Sunday, November 23, 2014

හොර ඡන්දත් වට්ටනවද මාමේ..................



මාමේ මාමේ ස් බී මාමේ
කොහොමද වා කියන්නේ මාමේ
99යෙ හොර කළ හැටි මාමේ
රෙදි අැදගෙනදැයි කියන්නේ මාමේ

ලැජ්ජයි මාමේ තුච්චයි මාමේ

මරිච්ච ඡන්දත් දැම්මද මාමේ
ගහලා පන්නලා හොර කළ මාමේ
මාමා කළ වැඩ මේවද මාමේ

මේ ඡන්දෙත් මෙහෙවනවද මාමේ

හොර ඡන්දත් වට්ටනවද මාමේ
මැරිච්ච, නොඅාව ඡන්දෙන් මාමේ
මහින්ද මාමා දිනයිද මාමේ

කලින් දිනෙක කට හින්දා මාමේ

දෑ වසරක් හිරගේ දුටු මාමේ
මෙදත් විපක්ෂයේ හිටියොත් මාමේ
තියෙන දෙකත් නැති වෙනවා මාමේ

99යෙ රස කතාව මාමේ

14රේ දී දිගහැරි මාමේ
15වෙ කරනා බලුකම් මාමේ
කියන්න ඉන්නේ කවද්ද මාමේ ......................



කසුප් අනුරාධ



.

14 comments:

  1. ගීපවුරෙ ගී වල අන්තිම කොටස තමා හැමදාමත් මරේ මරු.මේ මනුස්සය මේ කරපු කතාව පාරාවලල්ලක් වෙනව.චන්දෙන් පස්සෙ මහින්ද දිනුවොත් විපක්ෂෙ මේ කතාව පට්ට ගහයි.

    1999 කතාව ඇත්ත. ඒ වෙලාවෙ දෙවෙනි මනාපෙ ගනින්න වෙනව . ඇහැට වැටුන චන්දත් එක්ක 50% ගත්ත.හොරචන්ද 2% යි ඇහැට වැටුන චන්ද 2% යි එකතුවෙලා 50% ගත්ත.
    මෙතන එස් බී විතරක් නොවේ එස් බීව මෙහෙයවපු අයත් වගකියන්න ඕන.
    1994- 2005 කතන්දර හුඟක් එලියට එයි

    ReplyDelete
  2. නොදකින් මේ බල්ලා උගේ පඩික්කම් කටෙන් කතාකරන ඒවා අහන්න දකින්න ලැබීමත් අපේ පූරුවේ පවක්. මුන්ව තමයි ඉස්සරවෙලාම දේශපාලන කුනුකූඩේට දාන්න ඕනෙ. අනේ අම්මපා අපේ මිනිස්සු මේ වගේ බල්ලන්ටත් ඡන්දෙ දෙනවනේ.

    ReplyDelete
  3. දේශපාළණ වසලයෝ කියන්නේ මේ වගේ උන්ට. මුන්ගේ කටේ රෙන්න ඕන දවසක.

    ReplyDelete
  4. මේ කතාව නිව්ස් වලට මෙයාගෙ කටින්ම ඇහුවම මට හිතුනෙ මෙහෙම කෙනෙක් අපේ සෞරග්‍රහමණ්ඩලයෙ ඉන්නවනෙ කියල.

    ReplyDelete
  5. වතුරේ උන්නත් මාළුත් මාමේ
    නැහෙන්නේ කට හින්දලු ලොකු මාමේ

    ReplyDelete
  6. බෝක්කු කට යලි ඇරියද මාමේ
    ජම්පර ඇන්දා මතකද මාමේ
    පිස්සුද නැත්නම් හැටිමද මාමේ
    කැම්පස් ටිකටත් මේමද මාමේ

    ReplyDelete
  7. පේන්න බෑ ඔය වාචාලයා... අපේ සමහර මාධ්‍ය මගිනුත් මේ වගෙ උන්ගෙ මෝල් කතා හොය හොයා ප්‍රවෘත්ති මැද වෙනමම දාල ප්‍රමෝට් කරන්නෙ ඔය. තුක්.......

    ReplyDelete
  8. හොද දස්සයා. පව් ඒත් දැං නං..

    ReplyDelete
  9. මටනම් මහා අප්පිරිය මනුස්සයෙක්.. ටීවී එකේ පෙන්නපුවම ටී වී එකේ තිරේ සෝදන්න හිතෙනවා.

    ReplyDelete
  10. හොරු සමග හෙලුවෙන්.................
    තුක් ඉතරක්...........
    කවි පෙල නං පට්ට පට පට කුරුට්ටෝ

    ReplyDelete
  11. //ලැජ්ජයි මාමේ තුච්චයි මාමේ
    කියන්න ඕන ඔක්කොම මේ පේලියෙන් කියවෙනවනෙ.

    ReplyDelete
  12. ඇයි මේ රට ඉන්න අපි වගේ අයගේ ඡන්ද.. ඒවත් අපි නැතත් වැටෙයි මං හිතන්නේ..

    ReplyDelete
  13. සන්මිනිහගෙ උසස් කමක් නැති නිසාද කොහෙද පව් මහින්ද ලොක්ක "උසස් " කියල තියෙන ඇමති කමක් දීල තියෙන්නෙ. කරුමෙට ඒක "උසස් අධ්‍යාපන " ම් උනානෙ. සුදු බණ්ඩා අකුලගෙන ගියා වෙලාවට

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...