලොග් කිවයන්නන්ටත්, කුරුටු පවුරේ සහභාගීත්වය වෙනුවෙන් දුසිමක් නියෝජනය කරමින් පැමිණි දුසිම් භාගයක කුරුට්ටන්ටත් හදපිරි සතුට මෙසේ දන්වා සිටින්නෙමු...........

සාධාරණ විනිශ්චයක් ලබා දීම වෙනුවෙන් විනිශ්චය මණ්ඩලයටත්, සම්මාන ලැබූ සියලු බ්ලොගාලාටත්, අප ලැබූ සම්මාන වලට අගයක් දෙමින් සාධාරණ තරගයකට සහභාගී වූ සියලුම බ්ලොග් සහෘදයන්ටත්, සම්මාන නොලබා වුවත් ලබන වසර ගැන හිතේ ප්‍රාර්ථනා පොදිබැදගත් ඔබ සියලු දෙනාටත් අපේ සුභ පැතුම්............


හමායන මද පවන මුහුකොට
අපේ සුසුවද බෙදා ලෝකෙට
නෙලුම් යායක් නේක පෑයට 
පිපී හිනැහෙනවා ............................... පිපී හිනැහෙනවා


කුරුට්ටෝ


.

Thursday, March 24, 2016

කලින් ආණ්ඩුවයි දැන් ආණ්ඩුවයි අතර වෙනස


ඉස්සර කරන්ට් එක ගියාම
අම්මාගේ කටහඩ ඇහෙනවා 
කුස්සිය පැත්තෙන්,

ලොකු පුතා...... 
එළියට ගිහින් බලන්න
අනික් ලයින් එකේ 
කරන්ට් එක තියෙනවාද කියලා....... 

දැන් කරන්ට් එක ගියාම 
අම්මාගේ කටහඩ ඇහෙනවා 
කුස්සිය පැත්තෙන්,

චූටි පුතා........
මාතර නැන්දලාට
කෝල් එකක් දීලා බලන්න
එහෙටත් කරන්ට් ගියාද කියලා.......

ඉස්සර කරන්ට් එක ගියාම
තාත්තා ඉන්න තැන ඉදලා 
කෑ ගහලා කියනවා......................

ලොකු දුව......
ඉක්මනට ගිහින් ටීවී එක ඕෆ් කරන්න. 
අනික් අය හෙල්ලෙන්න එපා
ඔය ගිය පයින් ම කරන්ට් එක එනවා.............

දැන් කරන්ට් එක ගියාම
තාත්තා ඉන්න තැන ඉදලා
කෑ ගහලා කියනවා......................

ආ.............. ගියා
දැන් ඉතින් තම්බලා තියෙනා දෙයක් 
ගිලලා දාලා බුදිය ගනිල්ලා
ආය ඉතින් හෙට උදේට තමා............


කසුප් අනුරාධ



පසු සටහන - මේ කරන්ට් එක යන විදිහට කමිෂන් පත් කරන්න ගියොත් හෙට අනිද්දට අපිත් ඉතින් ජනාධිපති කොමිසමක සභාපති කෙනෙක් හරි සාමාජිකයෙක් හරි වෙනවා නියතයි..... (හදිසියේ කරන්ට් එක යෑමේ ප්‍රීතිය නිමිත්තෙන් තැබූ සටහනක් බව කරුණාවෙන් සලකන්න.)





.

Wednesday, March 23, 2016

අවාරේ වසන්තය එලඹුනා...............


මා හැඟුම් පිබිදුනා
ඔබ සිතුම් හෙළි වුනා
අපි අපේ ලෝකයේ
මොහොතකට තනි වුනා

ලෝකයේ නෙත්වලින් 
මුවා වුනු විරාමේ
නිශා කල හමා එන 
පෙමාතුර සුයාමේ
අවාරේ වසන්තය එලඹුනා
සිත් යදම් වැට කඩොලු සුන් වුනා

වස්සාන මේඝයන් 
වසාගත් ආකහේ
ගුගුරුවන හෙන හඬින් 
යුග සවන් පිබිදුනේ
සිනාසුනු තත්පරය ගිලිහුනා
මුලාවුනු සිත කිලිටි තැවරුනා


ඉසූ


.

Monday, March 21, 2016

බ්ලොග් පරිප්පු පාන් වගේ මෙතැන ලියන්න - නෙලුම්යාය වාද බයිලා මඩුව


කැළණි ගගේ පාවෙනවා බ්ලොග් උණ බම්බූ
බ්ලොග් ලි‍යනා කොල්ලෝ කෙල්ලෝ ගන්නවා නම්බූ
බ්ලොගර්ස් ඩෑල් ගිය ගිය තැන ගන්නවා නම්බූ
කැළණි ගගේ පාවෙනවා බ්ලොග් උණ බම්බූ

ගලක් උඩින් මලක් තියලා ගල මල කියපං
නෙලුම්යාය පැත්තේ ගිහින් ගල් මල් ගැණපං
නෙලුම්යාය පැත්තේ ඇහෙන ගල් මල් හොයපං
ගලක් උඩින් මලක් තියලා ගල මල කියපං

කෑමෙන් හොද කෑම තමයි ඉල්ලං කෑම
ගෑමෙන් හොද ගෑම තමයි බ්ලොග අතගෑම
රීමෙන් හොද රීම තමයි පෝස්ට් කිරීම
යෑමෙන් හොද යෑම තමයි විසි හය යෑම

යාය පිටින් නෙලුම් පිපිලා අර බලහල්ලා
අතපුරාම හිතපුරාම තෑගි ගෙනැල්ලා
දෙවැනි වරට බෙදන තෑගි බර හොයහල්ලා
යාය පිටින් නෙලුම් පිපිලා මේ බලහල්ලා

හිතේ නැගෙන කතා එපා හංගන් ඉන්න
බ්ලොග් පරිප්පු පාන් වගේ මෙතැන ලියන්න
බ්ලොග් කරියට පාන් බනිස් මෙතැන තියන්න
හිතේ නැගෙන කතා එපා හංගන් ඉන්න


මාතෘකාව - නෙලුම්යාය බ්ලොග් සම්මාන උලෙළ
තාලය - ආස්මි තාලය (එ් කියන්නේ හෝ ගාලා වැක්කෙරෙන්න ලියන්න ඕනේ)



කුරුට්ටෝ


.

Friday, March 18, 2016

අයිතියක් පසක් කර තුරුලෙහිම හොවා හිඳ..........


මගෙම වූ සිහින දැක
මගෙම තුරුලේ නිදන සඳ
රැය මැවූ සිහිල් පිණි
දෙලවන් තෙමයි සිඹින ලෙද

නිමා වූ වසත් කල
අරුමයකි ගිමන් කල
මැකී යයි සරාසඳ
ඝන වලා වැතිරි සඳ

අයිතියක් පසක් කර
තුරුලෙහිම හොවා හිඳ
සුරැකි මුත් පන කෙන්ද
යලි අතැර නොයෙන ලෙද

කුලියට ගත් කුනප කය
කල් ඉකුත් වූ කලට
අප අතැර යයි දිනෙක
නොදන්වා රහසින්ම

ඉසූ


.

Monday, March 14, 2016

නෙලුම් යායක් නැවුම් හෙටකට පිපී හිනැහෙනවා...................


පිපී හිනැහෙනවා...............
සියගණන් මල් එකම යායට පිපී හිනැහෙනවා...............

හමායන මද පවන මුහුකොට
අපේ සුසුව බෙදා ලෝකෙට
නෙලුම් යායක් නේක පෑයට 
පිපී හිනැහෙනවා..................... පිපී හිනැහෙනවා.

"අ"යනු  "ආ"යනු සමව අරගෙන
කවි කතා රස ගඟුල පාදන
තර්ක හා සංවාද අතරින
අනාගත ලොව දිශාගත වෙන
නෙලුම් යායක් අලුත් ආරට
පිපී හිනැහෙනවා..................... පිපී හිනැහෙනවා.

විසිර විහිදුණු ලොවේ නන්දෙස
අපට හරියන අපේ අදහස
වැට කඩොලු මායිම් නොවන ලෙස
ලියන්නෙමු අපි සොයා නිදහස
නෙලුම් යායක් නැවුම් හෙටකට
පිපී හිනැහෙනවා...................
සියගණන් මල් එකම යායට
පිපී හිනැහෙනවා................... පිපී හිනැහෙනවා.


තුෂාර විතාරණ



පසු සටහන - බ්ලොග් ලෝකයම හොල්ලන අලුත් ම සාකච්ඡාව නෙලුම්යාය බ්ලොග් සම්මාන උලෙළ බව දැන් කිසිම බ්ලොග් ලියන්නෙකුට කියවන්නෙකුට රහසක් නොවේ... මාර්තු 26 වෙනිදා, ඒ කියන්නේ හරියට ම තවත් දවස් 12 කින් එලැඹෙන සෙනසුරාදා දහවල් 2.00 සිට කොළඹ 05 කිරුළපන පාර අංක 163 හි පිහිටි ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇති 2015 වර්ෂය සදහා වූ බ්ලොග් සටහන් වෙනුවෙන් පිදෙන බ්ලොග් සම්මාන උලෙළ සදහා බ්ලොග් ලියන කිවයන මෙන් ම බ්ලොග් ලිවීමට කියැවීමට හිතන ඔබ සහ ඔබේ මිතුර මිතුරියන් සියලු දෙනාට නෙලුම්යාය සහෘද කැල වෙනුවෙන් කරන්නා වූ සුහද ආරාධනයයි මේ..............

(ටිකක් බරපතල වුණාද වැඩි ද මන්දා.... ඒත් මේ විදිහට කවුරුත් ම ලියලා තිබුණේ නැහැනේ..... ඒකයි මෙහෙම ලියුවේ.... )

වැඩි විස්තර සදහා අපට හිතට අල්ලලා ම ගිය කමියාගේ බැනරය ද අජිත් අයියාගේ ආරාධනා ලිපිය සටහන් බ්ලොග් ලිපියද මෙලෙස එල්ලා තබන්නෙමු...


ස්තූතියි
මෙයට සේවා ලැදි
කුරුට්ටෝ.



වැඩිවිස්තර සදහා -  නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2015
.

Sunday, March 13, 2016

වේදිකාවෙන් බැස ගියා නුඹ............


දනිමි ගෝසා නොකර යන වග
අහිමි වූවා යැයි කියා මම
පයට පෑගෙන වියලි කොලයකි
නුඹට මා දැන් දිරාපත් වුන

සෙනේ පිදුවා කියා සිතමින
වෙලී ඇදුනේ නුඹේ පසුපස
දැනෙන විට මං මුලා වුන වග
අස්සයා පැන ගොස් බොහෝ දුර

ප්‍රේමයේ දෙව්රුව කියා නුඹ
පිදුම් ලැබුවේ සිය දහස් වර
අමුතු දෙවියන් ලෙසින් රහසෙම
මරා දැමුවේ මගේ හදවත

ලොවේ මිහිපිට සිටින උත්තම
පරම පිව්තුරු පිරිමි චරිතය
හීන් සීරුවෙ රංගගත කොට
වේදිකාවෙන් බැස ගියා නුඹ


ඉසූ



.

Thursday, March 10, 2016

ජීවිතේ උඩු අතට ඇදි ඇදී යනවනම්, මං හිඳී නුඹ ළඟම ආදරේ ගුලිකරන්



පෙර වගේ යළි යළිත් නුඹ හිතට  එබෙනවා
අළු ඇතුළෙ වැහුනු ගිනි පුපුරු එලියට පනිනවා
හිත හොරෙන් දිව යන්න දොර අගුලු අරිනවා
ඇසිල්ලෙන් හිත නුඹේ පසු පසින් ඇදෙනවා

මගෙ වගේ නුඹෙ හිතෙත් ආදරේ තිබුණාද
නොකී රහසක් විලස දැවි දැවී උන්නාද
අපි අපිට හමු උනේ පතා ආ ලෙස නොවෙද
ඒ නිසා ළං වෙන්න වරම් අත නූනාද

ජීවිතේ උඩු අතට ඇදි ඇදී යනවනම්
මං හිඳී නුඹ ළඟම ආදරේ ගුලිකරන්
යළි හැරෙනු බෑ සොඳුර එක හිතට නතු වෙමින්
සමු ගනිමු මතු බවෙක මුණ ගැසෙන තුරු ඉතින්


ඉසූ


.

Tuesday, March 8, 2016

මේකේ තියෙන්නේ අප මහා බුදුරදුන්ගේ දන්ත ධාතූන් වහන්සේනේ සර්....... හත්තිලව්වයි ඒකද????



හෙලෝ.....................
මං මේ කතා කරන්නේ හිටපු කෙනා
මේ  මහනුවර මාලිගාවද????

ආනේ බුදු සර්.......
කොච්චර කාලෙකින් ද කටහඩ ඇහුවේ
දැන් ඉතින් සර් කට උත්තර දෙනවා විතරනේ
අපිට කටහඩ අහන්නවත් දෙන්නෑනේ....

මේ මේ විකාර කතා කරන්න එපා බං
ඔය මාලිගාව කොතනද තියෙන්නේ...?

මෙව්වත් මාලිගා ද සර්
සර්ලටනේ මාලිගා තියෙන්නේ.
කොළඹ එක නං කොල්ල කෑවා නේද...?
ඔය කොළඹ එක හදපු සල්ලි දාලා 
ගමේ එක හදාගන්න තිබ්බේ සර්..........

මේ මගුලක් කතා කරන්න එපා බං
ඔය මාලිගාවේ මොකක් ද තියෙන්නේ
හරියට ම කියහං මට මොකක්ද තියෙන්නේ.

ඇයි සර් මතක නැද්ද
මේකේ තියෙන්නේ අප මහා බුදුරදුන්ගේ
දන්ත ධාතූන් වහන්සේනේ සර්.......
ඇයි අර ඒ කාලේ හැමදාම සර් ඇවිත්
බිම දිගාවෙලා වැදලා ගියේ හෝ ගාලා...

ඒ කියන්නේ ඕකේ තියෙන්නේ 
ජය ශ්‍රී මහා බෝධිය නෙමෙයි ද බං
බලහංකෝ මේ අමන හැත්ත මට කියන දේවල්.....

හරි හරි.......... දැන් කියහං  අපේ පොඩි එකා
අර ඒ දවස් වල උඩ යවපු රොකට් එකේ
කෑල්ලක් හරි ඔය පැත්තට වැටුණාද,,,,,?

නෑනේ සර් ඒක ආගිය අතක් නෑනේ
ඒකෙන් කාටවත් කරදරයක් වුණේ නෑ..

හරි එහෙනං අපේ දෙවැනියා මුහුදු යද්දි හරි
අර ඇඹරිච්ච බෝලෙට ගහද්දි හරි 
ඔය පැත්තට මොනවා හරි දෙයක් වුණාද.....?

නෑනේ සර් මෙහෙ මුහුද නෑනේ.
ගහපු බෝලයක්වත් මෙහෙට ආවේ නෑ...

එහෙනං අපේ ලොකු එකා............

අන්න ඒක තමයි සර් අවුල...
අර කාර්රේස් පැදපු සිද්ධියේදී
මාලිගාව ඉස්සරහා තමා ඒක කළේ.
නුවර ටවුමම වහලා වැලි කොට්ට දාලා
රුං රුං ගගා ලබ්බෝ ගිනි පැද්දේ...

ඔය ඔය.... කොහෙන් හරි මොකෙක් හරි 
කොතන හරි ගෑවිලා ඉන්නවා
හරි දැන් ඔය කියන පාරෙත් වැලි දාලා
ඔය ගිනි පැද්දද අපේ ලොකු එකා.

නෑ සර් අපි ඒ පාර දෙන්නම හැදුවා
ඒත් කොහෙත් ම ඕන නැති නිසා
ඒක එපාම කිව්වා සර් ලොකු බේබි

අන්න අපේ එකාටත් මොලේ තිබිලා
දැන් දාහං ලොකු අකුරින් පත්තරේ
ඔය පාර අරිනවාට මං විරුද්ධයි.................... 



කසුප් අනුරාධ


.

Related Posts Plugin for WordPress, Blogger...