Tuesday, November 25, 2014

අපිනං එහෙමයි......!!!



ලෝකෙ දියුණු රටවල් එකතුව හැදුව
ජනපදයකි හඳේ තියන හරි පුදුම
පදිංචියට එහි යවන්න තකහනිය
හොයයි සුදුසුකම් සපිරුණු පිරිසක්ම

හොයා බලා හතර අතේ ඇහැ දාලා
ජන ඝනත්වෙ කවුන්ට් කරල වලි කාලා
ඇනලයිස් කොර ආර්ථිකේ සලකාලා
ගණන් හිලව් සිදුවන්නේ ඇර දාලා


හෙමින් හෙමින් අවසානය එළඹෙන්නා
දියුණු වෙන්න කැමති පිරිස් තෝරන්නා
හොර කෙරුමෙන් ඉහළම ලකුණුම ගන්නා
අම්මට සිරි ලංකාවම තේරෙන්නා

සිරි ලංකා සැට් එක වෙයි සතුටින්නේ
හඳේ පදිංචියට යන්න දින ගැන්නේ
සියළු දෙයට සූදානම් වී ඉන්නේ
අන්තිමේදි ගමන යැවෙයි හඳ යානේ

සියළු පහසුකම් සපිරුණු ජනපදය
වැඩ කරන්න කියාපු හොඳ පරිසරය
අපේ එවුන් එහෙ පිරිලා තනිකරය
දියුණු වෙන්න දැන් කිසි බාධක නැතිය

කලක් ගතවෙලා ගිය පසු මේ අයුරින්
දියුණු රටවලින් එන්නේ හරි සතුටින්
ටෙස්ට් කෙරුමට අපේ එවුන් වැඩ කෙරුමෙන්
ගිහින් බැලුව කල ඇස් ගියෙ උඩ පුදුමෙන්

අපේ එවුන් ඉන්නා මේ ජනපදය
අජූත වී මුඩුක්කුවක ගෙන සිරිය
වැඩක් කරන කිසිම කෙනෙක් නැති හැඩය
දියුණු රටක ලොක්කෙක් ඇහුවා පැනය

ඇයිද උඹල කාලකණ්ණි වී මෙලෙස
අපි දුන්නේ දියුණුව තිබු ජනපදය
වැඩ කරලා එය රැකුමත් යුතුකමය
කිමද මෙසේ වූයේ දැන් කිව යුතුය

කුටු කුටු ගෑ පිරිස තුළින් ඉදිරියට
දෙකට නැමී ආවේ කැහුටෙකි පෙරට
ඔළුව කසා උත්තර දුනි හරි රහට
ප්‍රශ්නය ඇහු ලොක්කා හට බඩ යන්ට

හඳ හැමදාම පායලනේ... ඒ කියන්නේ පෝය... අපි ඉතිං පෝය නිවාඩු...හීහීහී......!!!


අසංක ගයාන් අබේසිංහ

45 comments:

  1. හැමදිනකම ඇත්තේ හඳ පායලනේ
    ඒ කියන්නෙ පෝය නිසා නිවාඩුනේ
    පෝයට අපි හිටපු රටේ වැඩ නෑනේ
    ඒ හින්දා මොකුත් කලේ නෑනෙ අනේ

    ඒයි, මෙන්න මම එකලු!

    ReplyDelete
    Replies
    1. හරිම රහ කවිකාරියක්නේ මෙයා...බොහොම ස්තුතියි...මාධවීලට අපි ඉතින් එකෙන්ම තමයි...

      Delete
  2. හාස්‍ය රසය ගැබ් වෙන්න ලිව්වත් මචෝ..මේකයි කටුක යථාර්තය. අපේ රටේ උන්ට කවදාවත් නැඟිටීමක් නෑ. බලහං සුද්ද ගියාට පස්සෙ අපේ රටේ මොනාද අලුතින් කියල නිශ්පාදනයක් කරේ. මේ වෙලාවට හිතෙනව බං සුද්ද ගියේ අපරාදේ කියලා.

    ReplyDelete
    Replies
    1. එදා සුද්ද ගියේ ( එලෝ ගත්තේ ) නැත්නම් මේ වෙනකොට අපි නවසීලන්තය, ඔස්ට්‍රේලියාව වගේ දියුණු රටක්.

      කොහෙද අපේ එවුන්ට ඕන වුනා නේ නිදහස ක් ගන්න.

      ඔය දැන් අරන් තිය්නෙන්නේ රෙද්දේ නිදහසක්.
      ----------
      මනොෂ් උඹේ වචන ටික ට සීයට දෙසීයක් මම එකඟයි..

      Delete
    2. @ මනෝෂ්,

      උඹ හරි බං...ඇත්තම කිව්වොත් මේ විහිළුවෙන් මට ඕන වුණ දේ උඹ හරියටම තේරුම් ගත්තා...අපි කොයිතරම් ආඩම්බරකාර ජාතියක්ද නේ...දුකයි බං...

      @ විභී,

      උඹේ කතාවටත් මම ඕනවටත් වඩා එකඟයි...අපේ එවුන් කළේ සුද්දෝ හදලා තිබුණු දේවලුත් තව තව අඩු කරපු එක විතරයි ( උදා: දුම්රිය ගමනාගමන පද්ධතිය )

      Delete
    3. සුද්ද ගියාට පස්සේ ලංකාවේ මුකුත්ම හදල නැද්ද?? කටට ආවට, ගිරව් වගේ පාඩම් කරාට ඇස් වහගෙන කතා කරන්න එපා බං..

      Delete
    4. හදල තියනවා...හදල තියනවා දේශෝ...තරහ ගන්න කාරි නෑ...ඒත් ඉතිං ටිකක් කල්පනා කරල බලපං...අපේ රටේ ගොඩක් දේවල් වල හැටි...අඩි එකක් ඉස්සරහට යනකොට අඩි දෙකක් පස්සට ඇදෙන විදිහට තමයි ගොඩක් වැඩ සිද්ධ වෙන්නේ...උඹ නිකමට බලපං...අපේ රටේ නව නිර්මාණ කරන්න හැකියාව තියන දක්ෂයෝ කොයි තරම්ද...ඒ එකෙකුටවත් ඉස්සරහට යන්න අවස්ථාව තියනවද...බොරුවට උන්ව උඩදාලා පේටන්ට් එක ගත්තට පස්සෙ උන්ට මොකද වෙන්නේ...කෝ උන්...ඒ එකෙක්වත් අවංකව අගය නොකර අපේම දේවලින් ප්‍රයෝජන නොගෙන අපතේ හරින හැකියාවන් කොච්චරද අපේ රටේ...මේ මම කිව්වෙ එක ඉසව්වක් ගැන විතරයි...රටේ විවිධ අංශ වල වැඩ පිළිවෙලවල් ගැන හොඳට හෙව්වොත් උඹට පෙනෙයි තියන බොරුව...

      Delete
    5. සුද්දා ගිය නිසා තමයි අපි අද මෙහෙමවත් ඉන්නේ. සුද්දා හිටියනම් අද බ්ලොග් ලියන්න නෙමේ අපිට වෙන්නේ..බ්ලොක් ගල් ගහන්න. අපේ ආච්චිලා නම් කිව්වේ සුද්දා ගියා කල් වැඩියි කියලා. ඒ ඔවුන් හිතපු විදිහ. මා ඉන්නේ සුද්දාගේ රට බව හැබෑව. නමුත් අපි ස්වාධීනව හිතන්න පටන්ගත්තේ උන් ගිය දා පටන්ය. අපේ එවුන් ඒවා කාබාසිනියා කරගත්ත එක වෙනම වරදක්ය. කවුරු මොනවා කිව්වත් අපි 1956න් පසු ලාංකිකයන් ලෙස ඉබිකට්ටෙන් එලියට ආපු එවුන්ගේ පරම්පරාවේ දරුවන්ය.

      මේ දවස්වල මාත් දෙන්නේ හෙණ දේශපාලන ටෝක්. තරහා ගන්න අවසර නැහැ හොඳේ.

      Delete
    6. පාරට බැහැල බලහං කොයි තරං නව නිර්මාන රටේ දුවනවද කියලා. සුපර් මාර්කට් වල බලන්න එපා.. වත්ත පහලට දුවල කුඹුරට දුවල කොන්ක්‍රිට් දාන තැනට දුවල බලහං.. මේවා මේ තරහට කියන කතා නෙමෙයි පුතා.. මගේ ටෝන් එක. හැක්..

      Delete
    7. පිස්සුද අරූ අයියෙ...මොකට තරහා වෙනවද...ඔය දේම වෙන විදිහකට තමයි මාත් කියන්නෙ...අපේ එවුන් මේ නිදහස භාවිතා කරලා දියුණු වෙන විදිහ සම්පූර්ණයෙන්ම අවුල්...ආකල්ප ඊට වඩා අවුල්...

      Delete
    8. @ දේශකයා...

      ඒවත් මම දැකල තියනව දේශකයෝ...මමත් තරහ නෑ...ඔය කියන එව්වට වඩා කොයි තරම් දේවල් තියනවද...අද එහෙනම් මේ රට සුරපුරයක්...මතකනේ...සිංගප්පූරුවත් ඉස්සර අපිව බලාගෙන ගියේ...අද උන් කොහෙද...අපි කොහෙද...මම කියන දේ නව නිර්මාණ ගැන විතරක් පැත්තෙන් හිතන්න එපා...අපේ රටේ මුළු පාලන පද්ධතියේමයි, අධ‍ය්‍යාපනයේයි, ආකල්ප වල වැරැද්දයි...

      Delete
    9. දේශෝ.. දේශෝ... ඒ වගේම අරූ....

      සුද්ද හිටියනම් හොඳයි කියන එක නෙවෙයි මේ කිව්වේ. මේ අපේ රට. අපි කාටවත් යටත් වෙලා ඉන්න ඕනි නෑ කොහොමත්. ඒකෙ තර්කයක් වාදයක් නෑ. මේ කිව්වෙ ඒක නෙවෙයි බං. අපේ මිනිස්සුන්ගෙ හැටි. රටේ කොතනද බං නිශ්පාදනයක් වෙන්නේ?ලෝකෙට ණය වෙලා ගොඩකරන කොන්ක්‍රීට් තට්ටු නෙවෙයි බං සංවර්ධනේ. වැඩිය ඕනි නෑ, සුද්ද ගියාට පස්සෙ රජයේ වැඩ දෙපාර්තමේන්තුවට මොකද උනේ?

      Delete
    10. /////සුද්ද ගියාට පස්සෙ රජයේ වැඩ දෙපාර්තමේන්තුවට මොකද උනේ?//////
      Public Works Dept (PWD) එක 70-80 යුගය වෙනකම් යහතින් තිබුනා. කොලොන්නාවේ තමයි ඕකේ Government Factory කියන එක තිබුනේ. රජයේ නොයෙකුත් වැඩවලට සම්මාදම් වුනා. අපේ සීයා වැඩ කරේ ඕකේ. තව දන්න බොහෝ අය හිටියා. පස්සේ පස්සෙ නොයෙකුත් අමාත්‍යාංශ අතින් අතට ගිහිල්ලා දැන් නම් මොනවා වෙනවද දන්නේ නැහැ.

      Delete
  3. එල ද බ්‍රා..
    අන්තිම ඉහලයි.
    උඔගේ හැකියාවන් එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. උඹගේ අගය කිරීමත් එල ද බ්‍රා...

      Delete
  4. හෝව්.. හෝව්... මේ.... මේ....., මම පෝයට වැඩ හරිද...., මර්කන්ටයිල් දවසටත් වැඩ, බැංකු නිවාඩුවටත් වැඩ, අසා බොලන් නිකං නොන්ඩි දන්නා එපා හරිය....!!!

    ReplyDelete
    Replies
    1. මේ කවියේ කොහේවත් නිමෝ කියලා කෑල්ලක් දැම්මෙ නැත්තෙ ඒකයි...දන්නවනේ ඉතිං අපේ නිමෝ ෆුල් ටයිම් ඔකියුපයිඩ් කොල්ලා කියලා...හික්ස්...

      Delete
    2. ගහමු ගල් බෝතලයක්..මටත් අරවා මෙවා මුකුත් නෑ හැමදාම වැඩ..මෙන්ඩා වැඩට ආවේ නැත්නම් ඇමරිකාවේ සුද්දියෝ බ්‍රා පැන්ටි නැතුව පාරවල් දිගේ දුවයි

      Delete
    3. සුද්දියෝ කොහොමත් වැඩිපුර ඉන්න කැමති බ්‍රා පෑන්ටිස් නැතුව මයෙ හිතේ ( මං කිව්වෙ ඉතිං අපේ එවුන්ට සාපේක්ෂව ඕං...)...ඒ හින්ද උඹ ඉතිං නිවාඩුවක් එහෙම ගත්තට වැඩි අවුලක් වෙන එකක්ම නෑ...හිකිස්...

      Delete
    4. ආයේ එකෙන්ම, බයිට් එක මොනවද?

      Delete
  5. අසංක අයියා....................

    නියම කතාව........ අන්තිම වෙනකල් හිතාගන්න බැරිවුණා අදනම්.......... නියමයි...

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක වුණා(නම නැති වුණාම විදානයා මැරෙන්න හදනවානේ)

      තුෂාර

      Delete
    2. තුෂාරයා...බොහොම ස්තුතියි...කොහොමත් ඉතිං අපි කරන්නේ හිතාගන්න බැරි වැඩනේ නේද...හිහි...උඹ මේ විදානයට බයද...මමනං බය නෑ...

      Delete
  6. සුපිරි පිරි ඉතිරි.... කයි කතන්දර... මරු..

    ReplyDelete
    Replies
    1. සුපිරි අගය කිරීමට සුපිරි විදිහට ස්තුතියි ඔන්න...

      Delete
  7. /කුටු කුටු ගෑ පිරිස තුළින් ඉදිරියට
    දෙකට නැමී ආවේ කැහුටෙකි පෙරට/

    මේටි මට මුලින්ම කියවුනේ

    /කුරුටු ගෑ ගී පිරිස තුළින් ඉදිරියට
    දෙකට නැමී ආවේ කැහුටෙකි පෙරට/
    විදියටයි හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. 2014 නොවැම්බර් මස 26 වැනි බදාදා

      හඳ ඇති රැයකදී...

      සැරද !!!

      මගේ ආදරණීය විදානේ,

      .................................@$%$^^^&
      .................................*&%@#%
      .................................-=0(*&^$@@#

      මීට උඹේම ආදරණීය

      අසංක

      Delete
    2. මේ ඇත්තමයි බං, මටත් කියවුනේ එහෙම. එකපාරට පොල්ලෙන් ගැහුවා වගේ උනා. ආපහු බැලුවම තමා දැක්කේ. හික්ස්...!!!

      Delete
    3. ආ...හා...දැනුයි තේරුණේ...එක වගේ තාලෙට එක වගේ අකුරු නෙව...මම ඒත් හිතුවා මේ නිමෝ අපිට කින්ඩිය දානවද කියල ( මේක විදානයට අදාළ නෑ...ඌව නම් අපි ගණන් ගන්නෙ නෑ...හික්ස්...)

      Delete
  8. අපි ඉතින් කැලැන්ඩරයක් බලන්නෙත් නිවාද්දු දින ගනින්න නේ..

    එහෙවු සාඩම්බර ජාතියක් තමයි මේ ක.

    අනිච්චේ දුක්කේ කිව්වලු...
    -----------------

    අසංක ...උඹේ වචන ටිකයි සිතිවිල්ලයි ඉස්තරම්..

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි විභී...ඒවත් එක්ක අපි ඉතිං අතීත ශ්‍රී විභූතිය ගල ගගා අතුල්ල අතුල්ල ඉන්න ජාතියක් විතරමනේ...පුදුම ආඩම්බරයක් දැනෙන්නේ...

      Delete
  9. අම්මට සිරි ලංකාව අපේ මාතලන්ගේ නෙව..

    ReplyDelete
    Replies
    1. ආයෙ මොනවද...අපේ මාතලන් හින්ද අපි කී දෙනෙක් නම් ගොඩ ගියාද...උඹ හරි දේශා...මම මේ වචනේ කොපි කරගත්තේ අපේ මාතලන්ගේ ලිපි කියවලම තමා...

      Delete
  10. නියමයි නියමයි

    ReplyDelete
    Replies
    1. මොකක්ද නියම...නිවාඩු ගන්න එකද...හිහි...බොහොම ස්තුතියි 'නිදහස්'...

      Delete
  11. ඒ අසංකයා උඹ පුළුවන් නම් අපේ පෝය නිවාඩුවටත් වැඩේ දියන්..:D

    ReplyDelete
    Replies
    1. ඒ මනෝජයා...උඹ ඉන්නේ හඳේද...හික්ස්...

      Delete
    2. මිටියක් ඔතා ගත්ත දවසට

      Delete
    3. එහෙනං...ලොහ්...ලොහ්...

      Delete
  12. අඩේ...පෝය දවසට මුකුත් කියන්න එපෝ....එච්චරමයි තියෙන්නේ දවල් ඉදන් වැනි වැනි ඉන්න ආතල් එකේ.....අම්මට සිරි ලන්කාවට නොගැලපෙන එවුන් වහාම හඳ වෙත පිටුවහල්කල යුතුය...
    කවිය එළ මචෝ....
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. අඩේ කටුසු, මේ තියන එකම එක පෝයට මොකුත් කියන්නෙ නෑ බං...ඒත් ඉතිං හැමදාම පෝය වෙච්චාම නම් අපේ එවුන්ට ෆුල් ආතල් වෙයි නේ...බොහොම ස්තුතියි මචෝ අගය කිරීමට...

      Delete
  13. ඒක නං පට්ට පට පට ටෝක අය්යෝ...............
    හිහි
    ඇත්තට අපේ උංට තරං නිවාඩු තියෙන රටක් ලෝකෙ වෙන කොහෙවත් තියනවද කයල මං දන්නැ...
    අපූරුයි කුරුටුව...
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ් මචං අපිව දිරිමත් කරන එකට...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...