Friday, November 21, 2014

විදවපන් ජීවිතය .....................


සුරුට්ටුව        දැල්වීම          ජීවිතය
දල්වා සුරුට්ටුව
මුව තුළට අැද සුදුපාට දුම්වලාව
පුම්බා හකු දෙපස
හකු පුරවාගත් වඳුරන් මෙන්
සෙමෙන් සෙමෙන් 
පපු කුහර තුළින් 
පෙනහළු දෙකට පුරවා
මහත් උජාරුවෙන්
පිට කරති 
සුදු පාට
දුම් වලා
හිස් අහස දෙස බලා 
කලිසම් කෝට් හැගත්
මහත්වරුන්,
දැල්වෙන සුරුට්ටුවේ රතු හිස බලමින්
දුම් නොබොන්නා දෙස බලා
උසුළු විසුළු කරමින්
තෝ මහ ගෑණියෙක්
විවපන් විපන් ජීවිතේ
ජීවත් වෙන්නෑ හැමදාම
නොසිතයි මොහොතක් ඔවුන්
දැල්වෙන්නේ
සුරුට්ටුව නොව
තමාගේම.
සුන්දර 
ජීවිතය බව.
.
.
.


පෙළගැස්ම - සුරංග ස් විජේසූරිය



.

43 comments:

  1. පව් නලියා.. අන්න ෙජාබ් ඒෙකතුන් අයින් කරලා..

    ReplyDelete
    Replies
    1. මොකා................. ඒ මොකක්ද දේශකයා ඒ කතාව........

      Delete
    2. ඒ මොකක්ද බන් ඒ හරුපේ...

      උඹ ඇත්ත ද කියන්නේ?

      Delete
    3. මේකනම් බොරු දේශනාවක් ද කොහෙද විභී..............

      Delete
  2. අම්මට සිරි...සුරංග මල්ලියා...මම ඇස් පිහදාලත් බැලුවා ආයෙමත්...උඹ ආයෙත් ඇවිත්...නියමයි ලිවිල්ල...සුභ ගමන්...( මේකෙ ඔය විදානයා, දේශකයා, ම්ම්...තව එතනින් ගියාම එක එක මාදිලියේ රැළක් ඉන්නවා නොවැ...කඩප්පුලි කතා කියන්න කට මැදගෙන...ඉතින් උඹ ආපු එක ලොකු දෙයක් බං...හිහි )

    අසංක

    ReplyDelete
    Replies
    1. තැන්කූ .................. අසංක අයියා.........

      මට තුෂාර විස්තරය කිව්වා......... ඉතින් නොලියා කොහොමැයි???

      Delete
    2. මෙන්ඩා අහිංසක කොල්ලා නොවැ...... අැත්ත කියන කොල්ලානේ.... ඒත් පත්තරයාගේ කට හරිනැහැ.. උගෙන් පරිස්සම් වෙන්න ඔ්නේ.........

      Delete
    3. මාවත් ඔය ලිස්ට් එකට දාගනිල්ලා.

      Delete
    4. ආ..මෙන්ඩා..මොකෝ කියන්නේ දැන්? ඇයි නිකන් තොල නොපිට පෙරලලා පත්තර මල්ලී ගාන්නේ??

      Delete
    5. නිමෝ........................

      දාගන්න තිබ්බා ඒ විදිහට හිටියා නම්... කොහෙද ඉතින් ඒකක් ලිව්වා ම කාලයක් හොයන්න ඒපැයි නෙට් ඒක පීර පීරා කොහෙද කියලා........

      Delete
    6. සැක් ඉතරක්.. විලිලැජ්ජාවෙ සන්තෝසේ බෑ......!!!!

      Delete
    7. ඒ කියන්නේ නිමෝ තාම ඉන්නවා නේද??????

      Delete
  3. එකග නැත...
    ලියවිල්ල එල ද බ්‍රා..
    මම සිගරට් බොනවා මට ඒකෙන් තෘප්තියක් තියන නිසා හැබැයි බොන්නේ නැති අයට හිනා වෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. අන්න අැත්ත කතා කරා සංජීව................

      මචං බොන ඒක ගැන මුකුත් කියන්නෑ.. ඒත් ඒක හරිද කියලා හිතුලා බැලුවොත් මොකක්ද අදහස??????

      Delete
    2. මෙන්ඩෝ..

      ඔබ ඒ විඳින තෘප්තියෙන් කී දෙනෙකුනම් විඳවනව අතිද ඔබට සමීප? එහෙම තෘප්තියකින් වැඩක් තියේද?

      Delete
    3. අන්න මනෝෂ්................ නියම වෙලාවට අාවේ... කමෝන් කමෝන්....... වන්මෝ...........

      Delete
    4. ඔව් බං මල ඡාරව..සල්ලි පුච්චනවා විතරයි..මට හෙන අප්සැට් බං මම යනවා සිගරට් එකක් බොන්න

      Delete
  4. ඕවා එක එක්කෙනාගෙ ප්‍රියතාවයන්නෙ කුරුටු.
    අනේ මන්දා මේ ක්‍රිකට් ටීම් එකේ එක එක්කෙනා සැරින්සැරේ බැට් කරනකොට ලකුණු දාන අපිටයි ටැපලෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රියතාවය තමයි මාධවී................ ඒත් මැරෙන්න අැයි දගලන්නේ.???

      Delete
  5. ලියවිල්ල නියමයි. ඒ උනාට එකග වෙන්න බෑ. හේතුව දන්නවා ඇතිනේ.....!!! හැක්..!!

    ReplyDelete
    Replies
    1. දන්නෑ හේතුව කියපංකෝ බලාගන්න හැමෝටම..............

      Delete
    2. සිගරට්ටුවේ ඇති රසයත්
      එහි ඇති මනා ගුනයත්
      එය බොන උතුමානෝ මිස
      නොබාන ගොරකයෝ දනිද
      මිට සිගරට්ටුව අප එක් කලේය සිගරට්ටුව අප වෙන් කලේය සංගමය

      Delete
    3. සිගරට්ටුවේ අැති හෙණයත්
      ගිනි ගෙන මියෙන අයුරුත්
      නොබොන උතුමන් මිසක්
      උරන හරකුන් නොදනිත්.............................. හැක් හැක් හැක්........

      Delete
    4. මම ඡොලියට මෙහෙම ලිව්වට සිගරට් එක කියන්නෙ කොඩිවිනයක් තමයි බං.

      Delete
  6. ලියවිල්ල නියමයි. එකෙන්ම එකඟ වෙනවා.. ඕක මේ සමාජය තේරුම් ගන්න දවසක් කවදාවත් එයිද කියන එකයි මට තියෙන සැකය සහ දුක.

    ReplyDelete
    Replies
    1. අනිවා මනෝෂ්................ කතාව අැත්ත අැයි මුං මේ මැරෙන්න ම දගලන්නේ???  මොකක්ද මේක තේරුම් ගන්න බැරි තරම් තියෙන මෝඩකම...........

      Delete
    2. කරුමෙ හැර වෙන මොකද්ද මචෝ..

      Delete
    3. ඔව් මනෝෂ්............... මේ කරුමය අපිට වෙනස් කරන්න බැහැ....

      Delete
  7. අඩියක් ගහන වෙලාවට විතරයි අපිනම් ඉතින් ඔය උගුරක් දෙකක් අදින්නේ.. ඒ වෙලාවට ඕන එකටත් හිනා වෙනෝ.. එපා එකටත් හිනා වෙනෝ.. ඒත් ඉතින් කාටවත් කෝචොක් එකකටනම් නෙමෙයි..හොඳටම දන්නවා පිච්චෙන්නෙ මාවම බව.. ඒත් පිච්චෙන එකෙත් පොඩි ගතියක් තියෙනවා කට්ටියම සෙට් වෙලා ඉන්න වෙලාවට..

    ReplyDelete
    Replies
    1. //ඒත් පිච්චෙන එකෙත් පොඩි ගතියක් තියෙනවා//

      කොරලා බලකෝ දිගට ම...................... අපි නෑ පිච්චිලා ඉවර වුණදාට..............

      Delete
  8. සුපිරි වදන් පෙළ...

    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා............ තැන්කූ වේවා..............

      Delete
  9. තම තමන්ගේ කැමත්ත මත මේක කට්ටිය බාර ගනීමි.. මට නම් ඉතින් කියන්නේ තියෙන්නේ අදහස ඉහලයි කියල තමයි..

    ReplyDelete
    Replies
    1. අදහස ඒක්ක ඒකගයි නම් තැන්කූ............... තව කෙනෙක් ඉන්නවා අපේ පැත්තට .................

      Delete
  10. මං හිටපු සාමාජිකයෙක්. දැන් නම් අනෙක් උන්ටත් කියන්නෙ නවත්තන්න බැරි නම් අඩු කරපන් කියල. හැබැයි ඒ කාඑ මිත්‍රයෙක් හම්බ වෙලා යං මචං කිව්වම එකපාරටම බෑ කියන්න මට බෑ. පරණ ෆිට් එකට එකපාරක් හරි ඇදල තමයි දැන් පාවිච්චියක් නෑ කියන්නෙ. කොහොමත් මතක ඇති කාලයකින් දුම් වළා අතර සිට නැත.

    අදහස ටොප් බව සතුටින් දන්වා සිටිනු ලැබේ !!!! ඩුං ඩුං ඩුං..

    ReplyDelete
    Replies
    1. අන්න අපිට අලුතෙන් ඒකතු වුණ චන්දන සහෝදරයා.... ජයවේවා.........

      Delete
  11. කවිය නියමයි ..කවිය වගේම දාපු පින්තුරෙටත් හිත ගියා. මිනිස්සු සුරුට්ටුව උරනවා වගේම සුරුට්ටුවත් ඒ ජීවිතය උරලා උරලා සුරුට්ටුව ඇතුලට අරන් සතුට වින්දනය ඔන්ක්කොම අන්තිමට දුම් රොටු වලට හරවල විසික්කරලා දානව අන්තිමට පොඩි සුරුට්ටු කොට කෑල්ලක් ඉතිරි වෙනව .ඒකෙන් ඉතින් වැඩක් නෑනෙ ඒක විසික්කරනවා.සුරුට්ටු බොන කෙනාටත් අන්තිමට ඒ සුරුට්ටු කොට කෑල්ලට වෙච්ච දේ නෙමේද වෙන්නෙ ?
    //සුරුට්ටුව දැල්වීම ජීවිතය
    .......... ජීවිතය දැල්වීම .... සුරුට්ටුව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසි අගය කිරීමට.............. කතාව අැත්ත මේ බොන්නේ තමන්ගේ ම ජීවිතය තමයි ..............

      Delete
  12. ටොපේ ටොප්..
    එකඟයි බොක්කෙන්ම..

    ReplyDelete
    Replies
    1. අන්න තවත් අපේ පැත්තට ඡන්දයක්... තැන්කූ සංචාරක මචං

      Delete
  13. කවිය ලස්සණයි!!! තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියනවා හැරෙන්න වෙන මොනවා කියන්නද. මම දවසක් ගැම්බ්ලින්වලට බර පොරකට කිව්වා මේක අපරාධයක්නේ කියලා. Mind your own business කියලා පොර කිව්වා. ඇත්ත...ඌ හරි කියලා මම හිත හදාගත්තා.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ අරූ.................

      මුං ජීවිතය විනාශ කරගන්න විදිහ දැක්කා ම අපිට දුකයි... ඒත් ඉතින් මොනවා කරන්නද??? ඒක උන්ගේ ජීවිතයනේ............... අපේයෑ


      Delete

Related Posts Plugin for WordPress, Blogger...