Friday, November 7, 2014

හැට්ට අපිට කවුරු එවයි කැහැටු අතට සයිස් ඇතී .................



පායන ඉර කඳු මුදුනින් ඉසුරු අරන් වතුයායට
දවස් ගණන් වැඩ තියෙනවා දළු ඇත්තං එකයායට
පාන් රොටී නොපිරුවාට බඩකට අපෙ ඇති ගානට
හිත පිරිලා තිබ්බා සාමි පවුලෙ හිනා මල්යායට

ආඩවනේ ආපු කන්ද ලැයිම් කාමරේට උඩින්
අරන් ගිහින් මගෙ උන් ටික පරිස්සමට උන්නු තැනින්
අනේ සාමි ගියේ නැත්තං වත්තේ වැඩට කියලා උදෙන්
උන් දෙන්නට නොරිද්දන්න ඉන්න ඇහැකි උන්ට උඩින්

කන්න ජාති එමට ඇතිය ජීවිතේට දැකලා නැතී
තෙල් බත් බඩ පුරවාදායි හරි පදමට හොද්ද නැතී
ගවොං, ජීන්ස් කොතෙක් ඇතත් චීත්තයක් දැක්කෙ නැතී
හැට්ට අපිට කවුරු එවයි කැහැටු අතට සයිස් ඇතී

ගිලින පිට්ටු උගුරු දණ්ඩ හිර කරනවා කන්න බෑ
බඩ පිරිලා මොකට පපුව ගිනිගහනවා ඉන්න බෑ
අපිට පිහිට කන්දසාමී දෙයියෝ මේවා දෙන්න බෑ
අපේ වැරදි තිබුණ වුණත් පොඩි උන් යටකරලා බෑ

කන්න ජාති ඇදුම් ජාති ලොරි පටවන් ගෙනාවාම
ඔපිස් එකේ නෝනලා ටික ඉස්ටෝරුව පිරෙව්වාම
ඉවර වෙන්නේ කොහොමද අපි ගාල් කරලා තියව්වාම
මීට වඩා හිතට හොදයි පස් කන්දට යටවුණාම

කොට්ට මෙට්ට බූල් රෙද්ද දත්මදින්න බුරුසු කැටී
මෙච්චර කල් දැනුණ සීත මහත්තුරුන් දන්න හැටී
කන්ද තරං දුක්ගින්දර මෙතෙක් කලක් බලං හිටී
මහත්තුරුනි ටිකක් කලිං ආවානං හුඟක් වටී ............


තුෂාර විතාරණ



පසුසටහන - බෙරගල නගරයෙන් පහළට ඇති මාර්ගය, එනම් බෙරගල වැල්ලවාය මාර්ගය පැය විසිහතරේම පොලිස් ආරක්ෂාව යටතේ වාහන පාලනය කොට ඇත. ඊට ප්‍රධානතම හේතුව එම මාර්ගය භාවිතා කරන ප්‍රමාණය පාලනය කිරීම වුවද එමගින් නායයාමේ දර්ශන නැරඹීමට එන සංචාරකයින් නැවැත්වීම සිදු කරයි. එසේම සහනයාත්‍රා සහ වෙනත් නම් වලින් මාධ්‍ය නාලිකා දෙවනත් කරමින් කෑ ගහනා පිරිස ගේනා නානාප්‍රකාර බඩු භාණ්ඩ නිසි තැන්වලට හරවා යැවීම ද මෙම ස්ථානයෙන් ම සිදුවේ. 

බෙරගල මාර්ගය දෙපස කිලෝමීටර් තුන හතරක් යන තුරු හල්දුම්මුල්ල පැත්තට වන්නට පාර දෙපස තවමත් නවතා ඇත්තේ ආධාර රැගෙන එන ලොරි, බස් රථ ය. ඒවා පුරවා ගෙනෙන ආධාර කළමනාකරණය මේ වන විට රජයේ නිලධාරීන්ගේ ප්‍රධානත ම කාර්ය වී හමාරය. (ඒවා ජනතාව අතර බෙදා හැරීම පිළිබද කතා කිරීම අනවශ්‍ය යැයි සිතමු.) මේ අහිංසකයන්ගේ ඥාතීන් පස්කන්දකට යටවී මියගොස්ය. දැන් ජීවත් වන අවතැන්වූ අහිංසකයින් ටික හෙට අනිද්දාම මිය යන්නේ මේ ආධාර කන්දට යටවීමෙනි.................

අපි ඒ තරම් දුක හදුනන ජාතියක් වන්නෙමු. තම ජනතාව අවතැන් වූ පසු මේතරම් දුක දැනෙන ජනතාව වෙත කුගැගීප හී ප්‍රණාමය මෙසේ ප්‍රකාශ කරමු.......

.

48 comments:

  1. Replies
    1. තැන්කූ රූපේ......................

      Delete
  2. කන පැලෙන්න දීලා ඇදලා ඇරලා තියෙනවා...

    ආධාර වලින් ඔක්කෝම කරන්න පුළුවන් නම් ආන්ඩුවෙන් දෙන ආධාර ප්‍රමාණේ එක්ක බැලුවාම මේක සුර පුරයක් වෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. මාතලන්.................

      දැන් එතන තියෙන ලොකු ම ප්‍රශ්ණය පස් කන්ද නෙමෙයි.. ආධාර......
      ආධාර ගබඩා කිරීම,බෙදා හැරීම, කියන වැඩ වල අයිතිය රජයේ නිළධාරීන්ට දෙනවාද හමුදාව කරනවාද කියන එක තමයි එක ලොකුම ප්‍රශ්ණයක්. අනික තමයි මේ හම්බෙන ආධාර ගබඩා කරන්න තියා අර අවතැන් වූ මිනිස්සුන්ට ඉන්නවත් තැනක් නැති වීම අනික් ප්‍රශ්ණය.... මේක එක විදිහක විහිලුවක් මාතලන්...

      ආධාර දුන්නා ම ලෝකයට ම පේන්න එක දාගන්න පුළුවන් නිසා ලොරි ගණන් ගෙනැත් දීලා යන එක දැන් පුරුද්දක් වෙලා... ඒත් ඒ මිනිස්සුන්ට ඉඩමක් තාම හොයා ගන්න බෑ.. ගෙවල් හදන එක ගැන ලොකු කතාවක් නැහැ... හැබැයි උතුරු පළාත් සභාවයි ආණ්ඩුවයි ළමයි ටික බෙදා ගන්න පොරේ... හරියට හුණුවටයේ කතාව වගේ.......... නියම විහිළු මේවා............

      Delete
  3. මම මේ ගැන ලිව් පැදි පෙළට වඩා යථාර්තවාදීයි. ලස්සනයි. ඒ වගෙම ඒ මිනිස්සුන්ගෙ සිතිවිලි වඩාත් ප්‍රායෝගිකව පෙන්නලා තියෙනවා. අපූරුයි.

    ReplyDelete
    Replies
    1. මාධවී.............

      බොහොම ස්තූතියි කවිය ගැන වර්ණනා කරාට... ඒත් අපි හිතන විදිහට නම් කවි දෙකක් කවදාවත් සංසන්දනය කරන්න බැහැ. මොකද මාධවී එක කවියක් ලියන කෙනා දකින කෝණයයි අනික ලියන කෙනා දකින කෝණයයි දෙකක් නිසා.. ඉතින් අපිට නම් අපේ කවියට වඩා ඒ කවිය ලස්සනයි........... කොහොම වුණත් මේවා ගැන මෙහෙම හරි කතා කරන එක ලොකු දෙයක්... කන්ද ආපු එක.. ඒ දුක සහ අනෙකුත් දේවල් හැමෝම ලියනවා දැක්කා.. ඉතින් ආයෙම ඒ ගැන නොලියා හිටියේ ඒකයි... ඒත් දැන් තත්වය ගොඩක් වෙනස්.... ඒ තත්වය ගැනයි ලියන්න හිතුවේ................

      Delete
    2. මාධවීගේ කවියත් මෙතනට ම ගැලපුවොත් හොදයි කියලා හිතනවා

      http://madhumadhavi135.blogspot.com/2014/10/blog-post_31.html

      Delete
  4. වැඩක් නෑ සහෝ කියලා..අසරනයෙකුට බත්කටක් නොදෙන ලිංගික අල්ලස් ඉල්ලන තව ඉතින් ලිස්ට් කිව්වැකි වැඩක් නෑ අපේ මිනිස්සුද මේ කියලා හිතෙනවා උඔ කන පැලෙන්න දිලා...එල ද බ්‍රා..
    රටේ තව තැනක සිද්ධියක් වෙනකන් විතරයි ඊට පස්සේ ඔය අයියලා අක්කලා ඔක්කෝම එතනට දුවනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩා.......................

      කතාව ඇත්ත.... මේක අපේ මිනිස්සුන්ට සහ මාධ්‍යයට තවත් එක සිද්ධියක් පමණයි. ඒ අතරේ තමන්ගේ අතින් බඩු ටික බෙදලා වීඩියෝ කරගන්න සමහර මාධ්‍ය ආයතන පොරකාපු හැටි ලැජ්ජා නැතුව උන්ම පුන පුනා පෙන්නපු හැටි මතකද?

      මෙන්ඩා කියනවා වගේ ම තවත් කොහෝ හරි නායගියාම හරි මිනිස්සු කීපයක් මැරුණාම මීරියබැද්ද අමතක වෙලා ආයෙම බඩු පටවන් එහේ යනවා... නිව්ස් මවනවා. ඒකෙන් හම්බකරගන්නවා. මේක තමයි උන්ගේ බිස්නස් එක..... අපි ඉතින් මේවා බලබල හූල්ලනවා.......

      Delete
  5. මචන්, උඹ මේකට දාපු හෙඩිමෙන්ම උඹේ ගැන මට මාර සතුටක් ආවා.. \\\ හැට්ට අපිට කවුරු එවයි කැහැටු අතට සයිස් ඇතී\\\ මුලු කතාවම කියවෙනවා... කවියක් නොලියා කොහොමද?

    අම්මා නැති පියා දරු නැති....... කොස් ලන්ද
    ඇඬුවේ ආදරේ ඉල්ලා................ නැති සද්ද
    ඒ ආදරේ බඩු මල්ලක............... සැඟ විත්ද
    මළ ගෙට ඇවිත් අස්සන් කොට ගොස් ඇත්ද

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා.................

      බොහොම ස්තූතියි අදහස් දැක්වීමට සහ අපිව දිරිගැන්වීමට..... ඇත්තම කතාව ඔබේ කවියෙනුත් මනාව පේනවා... බඩු මල්ලකින් කරනවාට වඩා දෙයක් කරන්න අපි තාමත් ඉගෙන ගෙන නැහැ. සුනාමියෙන් ඉගෙන නොගත් අපි කවදා නම් ඉගෙන ගනියිද?

      //මළ ගෙට ඇවිත් අස්සන් කොට ගොස් ඇත්ද//
      ඇත්ත කතාව මිත්‍රයා.................

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. තුෂාර සංවේදී කවිපෙලක්..
      මේ සිද්දියඋනු මුල් දවස්දෙකේ මාත් ඔතැන හිටියො.. ඒ නිසා මේ සිද්දි එකින් එක ඇස ගැටුනා..
      අපේ මාධ්‍යයට ඔ්න සියල්ල විකුණන්න නිසා මේ නායයාමත් උපරිමෙන්ම මාර්කට් කරනවා.. විලිලැජ්ජයි...
      ගෙවල්වල විසිකරන්න තියෙන කුණු ගොඩවල් ගෙනත් කොස්ලන්ද යට කරන්න තමයි දැං හදන්නේ..
      මං දැකපු විදියට ඒ මින්ස්සුන්ට දැං ඕන මහා ලොකු ආධාර නෙවෙයි.. හිත හදාන්න, හිත සනසවගන්න, ඉතිං ඒ කාර්යය වෙනුවෙන් ලෙං ගතුව එකතු වෙනවානං කොච්චර අගේද??
      ඊ ලගට ඉන්න හිටින්න තැනක්.. තනිඋනු දුවා දරුවන්ට ආදරණීය රැකවරණයක්.. සංදර්ෂන වලින් තොරව මේවා ඉටුකරනවානං කොච්චර දෙයක්ද??..
      මේ ලිපිය කියෙව්වම මතක් උනේ කොස්ලන්දට ආසන්න ගමක් ගැන කාංචනා ලියපු මෙන්න මේ ලිපිය...

      http://kurutugegeepawra.blogspot.com/2014/01/blog-post_7.html

      Delete
    2. විදානේ.......................

      ඔබ කියන කතාව හරි... එ් අයට දැන් ඕනේ කරන්නේ හිත නිවා ගන්න මිසක් ආධාර පොදි බැදගන්න නෙමෙයි.... කොහොමත් විදානේ ලංකාවේ වෙන්නේ වෙන්න ඕනේ දේ නෙමෙයිනේ... ඇත්තම කතාව මේක අපේ අය සංදර්ශනයක් කරගෙන තමයි තියෙන්නේ... ඇත්තට ම ඒ පැත්තට ගිහින් මනුස්සකමට උදව්වක් කරා කියන එක ලොකු දෙයක් විදානේ....

      කාන්චනාගේ ලිපිය මතක් කරාට ස්තූතියි... ඒකෙනුත් පේනවා මේ ගම්වල තත්වය

      ස්තූතියි විදානේ..................

      Delete
  7. සමහර විට මේ විදියට අසීමිතව ආධර (ඕනේ දේට වඩා එපා දේවල් වුණත් ) ලැබෙන්නේ අපේ තියෙන වරදකාරී හැඟීමෙන් මිදෙන්න වෙන්න ඇති.මේ අවතැන් වෙච්චි අයට ඔය මොනවා හරි තියෙන දෙයක් දුන්නාම එක මහා පුණ්‍යකර්මයක් කියල සලකන අයත්,එහම දීම මොනවම හරි දෙයක් දීමෙන් තමන් තුල ස්වං වින්දනයක් ලබන අයත් ඉන්නවානේ.ඒවත් එක්ක දුක වුනත් මාකට් කරන්න කැමති අයට එක ඛේදවාචකයක් වුනත් ඉල්ලමක්.

    ReplyDelete
    Replies
    1. //සමහර විට මේ විදියට අසීමිතව ආධර (ඕනේ දේට වඩා එපා දේවල් වුණත් ) ලැබෙන්නේ අපේ තියෙන වරදකාරී හැඟීමෙන් මිදෙන්න වෙන්න ඇති//

      මනෝජ්...............

      මේක මං කියන්න හිතපු දෙයක්. මං කවිය ලියද්දිත් මේක ඒකට අමුණන්න හිතුවා... ඒත් පද ගැලපුනේ නැහැ... ඉතින් ඒක එතනින් ඉවර වුණා... ඒත් මනෝජ් ඔබ කියන කතාව ඇත්ත.. මේක විතරක් නෙමෙයි අවතැන් වුණු අයට මොනවා හරි දීලා පිං ලබාගන්න බලාගෙන ඉන්න අයත් ඉන්නවා..... මේ කාටවත් අර අහිංසකයන්ගේ දුක තේරෙන්නෑ මනෝජ්... ඒ මානසිකත්වයට බැහැලා බලන්න බැරිනම් ඒ පැත්තටවත් යන්න එපා කියලායි අපි ඉල්ලන්නේ මේ පුන්‍යවන්ත ජනතාවගෙන්...............

      Delete
  8. //////මහත්තුරුනි ටිකක් කලිං ආවානං හුඟක් වටී ////////
    \\\ හැට්ට අපිට කවුරු එවයි කැහැටු අතට සයිස් ඇතී\\\

    මේවා තමයි හිතන්න ඕන තිත්ත ඇත්ත. කවියත්, එයින් මතුකරන සත්‍යයත් ගැන අපි අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒක තිතට කියලා තියෙනවා. මම එක වෙලාවක දැක්කා මාධ්‍ය පකීර්ලා බඩු ගොඩ ගහනවා, ඒ මිනිස්සු වැටිලා නිදාගෙන ඉන්න ඒ පුංචි පන්ති කාමරවල. එතන මට හැඟුනේ බඩු ටික බාලා, අපි තමයි එකට බෑවේ කියන මාකටින් ස්ලෝගන් එක වෙනුවෙන් දඟලන හැටි. අපිට පිස්සු ඕයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ..........................

      ඔය මාධ්‍ය සෙල්ලම නම් අරූ විලිලැජ්ජා නැති වැඩක් තමයි. ලංකාවේ මාධ්‍ය ආයතන දෙකක් උඩ පැන පැන මේකට දැගලුවා. ලෝකයේ ප්‍රමුඛ මාධ්‍යයන් බොහොමයක් ඔවුන් එක්ක එකතුවෙලා නිවුස් දුන්නා කියලා මේ මිනිස්සුන්ගේ දුක විකුණාගෙන කෑම ගැන මහා ලොකුවට පැය ගානක් නිවුස් දුන්නා.. උන්ගේ ලැජ්ජා නහරේ තියෙන තැන ගැන අපිටත් සැකයි.. තවත් උගුඩුවෝ ටිකක් අවතැන් වූ මිනිස්සු අතට ම බඩු ගිහින් දුන්නා කියලා ආපදාකළමණාකරණ නිලධාරීන් එක්ක මරාගත්ත වීඩියෝ දදා දවස් ගානක් නිවුස් විකුණාගත්තා..........

      අපිට පිස්සු කියන්නේ අරූ................ නිකං ඔලුවත් කරකැවෙනවා වගේ............ අනේ මන්දා.................

      Delete
  9. Superb !!

    නිර්මාණය නම් උපරිමයි තුෂාර ..!

    ඓශ්චර්යමත් දේශයේ සංවේදී ඇත්ත ඔබ ගොඩාක් අපූරුවට , දැනෙන්න කවි කරාලා තියෙනවා. ( කියන්න නම් දේවල් ගොඩා..යි, ඒත් ගලපගන්න බැහැ )

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරු.......................

      සඳරුට ගලපගන්න බැරි දෙයක් නැහැ. මේ වචන ටිකත් අපිව ගොඩක් දිරිමත් කරනවා සඳරු........ ඇත්තට ම අපි මේ ඇත්ත ගැන කතා කළ යුතුයි. බ්ලොග් සහෘදයන් අතර මේ ගැන ලොකු සංවාදයක් ඇති වුණා. දැන් අලුත් ම තත්වය ගැන ටිකක් ලියන්න හිතුණ නිසයි ලියුවේ... ඇත්තට ම අපි මීට වඩා මනුෂ්‍යත්වය අතින් දියුණු ජාතියක් වෙන්න ඕනේ කියන තැනයි අපි ඉන්නේ....................

      Delete
  10. නියමයි දැනෙන්න ලියල තියන කවියක්

    ReplyDelete
    Replies
    1. හොරා...............(මෙහෙම කිව්වට කමක් නැත්ද දන්නෑ)

      ඔබේ අදහස් අපිව තව තවත් දිරිමත් කරනවා.. බොහොම ස්තූතියි මේ පැත්තට ඇවිත් කවි කියවලා අපි වෙනුවෙන් කමෙන්ටුවක් එහෙම කොටලා යනවාට................ බොහොම ස්තූතියි ...............

      Delete
    2. හොරා...............(මෙහෙම කිව්වට කමක් නැත්ද දන්නෑ)

      ඔබේ අදහස් අපිව තව තවත් දිරිමත් කරනවා.. බොහොම ස්තූතියි මේ පැත්තට ඇවිත් කවි කියවලා අපි වෙනුවෙන් කමෙන්ටුවක් එහෙම කොටලා යනවාට................ බොහොම ස්තූතියි ...............

      Delete
    3. /////හොරා...............(මෙහෙම කිව්වට කමක් නැත්ද දන්නෑ)////////

      හොරාට හොරා කියන්නේ නැතුව කොරා කියන්නද,,,,

      Delete
    4. අඩේ අරූ........................ මෙතන කොළොප්පම් කරන්න එනවා නෙවැ....

      නැහැ නැහැ අරූ... කොල්ලා අලුත් නේ.. ඉතින් එක පාරම හොරා වගේ නමකින් කතා කරන්න ගියා ම අවුලක් දැනුණ නිසයි ඇහුවේ... කතාව ඇත්ත වෙන කියන්න දේකුත් නැහැ... ඒත් හොරා වගේ එකක් ටිකක් අවුල් නෙවැ.. කමක් නැහැ හොරා ම කියමු.... (ඒත් මෙහෙම කිව්වට කමක් නැත්ද??)))

      Delete
    5. කිසි අවුලක් නැ :) කොහොමත් ඒ මගේ නම ^_^

      Delete
    6. ඔන්න අරූ මචං අවසර ලැබුණා.................

      දැන් ඉතින් හොරා ම තමයි... උසාවියකින් නිදොස් කරත් අපි නම් වෙනස් කරන්නෑ..................

      Delete
  11. කවි නම් සුපිරියි.හෙඩිමෙන් ම ලොකු දෙයක් කියනව.

    ද්‍රව්‍ය බෙදීමට එහා යන සංවර්ධනයක් මේ අයට ඕන කියන එකයි මගෙ හැඟීම.හැබැයි මේ අයගෙන් අයුතු ප්‍රයෝජන ගන්න ලක ලැහැස්තිවෙලා ඉන්න අය වගේම මේ අයත් ඒ තරම්ම සුදු චරිත නොවෙයි.පොඩ්ඩක් හරි ඔළුව උස්සපු තැනවල ඒ කළුව පෙන්වල තියනව.
    මේ කතාවට සමහරු මට විරුද්ධ වෙයි.මේ අයගෙ ඒ හැසිරීමට හේතුවත් දීර්ඝ කාලයක් පීඩනයට පත්වීම කියලයි මට පේන්නෙ

    ReplyDelete
    Replies
    1. අඩේ මේ යකාට මොකද වුණේ.................... යකා වගේ සුපිරි නමක් අයින් කරේ මක්කෙයි???

      කමක් නැහැ අලුත් නමත් නියමයි හරිය... යකා ඔබ කියන කතාවත් ඇත්ත ඒකට ඔබ පෙන්නන හේතුවත් ඇත්ත.. එතනට ගියාම ඔය කියන විදිහේ හැසිරීම් දකින්න පුළුවන්. ඒත් ඒ මිනිස්සු අත්දුටු දුක දැක්කා ම ඒවා ගැන හිතන්න ටිකක් විතර අවුල්.. හැබැයි ඔබ කියන හේතුව ඔවුන් තුළ දැන් මුල්බැහැලා තියෙන්නේ....................

      Delete
  12. හිතන්න යමක් ඉතිරි කල නිර්මාණයක්.. අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි......................

      නිර්මාණය අගය කරමින් අපව දිරිගැන්වීමට...

      Delete
  13. ලස්සන නිර්මාණයක්...ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උමා..............................

      Delete
  14. ආධාර දුන්නම සේරම ප්‍රශ්න නිවාරණයි කියල හිතන ජහමනතාවක් ඉන්න රටක් නොවෑ මේක. ආණ්ඩුවක් උනත් වගකීම උනාට පස්සෙ ආධාර දෙන එක තමයි. වෙන්න කලින් මොකුත් කරන්න ඕනි නෑ කියල හිතන රටක් මේක.

    ReplyDelete
    Replies
    1. ඒත් අපි බැලුවා ඇයි පරක්කු කියලා....

      ස්තූතියි මනෝෂ් අදහස් දැක්වීමට... අවශ්‍ය වන්නේ කරදරයක් වෙන්න කලින් හදුනා ගැනීම සහ එය වලක්වා ගැනීමයි.... නමුත් වෙන්නේ වෙන දෙයක්...

      Delete
  15. පට්ට පට පට යකූ...
    වන වන මේ වගේ තවත් වන...
    ඇය යකූ...
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. තැන්කූ මහේෂ්.......................

      වනමු වනමු................ දිගට ම වනමු........... මහේෂ්ලා එහෙම බලන්න ඉන්නකල් අපි වනනවා.................

      Delete
  16. තුෂාර සහෝ,

    ඇත්තම කිව්වොත් මේ වගේ හදවතට දැනෙන සිදුවීම් අනෙක් අයගේත් හදවත් වල ඒ විදිහටම පැලපදියම් කරවන තරම් සුපිරි විදිහට අදහස් ගලපන්න පුළුවන් එකෙක් ඉන්නවනම් ඒ උඹම තමයි බං...යම්කිසි සිදුවීමක් අපි ගොඩක් දෙනෙක් දැක්කත් ඒ දැක්ක දේවල් වලින් දැනුණු දේවල් අපිටවත් තේරෙන්නෙ නෑ...ඒත් උඹ වගේ එකෙක්ගෙ කවියක් කියෙව්වමයි හිතෙන්නෙ යකෝ මේක ඇයි මට මේ තරම් නොතේරුනේ කියන එක...උඹේ මේ හැකියාවට මගේ සුබ පැතුම්...

    අසංක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසංක අයියා..................

      ඒත් ටිකක් මේ මුරුංගා අත්ත උස වැඩිද මන්ද??????? හැක්

      Delete
    2. නෑ බං...මේ දේ මම කිව්වේ අවංකවමයි...

      Delete
  17. යුද්දෙන් අඬු කඩාගත්ත කොල්ලන්ට රෝද පු‍ටු කෘතිම කකුල් දෙන්නෙ කොල්ලංව පෝලිම් ගස්සලා කැමරාවට අරං. ආණ්ඩුවෙ පත්වීම් දෙන්නෙ සීමාවාසික ලියුං දෙන්නෙ පෝලිං ගස්සලා ඇමතියා අතිං.. කකුස්සි ලෑලි දීලත් පත්තරෙ ෆොටො දාගන්නවා. ඒ අස්සෙ හදවතින්ම දුක් වෙලා උදව් කරන අය සොච්චමකුත් ඉන්නවා. තව සති දෙකකින් බල්ලෙක්වත් නෑ අර මිනිස්සු ගාල්වල අවුරුදු ගනන් දුක් විඳියි.. උතුරෙ උනෙත් ඒකයි.. කොහෙ හරි කැලෑවක පැල්කොට ටිකක් අටවලා කොන්ත්‍රාත් කාරයෝ යටි මඩි ගහයි ඔය විපතින් පෝසත් වෙන කීදෙනෙක් ඇත්ද ?

    ReplyDelete
    Replies
    1. //ඔය විපතින් පෝසත් වෙන කීදෙනෙක් ඇත්ද ?

      //ඒ අස්සෙ හදවතින්ම දුක් වෙලා උදව් කරන අය සොච්චමකුත් ඉන්නවා//

      මේ කතා දෙක අපි විශේෂයෙන් ම ගත්තේ එහි ඇති ඇත්ත ආයෙමත් පෙන්නන්නට අවශ්‍ය නිසයි.. ලංකා... කතාව ඇත්ත. මේදුක සතුටක් වෙච්ච පිරිසකුත් ඉන්නවා. ඒක පිටින් පෙන්නන්නැතුවට යටින් වැඩේ යනවා... හරියට මිනීපෙට්ටි සාප්පු කාරය කැමති කාව හරි මැරෙනවාට වගේ තමයි ඉතින්.............

      Delete
  18. ටිකක් පරක්කුද මන්ද..

    එත් පාඩුවක් නැහැ...ලස්සනට ගානට අදාළ තැන් වලට ඉස්ප්ර්ෂ වෙන්න ලියල දාල තියෙනවා..

    නියමයි..නියමයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විභීෂණ මචං..............

      ඇත්තට ම අවශ්‍ය වුණෙත් ඒක තමයි... ස්තූතියි අගය කිරීමට සහ අපිව දිරිගැන්වීමට..........

      Delete
  19. ආධාර දුන්නම ඔක්කොම හරියැයි සිතන,ආධාර දෙනවනම් මොනව වුනත් මොකෝ යැයි සිතන පරම්පරාවක ජීවත් වෙනකොට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද අපිට?මුන් වැඩි හරියක් දැන් හදන්නෙ ගෙදර තියන පරණ බඩු වලින් නිදහස් වෙන්නයි,මොනව හරි දීල හිතේ තියන වරදකාරී හැඟීමෙන් මිදෙන්නයි.කාට හරි කියපන්කො මිණීමරල ලේ වන්දියක් ගෙවුවොත් දෙපාර්ශවේ කැමතිනම් වැඩේ ගොඩදාගන්න පුළුවන් කියල නීතියක් ගේන්න කියල.මොකාද අකමැති වෙන්නෙ කියල බලන්න.
    අනික මේ රටේ මීඩිය කියල දෙයක් තියනවද මචන්ල?එයිතිකාරයට ඕන් විදිහට රඟන පත්තර,රේඩියෝ,ටෙලිවිශන් ටිකක්නම් තියනව.

    //හැට්ට අපිට කවුරු එවයි කැහැටු අතට සයිස් ඇතී//
    //මහත්තුරුනි ටිකක් කලිං ආවානං හුඟක් වටී ............//
    මේ පද දෙක තව කතා 100 කියනව මචන්ල......
    මොනව වුනත් සුභපැතුම්......කවියට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුට්ටා.................... ෙම් වචන තමයි අපි ව දවසින් දවස දිරිමත් කරමින් ඉන්ෙන්.... ෙබාෙහාම ස්තූතියි කසුට්ටා...............

      Delete
  20. තුෂාර,

    මං මේ ලිපිය කියෙව්වා. නමුත් අදහසක් ලියා යන එක මොකක් හෝ හේතුවක් නිසා මග හැරිලා.
    //හැට්ට අපිට කවුරු එවයි කැහැටු අතට සයිස් ඇතී, මහත්තුරුනි ටිකක් කලිං ආවානං හුඟක් වටී// මේ යෙදුම් දෙක ඇතුලෙ ඔක්කොම ටික කැටි වෙලා තියනව කියල මට හිතෙනවා.
    අගනා පද වැලක්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...