මලින් මල පියඹලා
රොනින් රොන තුඩතියා
යන අතර පියඹලා
නෙත බැඳුනි කිතිකවා ......
දිනෙන් දින මගබලා
කොහිද ඔබ කිය කියා
නෙතු පියන් දිව ගියා
සොදුරු නෙත් සොය සොයා ....
අහම්බෙන් හිනැහිලා
මහමගදී හමුවෙලා
බලන සඳ මා දිහා
නොබලාම හිඳිමි මා ...
සිහිනෙකින් දැවටිලා
දුටුව රුව කොහි කියා
සෙව්ව මුත් නිතිපතා
මග හැරිමි හඬ හඬා .......
අනග පෙම් හෙළ හෙළා
පෙම් මැදුරු බිඳ දමා
උමතු වී රැඟු යුරා
විඳිමි මා නෙතු පුරා .....
පියුව විට නෙතුසරා
පැමිණි ඔබ හදපුරා
විඳිමි මම නිතියුරා
එහෙත් මග හරිමි නෙතු සදා .....
කාංචනා චන්ද්‍රසේකර
.



.jpg)





