Tuesday, April 5, 2016

නිළියකට පෙම් බැඳ...



සොමි කැළුම් උතුරනා - රෑ සැඳෑ සාදයේ
රන් පබළු එළි වැටක - රැඳුනු මුතු කුමරියේ

ඔබෙ දිස්න නෙතු මැණික් - කළඹවන්නේ හදයි
එක් සිනාවක් ඔබේ - ලැබගන්න ආසමයි

රුවන් මුතු කුමරියේ...
රූබර වු යුවතියේ...

දෑස මගෙ පින් කළත් - ඔබේ රුව දැකගන්න
ගත මගේ එලෙස වෙද - පහස නුඹෙ විඳගන්න

සිත මගේ මුමුණන්නෙ - ප්‍රේමයේ සොඳුරු කව
ලදොත් මා ඔබේ පෙම - සක්විති වු රජෙක් වෙද

දහස් නෙත් පරදවා - ඔය දෙනෙත් දිනන්නට
බලා ඉන්නේ මෙතැන- තුන් යමේ නොව වෙහෙස

ඉතින් එක් වරක්වත් - මුණ ගැසුනි නම් බැල්ම
වහා ඉහිරවන්නම් - ලොව් තුරා බිඟු රහස

නෙලන්නට දිග මදිලු - මගෙ දෑත ඔය කුසුම
ලොවේ නින්දා පරොස් - මා කරා නොව අඩුව

ඒත් මම නොවේ පසු - පස දෙපා තියන්නේ
එක් වරක් බලන්නකො - මගේ රන් කුමරියේ...


-අසංක ගයාන් අබේසිංහ-

83 comments:

  1. අපොයි බං මාත් සෑහෙන්න තනි අන්ඩේ ලව් කරා නිළියෙකුට.. සබීතට ඒ කාලේ.. ඕං බලහං බොරුනං
    ඒකපාර්ශ්වික ආදරය

    ReplyDelete
    Replies
    1. මේකයි ඩිවෝස් බයික් එකයි දෙකම බැලුවා...අප්පේ උඹත්...

      දැන් මම කරාපු ඒක පාර්ශ්වික ආදර කතා ගාන එළි දැක්වුවොත් මටනම් බයික් එක නැතුවම ඩිවෝස් එක හම්බුවෙනවා ෂුවර්...හැහ්...හැහ්...

      Delete
    2. අපි නං පරණ කට්ටිය නිසා කොන්දේසි විරහිතව ස්වර්ණට ලව් කළා.

      Delete
    3. හෙන්රි අයියේ..... ගීතා ආන්ටිට එහෙම එකක් හිතුන්නැද්ද.......??????

      තුෂාර

      Delete
    4. ඒවට අමුණුල ඉන්නවනේ අයිති කරගෙන..හික්ස්..

      Delete
    5. හෙන්රි අයියේ........

      මං දකින මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔය පරණ නිළියන්ට ඒ කාලේ හිතින් ලව් කරපු අය (සමහරුන්) ඒ කාලේ නිළියන්ට ලංවෙන්නවත් බැරි වුණ හින්දා ඒ ඇරියස් පියවා ගන්නත් එක්ක පස්සේ කාලේ තමන්ට හැකියාව ලැබුණ ගමන් විවිධ ආකාරයට මේ නිළියන් ව හැකිතරම් ළගින් තියාගත්ත සිද්ධි තියෙනවා නේද??????? ස්වර්ණාගේ සිද්ධිය වුණත් එහෙම තමා... මට මතක විදිහට 2008-2012 පමණ වන තුරු මා දන්න තරමින් ස්වර්ණාවත් එහෙම ළගින් ම තියාගෙන හිටියා ඒ කාලේ අගමැති පවර්ස් තියාගෙන හිටපු උන්දෑ කෙනෙක්..... පුද්ගලයා දැන් හොදට ම වයසයි... ඒත් අර හිතේ තිබුණ ලව් පස්සේ කාලේ සල්ලි වලින් පියවන්න පුළුවන් වුණ වෙලාවේ පඩියක් එහෙම ගෙවාගෙන තමන් ගාව රස්සාවක් දීලා ස්වර්ණාව තියාගත්තේ එයා.....

      ඔය ගීතලා මාලනීලා පාර්ලිමේන්තු ගෙනැල්ලත් කට්ටිය කරේ ඕකමනේ.... ඒ කාලේ පියවන්න බැරි වුණ ඇරියස් ජාතික ලැයිස්තුවෙන් හරි කමක් නැහැ ෂීට් එකක් දීලා අර කෙනා සල්ලි වලින් කරපු දේ බලය පාවිච්චි කරලා කරන එකනේ එතැන වුණේ. මේවත් ඒ කාලේ හිතේ තිබුණ ලව් ම වෙන්ටෑ නේද???????

      ඒකට අපේ කාලේ උන්.... තාත්තලා පරණ කෑලි ගෙනැල්ලා ළගින් තියාගන්න කොට අපේ පුත්තු ටික දැන් ඉදලා ම උන්ව ඔඩෙක්කුවට ගන්නවා.... ඒවා නං වැරදියි නේද හෙන්රි අයියේ......

      කසුප්

      Delete
  2. අපි හැමෝටම තියනව ඔය වගේ ලව් එකක් .....
    මට තියෙන්නෙ සනී ලියොන් එක්ක .....
    හැක හැක හැක ...

    ReplyDelete
    Replies
    1. සනී අක්කත් එක්ක මටත් එකක් තියනව මචෝ...හැබැයි ඒක ආදරයක්මත් නෙවෙයි...හැක්...හැක්...රහසින් (මේව අපේ නෝනා දැනගත්තොත් මං කම්මුතුයි...)

      Delete
    2. මටත් අහන්නම හිතුණා නිසා මේක අහන්නැතුව යන්නත් බෑ වගේ .... මචං ඇනෝපී......... සනී ලියොන් එක්ක තියෙන එක ලව් එකක්මැයි කියලා උඹට ෂුවර් ද???????? දැන් මෙහෙමනේ මචං කියවලා ම නැති පොතක් කියවන්න ආසාවක් ඇති වෙන්න පුළුවන්... ඒත් කියවලා කියවලා හම ගහලා තියෙන පොතක් අලුත් කවරයක් දැම්මා කියලා ආයෙම කියවන්න හිතෙනවා අඩුයිනේ...... ඒ නිසා හරියට ම කියහං ඕක ලව් එකක්මයි කියලා උඹට ෂුවර් ද???????? හැක්

      තුෂාර

      Delete
    3. අඩෝව්.... මරාගෙන මැරෙනව ඩෝව් ......
      මට තියෙන්නෙ පරමම පරම පිවී..තුරුම ප්‍රේමයක් ඩෝව් .....
      හැක හැක හැක ......

      Delete
    4. තුශාර
      අනිත් එවුං කියියෙව්වට මම කියෙව්වෙ නෑනේ බං ..
      යාන්තං පිටකවරෙන් පොඩ්ඩක් දැක්ක ලංකාවට ආපු වෙලාවෙ ....

      Delete
    5. ඇනෝපිලා...මටනම් පිට කවරෙ වැඩක්ම නෑ...සනී අක්කව ට්‍රේන් කරන්නෙ එයාගෙම හස්බන්ඩලු බං...උඹටත් පුළුවන් වෙයි හොඳ ට්‍රේනර් කෙනෙක් වෙන්න...හැක්...හැක්...

      අසංක

      Delete
    6. ඔව් ඔව් බං ඔය මදුරුවන්ගේ හැටිමනේ... වැඩිය සද්ද නැතුව වැඩේ දෙනවා ගානට.... ඒකනේ බං කියන්නේ උපාසක බලලු මීයෝ දෙක දෙක අල්ලනවා කියලා..... හැක්... හැක්..... අනේ උඹේ අහිංසක ප්‍රේමයට මෙයින් කිසිම හානියක් නොවේවා කියලා පතනවා...... ජයවේවා...

      තුෂාර

      Delete
  3. උස අඹගහකට පොලු ගහනව වගේ...වදින්නත් පුලුවන්...

    ReplyDelete
    Replies
    1. පොල්ල වැදුනොත් කාටද ආඩම්බර නේ ඉන්දරේ...හැහ්...හැහ්...

      Delete
    2. ගස උස වුනත් බෑ බිම සිට ලත වෙන්න
      බිම සිට වුනත් හැක පොලු විසි කරලන්න
      ගෙඩියම බලා නිසි එල්ලය අරගන්න
      වැදියන් පොල්ල වැදියන් ගෙඩි ගැලවෙන්න

      Delete
    3. අම්මෝ...ගෙඩි ගැලවුණොත් පව්ව්ව්ව්...හැහ්...

      Delete
  4. හම්මේ ලොකු අතු ඈ..

    ReplyDelete
    Replies
    1. අපි ඔය ලොකු අතු කියල පසුබාන්න නරකයි...

      ඔය මහා ලස්සන කෙල්ලොන්ගෙන් කොල්ලො අහන්න බයේ ඉන්න හින්ද උන් නිකම්ම වේලි වේලි ඉන්නවා...අන්තිමේ කොහෙවත් ඉන්න පඟර නැට්ටෙක් අහපු ගම ඩෝං ගාලා හාං කියනවා...අන්තිමේ අපි හූල්ලනවා හොඳ පළතුරු කන්නෙම පණුවො කියල...හැහ්...(රහසින්: ඔය කිව්වට මාත් බයයි බං ලස්සන කෙල්ලොන්ගෙන් අහන්න ඒ කාලෙ...)

      Delete
  5. ලස්සන නිලියේ....
    නුඹ රඟනව දැන් කරළියේ
    නුඹ හින්දම මම තාමත් මේ ගැලරියේ!

    ReplyDelete
    Replies
    1. ගීතයේ ඉතුරු ටිකත් දාන්නකො උපේක්ෂා...

      දැන්නම් බැල්කනියට යන්න වෙලාව හරි වගේ...හැක්...හැක්...

      Delete
    2. https://www.youtube.com/watch?v=YsSrGBM2mBo

      Delete
    3. තැන්කුයි තැන්කුයි උපේක්ෂා...

      Delete
    4. සමන්තගේ ඔය සින්දුව මමත් ආසම සින්දුවක්.ඒ වචන එහෙමත් නියමයි.

      Delete
    5. සමන්ත නෙවෙයි අනේ ඒ ඉමාන් පෙරේරා

      Delete
  6. සනීට love කරන දෙන්නෙක්ම මුණගැහුනා නේද??

    මට මේ සිංදුව මතක් උනා කුරුටු

    රෑ අහසෙ තනි රකින තරුවක් වගේ,
    ඔබ ඉන්න මල්මාලියේ,
    සඳ සේ සිනා සී,
    මල සේ කැලුම් දී,
    ඔබ ඉන්න මල්මාලියේ, සැනසෙන්න මගෙ ලෝකයේ,

    ReplyDelete
    Replies
    1. තව අහල බලන්නකෝ නිර්මාණි...සනීට ලව් කරන කීයක් නම් ඉන්නවද කියල...දවසක් මගේ යාළුවෙක් කාර් එක එළවද්දී සනීව මතක් කළාම ඌට වාහනේ හරවන්න ඕන තැනත් මඟහැරුණා...හැක්...හැක්...

      Delete
    2. අනිවා කුරුටුටත් ඔය වගේ වැඩ වෙලා ඇති එහෙනම්...

      Delete
    3. වෙලාවට මට කාර් එළවන්න බෑ...හැහ්...හැහ්...

      Delete
  7. කාගෙද වෙඩිමකට ඊයේ පෙරේදා ලංකාවට ආව වේලාවෙද මේ පින්තූරයේ ඉන්න එක්කෙනාට හිත ගියේ?

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ විචා මාමෝ...මෙයාට හිත ගියේ හිච්චි කොල්ල කාලෙ හිටං...හොහ්...හොහ්...

      Delete
  8. අසංක අයියේ.............

    පට්ට මාතෘකාවක් මේක.... හැමෝට ම මේ විදිහේ හැගීමක් තියෙනවා. මං නං කැමතිම නිළිය කාජල්

    (අවශ්‍ය නං ඔය උඩ අදහසටත් එකතු කරගත්තාට කමක් නැහැ - ඒත් ඒවා වරහන් ඇතුළේ කියන්නේ හරිද???? මොකද අදටත් කාජල් ඉන්න ෆිල්ම් එකක් හරි සින්දුවක් හරි බලද්දි අපේ ගෙදර උන්දෑ බලන්නේ ටීවී එක දිහා නෙමෙයි මගේ දිහා....)

    කසුප්

    ReplyDelete
    Replies
    1. මටත් ඔය වගේම තමයි බොලේ...ලස්සන නිළියෙක් ගැන කිව්වොත් ඉතිං ගෙදර බත් කාල හමාරයි...

      Delete
  9. හිත රිදෙන කතන්දර බෝමයි
    මම මුකුත් කියන්නේ නෑමයි.......

    ReplyDelete
    Replies
    1. ඒකනෙ...ඒකනෙ...රිදෙන හිත අඩුකරගන්න...මෙතැන මොනව හරි ලියලවත් සැනසෙන්න...

      Delete
  10. දැන් අපි මේකට මොනවද කියන්න ඕන ?


    නාකද ඔය නිළිය ලඟට ගිහිං කෙලින්ම ආදරය පරකාස කළා නම්... නෙත් කැළුම් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවට වඩා....

    ඔට්ටුයි බැරුවට !

    ReplyDelete
    Replies
    1. මේං මේ බැරි එකනෙ වෙලා තියෙන්නෙ මෙතු...එහෙම නැත්තං අපි අද මෙතන නෙවෙයි...හුහ්...

      Delete
  11. මාලිනී ෆොන්සේකා ලකී ඩයස් විවාහ උන දා සිදුවීමක් ගැන විහිළුවක් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද ඉයනෝ...මෙතැන ලින්කුවක් දාහන්කො...

      Delete
  12. නිළියෝ කී දෙනෙක්ට කියලා ලවුද බං. ඒකනේ අප්සැට් එක.
    කවි ටික මරු.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉතිං...ගොඩක් හිතේ හිටියට එකෙක්වත් ඇත්තට නෑනෙ...ඒකයි හැමෝගෙම අවුල...

      Delete
  13. හෙක් මෙන්න පොත්තට රැවටිලා. ඔය කිව්වට අපි රැවටෙන්නැත බැරි නැහැ. හැක්

    ReplyDelete
    Replies
    1. ඔය කියල දැම්මෙ සොමි යා ඇත්තම...කාටත් මුලින්ම පේන්නෙ පොත්තනේ බං...ඊට පස්සෙ තමයි පෙත්ත...

      Delete
  14. ලියන්න හිතපු කමෙන්ටුව ආයෙම මැකුව ...ආස නළු නිලියෝ නම් ඉන්නවා ටික දෙනෙක්ම දීපිකාට ආස කලේ Aankhon Mein Teri - Om Shanti Om සින්දුව අහන කාලේ :)

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද ලියන්න හිටියේ හංසි...මට සුභ පතලද...හැහ්...හැහ්...මමනං දීපිකාට ගොඩාඩාරියක් ආසයි...රහසින්(තව ගොඩක් අය ඉන්නවා...නම් සේරොම කියන්න බෑ ඉතිං...)

      Delete
  15. නිලියකට පෙම් බැඳ ෆිල්ම් එක මතක් උනා.ජෝ අබෙවික්‍රමයි.. කවුද අර වයසට යන්නැති එක්කෙනෙකුයි රඟපාන එක.පට්ටම ෆිල්ම් එකක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජයවේවා ලබ්බෝ...ෆිල්ම් එකේ නම කියහංකො අපිටත් බලන්න...

      Delete
    2. හුටා.. ෆිල්ම් එකේ නම වැරදිලා.මෙන්න හරි බඩු..
      'නිලියකට පෙම් කලෙමි'
      1983 ආපු ෆිල්ම් එකක්
      ජෝ අබේවික්‍රම,ශ්‍රියාණි අමරසේන රඟපානවා.

      Delete
    3. ඕකේ ජෝ ශ්‍රියානි අමරසේන තමා නිළිය, මුදලාලිට ඉන්නේ අර කලු උස මහත නලුවා.. මිනිහා පරණ ෆිල්ම් වල හෙන ෆේමස්.... ජෝ තමා ඉන්න අතවැසියා වගේ කෙනා..... මුදලාලියා පැණියා.. ඒත් ශ්‍රියානි අමරසේන ජෝගේ අව්‍යාජකමට කැමතියි... පරණ වුණාට ලස්සන ෆිල්ම් එකක්....කීප පාරක් ටීවී එකේ ම ගියා....

      තුෂාර

      Delete
  16. යකඩෝ මුන් ලවු කරන්නෙත් ඉන්දියාවෙ නිළියන්ට.. මේක නම් අධිරාජ්‍යවාදි කුමංත්‍රණයක්.. හැක්!
    ලස්සන පද ටික... තනුවකුත් දාමුද?

    ReplyDelete
    Replies
    1. කුමන්ත්‍රණේකින් හරි කමක් නෑ බං හම්බුවෙනවනං...හැක්...හැක්...

      Delete
  17. අඩෝ මිනීමැරෙන පෝස්ට් දාන්න එපා ඩෝ....

    ReplyDelete
    Replies
    1. මාතෙත් කැමති නෑ හාමිනාගෙන් මැරුං කන්න...හැක්...හැක්...

      Delete
    2. මාතේ පරණ (හිතින්) ක්ලික් ගැන ටිකක් කියමුකෝ බලන්න..... අහන්නත් ආසයි....

      තුෂාර

      Delete
    3. මොන පරණද ඩෝ... මගේ කෑල්ලගෙ පොටෝ එකක් උඹලා දාලා තියෙන්නේ....

      Delete
    4. හත්තිලව්වයි.............

      මාතාට එහෙනං ගේම තියෙන්නේ අසංක අයියත් එක්ක.... හැක්... ඔන්න අපි නෑ ඕවාට හරිද???????

      තුෂාර

      Delete
    5. ඇයි මස්සිනේ ( මාතේ ) පෙම් කලෙ අපි එක මලට...

      අසංක

      Delete
  18. විලි ලැජ්ජයි සන්තෝසයි...

    ReplyDelete
    Replies
    1. ඔව් බං...අපිට ඉතින් ලැජ්ජාවයි සංතෝසෙයි විතරයි...ඉහි...ඉහි...

      Delete
  19. දීපිකාට ලව් කරන ශ්‍රී ලංකාවාසීන් නම් කොච්චරක් කියලද ඉතින්..))

    මගෙත් තිබුණා ඔහොම ලව් එකක් රොබින් හුඩ් පරණ වර්ශන් එකේ කොණ්ඩෙ දිග රොබින් අය්ය ගැන..

    අපරාදෙ කියන්න බෑ කවදාවත් ලංකාවෙ ටෙලිකතා නළුවෙක් ගැන ඔහොම ලව් එකක් පහළ වෙන්නැති එක නෙව වැඩේ..))

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කුමට කතා...ලංකාවෙ නළුවන්ට වැඩිය ඉන්නෙ කුකුළො නොවැ...හැහ්...හැහ්...

      Delete
  20. අදයි ආවේ මේ දෙසට... අපූරු පදවැල් පෙලක් !

    ReplyDelete
    Replies
    1. මේ කොනටත් පද්දපං මචං හැමදාමත්...සාදරයෙන් පිළිගනිමු...

      Delete
  21. හරියට නිළ ඇල්ලුවොත් - අලි ඇත්තුත් දණ ගහනවලු :D :D

    ReplyDelete
    Replies
    1. අනේ පත්තරේ අපිටත් කියා දීහංකො නිල ටිකක්...තාම හරි නිල වෙදෙක් මුණ ගැහුනෙ නෑ...

      Delete
  22. අපි ඕවට නෑ ...

    ReplyDelete
    Replies
    1. ඒ බව පේනවා...හැක්...හැක්...

      Delete
  23. ඔන්න අපි නම් ඕවට නෑ. පැමෙලා අක්කා ගැන එහෙම නිකමටවත් මොනවත් හිතිලා නෑනේ අපිටනම්

    ReplyDelete
    Replies
    1. අඩේ මටත් එයා ගැන නම් මොකුත් හිතිල නෑ...හැක්...හැක්...

      Delete
  24. අපි හැමෝටම තියෙන්නෙ එකම ප්‍රශ්ණ!

    ReplyDelete
    Replies
    1. යකෝ අලින්ටත් මේවගේ ප්‍රශ්නද අප්පා...

      Delete
  25. ලස්සන නිලියේ නුබ රඟනවා දැන් කරලියේ
    නුබ හින්දම මම තවමත් ගැලරියේ
    මට අදහා ගන්නට බැරි ජීවිත පෙරළියේ
    ඉරණම විසදමි මම නුබ ඉදිරියේ
    කවද හරි මම කරලියේ නුබ හින්ද මම තවමත් ගැලරියේ

    https://www.youtube.com/watch?v=230h6vdRNVc

    ReplyDelete
    Replies
    1. ඔන්න උපේක්ෂාත් දාල තිබුණා මේකම උඩදී...ඉවානයත් නිළියන්ට බොහොම මනාපයි වගේ...හිටපංකො ආයෙ හම්බුවෙනකම්...

      Delete
  26. ලස්සනයි හොදේ

    ReplyDelete
    Replies
    1. මොකක්ද මචෝ කවියද නැත්නම් දීපිකාද...

      Delete
  27. දීපිකාල එක්කෙනයි අපි ගොඩයි...
    එතකොට දීපිකාට වරණ ශක්මතාව වැඩියි...

    ReplyDelete
    Replies
    1. අපේ ක්ෂමතාව තමා බහින්නේ...

      Delete
  28. ඔය දීපිකා පදුකෝන් ට මාත් පට්ට ආසයි බන්.
    මොකක්දෝ අමුතු ලස්සනක් තියෙනවා.

    --------
    කවිය නම් මාරයි...

    ReplyDelete
    Replies
    1. අඩෝ මිනි මරන කතා කියන්න එපා ඩෝ...එයා මගේම විතරයි...හැක්...හැක්...

      Delete
  29. ලස්සන නිලියේ....
    නුඹ හින්දා මං තාමත් මේ ගැලරියේ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...