Sunday, December 27, 2015

පසුකර යයි සියැටෙල් ...........................


ඉවක් බවක් නොමැති මිනිසා
දැදුරු කරමින් සියත් රාවය 
හෙළා මිහිමත වන පියස
තාර ලා එළා පැදුරු මාවත්

පරිසර හිතකරය ලේබල් ලාගෙන
දුම් ගොබ දමා මහමග ඉගිලෙන
ලොරි රථ බස් රථ මෝටර් රථ
පසුකර යයි සියැටෙල්ලා හෙටත්.......


හසිත හර්ෂණ


.

44 comments:

  1. කොතෙක් මාවත්, ගොඩනැගිලි හැදුවත්
    සියොතෙකුගේ ගී රාවයක්
    හරිත පැහැ තුරු වියනක්
    නැති ලෝකයෙන් ඇති ඵලය කිම.

    නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න අයියේ............. අර තුෂාර කියන සම්පත් බැංකු ගොඩනැගිල්ල දිහා බලාගෙන ද ලියුවේ......

      Delete
    2. හැක්... ඒකෙ මේ දවස්වල බලන්න දෙයක් නෑ. 30 තමයි ඕපනිං එක තියෙන්නෙ.

      Delete
    3. අන්තිමේ තුෂාර අයියගෙ හීනේ හැබෑ වෙලා හැමතැනම සම්පත් බැංකු හදනවද

      Delete
    4. අන්තිමේ තුෂාර අයියගෙ හීනේ හැබෑ වෙලා හැමතැනම සම්පත් බැංකු හදනවද

      Delete
    5. අනිවා සබරේ........ මේක අපේ තුෂාර අයියාගේ හීනයකටත් වැඩිය ප්‍රසන්න අයියාගේ හීනයක් කියලා විදානේ කියනවා... විදානේ උදේ 9 ට විතර වැඩ අැරිලා ගෙදර ඒද්දි ප්‍රසන්න අයියා හූල්ල හූල්ල ඔය බිල්ඩිම දිහා බලාගෙන ඉන්නවාලු..... හා නැද්ද ...?????

      Delete
    6. වැඩට යනගමන් ලෙස නිවැරදි විය යුතුයි...

      Delete
    7. කිව්වත් වගේ විදානෙ අයියා නයිට් ඩියුටිද. උදේ 9ට ඕෆ් වෙන්න

      Delete
    8. කුරුටු, මේක ඕපන් කරනකල් බලාගෙන ඉන්නෙ කුට්ටිය ගිහිල්ල දාන්න.
      විදා, සබරේ,
      විදානය වැඩට යන්නෙ එන්නෙ දෙකම කරන්නෙ උදේ 9 ට තමයි. වැඩේ අහුවෙනවට වැඩට යනගමං නවත්තන්නෙ නෑ.

      Delete
    9. ප්‍රසන්න අයියා....

      මේකයි සිද්ධිය විදානේ වැඩට යන්නේ හරිම හදිස්සියෙන්නේ..... මොකද ඒකට පොඩි වෙලාවයිනේ තියෙන්නේ.... ඒත් ගෙදර යන්න වැඩ කරන පැය 8යි තව කලුවර වැටෙන්න කලින් තියෙන පැය දෙකකුයි තියෙන නිසා ගෙදර යන්නේ හරි හිමීට.... ඒකයි යද්දි ඒ පැත්තේ ඒන්නේ.....

      Delete
    10. යනගමං මගදි දෙකක් නමාගෙන එහෙමලු යන්නෙ.

      Delete
    11. ඔව් ඔව්................ බයිට් මදි වුණාමලු ප්‍රසන්න අයියලාගේ දිහාවේ ගොඩ වෙන්නේ...... අනේ මන්දා විදානේ කියන දේවල් තමයි ඉතින්.......

      Delete
  2. අන්තිමට චිනයේ බිජිං නුවර වගේ හුස්ම ගන්න ඔක්ෂිජන් බොතල් කඩෙන් ගන්න වෙයි...

    ReplyDelete
    Replies
    1. සියැටල් කිව්වේ මේක තමා....... අදවෙනකොට ලෝකය......

      Delete
  3. ලස්සනයි මචන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං............

      Delete
  4. මේක දකිද්දී මට සින්දුවක් මතක් වෙන්වා

    ඕං රීං කට්ටු කට්ටු
    ඔහෙලගෙ මොලවල පිට්ටු පිට්ටු
    මෙන්න දැම්මා අපි තට්ටු තට්ටු
    වෙයි ලගදිම හැම මට්ටු මට්ටු

    මේකෙ ඉතුරු ටික මතක නෑ අනේ අපේ සින්දු ආවොත් අහගම්මු.

    ලස්සනයි කුරුටු .

    ReplyDelete
  5. මේක දකිද්දී මට සින්දුවක් මතක් වෙන්වා

    ඕං රීං කට්ටු කට්ටු
    ඔහෙලගෙ මොලවල පිට්ටු පිට්ටු
    මෙන්න දැම්මා අපි තට්ටු තට්ටු
    වෙයි ලගදිම හැම මට්ටු මට්ටු

    මේකෙ ඉතුරු ටික මතක නෑ අනේ අපේ සින්දු ආවොත් අහගම්මු.

    ලස්සනයි කුරුටු .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සබරේ..............

      සින්දුවා අාපු ගමන් අඩුව පුරවයි..... ජයවේවා

      Delete
  6. //සඳ තරණය කලද, පිටසක්වලට පණිවිඩකරුවන් යැවූවද, අඟහරු මත ගවේෂණයෙහි යෙදෙන කියුරියෝසිටි ආදී රෝවරා මෙහි සිට පාලනය කලද, ස්වභාව ධර්මයට මිනිසා තවමත් තමන්ට රිසි පරිදි රිසි මොහොතක තලාපෙලා දැමිය හැකි කුරා කුහුඹුවකු පමණකි. අප ස්වභාව ධර්මයා තම අණසකට නතුකොට ගැන්මට දරණ අනවරත ප්‍රයත්නයට තම ප්‍රතිචාර ලෙස ස්වභාව ධර්මයා විරින් විට මිනිසා කොපමණ නොවැදගත් අසරණයකුද යන්න අපට සාහසික ලෙස මතක් කොට දෙයි.//
    උපුටාගැනීම-
    http://economatta.blogspot.com/2015/12/blog-post_26.html?showComment=1451153434662#c610444294627538884

    ReplyDelete
    Replies
    1. ඉකොනොමැට්ටා කියලා තියෙන්නේ පිරිසිදු අැත්තක්....... අපි ස්වාභාවධර්මයට විරුද්ධ වෙමින් කොච්චර දියුණු වෙන්න හැදුවත් අන්තිමට අපි පැරදිලා විතරයි..

      Delete
    2. කමෙන්ටුුව රවී අයියගෙ.

      Delete
    3. අා........... පෝස්ටුවක් නෙමෙයි කොමෙන්ටුවක්.......

      Delete
  7. අර තුසාරයගේ ලදරමේ පෙටෝ එකක් දැම්මේ ඇයිා???

    ජ ය වෙව්ව ා ා ා !!!!

    ReplyDelete
    Replies
    1. බොට ඒකෙ බෆර් එකට ගේමක් දෙන්න ආසාවක් ඇති උනාද මල්ලි?

      Delete
    2. ප්‍රසන්න අයියා කතාව දන්නවැයි........

      විදානයාට තාප්ප ගේට්ටු ඒහෙම පේන්න බැහැ.... අර වැඩේට අැවිල්ලත් කාර් ඒකේ ඉස්සරහා හයියද බැලුවා....... හැක්....

      Delete
  8. සියැටල්ලා කියපු දේවල් අද හුඟක් ඇත්ත වෙලා තියෙනවා. ඉස්සරහට මීට වඩා දේවල් වේවි. ඒකයි අවාසනාව.

    ReplyDelete
    Replies
    1. දිනේෂ්............

      ස්වාභාවධර්මය විනාශ කිරීම අපේ අවසානය කියලත් අපි දන්නවා.... ඒත් අපි ඒකම කරමින් ඉන්නවා... ගෝලීය උණුසුම වැඩි වීම නවත්තන්න අපි සමුළු තියනවා... හැබැයි අපි ඒකම කරමින් ඉන්නවා.... පරිසර දූෂණය නවත්තන්න අපි ම නීති ගේනවා.. හැබැයි අපි ඒකම කරමින් ඉන්නවා..

      හරියට කුඩු ගහන ඒකේ අාදීනව ගැන දැන දැන කුඩු ගහන මිනිස්සු වගේ......

      Delete
  9. සල්ලි කන්න ඕනලු ඉක්මණට
    ඒකලු එහෙම කරන්නෙ

    ReplyDelete
  10. ඇත්තටම අපේ මිනිස්සු පුලුවන් පොඩි ගමනක් යන්න වත් පුශ් බයිසිකලේ පාවිච්චි නොකලොත් චීනෙට වෙච්ච වැඩේ වෙනව ලඟදිම..

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සු තත්වය ගැන මනින්න පුරුදු වෙලා ඉන්නේ වාහනෙන්...... ගෙදර හැටියට..... අදින අැදුම් වලින්... ඉතින් මොන ෆුට් සයිකල්ද සාජ්ජා.....???? මුංගෙ මොල වෙනස් කරන්න වෙනවා......

      Delete
  11. Replies
    1. ස්තූතියි විශ්...................

      Delete

  12. පහන් පින්කම

    පින්කම් කරන්නේ මේ පුදුම රටේ
    අමුතු විධියකටයි
    දැල්වෙන පහන්
    ගංඟා දියේ ගලා යවන්නේ
    ඉතිරෙන භක්තිය නිසයි
    විචාර බුද්ධියෙන් තොර හිස් මිනනිසුනේ
    ජලාශ අපවිත‍්‍ර කරන්නේ
    පහන් ලක්‍ෂයේ පූජාවන් තෙල්මංඩි සමග

    ReplyDelete
    Replies
    1. විකාර විකාර............. කරන බහුතරයක්ම විකාර......

      Delete
  13. ඕවා කියලා පයින් යන්ඩ පුළුවන්ද??? තත්වෙට මොනවාහරි වුනොත්?

    ReplyDelete
    Replies
    1. අනිවා රූපේ.............. තෙල් ලීටරයෙන් කිලෝමීටරයක් දෙකක් දුවන ඉන්ටකූලරයකින් තමා යන්න ඔ්නේ... ඒතකොටයි පොරක් වෙන්නේ බොල.........

      Delete
  14. සියැටල් පසුකර යන්නේ විනාශය දෙසට නේද?
    අර්ථවත්
    ජයවේ කුරුටු!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ.............

      මනාගේ අලුත් සින්දුව අැහුවා.... අගෙයි..... සුභ පැතුම්...

      Delete
  15. දෙසැම්බර් විසිහය වෙනිදට ගැලපෙන කවියක්.. ලෝකය ඉස්සරහට යනවා කියලා ආපස්සට යනවද මන්දා..

    ReplyDelete
    Replies
    1. අපි විනාශ වෙන්නේ අපේම මෝඩකම නිසා....... මොනවා කරන්නද කමියෝ....... මිනිස්සු මේවා කරන්නේ දැන දැන...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...