Monday, November 17, 2014

කරෙන් නොව ගැටගසා ඉහෙන් බර අදිනවා ..............



මීදුමෙන් වැසීගිය හීත කදුකර ඉමේ
හරිත පෑ කදුමුදුන් හිරු රැසින් නැහැවුනේ
දිගට හරහට අැදුනු ඉරි අතර අැති බිමේ
ලෝකයක් රස විදින තේ දළුය හිනැහුනේ

කදු අතර නිම්න බිම සිහිල් දිය උල්පතය
කන්දකින් කන්දකට මාරුවෙන දියඅැලිය
මේ අතර දළු නෙළන කුහුඹු මිනිසුන් රැළය
දුම්රියේ යන අයට බලන්නට මනහරය

හිරු න්න පෙරාතුව දළු නෙළන්නට අැවිත්
හිරි වැටුණු අැඟිලිතුඩු පුරුද්දට නෙළන මුත්
පිපුණු හිරිගඩු මත්තේ හිත හිතා හිටියහොත්
කාසි කෝ පුච්චන්න අද රෑට රොටීවත්

පීදෙනා පීදෙනා දල්ල දෙස බලනවා
හිසට ඉහළින් ගිහිං දළු මල්ල පිරෙනවා
උඹව තනිකර ලොවම පේනවද දුවනවා
කරෙන් නොව ගැටගසා ඉහෙන් බර අදිනවා

රැළි වැටුණු දෑත් වල තව හයිය තියෙනවා
වල ගැහුණු හකු අතර විට හපේ තැලෙනවා
ඔය දල්ල වේලලා රං කාසි හොයනවා
හෙටත් උඹ පාන්දර තේ දළුම හොයනවා.........................

තුෂාර විතාරණ


.

70 comments:

  1. වැඩ නොකර ගෙදර හිටියම සල්ලි ලැබෙයිද??

    ReplyDelete
    Replies
    1. ඒත් දේශකයෝ......................

      ඒ දළු වලින් රටම දුවනවා. ඒ අයට කුඩම්මාගේ සැලකිලි.. උදේ පාන්දර ඉදල් මැරීගෙන වැඩ කරාට ජීවිතය තනිකරම දුකක්............. දවසම මැරුණම රුපියල් 350 ක් විතර හම්බෙනවා.... ඒත් හැමදාම වැඩ දෙන්නැහැ.......

      Delete
    2. \\වැඩ නොකර ගෙදර හිටියම සල්ලි ලැබෙයිද??//

      අන්න එහෙමයි ධනපතියො මේ සිස්ටම් එක හදල තියෙන්නෙ. වැඩ කලාට වැඩක් නෑ, හම්බෙන තුට්ටු දෙක ලෙවකන්නවත් මදි. ඒත් වැඩ නොකරත් බෑ.

      Delete
    3. ඒ ජීවිත නිරාදුකක් විදිනවා මනෝෂ්................

      කොයිතරම් මැරීගෙන වැඩ කරත් කොහෙන් හරි ඔවුන්ට පීඩනය ඒල්ල වෙනවා...... මේ ක්‍රමය හදලා තියෙන්නේම ඒ විදිහට...... කවදාවත් ඒ ජීවිත වලට ගොඩයෑමක් නැහැ.....

      Delete
    4. මොන පතියා හිටියත් වෙන්නේ ඔය සෙතේමයි.. අපි කව් කිව්වට දුක් ගී ලිව්වට උන්ට ඒවා දැනෙන්නෙත් නෑ.. තමන්ගේ අත වැඩ කරොත් සල්ලි ලැබෙයි එච්චරයි.. ජීවිතේ දුකක් කියල ඔය කියන්නේ ජීවිතේ විදින අයනේ. ඒ අයට ඔය ජීවිතේ දුකක්. ඒත් මේ ජීවිතය ඒ අයට තියෙන දෙයක්.. ඒකයි මේකයි පටලල ස්වර්ණ විමාන හදල ඒ මිනිස්සුන්ට යන එන මං නැති කරනවට වඩා ඔය කරගෙන යන විදිය හොදා..

      Delete
    5. \\තමන්ගේ අත වැඩ කරොත් සල්ලි ලැබෙයි එච්චරයි.//
      ඇත්තටම එහෙම ලැබෙනවද?

      \\කයි මේකයි පටලල ස්වර්ණ විමාන හදල ඒ මිනිස්සුන්ට යන එන මං නැති කරනවට වඩා//

      ඕක සුපුරුදු වාක්‍යක්. මිනිස්සු ඔහොම හිතල ලිං පතුලෙ ඉන්නවන්ම් ගොඩක් අය කැමතියි.

      Delete
    6. නිර්ධනවාදීන් නොදන්න එක දෙයක් තියෙනවා. මේ ලෝකේ රෝදේ කැරගකෙන්නේ ඔක්කෝම දැති කැරකුනොත්. සමාජවාදයක් ආවත් ඒ අයට පඩිය වගේ දෙගුණයක් දුන්නත් ජීවිතේ එමමයි. ඉතිං දළු කැඩිල්ල සමාජවාදය ආවත් වෙනවා. ධනවාදය ආවත් වෙනවා. ඒකාධිපති හිටියත් වෙනවා.. සැමට සමානතාවය.. පුහ්.. ඒක මායාවක්..

      Delete
    7. \\සැමට සමානතාවය.//

      කවුද කියන්නෙ? එහෙම එකක් නෑ. දොස්තරටයි, ඉංජිනේරුවාටයි, දලු කඩන්නටයි, ගුරුවරයටයි, පොලිස් නිළධාරියාටයි මේ හැම කෙනාටම එකම වැටුපක් ලබන එක නෙවෙයි සමාජ වාදය කියන්නේ. ඒක ඊට වඩා ගැඹුරු දර්ශනයක්.

      හැමෝටම සමාන ජීවිතයක් නෙවෙයි, හැමෝටම මිනිසුන් සේ ජීවත්ව මිනිසුන් සේ මිය යා හැකි සාධාරණ ජීවිතයක්.

      Delete
    8. අැයි අද මේ දේශකයා නැට්ට පාගාගෙන කෑගහන්නේ.........

      අපිත් ඒකගයි මනෝෂ්ගේ අදහස ඒක්ක... දේශකයා, සැමට සමානතාවයක් ගැන අපි කියන්නේ නැහැ... ඒත් මේ තරම් පරතරයක් අවශ්‍ය නැහැ... හැමෝම රජයේ සේවකයා, පෞද්ගලික සේවකයා, ව්‍යාපාරිකයා ගැන බලනවා.... කවුද ඒ අය ගැන බලන්නේ... ඒ ඡන්ද ස්ථීරව ම තොණ්ඩට හම්බෙනවා කියලා දන්න නිසා ඒ අයට කිසි දෙයක් කරන්නෑ.......

      දේශකයා සැමට සමානාත්මතාවයක් දෙන්න බැහැ..ඒ්ක අැත්ත.. දෙන්න උවමනාත් නැහැ.. ඒත් මේ ජීවිත දුකක් නෙමෙයි කියලා කාටවත් කියන්න බැහැ... ඒක දුකක් තමයි.. ඒ අය අාසාවේ මේක කරනවා නෙමෙයි.................... කරන්න දෙයක් නැතුවට කරනවා....

      Delete
    9. අපිත් එහෙමයි.. උන් ගැන බොරුවට අනුකම්පා එපා.. සතුටු වෙයල්ලා. බාර් ලස්සෙක් විතර පීඩනේටත් අහුවෙලා හවසට හිනා කටක් දාගෙන ඉන්න එකට.. ආඩම්බර වෙයල්ලා.. හැක්

      Delete
    10. ඒ කිව්ව කතාවනම් තේරුණේ නෑ දේශකයෝ.

      Delete
    11. දේශකයා..........

      ඒ කිව්වේ මේ අය නිතර ම බීලා ඉන්න ඒක ගැනද????

      Delete
    12. යකෝ උසි උසි කියන්නේ දේශකයා බල්ලෙක්යෑ................ ඔය ඉදලා හිටලා අපිට වගේ අයට සද්ද දැම්මට අහිංසක මිනිහා.............

      Delete
    13. මොකක් ද බොල ඒ භාෂාව................... විදානයාට බැන්නවාත්ද????

      Delete
    14. yela yela = හැක්! හැක්!!

      Delete
    15. මොකක් ද ඒක අපේ කට්ටියගේ අලුත් නිර්මාණයක් ද?????? කියාපල්ලාකෝ..........................

      Delete
    16. මෙන්න මේක. තුෂාර ඒ කාලෙ වහං වෙලා නොවැ හිටියේ.

      http://deshakaya.blogspot.com/2014/08/jsldr-ld.html

      Delete
    17. දේශකයා...............

      yela yela......................

      මනෝෂ්................

      htyejdu..........ktujdu,,,,,,,,,,,,


      විදානේ......................

      @#$''.....#$%&*%$#.......................

      Delete
    18. උඩ කමෙන්ටුවටත් පසුව තේරුම්ගත් කොටස් මෙහි අැතුළත් වේ.....

      @ දේශකයා...............

      WT okak foaj,a'''' wE''''''''''''''' yela yela......................

      මනෝෂ්................

      ;ekalQ mdr fmkakqjdg'''''''''' foaYlhdf.a msiaiq u.q,a''''''


      විදානේ......................

      wd''''''''''''''' jsodfka fldfyduuo wfma NDIDj'''''''''''''''

      Delete
  2. දවාලට තේ කූඩෙ රැගෙන දලු මඩුව වෙත
    ගාටනා නුඹේ කූඩෙට වැඩිය බරයි සිත
    පොඩි එවුන් ඉල්ලනා පෑන් පැන්සල්ද පොත
    කෙලිබඩුද රසකැවිලි ඉල්ලීම් නිමක් නැත

    ReplyDelete
    Replies
    1. ලස්සන පද ගැලපීමක් මාධවී..................

      දාහක් පැතුම් ඒ හිත්වල හිරවෙලා අැති නේද කියලා හිතෙනවා දැක්කාම.. කරගන්න බැරිව හිතේ තියෙන පැතුම් කීයක් නම් අැත්ද??? ඒත් ඒ දුක දරාගෙන ඒදා වේල කාලා ජීවත් වෙනවා......

      Delete
  3. \\කරෙන් නොව ගැටගසා ඉහෙන් බර අදිනවා//

    හිත ඇදිලම ගිය පද කිහිපය. කෙතරම් දිගු කතාවක්, ශෝකාන්තයක්, සමාජ අසාධාරණයක් මේ වචන දෙක තුනෙන් කියනවද. මේ තමයි හැබෑම මානව හිතවාදී කලාකරුවෙකුගේ ප්‍රතිභාව.

    මේක හරියට,
    "ලෙලි තලන නුඹෙ අතට රන් මුදුව ගොරහැඩිද දෝනී"
    කිව්ව වගේ.

    ඒත් එක්කම රත්න ශ්‍රී කිව්වෙ,

    "මුලුතැන්ගෙයි ඇවිලෙන දුම් නොනගින ගින්දර.."

    ඔබේ නිර්මාණය දකිනකොට ශ්‍රේෂ්ඨ පද රචකයන්ගෙ එවැනි නිර්මාණ මතකයට නැගෙනවා.

    \\කරෙන් නොව ගැටගසා ඉහෙන් බර අදිනවා//

    ඉහෙන් මේ අදින්නෙ මතු පිට කතාවෙන් කියන තේ දල්ලෙ බර විතරමද...

    මේ කියන්නෙ තිඹිරි ගෙයි සිට සුසානය දක්වාම මේ දුප්පත් ජීවිත හිසින් දරාගෙන යන ජීවිතයේ බර කන්දරාව නෙවෙයිද.

    විශිෂ්ඨයි ගී පවුරේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ්....................

      හැමදාම වගේ අපිව දිරිමත් කරනවාට.... ඒ වචන අපිට ලොකු ශක්තියක් මනෝෂ්...............

      //මේ දුප්පත් ජීවිත හිසින් දරාගෙන යන ජීවිතයේ බර කන්දරාව නෙවෙයිද.//

      මටත් කියන්න උවමනා වුණේ ඒක තමයි.... ඒකට ම ගැලපෙන දෙයක් තියෙනවා මනෝෂ... ඒ තමයි හරක් වුණත් නගුල අැදගෙන යන්නේ කරෙන්... හැමෝම කියන්නේ බර කරට අරගෙන ඉන්නවා කියලා... ඒත් මේ මිනිස්සු දළු මල්ල කරේ නෙමෙයි ගැටගහගන්නේ... ඒක තියෙන්නේ ඔලුවේ..... ඒකත් මෙතනින් ම කියන්න උවමනා වුණා.......................

      Delete
  4. තේ කහට සැර වැඩියි
    ඇගිලි තුඩු අගින් පුපුරයි
    ඒ වුණත් මහන්සිය
    විතරමයි නැති කරේ සා ගින්න

    ඔහ් මේ මොකද්ද කැතේ බෑ කුරුට්ටෝ අයිං කර මේ මගෙ කොමෙන්ටුව
    තුක් ඉතරක්

    ReplyDelete
    Replies
    1. අගෙයි මහේෂ්.........................

      ලස්සන කවි පද ටිකක් ගැටගහලා තියෙන්නේ............ කොච්චර ලස්සනද?????? අැයි මේක අයිං කරන්නේ................

      Delete
  5. ඇත්තටම තුෂාරයෝ උඹ වැනි අය තමයි මේ රට පාලනය කරන මුල් පුටු වලට එන්න ඕන...ඒ වුණත් ඊට කලින් එවැනි අයට එන්න ක්‍රමයක් හැදිලා තියෙන්නත් ඕන...දැන් තියෙන්නේ ගොම රිටි උඩ ඇවිත් මිණි කැට යට යන ක්‍රමයක්නේ...මේ වගේ අදහස් කිය කිය ගීත ලිය ලිය තමයි හොඳ මිනිස්සුන්ට ඉන්න වෙලා තියෙන්නේ...ඇයි ඉතින් බැරිවෙලාවත් මේ ක්‍රමය හොඳ කරන්න හිතලා වැඩට බැස්සොත් ඒ මිනිහගේ මුළු ආත්මයම ඉවර කරලා දාන වැඩපිළිවෙලක්නේ දැන් තියෙන්නේ...

    අසංක

    ReplyDelete
    Replies
    1. //මේ වගේ අදහස් කිය කිය ගීත ලිය ලිය තමයි හොඳ මිනිස්සුන්ට ඉන්න වෙලා තියෙන්නේ//

      අැත්තට ම ඒක ලැජ්ජාවට කාරණාවක් අසංක අයියා....... ඒත් අපිට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා... දැන් තියෙන ක්‍රමය විසින් අපිව තව තවත් සීමා කරනවා... ඒත් අපිට පුළුවන් තරමින් මේ මිනිස්සු වෙනුවෙන් විතරක් නෙමෙයි සමස්ථ ජනතාව වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් නම් ඒක වටිනවා.....................

      Delete
  6. උඹ දන්නවද වැඩක්.. පෝඩ්ඩක් වයසට ගියපු ගමන් වත්තේ වැඩ දෙන්නේ නෑ.. ඒ මිනිස්සු අන්ත අසරණ වෙනවා.. ඔය තේ වතු මැද්දේ යන කොට අත පාන්නේ ඒ මිනිස්සු.. මීරියබැද්දට නෙමෙයි මාසෙකට සැරයක්වත් ඔය හැම වත්තේම ඉන්න වයසක මිනිස්සුන්ටවත් මේ මහා දානපතියන්ට සලකන්න පුළුවන් නම් මහා පිනක්.. මම දන්න සුද්දියෙක් නම් ඉන්නවා එයා එන්නේ හැබයි අවුරුද්දකට සැරයක්.. මම ඒක ඇස් දෙකෙන් දැකලා තියෙන නිසා තමයි ඒ ජීවිත වල දුක දන්නේ..

    ReplyDelete
    Replies
    1. අැත්ත කතාව මාතලන්.................

      ඒ මිනිස්සුන්ට පඩි වැඩිකරනවා කියලා ද්‍රවිඩ දේශපාලකයන් තනිකර ම බොරුවක් කරේ.... මාසෙට දවස් විස්සකට ද කොහෙදෝ වැඩියෙන් වැඩ කරොත් විතරක් දවසක ගාන වැඩි කරා... ඒත් කවදාවත් දවස් විස්සක් වැඩ දෙන්නැහැලු.... මේවා කරන්නේ කාටද?? මේ අපේම රටේ මිනිස්සු නේද කියලා කවුරුවත් හිතන්නේ නැහැ...

      වයසට ගිය මිනිස්සු අදින්න තියා කන්නවත් නැතුව ඉන්නවා මාතලං මචං...

      //මීරියබැද්දට නෙමෙයි මාසෙකට සැරයක්වත් ඔය හැම වත්තේම ඉන්න වයසක මිනිස්සුන්ටවත් මේ මහා දානපතියන්ට සලකන්න පුළුවන් නම් මහා පිනක්//

      අැත්ත. ඒත් මේ මිනිස්සු කැමති ලොකු නායයාමක් හරි සුනාමියක් හරි අාවාම රටටම පේන්න ගිහින් සලකන්න විතරයි........ අපි කොතන ද ඉන්නේ කියලා මුංට පේන්නැති හැටි..................

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. තේ නෙලන උන්දැලෑ පමක් නොවේ
    තවත් බර අදින බෝ මිනිසුන්ද වේ
    කරන ලද පවක රග සසරෙ පල දී ඇතේ
    ඉතිරි නොකර විදවපන් ගැන සිතා ඊළග බවේ

    ReplyDelete
    Replies
    1. ඔව් සුසී......................

      පෙර පවක් විදවනවා වගේ තමයි ඒ මිනිස්සු විදවන්නේ.... ඒත් මේක කර්මයට භාර දීලා අතපිහදාගන්න පුළුවන් දෙයක් නෙමෙයි සුසී... ලක්ෂ ගානක් මිනිස්සුන්ට මෙහෙම වෙලා තියෙන්නේ රටේ වැරැද්ද හින්දා..........

      Delete
    2. නමුත් මේ මිනිස්සු වතු දෙමළුන් වීම කියන පාපයෙනුත් වෙනම විඳවනවා.. දන්නවා නේ සමාජයේ තියෙන සැලකීම.. ඔය බොරුවට ෂෝ එකට ඩොනේෂන් බෙදුවට..

      Delete
    3. අැත්ත මාතා......................

      දැන් මේ ඩොනේෂන් බෙදිල්ලත් ෂෝ ඒකක් වෙලා..... කොහේ හරි මිනිස්සු අමාරුවේ වැටෙනකල් බලා ඉන්නවා ලොරි පිටින් අරන් යන්න... යකෝ අමාරුවේ වැටෙන්න කලින් ඔය ගැන හිතන්න පුළුවන් ක්‍රමයක් ගැන හිතපල්ලාකෝ.... මුං නං පිස්සු ජාතියක්.... මාධ්‍ය අායතන ටික තමයි නියම............

      Delete
  9. වතු කම්කරු ජීවිත ගැන එදත් අදත් විවිධ සාහිත්‍ය නිර්මාණ සිදුවෙනවා. මෙයත් එවැනි සන්වේදී නිර්මාණයක් ලෙස අගයනවා. ඔවුන්ගේ දුක කවදාවත් ඔවුන්ගේ සමාජයේම කෙනෙකු විසින් ද්‍රවිඩ භාෂාවෙන් හෝ නිර්මාණාත්මකව පළකර ඇති බවක් මම අසා දැක නැහැ.

    මම වසරකට වැඩි කාලයක් තේ කම්හල් වල ආරක්‍ෂාව භාරව ක්‍රියාකර තිබෙනවා. ඒ කාලයේ මා දුටු ආකාරයට මේ මිනිස්සුන්ගේ ජනජීවිත වෙනම උප සංස්කෘතියක්. දැන් දැන් ඔවුන්ගේ තරුණ පරපුර ජනප්‍රිය සමාජ රටාව සහ නවීන තාක්ෂනය සමග බද්ධ වෙමින් හොඳ පැත්තට වඩා නරක පැත්තට ඔවුන්ගේ ජීවිත වෙනස් කරගනිමින් සිටිනවා.

    ReplyDelete
    Replies
    1. //ඔවුන්ගේ දුක කවදාවත් ඔවුන්ගේ සමාජයේම කෙනෙකු විසින් ද්‍රවිඩ භාෂාවෙන් හෝ නිර්මාණාත්මකව පළකර ඇති බවක් මම අසා දැක නැහැ. //

      විචාරක ඒ කතාව නම් අැත්ත.. අැත්තමට ම ඒකට හේතුව මොකක්ද??? අැයි ඒයාලා අතරින් මේ කාරණය මතුවෙන්නැත්තේ... අැයි ඒ සටන් පාඨ ඒ අය තුළින් ඒන්නැත්තේ... අපේ තොණ්ඩා දෙයියෝ හින්දාද????

      Delete
    2. මෙන්න මේකයි ඇත්ත. ඔය අහිංසක නූගත් මිනිස්සු රවටාගෙන, තමන්ගේ දේශපාලන ගමනට අවශ්‍ය පරිදි නටන, රූකඩ ටිකක් බවට පත්කරගෙන ඉන්නේ, ඔය (මෙතනට කියන්න ඕනේ වචනය කටට ආවත් ලියන්න බැහැ) දෙස්පාලුවොම තමයි. උන්ට ඕනේ, අර මිනිස්සු හැකිතරම් දුරට නූගත් කමේ එල්ලලා, ගිල්වා, සඟවලා, තබන්න. ඔය කම්කරු පවුල්වල ළමයින් ගෙන් 1% ක් විතර තමා ඉහල අධ්‍යාපනය සඳහා යන්නේ. ඒ පාසල්වල කෙරෙන අධ්‍යාපනයක් නැහැ. නිකම් බොරුවට පාසල් පවත්වනවා. ඒ ගුරුවරු කරන්නෙත් තමන්ගේ රස්සාව රැකගන්න පන්තියට ගිහින් මොනවාහරි කියලාදීමයි. මේ පවුල්වල සාක්ෂරතාව බොහොම අඩුයි. ඔවුන් කියවන්නේ හඩු පත්තර. ඒවායේ තියෙන්නේ ඉන්දියානු ජනප්‍රිය සිනමාව සහ අභව්‍ය ප්‍රේම කතා. ඔවුන් අහන්නේ දකුණු ඉන්දියානු ගීත. බලන්නේ දකුණු ඉන්දියානු චිත්‍රපටි. ඔවුන් ඉන්නේ ඔවුන්ටම ආවේනික මනෝ ලෝකවල. රටේ ලෝකේ මොනවද වෙන්නේ කියන එක ගැන අවබෝධයක් තිබෙන්නේ 20% ක් තරම් සුළු පිරිසකට. ඔවුන් 'අදහන' දේශපාලකයෝ තමයි ඔවුන්ට ඉන්නේ. ඔහු කියන්නේ කුමක්ද ඒ විදිහට කරනවා. බගවන්තලාව වැනි ප්‍රදේශ වෙනම ද්‍රවිඩ ප්‍රාන්තයක් වගේ. එය මේ මිනිස්සුන්ගේ වරදක් නෙවෙයි ඔවුන් ඒ අච්චුවට දාලා තියෙන්නේ ශතවර්ෂයකට පමණ පෙර. මේ විෂම චක්‍රය කඩන්නට මෙතෙක් තිබුණු කිසිම රජයකට හැකිවෙලා නැහැ. මේ ජනතාවගෙන් සෑහෙන පිරිසක් ඉන්නවා සිංහල ජනතාව හතුරන් ලෙස සිතන. එය ඔවුන්ගේ වැරද්දක් නෙවෙයි අර දේශපාලුවෝ ඔවුන්ව ඒ තත්වයට පත්කරලා තියෙන්නේ.

      Delete
    3. //ඔවුන් අහන්නේ දකුණු ඉන්දියානු ගීත. බලන්නේ දකුණු ඉන්දියානු චිත්‍රපටි.//

      අැත්ත කතාව මං දන්න කිහිපදෙනෙක් ම ඉන්නවා ක්‍රිකට් තරගයකදී ලංකාවට නෙමෙයි ඉන්දියාට සහයෝගය දක්වන...... ඒ අයට ලංකාවේ ඉන්නවා කියලාවත් අදහසක් නැහැ....

      //ඔවුන් 'අදහන' දේශපාලකයෝ තමයි ඔවුන්ට ඉන්නේ. ඔහු කියන්නේ කුමක්ද ඒ විදිහට කරනවා. //
      ඔව් විචාරකතුමා... ඒ දේශපාලකයෝ හිතාගෙන ඉන්නේ මේ ඡන්ද ටික ඒයාලාගේ බූදලය කියලා.. මේ මිනිස්සු ඡන්දේ කාලෙට කඩේ යවන ඒක විතරයි උන් කරන්නේ... කොහොමත් මේ මිනිස්සු ඉගෙන ගන්නවාට උන් කැමති නැහැ... මොකද ඒතකොට මේ අැත්ත තේරුම්ගන්නවානේ...............

      //මේ ජනතාවගෙන් සෑහෙන පිරිසක් ඉන්නවා සිංහල ජනතාව හතුරන් ලෙස සිතන.//

      මේ කතාවත් අැත්ත.. අපි යුද්ධය ඉවර කරාට ඒ ඉවර කරේ භූමිය මත යුද්ධය විතරයි... ඒක රටක ජනතාවක් විදිහට මේ පිරිස ගොඩනගන ඒකට අවශ්‍ය වන හදවත් දිනා ගැනීමේ යුද්ධයෙන් අපි තාමත් ෆේල්..... පඩි වැඩි කරන්න නෙමෙයි අවශ්‍ය මේවා ගැන වැඩ කරන්නයි අවශ්‍යය.............

      Delete
  10. අපා දුක් විඳින ජනතාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්....................... අපිට පුළුවන් දෙයක් මේ ජීවිත වෙනුවෙන් කරමු.............

      Delete
  11. කියන්න දෙයක් නෑ තුෂාර.. අන්ත දුක්ඛිතයි.. ලයින් කාමර පේලියකටම තියෙන්නේ එකම කක්කුස්සියයි.. ටැප්එකයි..
    වැඩි විස්තර කියන් න දෙයක් නෑ..
    අදහස වටිනවා..

    ජ ය වේ වා !!@

    ReplyDelete
    Replies
    1. //ලයින් කාමර පේලියකටම තියෙන්නේ එකම කක්කුස්සියයි.. ටැප්එකයි.. //

      මේ මිනිස්සු සත්තුගානට තාමත් ජීවත්වෙනවා... ඒක ඒ අයගේ උරුමය හෝ ඒයාලා කැමති විදිහ කියලා කියන්න බැහැ.... මේකට අපි හැමෝම වගකියන්න ඔ්න... අැත්තම කතන්දරය අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා මචං..............

      Delete
  12. හිතට දැනෙන්ම දිලා තියනවා...එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩා.....................

      Delete
  13. ඔය මිනිස්සුන්ගේ ජීවිතේ ගැන දැනගන්න ඒ අය ජීවත් වෙන ලැයිම් කාමරේකට ඔළුව දැම්මම ඇති.වැඩ නැති කාලෙට ඒ අයගෙ ප්‍රධාන ආහරය ගෝව කොල තම්බල කන එක.
    ඒ මිනිස්සු විදින් දුක මේ විදිහට අකුරු කරල හරි සමාජයට යවන්න තරම් උඹේ හිතේ තියන මනුස්ස කමට මම ඔළුව නමනව.
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. කසුට්ටා.....................

      මං අවුරුදු දෙකක් නුවරඒළිය, හැටන් ප්‍රදේශයේ රාජකාරි කරා.. ඒ කාලේ ලොකු අත්දැකීම් ගොඩක් ලැබුණා මේ ජීවිත ගැන... ඒයාලාගේ නිවාස වලට යන්න ඒයාලත් ඒක්ක නිතර ම පාහේ වැඩ කරන්න ලැබුණා. ඔබ කියන කතාව අැත්ත.. ඒ ජීවිත ඒ තරම්ම දුකක් විදිනවා.... සාමාන්‍ය ප්‍රධාන අාහාරය රොටී...... අපේ ළමයින්ගේ පෝෂණය ගැන හිතලා අපි අනන්තවත් දේවල් කැව්වාට ඒ ළමයින්ට ගිල්ලන්නේ අර රොටීමයි.... පොඩි උන් දැක්කා ම දුක හිතෙනවා.... ඒ ළමයින්වත් මේ අපායෙන් ගොඩගන්න අපිට යමක් කරන්න පුළුවන්.... ඒ වෙනුවෙන් සමාජය සූදානම් කරන්න අවශ්‍යයි... මේක දැන් ඒ පළාත් වල පැලපදියම් වෙච්ච සංස්කෘතියක් හදලා ඉවරයි... ඒ හින්දා ඒ වෙනුවෙන් ජනතාව ඉදිරියට අා යුතුයි..... මේ අපේම ජනතාව නේද කියලා අපි නොහිතනතාක් කල් මේ දුක ඒහෙමමයි.....................

      Delete
  14. මේ දවස් වල කුරුටුගෙ බ්ලොගේට ඇවිල්ල කියෙව්ව කවිවලින් ලස්සනම නිර්මාණයක් ..මේ කවි පද හිතට දැනෙන්න හරි ලස්සනට අමුණල.
    ...........ලා හිරුත් එක්ක තේ දල්ලට වැටෙන තුෂාර හරි ලස්සනයිලු.ඊටත් වඩා ලස්සනයිලු තේ දළු නෙලන අයගේ ඩා බිඳු තේ දල්ලට වැටිල දිලිසෙද්දී .ඒ ඩා බිඳු හෙලන මිනිස්සුන් ගේ අත්වල ගැටෙන තේ දළු හරි සුමටයිලු .ඒත් ඒ තේ දළු පස්සෙ ගොරෝසු නෝට්ටු බවට පත්වෙනවලු.ඒ නොට්ටුම පස්සෙ රස නැති තේ කොළ පැකට්ටුවකට හිලව් වෙලා අර ඩා බිඳු හෙලපු මිනිස්සුන්ගෙ පවස නිවනවලු.ඒ තේ කහට වලින් පවස නිවාගන්න මිනිස්සු ආයෙත් රසම රස තේ දළු නෙලනවලු .

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සන පදගැලපීමක් හංසී... අැත්ත කතාව.. මේක හැමදාම ඒ විදිහට ම සිද්ධ වෙමින් පවතිනවා... ඒ් දුක ඒ මිනිස්සු ළග ඒහෙම්මම තියෙනවා... අපි රටක් විදිහට තේ වලින් කෝටි ගණන් සල්ලි හම්බ කරනවා.. අැයි අපිට මේ මිනිස්සු ගැන මීට වඩා හිතන්න බැරි.????

      Delete
  15. මාත් තරමක් ඔය වතු ජීවිත දැකල තියනවා. අර විචාරක තුමා කිව්ව වගේ ඒක වෙනම උප සංස්කෘතියක්. දුෂ්කර ජීවිත.

    වෙනස් ඉසව්වක් ස්පර්ශ කල මේ පැදි පෙළ අගෙයි, තුෂාර.

    ReplyDelete
    Replies
    1. පොත් කුරුට්ට සහ අදහස් කුරුට්ට !! ඒකත් මරු :) අද දැක්ක විදිහට, ඒක වෙනස් වෙනව වගෙ.

      Delete
    2. ස්තූතියි චන්දන නිර්මාණය අගය කළාට......

      පොත් කුරුට්ට තුළ අපි කියවපු පොත් ගැන ඔබ වෙත අදහසක් ගේන්නට උත්සහ කරනවා.. කියමන් කුරුට්ට තුළින් ලෝක පූජිත චරිතවල අදහස් ඔබ වෙත ගෙන ඒමට උත්සහ කරනවා.....

      Delete
  16. කොහොමත් බර අදින කෙනාට තමයි දුක දැනෙන්නෙ..මෙහෙම දේවල් කොච්චරනම් තියෙනවද..පද ටික ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උමේෂ්...................

      ඒ දුක අපිටත් ටිකක් හරි තේරුම් ගන්න පුළුවන් නම් ඒක වටිනවා.. ඒතකොට තමයි අපිත් ඒ දුකට උත්තර හොයන්න උදව් වෙන්න අවශ්‍යයි කියලා හිතන්නේ...........

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. Replies
    1. ඒක හරි කිව්ව ඒක වටිනවා ඔසාමා..............

      ළගදී බෝම්භයක් ඒහෙම ගැහුවේ නැත්ද???? (මං අැහුවේ ලිපියක් දැම්මේ නැත්ද???)

      Delete
  19. දහඩිය මුතුබිදු කාසි කරන ලඳුනේ ..
    ඒ රන් කාසියෙ අයිතිය නැති ලඳුනේ ..
    දහඩිය මුතුබිදු කාසි කරන ලඳුනේ ..
    තේ දල්ලේ රස ලොවට බෙදන ලඳුනේ ...

    ලඳුනේ ... ලඳුනේ ... ලඳුනේ ... ලඳුනේ ...

    ගායනය - බෙවිස් මනතුංග

    ReplyDelete
    Replies
    1. ෂැහ්............... නියමයිනේ සින්දු මචං...

      කලින් අහලා නැති ගීතයක්.. අදමයි අැහුවේ.. නෙට් ඒකේවත් හොයාගෙන අහන්නම්... ස්තූතියි ඒකතු කිරීමට........................

      Delete
    2. මෙන්න https://www.youtube.com/watch?v=-uD5XEQ4wsY

      බෙවිස් මනතුංග කියන ගායකයා ගැන අපුරු සටහනක් මෙන්න සමකය වටේ තියනවා .බලන්න http://samakayawate.blogspot.com/2013/03/blog-post_18.html#more

      Delete
    3. තැන්කූ............. සින්දුවා...............

      ඔබ විසින් මේ දක්වන්නා වූ සහය බ්ලොග් ලෝකය තව තවත් විවිධාංගීකරණයට ලක් කරනවා සින්දු මචං.................

      Delete
  20. මේක ලංකාවේ විශේෂ උප සංස්කෘතියක්..
    ජනවසම (ජනතා වතු සංවර්ධන මණ්ඩලය) ට අයිති විශාල තේ වතු ගහනයකින් හෙබි පළාතක මේ උප සංස්කෘතිය ආසන්නයේම හැදුණු වැඩුනු මට මේ ගැන කියනවනම් ගොඩාක් දේවල් හිතට එනව.. බොහෝ කාරණා මාතලන් හා විචාරක තුමාගේ කමෙන්ට් වලත් කියවෙනව.. වතු නිවාස, එහි දරීද්‍රතාවය, (අ)පිරිසිදුභාවය, ළමයි, වියපත් වූවන්, ශ්‍රම සූරා කෑම්, ලිංගික සූරාකෑම්, පිටස්තර සමාජය හා ගැටීම්, ආවේනික සංස්කෘතික ලක්ශණ හා මේ හා බැඳුනු ඒ තුච්ච දේශපාලනය වැනි මෙකී නොකී ගොඩාක් දේවල් ගැන හොඳ කතිකාවතක් ඇතිවෙනවනම් කැමතියි. ඔවුනුත් අපි වගේම මනුශ්‍ය කොට්ඨාශයක් නිසා..

    පබැඳුම ලස්සනයි.. කවි පිළිතුරක් (සමහර විට පෝස්ටුවක්) දෙන්නත් හිතෙනවා.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා....................

      ඔබේ අත්දැකීම් වෙන්න අැති මේ තරම් පිළිවෙලකට මේ කතන්දර ඔක්කොම ඒක කමෙන්නටුවකට ගොණු කරන්න උදව් වෙන්න අැත්තේ.....

      //කවි පිළිතුරක් (සමහර විට පෝස්ටුවක්) දෙන්නත් හිතෙනවා//

      ‍අැත්තට ම මිත්‍රයා ලියමුකෝ උත්තරයක්.. උත්තරයක් ම නෙමෙයි මේකෙම දිගුවක් වුණත් කමක් නැහැ.. අපි මේ සංවාදය තව ටිකක් දිග් කරමු... ඒක මොනම හරි දේකට උදව්වක් වේවි... සංවාදයකින් ඔබ්බට යන්න පුළුවනි නම් වටිනවා.. අපි ඒ ගැන කතා කරමු..................

      Delete
  21. පපුවටම දැනුන පද ගැලපුමක් උනත් අපේ පාලක පක්‍ෂයට, ධනවාදීන්ට ඕව පපුවටම වදින්නේ නෑ තුෂාර අයියේ.ඒ.., ඒ අයට හිතක් පපුවක් ඇත්තෙම නැති නිසා.කොයි කෙසේ වෙතත් අන්තිමේ ඒ අහිංසක මිනිස්සු හැමදාමත් එකම තැන. තේ දල්ල තැම්බිලා එන රස අස්සේ අසරණ මිනිස්සුන්ගේ දුක්ගැහැට වලින් තැම්බිලා පදම් වෙච්ච ජිවිතේ කටුක රස දැනෙන්නේ මෙහෙමවත් සංවේදී කවි හිතකට විතරයි.අගයනව මම මේ නිර්මාණය ඉහලින්ම.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිළිණි....................

      ඔබ අපි වගේ මිනිස්සු මේ ගැන කතා කරනවා.දුක් වෙනවා.. මොනම හරි උදව්වක් කරන්න හිතනවා.. ඒත් කරන්න හැකියාව තියෙන කොට්ඨාශය නිශ්ශබ්දයි..... ඔවුන්ට දැනෙන්න අපිට පුළුවන් දේ කරමු... අපිට පුළුවන් විදිහට සමාජයට මේ පණිවුඩ ගෙනියමු.... අගය කරනවා ඔබේ උනන්දු කරවීම..........

      Delete
  22. ජීවිතේ බොහොම අමාරුවෙන් ඉස්සරහට අරන් යන අය අපි අතර ඕන තරම් ඉන්නවා.. ඒ මිනිස්සුන්ට ජීවිතේ වටිනකම අනික් අයට වැඩිය හොදින්ම දැනෙනවා ඇති..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම දිනේෂ්..................

      දුක් විදලා දෙයක් හම්බකරගත්තා ම ඒක බොහොම වටිනවා... ඒක අපිට දැනෙනවා.... ඒත් මේ ජීවිත නම් දුක්ඛිතභාවයේ අන්තයේ ඉන්නේ...........

      Delete
  23. සුපිරිියි එකෙන්ම
    දේශපාලන කවි ලියන අතරට මේවගේ ඒවත් වැඩිවැඩියෙන් දාන්න
    ජයවේ ගී පුවර!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...