Saturday, July 25, 2015

බත් කාලා කන්න පුඩිං..............................



මතකද මුල් ම කාලේ
හැම දේම අතට පයට
බත් ක බෙදලා දෙනවා විතරද
කවන්නද කියලත් අහනවා.
බත් කාලා කන්න 
පුඩිං, වටලප්පං, ජෙලි හෝ ගාලා.
සීනි වලට වතුර දාපු තේ ඒක 
අතට ම ගෙනැත් දෙනවා
පොවන්නැති ටික විතරයි ..........................

මතකද ඊට පස්සේ

සැලකිල්ල අඩුවුණාට
කෑම ටික නං රහට ලැබුණා
තේ කත් වෙලාවට නවා
ජෙලි පුඩිං නැතුවත් 
කෙහෙල් ගෙඩියක් තියෙනවා
කැටයං නැතුවට බඩ පිරෙනවා.......................

ඒත් දැන්

හදිස්සියකට කෝල් කරාට 
ෆෝන් කවත් උස්සනවද ?
බත් කවනවා තියා 
බත් ක බෙදලාවත් දෙනවද ?
තේ .............
දෙතුන් පාරක් ඉල්ලනකල් ලැබෙනවද ?
මොන පුඩිංද
ටොපියක්වත් ගෙනැත් දෙනවද ?


තුෂාර විතාරණ




.

33 comments:

  1. ඔව්වා ඔහොම තමයි බන්!
    අඩුගානේ උයනවත් මදැ?

    ReplyDelete
    Replies
    1. ඒක හරි....................... උයන ඒක නවත්තපුදාට මං උයලා දෙනඒවා කාලා ඉන්නවාවත් මදෑ කියලා හිත හදාගන්නවා නේද රූපේ..............?????

      Delete
  2. කුස්සිය පැත්තට ගිහින්, පොල් ටිකක් ගාලා දෙනවද? ළූණු සුද්ද කරලා දෙනවද? බෝංචි කඩලා දෙනවද? ගේ අතුගානවද? වැලේ තියන රෙදි ටික ගෙට ගේනවද? ඔව්වා නොකලොත් අරවත් නෑ.

    ReplyDelete
    Replies
    1. පොල් ගානවා..... ගේ අතුගානවා..... ගේ අස්පස් කරනවා.... කියන කියන බඩු කඩේට ගිහින් ගේනවා...... හැබැයි කුස්සිය පැත්තට වැඩිය යන්න බැහැ.... මගේ අතින් මොකක් හරි වරදිනවා.... ඊට පස්සේ ඉතින් බඩ පිරෙන්න අහගන්න වෙනවා.... ඊට හොදයි ගේ ඒහෙම අතුගාලා අහිංසක විදිහට ඉන්න ඒක....... ඒ මදිද විචාරකතුමෝ

      Delete
  3. මට පේන්නෙ උඹටනම් ටොපිය සෙට් වෙලා වගේ...කෝ මේ කාංචනා...ආවාම එන්නම්කො බොලාල දෙන්නව බැහැදකින්න...

    මේව අහනකොට බයත් හිතෙනව බංස්ලා...අපෝයි...

    අසංක

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++
      (පව්................නේ?)

      Delete
    2. මෙහෙමයි අසංක අයියා.................

      මොනවා ඉල්ලුවත් කමක් නැහැ පුඩිං ඉල්ලන්න ඒපා... දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාන හිටහං...............

      Delete
  4. පුඩිං වගේ උඩිං ගියාද ආදරේ

    ReplyDelete
    Replies
    1. ඒක අහන්න වෙන්නේ කාංචනාගෙන් තමා............... බලමු උත්තරයක් දෙයිද කියලා....????

      Delete
  5. මටත් පේනනෙ ටොපිය හරි වගේ. ‘අපිට මොන පුඩිං ද බළලෝ‘ කිව්වලු. උපන් දිනේත් සුබ පතලා කවි ලියලා බැලුවා. ම්හු...ඒත් නෝ පුඩිං. ‘දුක තමා රංජනී‘ කිව්වලු. හිකිස්!
    (අපි කාපු පුඩිං උඹලත් කාකො කියන දුෂ්ඨ චේතනාව තමා මේ..හරිද...................)

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ මධුවෝ....................

      පුඩිමක් හදලා දෙන්න කියලා දැන් මාසයක් විතර කිව්වා... හැමදාම මොකක් හරි වෙනවා.. අන්තිමට පුඩිමක් හැදුවා... ඒක ටිකක් තිත්ත වුණා කියලා විසි කරා..... අනේ යකෝ.... තිත්තනම් ඉවසං කන්න තිබුණානේ.... බැරිම තැන තමා මේක ලිව්වේ.... ඒත් තාම ලැහැස්තියක් නැහැ..... බලමු අදවත් අද ඉරිදානේ...... (උපන්දිනේට කරන්න පුළුවන් හැම දේම කරා.... ඒත් පුඩිං නෑ..........)

      Delete
    2. වයසක මිනිස්සුන්ට මොන පුඩිංද බං....හොඳ නෑ.දියවැඩියාව....ඔය දියවැඩියාවේ අතුරුප්‍රතිඵලත් තියනවනේ.ඒ නිසා වෙන්න ඇති මධාවියාට පුඩිං නැත්තේ....

      Delete
    3. අන්න නියම කොල්ලා අාවා..... මේ දේවල් තේරුම් ගන්න ඉතින් උඹට වගේ වර්ධනය වුණ මොළයක් තියෙන්නම ඔ්නේ..... කියපං උඹට මොන පුඩිමක්ද ඔ්නේ????/ අම්මපා බැරි වුණත් මං හදනවා උඹට පුඩිමක්.... මේ කියපු කතාවට ........ ඔව් ෂුවර්

      Delete
    4. අඩෝ කසුට්ටා, අපි ඔය කොයි පුඩිමත් කාපු පොරවල් හරිද? උඹලගේ මේ කාලෙ වෙනකොට උඹලට පුඩිං තියා ‘උඩිං‘ වත් නැති වෙයි මොකවත්, හරිද? ආව මෙතන පුඩිං හදන්න..හුහ්.

      Delete
    5. අන්න කසුට්ටාට අභියෝගයක්... පුඩිං නැතුව හරි මේච්චර කල් පවුල් කාපු ඒකම කොයි තරම් දෙයක්ද කියලා කසුට්ටාට තේරුම් කරන්න ඔ්කා තාම පොඩි වැඩියි මාධිවියෝ... තාම ප්‍රේම ගීත ලියන කාලේ කොල්ලානේ..... තව කල් ගියාම තේරෙයි......???? කසුට්ටා හූ..........

      Delete
  6. ඒකත් මට දේසපාලනේටම ගලපන්න හිතෙනවා බං, අනේ මංද..

    අනේ අනිච්චං, අපේ තුශාරට වෙච්ච දෙයක්... හැක්, හැක්..

    ReplyDelete
    Replies
    1. ඔව් බොල දේශපාලනය වගේම තමා....... දේශපාලනය හොදයි බැලුවාම...... පවුල් කනවා කියන්නෙත් රටක් කරනවාට වඩා දෙයක්...... ඔ්වා තේරෙන කාලෙට මනෝෂ්ලත් අපිට මල් තියලා වදියි.....

      Delete
  7. සලකපං... සලකපං... නැත්නම් සැලකිලි අඩු වෙනවා......

    ReplyDelete
    Replies
    1. පැමිණීමත් හොදයි හැසිරීමත් හොදයි........... ඊටත් වඩා මොනවා කරන්නද බං??????

      Delete
  8. හැමදාම පුඩිං කනකොටත් එපා වෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ...... ප්‍රසා.........

      ඒ කාලේ ඒපා කිව්වත් පුඩිං හම්බෙනවා.. පුඩිං විතරක් යෑ.... වටලප්පං... තව තව ඒවා..... ඒත් දැන් පුඩිං දැකපු කාලයක් මතක නැහැ......

      Delete
  9. දැන් ඕවා දැක දැකද අසංකයත් කෝච්චියට බෙල්ල තියන්න හදන්නේ....?මිස් ෆයර් වුනාට පස්සේ වෙන මොනවකරන්නද ?

    ReplyDelete
    Replies
    1. කසුට්ටෝ මිස් ෆයර් වෙන ක්‍රම කීපයක් ම තියෙනවා....

      1 මිස් ෆයර් වීම - බිරිදට මල පැනීම

      2 මිස් ෆයර් වීම - වැරදි දේකට කට දැමීමට ගොස් අැණ ගැනීම

      3 මිස් ෆයර් වීම - නොපැතූ වෙලාවක පිය පදවිය ලැබීම....

      උඹ කෝකද දන්නෑ අසංක අයියා වෙනුවෙන් අදහස් කරේ......... හහ් හහ් හා............

      Delete
    2. මටනං ඔය කියපු 3 වෙනි එක වෙයි වගේ අනෙක් ඒව පැත්තක තියෙද්දී...හහ්...හහ්...හා...

      අසංක

      Delete
  10. ගෑණියෙක් වෙනුවට කුක් කෙනෙක් ගත්තම ඔහොම වෙනවා...

    ReplyDelete
    Replies
    1. යකෝ............ මාතා............

      කුක් කෙනෙක් ගත්තානම් පුඩිං හදන්න ඒපැයි...... කෝ දැන් පුඩිං නෑනේ.. ඒකනේ අවුල....

      Delete
  11. හීනවන ආන්තික උපයෝගීතාවය කියන්නෙ ඕකට වෙන්ඩැ
    හිහිහිහි

    ReplyDelete
  12. පුඩිං, වටලප්පං, ජෙලි හෝ ගාලා.
    සීනි වලට වතුර දාපු තේ ඒක

    හපොයි කුරුට්ටෝ ඔය තුෂාර අයියගේ ආරලා තියෙන බඩගෙඩිය දැකල නෙව අක්ක දැන් ඒවා දෙන්නැත්තේ

    ReplyDelete
  13. :D කාංචනාටත් ඉතින් කොයි තරම් වැඩද... නරකද තුෂාරත් පුඩිමක් හදන්න, උයන්න පිහන්න එහෙම ටිකක් ඉගෙන ගත්තොත්... හි... හි...

    ReplyDelete
  14. අපිට කොයින්ද පූසෝ මාලු.... අපි යනවද මූදු ඇහුවලු.....

    ReplyDelete
  15. මට නොවේ
    ඔබ ආදරේ කලේ..
    මගෙන් ලද ආදරේට පමණයි
    ඔබ ආදරේ කලේ..
    මට නොවේ..
    පෙර හැන්දෑවක ඔබ හමු වන්නට
    මා නොපැමිණි දවසේ
    පසුදා තරහින් නොදොඩා හිටියේ
    කිමද කියන් ලදුනේ.. ආදරේ නම්..
    මට නොවේ..
    පුංචි පුතා අපෙ ලොවට එකතු වී
    මවු පදවිය ලද දා
    මා අමතක කොට සුරතල් බැලුවේ
    කිමද කියන් ලදුනේ.. ආදරේ නම්..
    මට නොවේ..

    ගායනය - නිමල් ගුණසේකර

    ReplyDelete
    Replies
    1. රූං පෙත්ත කැරකෙනවා කෝම් පිට්ටු ඉඳිවෙනවා
      අම්මි නුඹට සුරංගනා කතා කියනවා

      පුංචි පුතේ නුඹ ආපසු
      අම්මි හුඟක් වෙනස් වෙලා එදා වගේ නෑ...
      මාත් එක්ක බොළඳ වඳන් දැන් කියන්නේ නෑ

      සුදු කොට රැළි ගවුම ඇඳන් පාසැල් ගිය කාලේ වගේ
      හිනා වෙන්නේ නෑ
      නුරා රැඳුනු කෝළ බැලුම් දැන් හෙලන්නේ නෑ

      ගායනය - දයාරත්න රණතුංග

      Delete
    2. මේ වහින්නේ එදා මල් වරුසාවමයි
      මහළු නොවනා පෙම්වතුන්ගේ
      සොඳුරු මල් වරුසාවමයි
      එදා මල් වරුසාවමයි
      මේ වහින්නේ............

      ජිවිතේ දෝතින් දරා අපි
      එදා පෙම් බස් මිමිණුවේ
      සිරිපොදේ හීතලෙන් අවදිව
      ජීවිතේමයි හිනැහුණේ

      එදා මල් වරුසාවමයි මේ
      මුවාවක් ඇයි සොයන්නේ
      එක වහල යට එකතු වූ දා
      එක කුඩේ ඇයි මදි වුණේ

      ගී පද - සීතා රංජනී
      සංගීතය - රෝහණ වීරසිංහ
      ගායනය - දිපිකා ප්‍රියදර්ශණී

      Delete

Related Posts Plugin for WordPress, Blogger...