Sunday, February 22, 2015

හනිමූන් කිචිය......!!!


 
( අළුත විවාපත් යුවළක් සිය මධුසමය සඳහා පිටත්ව යති. හෝටල් කාමරය තුළදී සියළු දෛනික කාර්යය වලට පසුව දෙදෙනාම ඇඳට ගොඩවී විවේක ගන්නාහ. සුන්දර රාත්‍රිය ඇරඹෙයි. මනමාලයා මනමාලිය වෙත හෙමින් කිට්ටු වෙයි. එහෙත් මනමාලයා එතෙක් නොදන්නා කරුණක් ඇත. එනම් මනමාලියට අධික ලෙස හංකිති ඇති බවය )


මනමාලයා : එන්නකො සුහදේ තවමත් කෝල නොවීලා
මනමාලිය : මොනව කියනවද මන්දා මෙයා ඇවිල්ලා
 
මනමාලයා : ඉඹින්න ආසයි ඔයාගෙ මූණ සුරතල 
මනමාලිය : ඉන්නකො පොඩ්ඩක් ඔයාට ඇයිද කලබල
 
මනමාලයා : එන්න ළඟට එන්න ළඟට මගේ ප්‍රේමියේ 
මනමාලිය : මේ මළ කෝලං ඕවට හිත නැතේ මයේ

 

( මනමාලයා බලෙන්ම මනමාලියව ළඟට ඇදගෙන සුරතල් කිරීමට පටන් ගනී. ඔහු එහෙන් මෙහෙන් ඇගේ සිරුර අතගාමින් බදාගනී. අනතුරුව... )
 
මනමාලිය : හිකි...හිකි...හිකි...හීහීහීක්ක්ක්...හිකි...හිකි...හිකි...

 

( අසාර්ථක උත්සාහයකින් පසු මනමාලයා පසුබසියි. ටිකකින් ඔහු නැවත සටනට අවතීර්ණ වෙයි )
 
මනමාලිය : අනේ එපා...හිකි...හිකි...හිකි...අපෙ අම්මෝ...හීහීක්ක්...හිකි...හිකි...

 

( මධුසමය විනෝද සමය වෙයි. මනමාලයා කළකිරෙයි. කිසිදු වැඩක් කරගැනීම බැරි වූ ඔහු තරහෙන් අනෙක් පස හැරී නිදාගනී. මනමාලියද කිසිවක් නොකියා නිදාගනී )

පසුවදා උදේ...


මනමාලිය (දුකෙන්) : අනේ ඔයා තරහද මා සමග වස්තුවේ


මනමාලයා (තරහින්) : ඉන්න දෙනවදැයි මා හට මගේ පාඩුවේ


( කිසිවක් කර මනමාලයා යාළු කර ගැනීමට නොහැකි වූ තැන මනමාලිය අපූරු උපක්‍රමයක් යොදයි. ඇය ගීතයක් ගැයීමෙන් මනමාලයා සතුටු කිරීමට සිතා ඔහුගේ කනට කර ළයාන්විතව ගීත ඛණ්ඩයක් අලංකාරව මුමුණයි... )


මනමාලිය : " මට මුළු ලොවම ඔබයි....හ්ම්...හ්ම්...හ්ම් "
 

( මනමාලයාට එය ශ්‍රවණය වීමත් සමග වෙසමුණියා ආවේශ වෙයි )



උඹට මුළු ලොවම ඔබනකං ඉන්න පුළුවන්... මම ටිකක් ඇල්ලුවාම තමා කුචු...!!!


-අසංක ගයාන් අබේසිංහ-

58 comments:

  1. ඉඳහිට මමද ඔබයි .. කිව්වලු රූකා

    ReplyDelete
    Replies
    1. සජ්ජත් එහෙම කියනවලු...හැක්...හැක්...

      Delete
    2. ඔව්ව කියනවට වඩා හොඳයි මහේ කට.. ලං වෙයන් උඹේ පවුරෙ අතුල්ලගන්න :D

      Delete
    3. සඡ්ඡා බලාගෙන රැවුලේ ඉන්න මැක්කා මැරෙයි.

      Delete
    4. හහා, අපිට කොහෙද මෙන්ඩ එයා හොස්ටස් ලා...

      Delete
  2. කිති තියෙන්නෙත් වැදගත් මිනිස්සුන්ට බන්!!
    කවුරුහරි ඒකට බේතක් දන්නවනම් කියන්ඩ?? අනේ මට නෙවෙයි යාළුවෙතුට!!

    ReplyDelete
    Replies
    1. අනේ අනේ රූපේ...අපි නොදන්න උඹේ යාළුවා...කිචිය තියෙන්නේ උඹට නේ...ලැජ්ජ වෙන්නේ ඇයි බං...හොරෙන් කියපංකෝ...ඕව අරවන්න එකෙක් ඉන්නවා විදානේ කියලා...ඌව කොන්ටැක්ට් කොරලා දෙඥ්ඥං...

      Delete
  3. Replies
    1. ඒකට ස්තුතියි ෂර්මියා...

      Delete
  4. Replies
    1. බොහොම ස්තුතියි හිමා...

      Delete
  5. අහෝ බේදයකි ඉරි කල්ලකි තිත් කොට්‍යකි ...

    -----
    නියමායි

    ReplyDelete
    Replies
    1. මොකක්ද යකෝ මේ...ඒත් ඉතිං ස්තූතියි විභී...

      Delete
  6. හ්ම්...............දඟලන ලෙඩ්ඩුන්ට ඉස්පිරිතාලේදී බෙහෙත් දෙන්නේ ඇඳට තියලා බැඳලා.

    ReplyDelete
    Replies
    1. එක පාරක් ජාතිය ඇමතුවලු නේද ඉස්පිරිතාලෙදි?

      Delete
    2. විචාරකතුමා ඉස්පිරිතාලෙන්ද බැන්දෙ...හැක්...හැක්...

      Delete
    3. විචාරකතුමා තාම උදේට නෝනා අාදරයෙන් කෑම ටික කවනවා කියලා අාරංචියි... ඉතින් උදේට කන්නවත් අතපය ලිහන්නැද්ද අප්පා........

      තුෂාර

      Delete
  7. මළ මගුලයි.. බලපංකො අත්දැකීමෙන් දීපු විචාරක තුමාගේ උපදේශේ.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. විචාරකතුමා ඉතිං අත්දැකීම්, කකුල් දැකීම් බහුල පොරක් නොවැ...හැක්...හැක්...

      Delete
    2. ඇයි බොල කකුල් විතරක් හුහ් ..............

      Delete
    3. ආ...හා...ඔය අහුවෙන්නේ...වයසට ගියත් ඉතිං...හරිම ආදුරුසුමත් පුග්ගලයෙක් නොවැ...හැක්...හැක්...

      Delete
  8. හා හා හා , නියමයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත්...

      Delete
  9. අම්ම තාත්ත හොයල දීල අර දවස වෙනකල් වෙනමම ඉඳපු දෙන්නෙක් වගේ.. දැන් කාලෙ නං මෙහෙම වෙන්න බෑ !

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ අත්දැකීම් වෙන්ටැ...හැක්...හැක්...

      Delete
    2. ලිහන්න පෙර මල්ල ටිකක් ඔබලා බලන්නෙ නැද්ද ?

      Delete
    3. නැතුව...නැතුව...

      Delete
  10. අසංකයාට වෙන්නේ ඕකෙ අනික් පැත්ත. ඕං මං අද කිව්වා කියලා ලියාගනිල්ලා.
    (ඔන්න බලහල්ලකො මගේ පේටන්ට් එක ඩෙලිගේට් කොරලා තියෙන හැටි.)

    ReplyDelete
    Replies
    1. එහෙනං...එහෙනං...යස පේටන්ට් එක...හැක්...හැක්...මටත් ඔය කිව්වට බයේ බෑ මෙහෙම වෙයිද කියලත් මාධවියෝ...

      Delete
  11. රහමෙර තියෙන්නේ ඕකට තමයි

    සම්පූර්ණ කතාවම කවියෙන් කිව්වා නම් තමා වටින්නේ...

    ReplyDelete
    Replies
    1. රහමෙර පාවිච්චියෙන් කිචි අතුරුදහන් වෙනවද මාතේ...අත්හදා බලන්ට ඕනෑ...හැක්...හැක්...

      මුලින් හිතුවේ හතර පදෙන් මුළු කතාවම කවි කොරන්ට තමා...ඒත් ඉතිං පස්සෙ හිතුනා මෙහෙම කොරන්න...

      Delete
    2. අසංකයා එහනම් දෙකක් දාගෙන පලයන්.

      Delete
  12. උඹට මුළු ලොවම ඔබනකං ඉන්න පුළුවන්... මම ටිකක් ඇල්ලුවාම තමා කුචු.////
    ඒකනෙ ඒකනෙ.... හුහ් මේමත් කෙල්ලො
    හිහි.....

    ReplyDelete
    Replies
    1. කිචි තියෙන කෙල්ලන්ව යාළු නොකරගං...

      Delete
  13. මනමාලයා අයින් කරල මාව දාහං. නැත්නං මාතාව නං පුල් සුවර්..

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ කුචු කවාගන්නද...ඇරත් උඹ කොහොමද මාතා ෂුවර් කියල හරියටම දන්නේ...හැක්...හැක්...

      Delete
  14. ලෝක බඩ්ඩක් නොවැ.. :)

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා ඉතිං...ඒ අහිංසකීට කිචිනේ ඉතිං...

      Delete
  15. ඉතිං විදානේයා හනිමුන් දවසේ වෙච්ච සීන් එක උඹලට කියනවා කියපු ගමන් මම හිතුවා උඹලා ඌට මඩ ගහයි කියලා

    ReplyDelete
    Replies
    1. හපොයි අර ලඟදි තරු දෙකක් පායපු විධානේටද මේක වෙලා තියෙන්නේ ?

      Delete
    2. @ ඉවාන්

      අඩෝ අපේ විදානයට මොනව හරි කිව්වොත් මම තොපිට හුස්ම යනකම් කුචි කවනව හොඳේ...

      @ මැලේ,

      මොකක්ද බං තරු දෙකේ කතාව ?

      Delete
  16. Replies
    1. බොහොම ස්තුතියි වර්ණයෝ...සුපිරි කිව්වේ...කිචියද...හැක්...හැක්...

      Delete
  17. මුළු ලොවම ඔබයි කියපු එක...

    ReplyDelete
    Replies
    1. හැක්...හැක්...ඒක ඉතිං ගීත කොටසක්නේ වර්ණයෝ...හ්ම්...හ්ම්...තේරුණා...

      Delete
  18. හනේ පවු අහිංසක මනමාලය..

    ReplyDelete
    Replies
    1. පව් තමයි බං...මොකුත් කරගන්න බැරිවුණානේ ඉතිං...

      Delete
  19. අසංක...තූෂාරයා බැන්දද බං? පව් ඌ... ඉතිං උඔ බෙහෙත් ගත්ත තැනින්ම ඒ කෙල්ලට කිචියට බෙහෙත් අරන් දියන්කෝ...
    හනිමුන් දවසේ තුෂාරයට වෙච්ව අනිත් සිද්ධිය කිව්වේ නැද්ද?
    කොල්ලා ඉතිං සුද්දා වගේ මිනිහනේ...වැඩේ ඉවරවෙලා පර්ස් එක ඇරලා රැ 3000/=ක් ඇද වුඩට දැම්මලු..
    “මම කිසිදෙයක් නිකන් ගන්නෙ නෑ“ කියලා
    කෙල්ල රැ 1000/= ක් ආපහු දුන්නාලු
    “මම කවදාවත් වැඩියෙන් ගන්නෙ නෑ“ කියලා..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මළ හත්තිලව්වේ...මූ මට කිව්වෙවත් නෑනේ මෙන්ඩෝ...ඕකා අල්ලගන්නං මම ගමේ ගිය වහාම...තුෂාරයා...ඉන්නවනං මේවට උත්තර දීපිය...මෙන්න මුන් මඩ නාවනවා...

      මටනම් දැන් කිචිය අඩු වේගෙන යන්නේ...හැක්...හැක්...

      Delete
    2. හොඳම කොමෙන්ට් එක එල ද බ්‍රා ගේ . :)

      Delete
    3. බ්‍රා නම් මෙන්ඩා...මෙන්ඩා නම් බ්‍රා...මෙන්ඩා ඉතිං කවදත් එළ ද බ්‍රා ම තමා...

      Delete
    4. දැං තුන්දාහක් දෙන්නැතුව බොඩිය ගානේ දෙනවා

      Delete
    5. තියන ඒවා ගලවනවා මිසක් තව එකක් ඇද ගන්න දෙන්න හනිමුන් යන්ඩ ඔනද යකූ?

      Delete
  20. Replies
    1. මේං හොඳ ශාන්ත දාන්ත පුග්ගලයෙක්...සී.ජේ. විදානපතිරණ...අනේ යකෝ...හැක්...හැක්...

      Delete
    2. මු පොඩි එකා..විදානයා ඔය කූනූ හබ්බ දන්නේ නෑ...
      (අර තාප්පේටයි ඩ්‍රැයිවර්ටයි ඉන්ෂුවරස් කාරය පරක්කුයි කියලා ඌටයි කියපු දේවල් වලට තව පොඩ්ඩෙන් බඩ වෙනවා_

      Delete
    3. කව්ද බඩ වෙන්නේ...විදානයාද...හැක්...හැක්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...