Wednesday, April 16, 2014

පිරිමින්ට වදින ගාථාව .........................



අබුද්දස්ස තාලෙට යන කලාවේ
ලබුත් තිත්ත වෙනවනේ මේ දසාවේ
නමුත් සියළු දන හට සිව් දිසාවේ
අහන්නට තමයි මේ කවි ගෙනාවේ ..........................

දකින දකින කල්ලන් ඇසුරට වැටෙන
අමන පිරිමි ගති නිරතුරු ඇස ගැටෙන
දමන දමන කොළයම යළි බිම වැටෙන
කුමන නැටුම් දෝ සකියනි දිවි සටන ..........................

ඔය විදිහට දකින හැම කෙල්ලට ම බොලේ
අයියේ දානවද හංගන් ඉන්න කොළේ
අය්යෝ පිරිමි කමට ද ඔය වැඩේ කළේ
කලදක් තියේ නම් මදියෑ නුඹට මොළේ ..........................

පිරිමකම නෙමෙයි කලිසම් අදින එක
ළංවී දකින හැම මලට ම වෙලෙන එක
මගියනි නොදැක්කා ලෙස යනවාද දැක
අට පහ නොදන්නා කමමයි නොවේ සැක ..........................

බසයේ යන ගමන් අගනන් ඩැහැ ගන්න
අනග බැලුම් හෙළමින් දුන්නෙන් විදින
නුඹලා වැනි පිරිමි කොතෙකුත් ලොව ඉන්න
අපාගත නොවී යහතින් බැහැ ගන්න ..........................


ඉසුරිකා චූලරත්න

.

43 comments:

  1. ෂැහ් නෙළල නේද ඒ පාර....
    ඔව්වා අද ඊයෙක ඉදන් ආපු ඒව නෙවෙයි නේ ඉස්සර සිරීපාදෙ ගිහිං එනකොට හම්බුවෙන හම්බුවෙන කෙල්ලන්ට එඩ්රස් දුන්නා, දැං නම්බර් එක දෙනව..

    ReplyDelete
  2. නෙලුවා නෙලුවා විදානේ. ඇයි වැදුන ද ?????????????????

    ReplyDelete
  3. ශැහක්. මම නම් කියෙවුවෙත් නෑ. මෙහෙම එකක් දැක්කෙත් නෑ ඕන්. :)

    ReplyDelete
    Replies
    1. අවුරුදු උත්සවේ ගැන මෙතනින් බලා ගන්න. කුරුටු පවුලේ අයත් එන්න. ඇවිත් බ්ලොග් ලියන්නන් කියවන්නන් හදුන ගන්න.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. හොදයි ප්‍රියා ඔයා කියෙව්වේ නෑ කියලා අපි හිතාගන්නම්කෝ....................

      අවුරුදු උත්සවේ ගැන නම් බැලුවා. ස්තූතියි සහයෝගයට.....කට්ටියට නිවාඩු නැති එක තමයි අවුල. උපරිම උත්සහයක් දෙන්නම්. ආසයි කට්ටිය ටික හම්බෙලා බලන්නත්.

      Delete
    4. තුෂාරාගෙ කමෙන්ට් එක මැකුවෙ ඇයි කිවුවනම් තමා වටින්නෙ :)

      කියෙවුවා. පද ටික ඇත්තටම ලස්සනයි. (y)

      Delete
    5. නෑ නෑ චතුරංග තරහා ගන්න එපා ඒක එයාමයි ඩිලීට් කරලා තියෙන්නේ.. පස්සේ එයාගේ අදහස දායි. මං හිතන්නේ ප්‍රියා එයත් මේකට කැමැත්තක් නැති හැඩයි. බලමුකෝ................

      Delete
    6. හප්පේ නෑ නෑ. මට තරහ යනවැයි. අපි ඇල් වතුරත් නිවලා බොන මිනිස්සු. :)
      අනික මගේ මේ කවියට කිසිමාකාරයක අකමැත්තක් නෑ. මම විහිළුවෙනුයි කමෙන්ට් කලේ. :)

      Delete
    7. හප්පේ මේ ගී පවුරෙ කුරුටු ගාන තුෂාරනෙ දැන්නෙ අදුර ගත්තෙ. :)

      Delete
  4. 'අනග බැලුම් හෙළමින් දුන්නෙන් විදින'
    දුන්නෙන් විදින කියන එකට වඩා වෙන එකක් ආව නම් හොඳ නැද්ද ? "ඇද්දා දුන්න" වගෙ එකක්. කවි වල තියන නීති අරව මේව නම් දන්නෙ නෑ මං. නිකමට හිතුන ඒ වගෙ "න්න" කියව අවසන් වුනා නම් වඩා හොඳයි කියල. :)

    කොහොම වුනත් කවි ටික රසවත්..

    ReplyDelete
    Replies
    1. ෂිහ් චන්දන නියමයිනේ..........ඔයා නියම කවියෙක් නේ.....

      ඇත්තට ම හොද යෝජනාවක්. සලකා බලමු.
      ඒක නෙමෙයි චන්දන කවි ලියන්නත් පටන් ගනිමුකෝ...........අපි සහයෝගය දක්වන්නම්.........

      Delete
    2. මොන කවි ද අනේ.. ඔන්න ඔය ඉන්න විදිහ හොඳා. ඔය ඉඳල හිටල පොඩි අදහසක් ආවට, කවි ලියන්න තරම් ලොකු වචන මාලාවක් නෑ මං ගාව. ඔන්න "බ්ලොග් පාඨකයින්ට කවි එපා කරවිය හැක්කෙකුට ඇතෙක් බරට වස්තුව දෙනු ලැබේ...!!!" වගෙ එකක් ඇහුනොත්, අන්න එදාට මං කවි ලියනව හිටගෙන. :D

      කෝම වුනත් කිව්ව වචන ටිකට රොම්බ තෑන්ක්ස් ය ! ඩබල් ස්තුති ය !!!

      Delete
    3. නෑ චන්දන අපි බලන්නත් එක්ක කවියක් ලියමු. වෙන මොකටවත් නෙමෙයි අපේ ඉල්ලීමට කවියක් ලියමු. අපි ඕනේ උදව්වක් කරන්නම්. බෑ කියලා හිතන්න එපා. ඔයාගේ පළවෙනි කවිය ලියමු චන්දන. ‍

      මෙහෙම කරන්න ඔයාට දැනුණ අත්දැකීමක් මුලින්ම ගනිමු. ඒක ඒ වෙලාවේ තිබුණ වටපිටාව, පරිසරය, එක්ක එකතු කරලා ඔබට දැනුණ ඇත්ත ම හැගීම ලියන්න බලන්න. මුලින් ටිකක් පද ගැලපෙන විදිහට ඉතාම සරලව ලියන්න. අපි කියනවාට එකම එකක් ලියමු චන්දන. මේ ඉල්ලීම නම් අහක දාන්න බෑ. අනිවා ලියන්න ඕනේ................

      Delete
    4. මං ඉතින් ලියල නැත්තෙම ත් නෑ. ඉවර තියන වෙලාවක බලන්නකො මේ දෙක. කිසිම ආයාසයකින් තොරව අදහස් ආවොත් විතරයි මං අතින් ඔහොම එකක් ලියවෙන්නෙ.

      http://chandanadm.blogspot.com/2013/02/positive-thinking-poem.html

      http://chandanadm.blogspot.com/2014/02/bimmal-hathu-kawi.html

      ඔයාගෙ වචන ටිකට ආයෙමත් බොහොම, බොහොම ස්තුතියි. ආයෙ මොනව හරි ලියන්න උත්සාහ කරන්නම් කො. ඔය දෙක තුන මං ලිව්ව වුනාට මට ඒවයෙ වචන වල මොකක්දෝ අඩුවක් දැනෙනවා. කවියක් වුනාම වචනෙන් වචනෙ ගැලපිලා යන්න එපැයි. අන්න ඒ ගතිය අඩුයි මගෙ කවි වල. ඒක මට හොඳින්ම දැනෙනවා. ඔය 'යුග ගීතය' කියන එකේ කමෙන්ට් වලට තමයි මං මෙච්චර කාලෙකට ලියපු ඒවයින් වැඩියෙන්ම හිනා වෙවී නිදහසේ රිප්ලයි කලේ. :D

      Delete
    5. //පිපිලා උදෑසන මා නෙත පිනවන්නේ
      උගුලා අයෙක් ගෙන ගොස් කුස පුරවන්නේ
      ලබලා අල්ප දිවි වුව අරුතක් දෙන්නේ
      පටලා කාචයෙහි, සිතුවිලි ගලපන්නේ//

      නියමයි චන්දන,

      මේ තියෙන්නේ නියම කවි. මේ කවි දෙක නම් නියම විදිහට මාත්‍රා ගලපලා එලිසමයත් රැකලා ලියලා තියෙනවා. ඔබට ලොකු හැකියාවක් තියෙනවා නේ.....

      යුග ගීතයත් හොදයි. තව ටිකක් මාත්‍රා ගැලපීම ගැන හිතුවානම් හොදයි කියලා හිතෙනවා. එක පේලියකට එන අකුරු ගාන ගණන් කරන්න. ඇදෙන අකුරු (ඒ කියන්නේ ලා, මා, නේ, කී වගේ ඇදෙන අකුරු) සාමාන්‍ය අකුරු දෙකක් විදිහට ගණන් කරන්න. ඒ විදිහට පේළි වල මාත්‍රා ගාන සමාන කර ගන්න උත්සහ කරන්න. හැබැයි ඒකෙන් කියන්නේ නෑ කවියක් වගේ පද හතර විතරක් ලියන්න කියලා. ඔබට හිතෙන විදිහට හැඩය වෙනස් කර ගන්න පුළුවන්. ඔබගේ යුග ගීතයේ ඒ විදිහට හැඩය වෙනස් කරලයි ලියලා තියෙන්නේ. තව ටිකක් මාත්‍රා ගැන හිතන්න කියලයි අපි යෝජනා කරන්නේ. චන්දන හිතන්න එපා අපි ඔබට කවි ලියන විදිහ ගැන දේශනා දෙනවා කියලා. අපි ලියද්දි වැඩි පුර බලන දේවල් ගැනයි කිව්වේ.

      අනික චන්දන මුලින් ලියන නිර්මාණයන් පුළුවන් තරම් සරල කරලා අදහස ඍජුව කියවෙන විදිහට ලියන්න බලන්න. විවිධ විදිහට ක්‍රමයෙන් ඒවා වැඩි දියුණු කරගෙන ඉස්සරහට යන්න.

      හැබැයි අපි විශ්වාස කරන විදිහට නම් චන්දන මේ ලෝකේ ඉන්න හැමෝම කවියෝ තමයි. නමුත් පොඩි අවුලකට තියෙන්නේ සමහර අය කවි ලියන්න උත්සහ නොකරන එක විතරයි..................

      Delete
    6. ස්තුතියි බෝම :)
      ඔය කිව්ව කරුණු ටික සෑහෙන්න වටිනව මට.
      //චන්දන හිතන්න එපා අපි ඔබට කවි ලියන විදිහ ගැන දේශනා දෙනවා කියලා. // කොහෙත්ම එහෙම හිතන්නෙ නෑ මං. තමන් දන්න දෙයක් තව කෙනෙක් එක්ක බෙදා ගැනීම, කෙනෙක් ලියන දේක අඩුවක් පෙන්නල දීම... බොහොම හොඳ ක්‍රියාවක්. ආයෙ ලියන කොට ඔය කරුණු ගැන අවධානය යොමු කරන්නම් කො.

      අන්තිම ඡේදයේ තියන කරුණ නම් ඇත්ත කියල මටත් හිතෙනවා.

      Delete
    7. හොදයි චන්දන,

      සතුටුයි....................එහෙනම් ඔබේ නිර්මාණ දිවිය කවි වලිනුත් හැඩවේවා කියලා අපි පතනවා....................

      Delete
  5. ඔය කොයි දුන්නත් විදින්නේ කාලයක් යනකම් විතරයි...කොහෙත් එකයි. වැඩිය හිතන්න එපා :D

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි පිරිමි කියන්නේ......................

      හරියට ම ඔය නවත්තන දිනය කියන්න පුළුවන් ද අරූ........

      Delete
  6. දැන් මේ ගාථාව කොයි වෙලාවට වගේද කියන්න සුදුසුම?

    ReplyDelete
    Replies
    1. මට නම් තියෙන්නේ ටිකක් වෙනස් ප්‍රශ්ණයක් දිනේෂ්. ඇත්තට ම මේ ගාථාව නොකියන්නේ කොයි වෙලාවෙද කියලයි මට හිතාගන්න බැරි....................

      Delete
  7. මං නං මේකට සංපූර්ණයන් විරුද්දයි
    ඔව්
    හිටගෙන

    ReplyDelete
    Replies
    1. එහෙනම් හිටගෙන ම කියන්නකෝ මහේෂ් ඇයි මේකට විරුද්ධ කියලා. ඇත්ත පිළිගන්න ඇයි අකමැති??????

      Delete
  8. තියෙන ගාථා මදිවටද මේ...:D?

    ReplyDelete
    Replies
    1. තියෙන මොන ගාථාවක්වත් පිරිමින්ට වදින්නේ නැති හින්දා තමයි මේ අලුත් ගාථාව ලියුවේ. ඇයි අවුල්ද මනෝජ්...............?????

      Delete
  9. හපොයි..!!!! නෙලලා නෙලලා ඒ මදිවට තවත් නෙලලා...!
    සුවර් එකට මෙයාට බස් එකේදී කොල්ලෙක් නොම්බරයක් දික් කොරලා. හැක්.
    ලස්සන කවි පද ටික.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිමෝ අගය කිරීමට,

      කොල්ලෙක් කිව්වොත් වැරදියි. ඒක ඒකවචන වලින් කියලා බෑ. ඒතරම්..............

      අනික මේක මගේ අත්දැකීමක් විතරක් නෙමෙයි. මේ ලෝකේ ඉන්න හැම කෙල්ලෙක්ගේ ම අත්දැකීම තමයි මේ. ඒවා නිමෝලා නොදන්නවා යෑ.................නේද????

      Delete
    2. අපොයි...! මම බස් වල ගමන් නොයමි. එහෙම ගියත් කෙල්ලෙක්ට නොම්බරයක් දික් කිරීමට තරම් ගටක් මා සතුව නොමැති බව කරුණාවෙන් සලකන්න.
      (බයට නෙමෙයි හරිය)

      Delete
    3. ඇයි එහෙම වෙන්නේ......

      අපි මේ කවිය ලියුවේ එහෙම එපා කියන්නමත් නෙමෙයි නිමෝ........
      නිමෝ බය වුණා නේද????

      Delete
  10. එක ගාථාවක් නෙවෙයි ගාථා කීපයක්ම ලියල තියෙන්නෙ.ගාථා ටික නං අපුරුයි,මෙතන කේන්තියක් එක්ක අත්දැකීමකුත් තියෙනව පැහැදිලිවම.

    ReplyDelete
    Replies
    1. ඇත්ත හැලපයෝ................

      ස්තූතියි අදහස් ටිකට...............කේන්ති යන්නැතුවායෑ නේද???

      Delete
  11. ඊළඟ කොටසින් ගැහැණු වඳින ගාථාවද?

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් ලියන්න බැරිත් නෑ..........
      මනෝෂ් ට්‍රයි කරලා බලන්නකෝ. හැබැයි පිරිමි වදින ගාථාව ලියන තරම්ම ලේසි වෙන එකක් නෑ නේද????

      Delete
    2. ලේසි නැහැ.....මොන පිස්සුද.......පිරිත් පොත වගේ එකක් ලියන්න පුළුවන්

      Delete
    3. @ අරූ,
      පිරිත් පොතක් ලියලත් ඉවර උනොත් ඇති..........

      Delete
    4. ඝන දෙවි හෑල්ල වගේ තියෙයි බං. කොච්චරක් කියල ලියල ඉවරකරන්නද.

      Delete
    5. ආ ඇත්ත ද ????

      ඉතින් නිකන් ඉන්න එකේ අරූටයි, නිමෝටයි පිරිත් පොත වගේ ඒක ලියලා පෝස්ට් කරන්න බැරියෑ.......

      මනෝෂ්ටත් පුළුවන්නේ ගණදෙවි හෑල්ල වගේ ලියලා පෝස්ටුවක් දාන්න. අපි එන්නම්කෝ කොමෙන්ට් එහෙම කොරලා ඒක බලලා යන්න......

      ඔට්ටුයි බැරුවට .......................

      Delete
  12. මේක කියල තමන්ට වදිනවට කව්ද කැමති වෙන්නේ? නියමයි ඈ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතුම්.

      කැමති නැති වුණාට පිරිමි මේ වැඩ නම් නවත්තන්නේ නෑ නේද?????

      Delete
  13. ඔින් මං අවා නෙඟ්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ස්තූතියි ආවට..........................

      අදනේ දැක්කේ. ඒ පැත්තටත් ගියා. හරිම අගෙයි.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...