Tuesday, May 10, 2016

- නො එනු මැන -



කිව්වට නාවත් ඔබ මගෙ දිවියට
පෙරදා කඳුලින් ඉල්ලද්දී
එන්න එපා දැන් මගෙ ඇස් මානෙට
ඔහු සතු වී කල් බෝ ඉක්මී

වරක් නොවේ ඔබ හිත රිද්දූයේ
වරද මගේ යයි නිති පවසා
එහෙව් වු වරදක් තවමත් නොදනිමි
පමා වැඩී දැන් ඔබ මෙදිනා

සතුටින් ඇරඹූ ප්‍රේමය නිමියේ
ඇස්වහ කාගේ වැදිලාදෝ
සිහින විජිතයේ නිරිඳුන් ඔබ මුත්
කිරුළු පළන් රජු ඔහු නේදෝ

නොපතන ලෙස මා යළි ඔබෙ දිවියට
වත්මන කඳුලින් ඉල්ලමි මං
පිටුපා ගිය මුත් පෙරදා කඳුලට
අදවත් සලකනු එහි අභිමන්


අසංක ගයාන් අබේසිංහ

49 comments:

  1. එකවරක් ඔබට මා එපානම් ...........ද?

    ReplyDelete
    Replies
    1. මෙන්න හොල්මනක් අවිල්ලා..

      Delete
    2. අපි මේ දානෙ දෙන්න හැදුවා විතරයි ප්‍රියාට...

      Delete
    3. අඩෝ ප්‍රියා................

      සාදරයෙන් පිළිගන්නවා ආයෙමත්..... අපි බ්ලොග් කුරුටු ගාන්න පටන්ගත්තු කාලේ ඉදලා කමෙන්ටුවකින් හයියක් වුණා තාම මතකයි.....

      ජයවේවා

      තුෂාර

      Delete
  2. Replies
    1. බොහොම ස්තුතියි නිර්මාණි...

      Delete
  3. ලස්සන නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉන්දරේ...

      Delete
  4. දයා ද අල්විස් මහත්මිය ලියූ අකලට වට මහ වරුසාවක් සේ ගීතය සිහිපත් වුණා..

    සොවක් නැතේ නොසිතනු මැන සංකා
    ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
    රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
    සතුටයි කිරුළ අපේ

    ReplyDelete
    Replies
    1. මාත් කියන්න ආවේ මේකමයි......

      Delete
    2. නියමෙට ගැලපෙන ගීතයක් වැසි...

      Delete
    3. අද මට විස වු ඒ මල කොහොමද
      පෙර දවසේ මට සුවද වුනේ
      ජීවිතයට බෑ අපට ලබන්නට
      ආදරයේ රස කිසිම දිනේ 

      අනුකම්පාවයි වෛරය වන්නේ
      හිනැහුනු අය අමනාප දිනේ
      මගේ දෙපා සිඹ කදුළු හෙලු ඔබ
      අද නෑ කදුලක් හදුනන්නේ

      දැනහැදිනීමයි දොඩමළු වීමයි 
      පමණින් ඇයි අප නොනැවතුනේ
      නොනැවත ඒ ගිය ගමනින් නොවෙදෝ
      අපේ ජීවිත දෙක නතරවුනේ 

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      සංගීතය : එච්.එම්. ජයවර්ධන
      ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා

      Delete
    4. මා හඬනා කඳුළු ගලා
      සැදුනු කඳුළු සාගරේ
      ඔබ ඇය හා ඔරු පැද පැද
      සිනාසුනේ ඇයි... සිනාසුනේ ඇයි..

      ඔබ දෙපසින් ගලාගියේ
      ඔබට හැඬූ කඳුළු නේද
      මලක මෙළෙක තිබුණු හදක්
      ගලක් කලේ ඇයි... ගලක් කලේ ඇයි..

      සියුමැළි හද රිදවන්නට
      හද රිදවා හිනැහෙන්නට
      ඔබ නොපෙළූ අසරණ මට
      සතුරු උනේ ඇයි... සතුරු උනේ ඇයි..

      පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
      සංගීතය - එච්.එම්. ජයවර්ධන

      Delete
  5. නිර්මානකරුවෙක්ගේ නිර්මාණයක් වෙනස්කරන්න කියන්න කිසිම අයිතියක් නෑ තමයි.අනික උඹලට කවිකම් කියලදෙන්න තරම් මම කවියෙකුත් නෙමෙයි.ඒත් මේ කවියේ රිදම් එක තියාගන්න මගෙන් යෝජනාවක්.....

    "එහෙවු වැරද්දක් තවමත් නොදනිමි"
    "කාගේ ඇස්වහ වැදිලාදෝ"

    කවිය කියාගන යද්දි මම හිතුවේ අර එක්සෑම් ප්‍රෙශර් එකට ලියන ළමයගේ කවියක් කියලා.....

    ReplyDelete
    Replies
    1. යකෝ මේව ලිව්වට අපිත් කවියො නෙමෙයි බං...උඹලගෙ අදහස් යෝජනා නැත්තම් මෙව්වයෙ වැඩකුත් නෑ අවංකවම...

      නියමයි කටුස්සෝ...

      Delete
  6. Replies
    1. සුසානයෙන් නැගී සිටී පියා

      .තෝ අර ටොයිලට් එකේ නිදාගෙන දංද නගිට්ටේ..

      Delete
    2. බොහොම ස්තුතියි ප්‍රියෝ...මට මේ ' ප්‍රියා ' කියල ලියන විදිහත් අමතක වෙලා තිබුණේ...

      Delete
    3. ටොයිලට් ප්‍රියා ...සේක්සි පෝක් ......අඩෝ

      Delete
  7. Replies
    1. බොහොම ස්තුතියි...

      Delete
  8. මේ වගේ සිදුවිම් වලදි හිත් රිද්දගන්න වෙන්නෙ නැ කවුරු කවුරුත් OWLing කලා නම් තමන්ටත් අනිත් අයටත්..:) :) හැමදාම වගෙ ගීතයකට හරි අපුරුයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිහින දකින්නී...

      Delete
  9. ගිය අය කාලෙකදි ආපහු එනව.. හැබැයි ඒ වෙනකොට ගොඩක් වෙලාවට කෝච්චිය ගිහින්

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ වෙද්දි පරණ සිතුවිලි ආයෙම එන්නෙත් නෑ බං...

      Delete
  10. රහට ලියූ කවි පෙලක්. විරහව වුනත් ඇත්තටම රහයි.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමින්ද...

      Delete
  11. පමා වැඩී ඔබ පමා වැඩී...
    හැක් නියමයි.

    ReplyDelete
    Replies
    1. උඹත් පමා වැඩී කොමෙන්ට් කොරන්න ආවා...හැක්...

      Delete
  12. මට නම් විරහව තිත්තයි බන් එත් කවි පෙළ ලස්සනයි

    ReplyDelete
    Replies
    1. කාටද බං විරහව රහ...ඒ වුණත් ඒක විඳින්නත් ඕන අත්දැකීමක් කියල හිතෙනවා...එතකොට ලැබෙන පන්නරය සුපිරියි...

      Delete
  13. තිත්තත් එක රසයක්

    ReplyDelete
    Replies
    1. ඒක හැබෑව...තිත්ත වැඩි තරමට පැණි රහ දැනෙනවත් වැඩි...

      Delete
  14. කවිය සුපිරියි... ඇත්ත සීන් එකක් නං ....ඔන්නොහෙ ඇඟට කපනවා නං එන්න දීපං..

    ReplyDelete
    Replies
    1. ඒ වුණත් මචං ඇඟට කපලා ඇක්සිඩන්ට් වුණොත් කෙළවෙනවනේ...

      Delete
    2. බල්ල පිදුරු කන්නෙත් නෑ
      කන ගොනාට දෙන්නෙත් නෑ
      බලු කුක්කා පිදුරු ගොඩේ උඩු බුරලනවා
      වහු පැටියා බඩගින්නේ බලා ඉන්නවා.............. :-) හැක්

      Delete
  15. ප්‍රේමය පුදදී අවසානයි
    මා ඔහු සතුවී කාලය බෝමයි

    අපුරුයි. ගීතවත්.

    ReplyDelete
    Replies
    1. හා හා සොමියා තහනම් සෙවණට යන්න වගේ...හැක්...

      Delete
  16. නෙළුම් මලේ.....
    එක පෙත්තද තියෙන්නේ
    තියෙන්නේ...
    ගිළිහෙද්දෙන් එක පෙත්තක් 
    තවත් එහි තිබේ රොත්තක්
    ගිළිහුණු පෙත්තකට මොටද හඬන්නේ
    හඬන්නේ...

    මහ සයුරේ...
    එක රැල්ලද නැඟෙන්නේ
    නැඟෙන්නේ...
    බිඳෙනා විට රැළි හඬ දී
    තව සිය දහසක් උපදී
    නිමවීමක් කිම දෝ සිදු නොවන්නේ
    නොවන්නේ...

    සඳ එළියේ
    එක කුමුද ද පිපෙන්නේ...
    පිපෙන්නෙ
    සැළෙන විටදි එක කැකුළක් 
    පිපෙයි කැකුළු විද සුවඳක්
    ඒ නියදම කිකලක දෝ... 
    බිඳෙන්නේ

    සිත හැම විට 
    එක දෙයම ද සිතන්නේ...
    සිතන්නෙ
    මතුකොට නව කල එළියක් 
    උපදයි සිතුවිළි වලියක්
    කොයි කවුරුද ඒ අරුමේ...
    සිතන්නේ


    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය: වික්ටර් රත්නායක
    ගායනය: රෝහණ වීරසිංහ, වික්‍ටර් රත්නායක ඇතුළු පිරිස

    ReplyDelete
    Replies
    1. නියමයි මචං...වෙන කියන්න දෙයක් නැත...උඹ ඇවිල්ලා තිස්ස නාගොඩවිතානගෙ අනිත් එක...

      Delete
  17. විරහව ගැන රහ කවියක්...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...