Tuesday, April 15, 2014

රිදුම් දී ඔච්චමට යළි යළිත් ඉගිකරන .......................



නෙත සොයයි ඔබේ රුව 
කාලයේ වැලි අතර 
කදුළු නෙත් පොකුණ තුළ
ගිලී ගිය ඔබේ රුව .........................

ගෙවුණු හැම සිහිනතර
නුරා විත හෙළුෑ නෙත
සිත් අහස එකළු කර
මැකී ගිය සොදුරු රුව ........................

තව තවත් සොයන්නේ 
මතක මල් උයන මැද
පරව ගිය පෙම් කුසුම.........................

සිත් හැගුම් නිදිවරණ
අදුරු සැමරුම් කැටිය
මලානික සද එළිය
එළි කරන නිශාන්තයක
රිදුම් දී ඔච්චමට
යළි යළිත් ඉගිකරන .......................


ඉසුරිකා චූලරත්න

.

9 comments:

  1. /තව තවත් සොයන්නේ
    මතක මල් උයන මැද
    පරව ගිය පෙම් කුසුම........................./

    සැබෑවයි රිදුම්දී ඔච්චමට යලි යලිත් ඉඟි කරන...

    ලස්සන කවිපෙළක්...
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදානේ....................

      ඉතින් අවුරුදු සරුද ?????

      Delete
  2. ඇතම් මතකයන් රිදුම් දුන්නත් ඒ රිදුමත් සොඳුරු රිදුමක්, අපේ හිත හොයන රිදුමක් වෙනවනෙ.

    පද ටික ලස්සනයි ඉසුරිකා,

    ගී පවුරෙ කුරුටු ගාන ඈයො එන්නෙ නැත්ද අවුරුදු උත්සවේට.

    ReplyDelete
    Replies
    1. ප්‍රියා,

      ස්තූතියි ඔබේ අදහසට ...........................
      ඇත්ත ගොඩක් විට ආදරය කියන්නේ විදීමකටත් වඩා විදවීමක් නේ...............

      අවුරුදු උත්සවේ ගැන විස්තර දන්නේ නෑනේ කවදාද කොහේදිද??????????????/

      Delete
  3. මතකයන් කොයි විදිහට රිදුම් දුන්නත් සමහරක් වෙලාවන් වලට ඒ මතකය හරි සුන්දරයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත දිනේෂ්,

      ඒ වගේ ම හැම වෙලාවෙම තරහා වුණත් ඒ ගමන් ම යාලු වෙන එකනේ ආදරේ කියන්නේ.........................

      Delete
  4. අතීතය මතක නෙත් අබිමුව සොදුරු මතකයක්මය මිතුරිය...
    අපූරු පැදි පෙලක්....බෙදාගත්තාට තුති

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතියි මහේෂ්.

      ඇත්තට ම ජීවිතය කියන්නේ අතීතය සහ අනාගතය අතර ගණුදෙනුවක් තමයි මහේෂ්.................

      Delete

Related Posts Plugin for WordPress, Blogger...