Sunday, August 2, 2015

නොවෙමි මම තවත් තරුවක් ඔබේ ලොව දිලෙන ..............



දිවි ගමන සරි කරන  
සොඳුරු සිතුවම් දහන
මැවි මැවී මැකී යයි
දින දිනම හද පහන
මිලින මල් දම් විලස
වියළිලා සිත සිහින
සැනසුමේ සුසුම් පොද
ක් වෙලා වැලි කතර ..............

සිහිනයෙන් හැඩුම් යි
උණු කදුළු දඟ කරන
කකියවයි නෙත් කෙවෙනි
තව තවත් පාරගෙන
ඔබේ රැවටුම් සුසුම් 
තැවරිලා සියොළගම
මුසා රැවටිලි නුඹේ
පාරවයි සිත් දෑල .............

නාදුනන උන් ලෙසින්
අමතක ව අතීතය
රගන රැඟුමන් වියරු
අාදරය රවටාන
උස අහස දිලෙන තරු
පොකුරු හිමි සඳු සොයන
නොවෙමි මම තවත් 
තරුවක් ඔබේ ලොව දිලෙන ..............



කාංචනා චන්ද්‍රසේකර


.

17 comments:

  1. මටම හිමි සඳක් ඇත
    කොතැන හෝ මේ නුවර....

    ලස්සනම කවියකින්
    සරසලා ගී පවුර
    ජයවේ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ අගය කිරීමට........

      කොහේ හරි ඉන්න ඒපායෑ නේද?????

      Delete
  2. තවත් තරුවක් නොවී ඉන්න එකම තරුව වෙයි දවසක

    ReplyDelete
    Replies
    1. ඒහෙම ඉන්න තමා හැමෝම බලන්නේ කිචියෝ

      Delete
  3. තරුපතිලා මැද්දේ එකම තරුවක අයිතිකාරයෙක් වෙන්න හදන අයත් නැතිවෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් කසුට්ටා................. හැමෝම ඒකවගේ නැහැනේ නේද????

      Delete
  4. ලස්සනයි .. කවි කියවද්දී මටත් ලියන්න ආසයි,, අනේ මන්දා බන් දැන් කිසිම දෙයක් හිතෙන්නේ නෑ,, කන්න හැර අනිත් හැමදේටම කම්මැලි

    ReplyDelete
    Replies
    1. ඔමා................... ලියමුකෝ අලුත් කවියක් දෙකක් අපිටත් කියවන්නත් ඒක්ක....... ඔය කන ඒකත් සීමාවක් තියාගත්තොත් හොදයි.... නැත්තං වැඩි කාලයක් සතුටෙන් කාලා බීලා ඉන්න බැරි වෙයි.... හැබැයි කම්මැලිකමනම් ටිකක් බලාගන්න වෙන තත්වයක් වගේ......

      Delete
  5. ලස්සනයි කුරුට්ටෝ

    කාංචනා අක්කගේ උපන්දින තෑග්ගදෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍ර.................

      උපන්දින තෑග්ග ගැනත් මතක තිබුණා නේද????

      Delete
  6. කාංචනා අක්කා, කාලෙකින් නේ ..

    සොඳුරු නිර්මාණයක් ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සදරු.............

      මේ වචන ලොකු හයියක්...

      Delete
  7. කවිය බොහෝම ලස්සනයි. ඒ ගැන දෙකක් නෑ කංචෝ.
    (ඒත් මේ මොකද මේ රේල් පීල්ලට බෙල්ල තියාපු ගෑණු ළමයෙක්?)

    ReplyDelete
    Replies
    1. බොහොම දෙනෙක් බෙල්ල තියලා ඉවරයි දැන්..... තාම තේරෙන්නෑ.... තේරෙද්දි ටිකක් කල් වැඩියි මාධවියෝ.............. මාධවිත් ඒහෙමද දන්නෑ...

      Delete
  8. එල ද බ්‍රා...
    තවම මට ටියුබ් ලයිට්

    ReplyDelete
  9. නන්නාඳුනන ලෙසින් මඟ තොට යලිත් හමුවෙලා... මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා...

    ReplyDelete
  10. නොවී තව එක තරුවක්
    වෙයන් පුර හඳක් අඳුරු ලෝකෙට එළිය දෙන්නට.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...