Friday, May 13, 2016

රැග් එකේ රෙද්දෙන් වහන විළිලැජ්ජාව...........................


හැමෝම රෙදි අදින්නේ වහගන්න
ලෝකයාට පෙන්නන්න බැරි කැත
හැබැයි ඔය හැම එකාටම තියෙනවා
රෙද්දෙන් වහගත්තු විළිලැජ්ජාවක්................

වැට් එකයි පැනමා පේපර්ස් වලිනුයි
ජනතාවගේ රෙදි ගලවපු ආණ්ඩුව
හෙලුව වහගන්න ජනතාවට දෙන
රැග් රෙද්ද දැක්කාමත් විළිලැජ්ජාවයි................

පෙරටුගාමීන් බලය ඇල්ලුව හින්දා
කඩේ යන ආණ්ඩුවේ රෙද්දෙන් වැහිලා
කැම්පස් වල ඉන්න උන් හිරේ දාන එක
ජවිපෙ වහන් ඉන්න විළිලැජ්ජාවයි...............

ආණ්ඩුවට කඩේ ගිහින් වල ඉහගන්න
රැග් එකේ රෙද්දෙන් කුහකකං වහන්
තනතුරු බලාන කෙළහලන එක
ලෙචාලා වහගෙන ඉන්න විළිලැජ්ජාවයි...............

රැග් එකට විරුද්ධ ව මැරෙන්න හදලා
එක එකාගේ ආතල් වලට කඩේ ගිහින්
වහගන්න රෙදි නැතුව හෙලුවෙන් දගලන
අපිගැන මතක් වෙද්දිත් විළිලැජ්ජාවයි..............



තුෂාර විතාරණ



.

159 comments:

  1. රෙදි ඇන්දත් හෙළුව සිහිවෙනවා බං..

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම හෙළුවෙන් තමා බං... ... ඒත් මේ අන්දන ඇන්දිල්ල දැක්කා ම විළිලැජ්ජයි... අද උදේ 8 ට රූපවාහිණියේ මහා සාකච්ඡාවත් ඕකයි...... දැන් දැන් මේ ගැන කතා කරන තැන් සහ කට්ටිය දැක්කා ම හංගන් ඉන්න හෙලුව පැහැදිලියි....... මේවා නොදැන අදුරේ කෑගහන අය දැක්කා ම ඉතින් දුකයි බං.....

      Delete
  2. i feel pity on u. im on hurry. so no big comment here. i think everyone talking about its brutality. not the fact u are saying here.
    i wonder poets are this cruel...

    ReplyDelete
    Replies
    1. Don't take it as wrong. There are many politics going through this case. So we should think on that.

      Delete
    2. Don’t be fooled by sensitive poetry, in 1989 when the JVP was having their second insurrection, I remember a tragic incident that took place in my Father’s home town Passara, there was this particular government employee, he was asked to stay at home by the JVP, unfortunately he did not follow their instructions, within few days he was shot dead, tragic event came only after his death.
      Family members had been given instructions not to use a coffin but to bury the body by using polythene wrapping, but they did not followed their instructions either, few days went by, one day a family member had seen their fathers decapitated body parts in their garden.
      This mentality originated from university’s and championed by these leftist groups like JVP this shows how these groups operate when they have power this is the main reason why JVP after so many years and portraying attractive slogans still they failed to get proper representation because older people have some sort of idea about their mentality.
      Now getting back to the subject
      https://www.google.lk/search?sourceid=chrome-psyapi2&ion=1&espv=2&ie=UTF-8&q=sri%20lanka%20university%20rankings&oq=sri%20lanka%20univercity%20r&aqs=chrome.1.69i57j0l5.9751j0j4
      will show you a classic idea
      Sri Lanka ranking World rank University
      1 2135 University of Colombo
      2 2466 University of Peradeniya
      3 2608 University of Moratuwa
      4 3087 University of Kelaniya

      Way to go Kurutu this is how you can destroy free education. With your foolish mind.
      With positive raging activities see how we manage to establish our place
      https://www.youtube.com/results?q=sri+lankan+universities
      see how much we manage to achieved by great educated brilient
      students like කුරුටු ගෑ ගී පවුර
      Since you manage to get free education, you can save money, so that your kids can go abroad and get their degrees and when they come to Sri Lanka most of these universities will produce jokers, but hay your kids will have a great chance of securing a job. WAY TO GO

      Delete
    3. Lanka Sithuwili:
      Kurutu et al are the plague of Sri Lankan higher education system. Unfortunately they think the oppressive, offensive, sadistic and inhumane act of Ragging is the best thing they have experienced in their University life.

      This is the saga of the Sri Lankan Arts faculties and the students coming out of those shit holes!!!

      Delete
    4. SARASA THUMA,

      Sad thing is after so many years still these people cannot realize

      Delete
    5. @ Lankika

      Actually this post is not about the rag case or my view of this ragging. But SARASA has driven me to there. I told you regarding my view of this rag. Plz keep this in your mind Lankika. My argument is not about the change this fulsome situation. Its about the (SARASA et al) approach to change this context. Plz don't take it as wrong.

      Delete
    6. // Actually this post is not about the rag case or my view of this ragging. But SARASA has driven me to there. I told you regarding my view of this rag. Plz keep this in your mind Lankika. My argument is not about the change this fulsome situation. Its about the (SARASA et al) approach to change this context. Plz don't take it as wrong. //

      ඔහෙලා කැම්පස් ගිහින් රැග් කොර කොර හිටියා මිසක් ඉන්ගිරිසි ලැක්චර් වලට එහෙම ගිය පාටක් පේන්න නැහැ!

      Delete
    7. //පෞදලිකත්වකට ගරු නොකරන නවක වදකයෝ ස්ටාෆ් ගිය හන්දා තමා ඔය ප්‍රස්න.....//

      //ඔහෙලට තියෙන්න පොලිසියට පැමිනිලි කරන්න...

      පගාව දීම සාහ පගාව ගැනීමට විරුද්දව!//


      //වෛද්ය, දන්ත වෛද්ය, පසු වෛද්ය, ඉන්ජිනේරු, අයි ටී වගේ ෆැකල්ටි ටික විතරක් ඇරලා අනෙක් පලකට නැති පීට වැහුවාම ආන්ඩුවත් ලාබයි//

      අපිනං ඉංග්‍රීසි ලෙක්චර්ස් ගියේ නැහැ කියමුකෝ........ ඒත් මේවායෙන් පේන්නේ සරසා සිංහලයෙක්ට දාව ඉපදිලාවත් නැති පාටයි.......

      අනේ සරසෝ භාෂාවක් කියන්නේ සන්නිවේදනයට පාවිච්චි කරන දෙයක්....කිව්ව දේ තේරුණේ නැත්තං කියන් ආයෙම කියන්නම්..... ඒත් ඔය වගේ දෙකේ කොළේට වැටෙන්න එපා......

      Delete
    8. කුරුටු,

      හරිම කනගාටුයි ඔබට මම කියනදේ මොන හේතුවක් නිසා හෝ වැටහෙන්නේ නෑ, අපි පුරුදු වෙන්න ඕනේ රටේ ජනතාවගෙන් අපට යමක් ලැබුණානම් කෘතඥ වෙන්න, මේ ලියන මම පුද්ගලික පාසලක ඉගනගත් කෙනෙක් (අන්තර්ජාතික පාසලක නෙමෙයි ) මෙනිසා මම මේ රටේ මහජනයාගේ මුදල් වලට වඩා මගේ දෙමාපියන්ගේ මුදලින් තමයි ඉගනගත්තේ එහෙම උනත් මම මහජනයා නිසා වරප්ප්‍රසාද ලබාගෙන තියනවා උදාහරණ පසුගිය කාලයේ මට SLT මගින් FIBER සම්බන්දතාවයක් ගන්න පුළුවන් වුනා සම්බන්දතාවය ලබාගැනීමට රුපියල් 25000 ක් වැනි මුදලකට මිලකර ඇති මේ සේවාව යම්විදියකින් මහජනයාගේ බදුවලින් ලබානොදී කැමති කෙනෙකුට මුදල් ගෙවා ගන්න කිව්වනම් අඩුමවශයෙන් රුපියල් ලක්ෂ 15ක පිරිවැයක් දරන්න ඕනේ. මෙය පාවිච්චි නොකරන අයට මෙහි බර පැන දැරීමට සිදුවීම පිළිබද රටේ පුරවැසියන් පිරිසක් කැමති නොවුනත් මෙය පාවිච්චි කරන කෙනා අතිශයෙන් මිට කැමති වෙනවා.

      නිදහස් අද්යාපනයත් මේ වගේ තමයි, නමුත් අපි හැමවිට මතක තබාගත යුතු කරුණක් තියනවා එනම් අමාජයෙන් යමක් ලබාගත් අපි සමාජයට යමක් දෙන්න ඕනේ.

      ශ්‍රී ලාංකිකයෝ විදියට අපට නොමිලේ ලැබෙන බොහෝ දේවල් අපට ලැබියයුතු දේ විදියට අපි සිතනවා නමුත් අපෙන් රටට ලබියයුත්තේ මොනවද කියන දේ ගැන අපි එතරම් සැලකිලි මත් වෙන්නේ නෑ.

      දැන් අපි බලමු මුලින්ම අපි ඉන්නේ කොහෙද කියල
      Sri Lanka ranking World rank University
      1 2135 University of Colombo
      2 2466 University of Peradeniya
      3 2608 University of Moratuwa
      4 3087 University of Kelaniya

      හැබෑට ඔබට ඔය උඩ තියන ලැයිස්තුව දැක්කම ලජ්ජා හිතෙනේ නැද්ද ?
      මොකද ඔය ලැයිස්තුව තුල ඔබ කියන නවක වාදයෙන් පන්නරය ලැබූ පිරිසක්නේ ඉන්නේ හතිලව්වේ.


      https://www.timeshighereducation.com/world-university-rankings/2016/world-ranking#!/page/0/length/25/sort_by/rank_label/sort_order/asc/cols/rank_only

      ඔය තියෙන්නේ ලෝකයේ ඉහලම විශ්වවිද්‍යාල ලයිස්තුවයි, යකෝ තොපේ මේ නවකවද පන්නරය මේ එකකවත් නෑ නේ. එතකොට මේවා ගැන ඔබ දෙන තක්සේරුව මොකද්ද ?

      ඔබ හරියට අර රජ්ජුරුවෝ හෙළුවෙන් යනකොට, රජතුමනි ඔබේ ඇදුම අලංකාරයි කියපු කෙවට්ටයට දෙවෙනි නෑ නේ. අද සමාජයේ වෙන්නේ රජා හෙළුවෙන් බව කියන බහුතරයක් බිහිවී තිබීමයි, දැන් ඔබත් නවකවදයට පක්ෂ අයත් මේ විරුද්ද පිරිස නිකම් ළමයි කොටසක් ලෙස හංවඩු ගහනවා, මල්ලි දැනගන්න මේ පිරිස ළමයි වගේ වෙන්න පුළුවන් නමුත් වැදගත් දේ කියනදේ ඇත්ත වීමයි!

      Delete
    9. // ඒත් ඔය වගේ දෙකේ කොළේට වැටෙන්න එපා.... //

      නවකවදය අනුමත කොරනා වදකයෙකු විසින් කියනා ලද්දක් බව කරුනාවෙන් සලකන්න

      Delete
    10. තව එකක් උබල මෙහෙ පිස්සු නටන වෙලාවේ මෙන්න බලන්න ලෝකයේ අනෙක් රටවල් කරන දේ, ලෝකයේ විවිද විෂයන් ඉගැන්වීම අතින් නම්දරා තියන ආයතනයක් තමයි https://www.lynda.com/ කියන්නේ

      ලෝකයේ ඉහලම විස්වවිද්‍යාල මේ ආයතනයෙන් පහසුකම් ලබාගන්නවා

      මෙන්න බලන්න

      https://courses.it.ox.ac.uk/lynda (university of oxford)

      http://www.training.cam.ac.uk/event/746907 (university of cambridge)

      https://ist.mit.edu/training-web (Massachusetts Institute of Technology)


      http://lynda.harvard.edu/ (university of harvard)

      අද වෙනවිට ශ්‍රී ලංකාව ලෝකයේ වේගවත්ම අන්තර්ජාල සම්බන්දය ඇති රටක් වී අවසන් ඔවුන් ට 100MBPS 100MBPS කෙසේ වෙතත් 90MBPS සම්බන්දයක් ලබාදෙනවා.
      හරිනම් විශ්වවිද්‍යාල සිසුන් එකාවන්ව සටන්කළ යුත්තේ මෙවැනි පහසු කමක් ලබාගැනීමටයි එක එකා ට රැග දෙන වෙලේ ඉංග්‍රීසි ටිකක් අර දුප්පත් ළමයෙකුට උගන්වා තමනුත් අතිරේක ඉගන ගැනිමක් කලානම් නරකද?

      තොපි මෙහෙ බිජ්ජවල් අල්ලාගෙන සමුපාකාර යනකොට ලෝකයේ වෙනදේ ගැන පොඩ්ඩක් දැනුවත් උනා නම් නරකද ?

      Delete
    11. anyway more u comment and reply it shows ur immaturity kurutu.
      i m really worried.
      if the way u say this only issue to hide actual facts the university students should behave different way. wisely. hell aren't they enough matured?
      university students taking higher education free. the money they wastes comes from poor citizens money so have to be responsible on their education doing their studies best. not ruining the country. so they are majorly responsible for down going economy and rest too.
      the other thing i have been in foreign university (not because i got less marks only because i was doing my studies in abroad) so even after i got sponsored for my studies i was working more than 8 hours. we no one had that much facilities. we had to pay rentals, foods, social life, outings and all after paying our course fees.
      and most of us get treated equal. no any punishment or rag. each other helps the next. it doesn't need the Rag or the way u call it getting social.
      this is utter stupidity. if u guys wants to save free education u should go different way. especially saving poor tax payers money and being responsabile.
      anyway u should be little more down to earth.

      Delete
    12. @ ලාංකික, බූරු............

      මේ පෝස්ටුව වරදවා ගන්න එපා. මේ පෝස්ටුව ආයෙමත් කියවන්න හැකිනම් කියවලා බලන්න. මේ රටේ මාධ්‍ය හරහා කරන විකාර වලට උල්පන්දම් දෙන පුද්ගලික න්‍යායපත්‍ර වලට වැඩ කරන අය විතරයි ඉන්නේ. නැතුව මේ ගැටලුවට හරි උත්තරයක් හොයන්න ඕන අය මෙතැන නැති තරම්. ඒ නිසා මේ පෝස්ටුවේ කියපු දේ වරදවා අරගෙන අපි නවකවදය රකින්න කතා කරනවා කියලා හිතෙන් හදාගත්තු දෙයක් මත අපි යක්කු වගේ දකින්න එපා.

      ගොඩක් විට ඔබ කියන දේට අපිත් එකගයි. ඒත් මේ ගැටලුව කතා කරන පිරිස මේ දිහා බලන විදිහ මේක විසදන්න හොදම ක්‍රමය නෙමෙයි. අනික තමා අපි විසදිය යුත්තේ මේ ලංකාවේ විශ්ව විද්‍යාල තුළ තියෙන ගැටලු නිසා ඒ ගැන හරි අවබෝධයක් තිබිය යුතුමයි. අනික රැග් එක කියන්නේ තනිව ගත හැකි දෙයක් නෙමෙයි. මේ සමග බැදුණු විශාල පැතිකඩක් තියෙනවා. ඒ නිසා කාගෙවත් අත්දැකීම් මත විසදන්න ඕනේ දෙයක් නෙමෙයි මේ ගැටලුව........

      Delete
    13. තවම ඔබට අපි කියන දේ තේරුනේ නෑ.

      නමුත් මම මිට විසදුම කියන්නම් රටේ පවතින අපරාධ නිතිය මේ අයට ක්‍රියාත්මක උනාම
      නවක වාදය කියන දේ හොයාගන්න බැරිවෙයි.

      මේ වෙලාවේ රජය දැඩි පියවර ගන්නේ ඔවුන් දන්නවා රටේ බහුතර ජනතාව මිට විරුද්ද බව, රජය බහුතරයේ මතයේ සිටියේ නැත්නම් ඔවුන්ට චන්දය නැතිවෙනවා.

      ඔබ කියන මෙමතින් ශිෂ්‍ය අයිතීන් අහෝසි කිරීමට රජයට හැකියි නමුත් මේ බලපත්‍රය රජයට ලබාදෙන්නේ ඔබ වැනි නවක වද වදකයෝ තමයි.
      2005 දී ප්‍රබාකරන් රනිල්ව ඉවත්කර මහින්දව පත්කළ විට ඔහු දැනසිටියේ නෑ තමුන් මරණ සහතිකය ලියාගත්ත බව. ඔබලත් නටන්නේ ඒ වන්නම ම තමයි.

      Delete
    14. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව පට්ට Fail ආණ්ඩුවක් නමුත් ඔවුන් නවකවදය නැතිකරනවා.

      කිසිවක් කරගැනීමට නොහැකිව වේලි වේලි හිටපු රනිල් ඇතුළු මේ ආණ්ඩුව රටට ලබාදුන් ජයග්ග්‍රහණයක් ලෙස මෙය පෙන්වයි. ඔබ වැනි අයට සිරිසේනත් රනිලුත් ප්‍රණාමය පලකරනවා යටි සිතින්.

      Delete
    15. ලාංකික ඉස්සල්ලා ම ඔබ නැගිටින්න....... මේ ආණ්ඩුව මේ කරන දේ ඔබ දැකලා තියෙන විදිහ දැක්කා ම මටනං හිතෙන්නේ ඔබ නිදාගෙන සිටින බවයි...... ජනතාව කියන දේවල් කරන ආණ්ඩවක් නං ඕවා විතරක් නෙමෙයි අර ඒ කාලේ ඔබලා උඩ පැන පැන කියපු පොහොර සහනාධාරය, තේදළු මිල, වතුකම්කරුවන්ගේ වැටුප, මහබැංකු අධිපති ඉවත් කිරීම, වගේ දේවල් ගොඩක් කරන්න තියෙනවා. මේ කරන්නේ ජනතාව කියන දේ නෙමෙයි ලාංකික... මේ කරන්නේ දේශපාලනිකව තියෙන බාධාවන් ඉවත් කර ගැනීමක් විතරයි. ඒකට ජනතාව වෙතින් කැමැත්තක් නිර්මාණය කරගන්න මාධ්‍ය භාවිතා කරනවා........... මේවා නොතේරෙන ඔබලා ඉතින් “කළා උපාධි“ අතුගාලා දාන්න කතා කරනවා. අනේ මන්දා මහපොළවේ පය නොගහා මේ කියන කතා ගැන ඇත්තේ විළිලැජ්ජාවක් තමා බං.......

      Delete
    16. වෙන දේ සරලයි ආණ්ඩුව ශිෂ්‍යයන්ව මර්දනයකරනවා, ඔබල "ආණ්ඩුව අපිව ම්ර්දනයකරනවා" යයි කියමින් අහිංසක සිසුන් ට නවකවදය දෙනවා.

      ආණ්ඩුව නවකවද රෙද්දෙන් විලි වහගන්න කොට ඔබල කරන්නේ ආණ්ඩුවේ වැරදි වලින් විලිවහගෙන නවක වාදය දීමයි http://www.lankadeepa.lk/index.php/top_story/415342

      මේකේ කොමෙන්ට් කියෙවනම් තේරෙයි මිනිස්සු නවකවද කාරයන්ගේ පැත්තේ නැතිබව එතකොට මේ විගඩම් දාන්නේ ජනතා බලය තආවෙත ලබාගැනීමට ද ?

      මේකෙන් ඔබ පෙන්වන්න හදන්නේ ඔබල කොච්චර නුගත් මෝඩ රැලක් ද කියල.

      මගේ සරල ප්‍රශ්නය කාගේ සහයෝගේ ගන්නද ඔය පෙළපාලි යන්නේ ?

      Delete
  3. විළිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. හැක්.

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි විළිලැජ්ජයි........... හිරිකිතයි.........

      Delete
  4. මම නම් කාටත් වෙනස් කොට සලකනවාට විරුද්ධයි.ඒ නිසා නවකවදයටත් විරුද්ධයි.

    ආණ්ඩුව කුමාර් ගුණරත්නම් හිර කරපු විදිය වැරදීයි.පෙරටුගාමින්ව මෙල්ල කරන්න කියලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සිරගත කරනවා නම් එයත් වැරදියි.හැබැයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් වුනත් රටේ නීතියට උන්ටත් අදාළ බව මතක තියා ගනිල්ලා.

    ReplyDelete
    Replies
    1. උඹලා කියන දේ නෙමෙයි වැරැද්ද තියෙන්නේ. අපිත් කලින් පෝස්ටුවේ දී කතා කරානේ නවක වදය වෙනස් කරනවානම් ඒක කළ යුතු ආකාරය මේක නෙමෙයි කියලා. නමුත් මේ කියලා තියෙන්නේ නවක වදය මුවාවෙන් හැමෝම කරගෙන යන දේශපාලනය ගැනයි මචං..... අපි කරන්නේ ඒකට කඩේ යන එකයි....

      Delete
  5. මේවා කියවනකොට අපිට විළිලැජ්ජාවයි..............

    ReplyDelete
  6. හෝඩියේ සිටම වැරදිය
    රෙදි ඇන්දේ උනුසුම ලබනටය.
    ලැජ්ජාව සංස්කෘතිකය.
    එනිසා කොයිද කුරුට්ටෝ ලැජ්ජාවක්

    වැට් එකයි පැනමා පත්තරයි
    රැග් එකෙන් වහන්නට බෑ මයි.
    අනුන්ගේ පොල් කෙදි නොසොයන්නට
    අපට ඕනෑ ලජ්ජාවක්

    බෝංචි කඩන කෙහෙකන් ඉදවන උන්
    හිරේ නොව අංගොඩද යැවිය යුතු.
    කම්පස් හෙලුව ගැන අප මෙහෙමවත් කියන්නෙත්
    අපටත් ඇති නිසයි විලිලජ්ජාවක්

    උතුම්ම තනතුර ජ්‍යේෂ්ට උත්තම තනතුරයි.
    අන් කිසිම තනතුරක් ඉන් කෙසේ වසමුද
    වරද නිවරද කරන්නට කෝදුරු තෙල් සොයන
    අයට කෝ ලැජ්ජාවක්

    හිංසනයට එරෙහිව ඔසවන හිස ආඩම්බරයි
    පාසලද සරසවියද පොලිසියද කියා නැත
    අරූ ගෙ වරද ලොකුයි මගෙ එක පොඩියි නොකියා
    ඇතිකරගනිමුද අපි අපිටම කියා ලැජ්ජාවක්.

    ReplyDelete
    Replies
    1. //හෝඩියේ සිටම වැරදිය
      රෙදි ඇන්දේ උනුසුම ලබනටය.//

      එහෙනං දැන් කොළඹ උන් එහෙම හෙලුවෙන් ඉන්ට එපැයි බං.....

      //බෝංචි කඩන කෙහෙකන් ඉදවන උන්
      හිරේ නොව අංගොඩද යැවිය යුතු.//


      මචං වචන දෙකක් අල්ලගත්තු පළියට සියල්ල හොයා ගත්තා කියලා හිතන්න එපා...... මීට වඩා ගැඹුරක් විශ්ව විද්‍යාල තුළ තියෙනවා........

      ජ්‍යේෂ්ට උත්තමයන් ඔය කියන කැළණියේ නැහැ මචං......... අපිට හිටියේ අයියලා අක්කලා නංගිලා මල්ලිලා විතරයි....

      ලැජ්ජාව කවුරු ගැනවත් නෙමෙයි බං මේ දේශපාලනය අස්සේ අදුරේ අතපත ගාන උන් ගැනයි... මේ ආණ්ඩුව අරකට වඩා වෙනස් බං.... ඒක තේරුම් ගන්න අපේ අයට තව ටික කාලයක් යයි......

      Delete
    2. // ජ්‍යේෂ්ට උත්තමයන් ඔය කියන කැළණියේ නැහැ මචං......... අපිට හිටියේ අයියලා අක්කලා නංගිලා මල්ලිලා විතරයි... //

      කොහොමහ්ඩ ඔයි කියනා අයියලා මල්ලිලා අක්කලා සහ නන්ගිලා සමූපාකාර ක්‍රමේට අහවල් දේ කොරනකොට?

      ඔබට සතුටුයිද දැන්?

      Delete
    3. මාර වෛරයක්නේ සරසා තියෙන්නේ............ පේරා සයන්ස් ෆැකල්ටිය පැත්තේ එන්නත් බයයි........ කොහොමත් ඉතින් ඒ කාලෙත් අපි පේරා සයන්ස් ෆැකල්ටිය පැත්තේ ගියේ නැහැ......... ඇයි ඉතින් ඔක්කොම අලයොනේ......

      Delete
    4. // කොහොමත් ඉතින් ඒ කාලෙත් අපි පේරා සයන්ස් ෆැකල්ටිය පැත්තේ ගියේ නැහැ......... ඇයි ඉතින් ඔක්කොම අලයොනේ...... //

      ආටන් ගේ ආටක නාටක!

      Delete
    5. නෑ නෑ සයන්ස් ෆැකල්ටියේ ඉන්නේ රැග් නොවුණ අලයොනේ..... ඉතින් පස්සේ කාලෙක ඔය අලයෝ රැග් එක ගැන කතා කරන්න ගියාම ඔය වගේ දේවල් වෙනවා........ කැම්පස් ගියා මං රැග් වුණා කියලා උඩ පනින අලයොයි කැම්පස් නොගිහින් යූ ටියුබ් එකෙක් රැග් එක අවබෝධකරගත්තු අයයි අතරත් වැඩි වෙනසක් නැහැ නේද සරසා.......

      Delete
    6. // නෑ නෑ සයන්ස් ෆැකල්ටියේ ඉන්නේ රැග් නොවුණ අලයොනේ..... ඉතින් පස්සේ කාලෙක ඔය අලයෝ රැග් එක ගැන කතා කරන්න ගියාම ඔය වගේ දේවල් වෙනවා........ කැම්පස් ගියා මං රැග් වුණා කියලා උඩ පනින අලයොයි කැම්පස් නොගිහින් යූ ටියුබ් එකෙක් රැග් එක අවබෝධකරගත්තු අයයි අතරත් වැඩි වෙනසක් නැහැ නේද සරසා....... //

      ශා .... නවක වදය වෙනුවෙන් පෙනී සිටිනා කුරුටුවදකයෙකු ගේ කවි!

      Delete
    7. සරසාට කියන දේ තේරෙන්නැහැනේ..... තාම පටලාගෙන දගලනවා..... මට නවකවදය වෙනුවෙන් පෙනී සිටියට අවශ්‍යතාවයක් නැහැ.... හැබැයි ඔබ වැනි අගක් මුලක් නොදැන ඒකට ඇගිලි ගැසීමට මං විරුද්ධයි....... අන්තගාමීව ඒක විවේචනය කිරීමට විරුද්ධයි...

      Delete
  7. නවක වදය justify කරන්න කවිත් ලියලා. තව කෙනෙකුට හිංසා කිරීම glorify කරන මේ වගේ මෝඩයෝ ඉන්නේ ලංකාවේ විතරද කොහෙද.

    ReplyDelete
    Replies
    1. නෑ අනෝ මේ කවිය ලියලා තියෙන්නේ නවක වදය කිය කිය වෙන දෙයක් කරන උන් ගැන කියන්නයි.........

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. "නිදහස්" අධ්‍යාපනය ශිෂ්‍ය අයිතීන් කියන ඒව තියෙන්නෙ ඕනෙ සීනියර් වුනාම පමණක්ද? නවකයින්ට නැද්ද?

      Delete
    2. හුග දවසකින් නේද ආතර් එක ඔයා ප්‍රශ්න ඇති කරගත්තේ..?? හැක්

      Delete
    3. නිදහස් අධ්‍යාපනය ගැන ඇත්තට ම කතා කරන්නේ කැම්පස් උන් විතරයි. උන් ඒක ගැන උද්ඝෝෂණ කරද්දි කදුලු ගෑස් ගැහුවා ම පාරේ යන උන් උන්ට පළුයන්න බැණ බැණ යනවා. ඒත් උන්ගේ දරුවන් අදටත් නිදහස් අධ්‍යාපනයකින් ඉගෙන ගන්නේ මේ නිසා කියලා උන්ට තේරෙන්නැහැ.... ඇයි පොලීසියේ උන්........... අපේ උඹලාගේ අනාගත පරපුර ගැනත් එච්චරම තමයි මචං.....

      Delete
    4. ආතර්ගේ රැග් එක.. සොරි සොරි සුහද හමුවීම, සුන්දරයිනෙ ලැක්චරර්තුමෝ? අඳුනගන්නනෙ කරන්නෙ, කමෙන්ට්ලෝකයට අනුගත වෙන්න, එතකොටනෙ පස්සෙ උදව් කරන්න පුලුවන්
      දැන් ඕක අලල්ලගෙන ඔබතුමා ආතර්ට තියන දැවෙන ප්‍රශ්න යටපත් කර කමෙන්ට්කරුවන් මර්ධනයට ලෑස්තිවෙන්න එපා. එහෙමකරන්න හැදුවොත් නොනවතින අර ගලේ.

      Delete
    5. නැහැ ප්‍රා.......... මේකෙන් අපි මතු කරේ මේක අස්සේ දුවන දේශපාලනයයි.... රූපවාහිණියේ උදේ 8 ට කට්ටිය ගෙනැල්ලා කතා කිරීමෙන් ම වැඩේ බාගයක් විතර පැහැදිලියි. ජවිපෙ නිදාසිටීම ඉතුරු භාගය පැහැදිලි කරනවා........ මේවා බ්ලොග් ලියන සෙට් එක හැටියට අපි දැකිය යුතුයි මචං....

      Delete
    6. @තුෂාර, මට ඔබ කියන දේ තේරෙනවා මං එකඟයි . නවක වදය මර්ධනය කියලා වෙන දේවල් අමතක කිරීම, වෙනත් ඇජෙන්ඩාවලට වැඩ කිරීම වැරදියි.
      ඒවගේ ම වැරදිවැඩක් තමයි නිදහස් අධ්‍යාපනය බේරා ගැනීම ශිෂ්‍ය මර්ධනයට එරෙහිවීම කියන සටන් පාඨවලට මුවාවෙලා සමහර ජරා නවක වධයින් තම අපරාධවලින් බේරීමට තැත් කිරීම
      ශිෂ්‍ය දේශපාලනය කරන හැමෝම නවක වධකයින් කීමත් වැරදියි. නවක වධයට විරුද්ධවන්නන් හැමෝම වෙනත් ඇජෙන්ඩා එකකට එහෙම කරනවා කීමත් වැරදියි

      Delete
    7. OOps... අරූ හරි.. හැක්

      Delete
    8. එකගයි ප්‍රා.............

      අපි මෙතැනදී තේරුම්ගත යුතු දේවල් කීපයක් ම තියෙනවා. රැග් එක පිටින් දාලා මේ කතා කරන අයගේ හැබෑ අරමුණ මොකක්ද කියන එක වැදගත්. අපි ඒ ගැන නොදැන පිටින් මේක දිහා දැකලා කෑ ගැහුවොත් වෙන්නේ ඔවුන්ට සහය වීමක් විතරයි. නමුත් ඔබ කියන විදිහට නවක වදය අස්සේ තියෙන දරුණුකම නැති කිරීම ගැන අපිත් එකගයි. නමුත් ඒක කරන්න හදන අයට හැබෑ උවමනාවක් නැති නිසා ඔවුන් ඒකට ප්‍රෙව්ශ වෙන විදිහ අන්තිම වැරදියි. ඔවුන් මැදිහත් වෙන විදිහ නිසා මේ කැම්පස් ලොකු ගැටලු ගොඩකට යනවා. ඇත්තට ම ඔය කතා කරන අය මේක වේවැල් අතට අරන් කරන්න යනවා මිසක් ඔවුන්ට ඒක කරන්න අවශ්‍ය හැබෑ ක්‍රමය ගැන අවබෝධයක්වත් නැහැ........

      Delete
    9. ඈ බන් කුරුටු උබ උගත් එකා වෙච්චි. මේ නිදහස් අධ්‍යාපනයෙ වැරැද්ද තේරෙන්නෙ නැද්ද.
      අපි කියන්නෙ සල්ලි දීල ඉගෙනගන්න නෙමෙයි .සිසු ණය ක්‍රමයක්. මේක පොලී රහිතයි. සිසු ණය ක්‍රමයෙන් ඉගන ගන්න එකා කැම්පස් එකේදි ජේවීපී පෙරටුගාමී දේශපාලනය කරන්නෙ නෑ.ඌ දන්නව ඉක්මනට ඩිග්‍රිය අරන් ජොබ් එකක් කරල ණය ගෙවන්න වෙනව කියල. ඒ වගෙම රැකියා වෙලදපොලට ගැලපෙන විශයන් කරනව.
      නිදහස් අධ්‍යාපනය උසස් පෙල දක්වා දුන්නම ඇති. හැබැයි දැන් නම් ඒකත් නාමිකයි. මොන්ටිසෝරියෙ ඉදන්ම ටියුෂන් යනවනෙ.


      අද සමාජය මුන් කැම්පස් ඇතුලෙ කරන විගඩම් ගැන දැනුවත්. බස් එකකට දේශනයක් දෙන්න ආපු එකෙකුට බස් එකෙන් එල්ලවුන විරෝධය මම ඇස් දෙකින්ම දැක්ක.මුන් පාරෙ තැබිලි විකුනන එකාට වට්ටි අම්මගෙ ශ්‍රමයටත් නිගා දෙනව.

      විද්‍යා හා තාක්ශන ලෝකයට ගැලපෙන පාඨමාලා හදුන්වාදීමත් වැදගත්.සමහර ඉංජිනේරු පාඨමාලාවලට අවසන් වසරෙදිම රැකියා දෙන ආයතන සමග එක්වෙන්න හැකියකියා මා අසා තිබෙනවා. සිසු ණය ක්‍රමය ට රැකියා දෙන ආයතනත් සම්බන්ධ කරගන්න පුල්ලුවන් නම් වඩා හොදයි.


      Delete
    10. ඉතින් බං ඉස්කෝලේ යන උනුත් කැලේ පනිනවානේ. හොරෙන් සල්ලි උස්සලා සිගරට් බොනවා. ගංජා ගහනවා. ගුලි කනවා. කෙල්ලෝ එක්ක රවුම් ගහනවා. සමහර විට රූම් අස්සෙත් රිංගනවා. ඉතින් බං එක වසරේ ඉදලා ම ඔය සිසුණය දෙමුකෝ........

      දැන් මධ්‍යස්ථ මතධාරියා එක වසරේ ඉදලා ගිය වියදම් ටික ගෙවන්න ලැහැස්තිද?????? ඇයි බං කැම්පස් උන්ට විතරක්........... යකෝ මේක මාර වෛරයක්නේ.....

      Delete
  9. //වහගන්න රෙදි නැතුව හෙලුවෙන් දගලන
    අපිගැන මතක් වෙද්දිත් විළිලැජ්ජාවයි..............//
    යේක ශෙරි..
    චැහ්ඃ.. මක්ක කියල කරන්නෙයි අප්පා..?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නෑ මචං ලබ්බෝ............

      අන්තිමට අපි කරලා තියෙන්නේ අනුන්ට කඩේ ගිය එකක් විතරයි. මේක මේ තරම් උස්සලා මාධ්‍ය සන්දර්ශන දදා දගලන්නේ ඇයි කියලා අපේ උන්ටවත් නොතේරෙන හැටියක්..... කැම්පස් උන්ට බැණ බැණ වෛරයක පිරිමැහුවාට වැඩක් නැහැ. යකෝ එදා මෙදා තුර රැග් එක කිසා 9 ක් මැරිලා තියෙනවා කියලා කෑ ගහනවා. ඒක හරි කියමුකෝ..... ඔය ඒ ගැන කියවන ලෙචාලා ඒ එකක් දෙන්නම්, ෆස්ට් ක්ලාස් එකක් දෙන්නම්, ඩිමෝ කමක් දෙන්නම් කියලා තමන්ගේ දරුවෝ වගේ කෙල්ලෝ කීයක් රූම්ගානේ ඇදලා උන්ගේ ජීවිත අනාථ කරලා තියෙනවාද???? මේ දැනුත් ඒක කැම්පස් අස්සේ වෙනවා. අන්න පුලුවන්නං ඒවා ගැන කතා කරපල්ලාකෝ... රටේ දෙමාපියෝ මේවා දන්නෙත් නැහැ. වැඩි පුර බය වෙන්න ඕනේ උඩ බැච් එකේ උන්ට නෙමෙයි ඔය නාකි මනමාලයොන්ටයි......

      මේවා දන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ. ඒකෙන් අනාථ වෙලා තියෙන ජීවිත ගාන ඔය කුණුහරපෙ අහපු කෙල්ලට වඩා ගොඩක් වැඩියි මචං.......

      Delete
    2. මේ කරන වැඩේ හරියට මදුරුවන්ගෙන් බේරෙන්න හිල් වෙච්ච නෙට් එකක් දාගන්නවා වගේ වැඩක්.ලොකුවට නෙට් එක දාගත්ත කියල හිතුවට අරට වඩා මදුරුවො කනවා එතකොට.රැග් එකට ආවේගශීලී චූන් විසඳුමක් නෑ.

      Delete
    3. // ඔය ඒ ගැන කියවන ලෙචාලා ඒ එකක් දෙන්නම්, ෆස්ට් ක්ලාස් එකක් දෙන්නම්, ඩිමෝ කමක් දෙන්නම් කියලා තමන්ගේ දරුවෝ වගේ කෙල්ලෝ කීයක් රූම්ගානේ ඇදලා උන්ගේ ජීවිත අනාථ කරලා තියෙනවාද???? //

      නවක වදේ දුන්නා කියලා එහෙම රූම් ගානේ යෑම නවතිනවද?

      ඒ එකක් දෙන්නම්, ෆස්ට් ක්ලාස් එකක් දෙන්නම්, ඩිමෝ කමක් දෙන්නම් කිවුවාම, තමන් ගේ තාත්තා ගේ වයසේ ඉන්නා මස් වැද්දෝ එක්ක නිදිවදින්න යන්නේ ඔහේලා අතින් හොඳට රැග් වෙච්චි කෙල්ලො නෙවෙයිද?

      නැත්නම් කෙල්ලෝ එහෙම යන්නේ රැග් වුනේ නැති හින්දද?

      Delete
    4. @ සරසා.............

      මෙතැන මතුකරලා තියෙන හැබෑ ගැටලුව රැග් එකෙන් මේ මස්වැද්දන්ට අහුවෙන දරුවෝ ගාන අඩුවෙනවාද කියන එක නෙමෙයි සරසා..... රැග් එක ගැන මහා භීෂණයක් හදලා අවුරුද්දකට සැරයක් හරි කෑ ගහන මේ ලෙචාලා අලුතෙල් එන පොඩි කෙල්ලෝ කීයක් මේ වෙද්දි රූම් අස්සට ගෙවල් අස්සට සමහර විට ඔෆිස් එක අස්සෙදි ම අනාථ කරලා තියෙනවාද කියන එකයි....... ඒකට උත්තර දෙන්න ඔබටත් හැබෑ අයිතියක් සහ වගකීමක් තියෙනවා නේද???????? ඒක පැත්තකින් තියලා ඔබ වෙනම ප්‍රශ්ණයක් අහනවා.....

      හරි ඔබ අහන විදිහට රැග් එකෙන් මේක අඩුවෙනවාද,,,,?????? රැග් එකෙන් මේක වෙනවා කියනවාට වඩා මං කැමතියි මෙහෙම කියන්න. බැච් එකේ කොල්ලෝ කෙල්ලෝ අතර සම්බන්ධය වැඩිවන තරමට ලෙචාලාට ඔය නාඩගම නටන්න තියෙන ඉඩ හොදට ම අඩුවෙනවා. තව දුරටත් කිව්වොත් (පුද්ගලිකත්වය ගාවාගන්න අකමැති බවත් කියන්න ඕනේ) අපේ බැච්එකේ හිටියේ 25 යි. එතැනින් කෙල්ලෝ 2ක් බේරාගැනීමට සහ අපේ ලෙචෙක්ගේ පවුල බේරාගැනීමටත් අපිට එමගින් හැකි වුණා........

      හරි අපි ඇත්තට ම කතාකරමුකෝ ලෙචාලාගේ වැඩ ගැන...... ඔබ මේ ගැන හොදට දන්නවානේ...........

      Delete
    5. @ ගස්................

      රැග් එකට හැබෑවට ම චූන් විසදුම් නැහැ...... ඒත් මේ ආණ්ඩු සහ ආණ්ඩු වලට කඩේ යමින් මාධ්‍ය සංදර්ශන තියෙන ගුරුවරු ටිකත් මේ කරන්නේ චූන් විසදුම් හෙවීමක්.... මේකෙන් වෙන්නේ ප්‍රශ්ණ විසදෙන එක නෙමෙයි වැඩි වෙන එකයි.......

      Delete
    6. ශිෂ්‍ය අයිතීන් හා සමාජ හා දේශපාලන සාධාරණත්වය නිදහස් අධ්‍යාපනය හා අනෙකුත් දේ සඳහා ශිෂ්‍ය දේශපාලනය කරන අය ඉස්සෙල්ලම නවක වදයට විරුද්ධව ක්‍රියාත්මකවෙලා වෙලා ඒක නවත්ව ගත්තනම් ප්‍රශ්නය ඉවරයිනෙ. එතකොට පාලකයින්ට මුවා වෙන්න තියන රෙද්ද නැතිවෙනවනෙ. නවකවදය මේ තියන අනිකුත් ප්‍රශ්න අතරේ තියා ගන්න තරම් සුන්දර ප්‍රයෝජනවත් නැතුවම බැරි අත්යවශ්‍ය දෙයක් වෙන්න බෑනෙ.

      Delete
    7. // හරි අපි ඇත්තට ම කතාකරමුකෝ ලෙචාලාගේ වැඩ ගැන...... ඔබ මේ ගැන හොදට දන්නවානේ........... //

      අලුතින් මොනවා කතා කොරන්නද? තව කෙනෙකු ගේ
      පෞදලිකත්වකට ගරු නොකරන නවක වදකයෝ ස්ටාෆ් ගිය හන්දා තමා ඔය ප්‍රස්න.....


      Delete
    8. එතකොට ස්ටාෆ් ගිය අලයෝ හොදයිද?????????? උන් කවදාවත් ගැහැණු දරුවෙක් දිහා ඇහැක් ඇරලා බලන්නැද්ද?????? උන් ස්ටාෆ් ගන්නම් කියලා කෙල්ලෝ අනාථ කරන්නැද්ද???????

      Delete
    9. // උන් ස්ටාෆ් ගන්නම් කියලා කෙල්ලෝ අනාථ කරන්නැද්ද??????? //

      හොඳ ප්‍රශ්නයක්....

      ඔයි කෙල්ලො හිතන්නේ මොනවා හරි කොරලා.. තමන් ගේ පියා වැනි අය සමග හෝ බුදියාගෙන ෆස්ට් ක්ලාස් ගහන්න...

      ඔහෙලට තියෙන්න පොලිසියට පැමිනිලි කරන්න...

      පගාව දීම සාහ පගාව ගැනීමට විරුද්දව!

      එතකොට දෙගොල්ලම කූඩුවේ!

      Delete
    10. හ්ම් හ්ම්............. ඊට වඩා ලේසියිනේ ඔය රැග් කරන උන් අල්ල අල්ල උන්ගේ ගෙදරින් ගේනවා කියලා බය කර කර ශිෂ්‍ය භාවය අහෝසි කරන්න දතකන එකේ තමන් එක්ක එකට ඉන්න උන්ට (සහ සමහර විට තමන්ට ම) පැහැදිලි කරලා දීලා ඒක නැවැත්තුවානං..........

      Delete
    11. කෝකද අරූ.....................

      Delete
    12. හරි හරි හොයාගත්තා.....

      Delete
    13. හිටපු කතිකාචාර්ය කෙනෙක් නොවැ හදලා තියෙන්නේ......

      Delete
    14. දැන් බලපන් උඹලා කතිකාචාරයලටත් විරුද්ධයි, ආණ්ඩුවටත් විරුද්දයි,නවක වදයට විරුද්ධ අයටත් විරුද්ධයි, ඒ ගැන කතිකාවටත් විරුද්ධයි. හැබැයි සැබැවින්ම විරුද්ධ විය යුතු අලුගුත්තේරු නවක වදයට විතරයි විරුද්ද නැත්තේ. දිවිහිමියෙන් හිරේ විලංගුවේ වැටිලා හරි කොහොමහරි නවක වදය රැකගත යුතු වෙන්නේ ඇයි කියලා කෙලින් කියපන්. (දැන් කියන්න එපා නවක වදය අතුගා දැමීමේ ක්‍රම වේදයට විරෝධය මිසක් නවක වදය අහෝසි කිරීමට අපි විරුද්ධ නැහැ කියලා ) එකක් කඩතොලු වහන්නට ගිය ආචාරියාට වෙච්ච දේ තමයි දැන් වෙලා තියෙන්නේ.

      Delete
    15. Aru: +++++++++

      Delete
    16. // දැන් බලපන් උඹලා කතිකාචාරයලටත් විරුද්ධයි, ආණ්ඩුවටත් විරුද්දයි,නවක වදයට විරුද්ධ අයටත් විරුද්ධයි, ඒ ගැන කතිකාවටත් විරුද්ධයි. හැබැයි සැබැවින්ම විරුද්ධ විය යුතු අලුගුත්තේරු නවක වදයට විතරයි විරුද්ද නැත්තේ//

      දෙන්න අරූ මාමේ හයි ෆයිව් එකක්!

      Delete
    17. අරූ...............

      උත්තර දෙන්න විදිහක් නැහැ..... උඹ උත්තරේ දෙන්න එපා කියලානේ......

      @ සරසා

      හැබැයි ලෙචාලා කරන අලුගුත්තේරු වැඩ දැක්කේ නැහැ වගේ ළමයින්ගේ විතරක් වැරදි බල බල වේවැල අතට අරන් විශ්ව විද්‍යාල සිසුන් පාගන ලෙචාලාටනං අපි කොහොමත් විරුද්ධයි............

      Delete
    18. // විශ්ව විද්‍යාල සිසුන් පාගන ලෙචාලාටනං අපි කොහොමත් විරුද්ධයි.. //

      ඒ ජාතියේ සක්කිලි ස්ටාෆ් මෙම්බර්ස් ලා සමග අපේ ඇයි හොඳයියක් නැත! සාමාන්ය ජීවිතයේදී අප ව අනුකරනය කිරීමට උත්සාහ කිරීම ගැන ගැන අප ඔවුන් හට අනුකම්පා කරනු ලැබේ.

      ඒකනේ අර පේරාදෙනි උප කුලපති උපුල් දිසානායකත් ඔහෙලට සමාන කැකිරියන් වදකයෙක් කියලා ස ර ස තුමා පෝස්ට් එකකුත් දැම්මේ...

      කියෙවුවේ නැතෙයි?

      Delete
    19. කියෙව්වා.......... ඒක දාපු දාම කියෙව්වා.......

      එත් ඔබ උපකලපතියෝ අපිට සමාන කරන්න එපා... ඒ කවුරුත් මේක දිහා ප්‍රාෙයා්ගිකව බලන්නේ නැහැ.... ඔවුන් කරන්නේ දේශපාලයක්..... දැන් කැළණියේ ඉන්න උපකුලපතිතුමා මගේ හිටපු ඩීන්...... ඉතින් අපිට අලුතෙන් එයාලා ගැන කියන්න ඕනේ නැහැ.......

      ඔය වර්ගයේ ලෙචාලා ඉන්නවා කියලා ඔබ පිළිගන්නවානං.... ඔය කියන විදිහට එතැන අහිංසක දැරිවියෝ අනාථ වෙනවා කියලත් පිළිගන්නවානං... ඔබට සරසවි සිසුන්ගේ ගැටලුවට හැබෑ උත්තරයක් හොයන්න තරම් අවබෝධයකුත් නැත්තං.... අපි මෙහෙම යෝජනාවක් කරන්නද....??? ඔය අහිංසක කෙල්ලෝ ටිකගේ කන්‍යාභාවය වෙනුවෙන් පෙනී හිටලා අර කියන ලෙචාලාට විරුද්ධ ව කතා කරලා සරසවිය ලෙචාලා අතින් දැරියන් අනාථ නොවන තැනක් කරන්න කැපවෙන්නකෝ........... ඔය කරන පව් වැහෙන්න පිණක්වත් සිද්ධ වෙන්නැතෟෑ........

      Delete
    20. // ඔය අහිංසක කෙල්ලෝ ටිකගේ කන්‍යාභාවය වෙනුවෙන් පෙනී හිටලා//

      ඔවුන් ගේ කන්යාබාවය පිලිඹඳ සහතික දෙන්නේ කන්යාබාවය චෙක් කොරලා ද? ඒ ලමයින් ගේ කන්යාබාවය වෙනුවෙන් පෙනී හිටින්න ස ර ස තුමා කන්යා පොලිස් ද?

      // අර කියන ලෙචාලාට විරුද්ධ ව කතා කරලා සරසවිය ලෙචාලා අතින් දැරියන් අනාථ නොවන තැනක් කරන්න කැපවෙන්නකෝ//

      ඒ ස්ටාෆ් මෙම්බර්ස් ලාත් ඔහෙලා වගේම නවක වදක යන් ය. කොපමන කීවත් හැදෙනා පාටක් නම් නැත. සමහර විට කෙල්ලන් ගේ කන්යාබාවය නැති කිරීම උන්ට සුන්දර අත්දැකීමක් වෙන්න ඇති!

      //........... ඔය කරන පව් වැහෙන්න පිණක්වත් සිද්ධ වෙන්නැතෟෑ........ //
      මොන පින් ද අපිට? අපි වනාහී පවු පින් විස්වාස නොකරන කස්ටියයි!

      Delete
    21. තමන් එක්ක ඉන්න එකා හදාගන්න බැරුව වෙන එවුන් හදන්න යන්න ටිකක් අමාරුයි නේද සරසා....

      Delete
    22. // තමන් එක්ක ඉන්න එකා හදාගන්න බැරුව වෙන එවුන් හදන්න යන්න ටිකක් අමාරුයි නේද සරසා.... //

      Are you nuts?
      Who is with me? You mean my patients?

      Delete
    23. this is a useless discussion SARASA. its enough.

      Delete
  10. රැග් එකටත් විරුද්ධයි...
    රැග් විරුද්ධතාවයට මුවා වෙලා දේශපාලන වාසි ගන්න එකටත් විරුද්ධයි....

    ReplyDelete
    Replies
    1. මේ තත්වයන් දෙක උඹ හරියට වෙන්කරගත්තොත් උඹ තමා මේක ගැන කතා කරන්න හොදම කෙනා...... ඒ වගේ ම මේ රටේ ඉන්න උන්ට මේක වෙන්කරලා හදුනාගන්න හැකිනම් මේ රැග් එක අස්සේ තියෙන ගැටලු අවම වෙනවා විතරක් නෙමෙයි මේකට හොදම විසදුමක් හොයා ගන්නවා ෂුවර්..... ඒත් ඒ විසදුම මේ දැන් උඩපනින එකෙක්වත් එකගවෙන විසදුමකුත් නෙමෙයි....... ඒකත් ෂුවර්

      Delete
  11. මේක දැන් ඇනුවල් ඉවෙන්ට් එකක්.... නිකං දළදා පෙරහැර වගේ...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙම අනුන්ගේ උවමනාවක්නේ මාතා...............

      Delete
  12. නවක වදය කිසිම අන්දමකින් සාදාරනීකරනය කොරන්න පුලුවන් දෙයක් නෙවෙයි!

    ඒක සුන්දර අත්දැකීමක් නම් අර පහුගිය කාලෙ පොලිසියෙ කැම වෑන් එකෙන් කාපු කොන්ඩයා තමා ලන්කාවෙ වැඩිම සුන්දර අත්දැකීම් ලබපු හාදයා...

    කවුරුහරි කියනවා නම් නවකවදයට මුවා වෙලා වැට් වැඩි කොරනවා කියලා, සරසවි ශිශ්යයෝ කල යුත්තෙ එහෙම මුවා වෙන්න දේවල් සපයන්නේ නැතිව කිසිම නවක වදයකින් තොරව සරසවි පවත්වා ගැනීමයි.

    තව එකක්...

    ඔය අන්තර්ජාලෙ කොර වෙන්න පොර ටෝක් දෙන එකෙක් වත් නවක වදකයෝ බලදාරීන් ගේ අතට අහු වුනාම කුජීත වෙන කුජීත වීම ගැන දන්නේ නැහැ නේ....

    සියලු චන්ඩි කම් සහ බැච් ෆිට් අලුයම ලූ කෙල පිඬක් සේ ඉවතලා, අඬාගෙන මල මූ වගුරවමින් දනගාගෙන ඇවිත් සිස්ස බාවෙ අලවන්ගු කොරන්න එපා කීයලා අඬන ඇඬිල්ල දැකාම දුකයි මහත්වරුනි!

    ReplyDelete
    Replies
    1. අහල නැද්ද සියළු වධකයෝ ඊලඟ මොහොතේ ගෝනි බිල්ලෝය කියල. රැග් එක දෙන්න සෙට් වුන සින්නන්ගෙ නම් ලිස්ට් එක කොනක ඉදන් වමාරනව. මේ බැටන් පොල්ලක්වත් නොදැකයි.
      මේ රැග් උත්තමයන්ගේ ශාස්තෲවරුනෙ 89 දි සමාජයටම රැග් එක දුන්නෙ. ඒ අය වධකාගාරවල කොහොම කුජීත වීමක් කුජීත වෙන්න ඇද්ද කියල තේරෙනවනෙ.

      Delete
    2. ඔය කතා විකාර සරසා.........

      රැග් එකට මුවාවෙලා දේශපාලනය කරද්දි ඒකට උත්තරේ ඔබ කියන එකනම් මේ රටේ එකෙක්ටවත් මුකුත් කරන්න වෙන එකක් නැහැ. මහණ වෙන්න තමා වෙන්නේ.

      රැග් එක පාලනය කරන්න අහිංසක කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි අල්ලලා උසාවි දාලා බය කරලා ශිෂ්‍යභාවය අහෝසිකරා කියලා උත්තර හම්බෙන්නෑ සරසා... මේකෙන් පේන්නෙම රැග් එකට විරුද්ධ වෙන ලෙචාලාගේ මෝඩ හැසිරීම තමා. ඇත්තට ම ඔය විදිහට උත්තර හොයනා ලෙචාලාට වඩා කැම්පස් වල කැන්ටින් වල වැඩ කරන උනුත් හොදට උත්තර හොයාවි. මෙතැන තියෙන ඇත්තම ගැටලුව තමා කැම්පස් කාලේ තමන් හිටපු විදිහ ස්ටාෆ් ගියාමයි එළියට ආවාමයි අමතක වීම. ගොඩක් දේශපාලකයොත් ඔහොමම තමයි.

      ඉතින් ඔය කියන ආකාරයට මේ ගැටලුව දකින සහ උත්තර හොයන උන්ගෙන් මීටවඩා හොද උත්තරයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ තමයි........

      Delete
    3. තමන් ගේ ස්ටුඩන්ටස් ලා මේ නවක වදේ වගේ පිස්සු කෙලිනකොට අවස්තාවදී (ඉස්සර නවක ව්වද හේම කල අපේ පෙරාදෙනි VC වගේ ස්ටාෆ් මෙම්බර්ස් ලා) හරි කැමති.... මෝඩයන් ට ගේම දෙන්න පහසුයි නේ.. අන්න ඒ නිසා....

      ස්ටුඩන්ට්ස් ලා රැග් නොකර හිටියාම ආන්ඩුවටවත් ස්ටාෆ් එකටවත් මොනම ගේමක් දෙන්න බැහ නේ... ඒ වුනාට තමන් වගේම තව ස්ටුඩන්ට් කෙනෙකුට හින්සා පීඩා
      කොරන එක ඊට වඩා උතුම් නේ මෝඩ සිස්ස ප්‍රජාවට!

      Delete
    4. මෙතැන ඇත්තම ගැටලුව ඔය රැග් එකත් නෙමෙයි සරසා. කැම්පස් ළමයින් ඔවුන් බලවේගයක් විදිහට ක්‍රියාකිරීමයි ගැටලුව. උන් එහෙම ඉන්න හින්දයි මේක පුද්ගලීකරණයටයි ස්ටාෆ් උන්නැහේලාගේ නාඩගමුයි නටන්න බැරි........

      නැත්තං රැග් එක පැත්තකින් තියලා කතා කරන්න තව දාහක් දේවල් තියෙනවා. දැන් මෙහෙම හිතමුකෝ ඔය කැම්පස් අස්සේ මාසෙකට ඇබෝෂන් කීයක් කරනවාද? කැම්පස් යන්න කොළඹට එන ළමයි කීයක් නං මසාජ් සෙන්ටර් වල සහ ක්ලබ් වල ඇග විකුණනවාද?

      ඒවා විතරක් නෙමෙයි. ළමයි ගානයි ටොයිලට් ගානයි, ළමයි ගානයි ලෙක්චර් හෝල් ගානයි, ළමයි ගානයි හොස්ටල් ඇදවල් ගානයි, ළමයි ගානයි කැන්ටින් වල තියෙන ඉඩයි, ළමයි ගානයි කම්පියුටර් ලැබ් එකේ පරිඝණක ගානයි..... මේවා ගණන් හැදුවොත් පිස්සු හැදෙනවා නේද??????????

      Delete
    5. එහෙනම් හොඳම උත්තරේ ඔයි වැඩකට නැති කැම්පස් එක වසා දැමීම නේද... වෛද්ය, දන්ත වෛද්ය, පසු වෛද්ය, ඉන්ජිනේරු, අයි ටී වගේ ෆැකල්ටි ටික විතරක් ඇරලා අනෙක් පලකට නැති පීට වැහුවාම ආන්ඩුවත් ලාබයි

      Delete
    6. හ්ම් ඒ ෆැකල්ටි ටික විතරක් තිබුණානං බලාගන්න තිබුණා මේ රටවල් තියෙන තැන. අනේ හත්තිලව්වේ මේ විශ්ව විද්‍යාල ආචාර්යවරු කියලා උඩපනින අයනේද???????

      අයෙම කියන්න තියෙන්නේ විළිලැජ්ජාවයි කියලා තමා ඉතින්

      Delete
    7. ඇත්ත ඔය ඔක්කොම නවත්වන්න ඕනෙ. ඒත් නවක වධයත් නවත්වන්න ඕනෙ. එක ගැන්ග් එකක් මංකොල්ලකන එක නවත්වන්න ඉස්සෙල්ලා සියලු සමාජ අසාධාරණකම් හා වෙනත් අපරාධ ගැන කතිකාවක් ඇති කරගෙන ඒවා නවත්වලා ඉන්න ඕනෙ නෑනෙ. අහුවෙන පාතාල සාමාජිකයින්ට දඬුවම් දෙන්න ඕනෙ.
      ඔබේ ගෙදරට පැන්න හොරා අල්ලන පොලීසියට ඔබ කියන්නෙ නෑනෙ පාර්ලිමේන්තුවේ ඔයිට වඩා හොරු ඉන්නව ඉස්සෙල්ල උන්ව අල්ලන්න ඒක නිසා මේකට යන්න දෙන්න අල්ලපු ගෙදෙට්ටත් පනින්න කියල

      තමන්ට වඩා බලයෙන් අඩු නවකයන්ට හිංසා කිරීම බාල පහත් අපරාධයක් විහිලුවට කලත්. අපි තාමත් විහිලුවට bully කරනවා bully වෙනවා සම මට්ටමේ යාලුවන් අතර .ඒත් නවක වදය බොහෝමයක් අවස්තාවල බලය තියන එකා බලය නැති එකාට කරන හිංසනයක්.

      Delete
    8. Sarasa and Pra. ++++++++++++

      Delete
    9. // හ්ම් ඒ ෆැකල්ටි ටික විතරක් තිබුණානං බලාගන්න තිබුණා මේ රටවල් තියෙන තැන.//

      සාස්තර පීටෙ නැති වුනාම රටකට මොකද වෙන්නෙ? ඒ රට නැති වෙනාවද?

      Delete
    10. නැහැ නැහැ තියෙනවා.......... ආය ශාස්ත්‍ර පීඨය නැති වුණාම රට ගිනි ගන්නවායෑ.....

      මෙහෙම දේකුත් තියෙනවානේ...... ශාස්ත්‍ර පීඨය නැති කරන්න කතා කරන ඔබ වැන්නන් රැග් එක නැති කරන්න අරන් තියෙන ප්‍රවේශය ගැන අමුතුවෙන් හිතන්න දේකුත් නැහැ නේද??????????? සමහර ප්‍රශ්ණ තියෙනවා සරසා ඇහුවාම අපේ තත්වය හෙළි වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්ණ හිතට ආවත් නොඅහා ඉන්න එක තමා හොද......

      අර හරක් වුණාට කමක් නැහැ උම්බෑ කියන්න එපා කියන්නේ ඒකයි

      Delete
    11. // නැහැ නැහැ තියෙනවා.......... ආය ශාස්ත්‍ර පීඨය නැති වුණාම රට ගිනි ගන්නවායෑ..... //

      අර පැරා කීවා වගේ සන්වර්දන නිලදාරී කියලා රජයට මහා පාඩුවක් කරමින් වැඩ නැතිව හැසිරෙන කස්ටිය අඩු වේ... රටට හොඳය!

      Delete
    12. හ්ම්................ තව ටිකක් කල්පනා කරොත් තේරෙයි තව තවත් දේවල් නැති වෙනවා කියලා........

      Delete
  13. සිරිපාලය කෙහෙල්කනක් හොරෙන් කපල පොලෝසියට මාට්ටු වුනා..දන්නවද කියපු කතාව.
    මේ අත් අඩංගුවට ගැනීම ඇමරිකාවෙ ලෝක ආර්ථික සමුච්ඡිත කාර්යසාධනය අපෝහනය කිරීම ගැන ප්‍රගතිශීලී ජනතාවගෙ අවධානය වෙනතකට යොමුකිරීමට කල දෙයක්.
    කෙහෙල්කන් කපනකොට තමයි පොකුරු පිටින් කෙහෙල්කන් හැදෙන්නෙ.ඒ නිසා මේක කෝකටත් හොදයඉ.
    සියල්ලටමත් වඩා කෙසෙල් වගාකරු සමාජගත කිරීම, ඒ කියන්නෙ කෙසෙල් වගාකරන අයයි හොරුයි අතර සහජීවනය ඇති කිරීම.
    අනික පැනමා පේපස් වලත් නම තියන එකේ මේක මොනතරම් පොඩි වරදක්ක්ද
    සිරිපාලයම මෙහෙම කියනකොට අපට කට උත්තර නෑනෙ.

    ඔය එක තර්කයකින්වත් රැග් එකේ වරද වහන්න බෑ. සමාජගත වීම ශිශ්ට ක්‍රමවලින් සිදුවිය යුතුයි.නමුත් රැග් එක කියන්නෙ විශ්ව විද්‍යාලවල ජාවාරමක් වගෙ දෙයක්.මේ නිසයි මේ වෙනුවෙන් පෙනී සිටින පිරිසක් ඉන්නෙ.
    නමුත් දැන් යූ ටියුබ් වල ලංකාවෙ රැග් ගෙඩිය පිටින් දාන නිසා ආතල් එක ගෝලීයකරනය වෙනව. දැන් රැග් ආතල් ගන්න කැම්පස් යන්නම ඕන නෑ.යූ ටියුබ් එකෙන් බලල කොමෙන්ට් කියවල අමතර ආතල් එකක් ගන්න අට පාස් උන්ටත් පුලුවන්.

    රැග් කරන්නෙ වෙන මොනම හේතුවක් නිසාවත් නෙමෙයි පරපීඩක කාමුක ආශාව කියල කෙලින්ම කියමු. රැග් එක දෙන එවුනුත් කන එවුනුත් ලබන්නෙ පහත් ලිංගික තෘප්තියක්.

    ReplyDelete
    Replies
    1. //නමුත් දැන් යූ ටියුබ් වල ලංකාවෙ රැග් ගෙඩිය පිටින් දාන නිසා ආතල් එක ගෝලීයකරනය වෙනව. දැන් රැග් ආතල් ගන්න කැම්පස් යන්නම ඕන නෑ.යූ ටියුබ් එකෙන් බලල කොමෙන්ට් කියවල අමතර ආතල් එකක් ගන්න අට පාස් උන්ටත් පුලුවන්.//

      ඔතනයි මචං වැරැද්ද......... ගොඩක් තැපැල් මාර්ගයෙන් පීනන්න ඉගෙන ගත්ත උන් ඔහොම තමා.....

      මචං උඹ ගොඩක් තැන් පටලාගෙන ඉන්නේ. මං මගේ ස්ථාවරය උඹට පැහැදිලිව කියන්නම්. ඇත්තට ම මං හොදට රැග් වුණා. රැග් කරා. රැග් එකේ හොද දැක්කා. රැග් එකේ අඩුපාඩු වැරදි දැක්කා. අදටත් රැග් එකේ හොද වෙනුවෙන් කතා කරනවා. හැබැයි ඒ කිසිදේකින් රැග් එකේ අඩුපාඩු හෝ වැරදි නැවතිය යුත්තේ නැහැ කියලා කියන්නැහැ. රැග් එකේ අමානුෂිකත්වය ඉවත් කරන්න මාත් අත් දෙකම උස්සනවා. හැබැයි මචං ඒක කරන්න විදිහක් තියෙනවා. අනික රැග් එක ගැන කිය කිය වෙන ගේම් ගෙනියන උනුත් ඉන්නවා. (අපි මේ පෝස්ටුවෙන් කියන්න ගියේ ඒකයි) ඒවා තේරුම් ගත යුතුයි. මේ කිසි දෙයක් නොදැක බෝංචි කඩන එකකුයි කෙහෙල්කැන් කතාවකුයි කිය කිය දැගලුවාට වැඩක් වෙන්නෑ මචං....

      උඹට ඕන වචනනං මමත් කියන්නම්. මං උඹට පොතක් ලියලා දෙන්නම්. කොටන් ඇදීම, වඩමාරච්චි යෑම, මෝල්ටෝස් කෑම, ප්‍රයිවට් බස් එකේ යෑම, --------- මේවා ගැනත් දන්නවාද?????????? අපි රැග් එක ගැන කතා කරනවානං ඒක වෙනමම කරමු මචං. ඒත් මේ සාකච්ඡාව වෙනත් දෙයක් ගැන ........

      හරි උඹ මේකට මහා විරෝධයක් පෙන්නනවානේ. දැන් කියමුකෝ බලන්න මේක විසදීමට උඹ කරන යෝජනාව..... අපි ඒ ගැන කතා කරමුකෝ.....

      Delete
    2. දෙයියෝ සාක්කි. මම තැපෑලෙන් පීනන්න ඉගන ගත්ත එක උබල දන්නව එහෙනම්. වහ කෑ සේක.

      Delete
    3. // ඇත්තට ම මං හොදට රැග් වුණා. රැග් කරා. රැග් එකේ හොද දැක්කා. රැග් එකේ අඩුපාඩු වැරදි දැක්කා. අදටත් රැග් එකේ හොද වෙනුවෙන් කතා කරනවා. //

      අහෝ!

      මුන් නේද ටොයියෝ කියාගෙන පෙරට ආවේ!

      දුකයි!

      Delete
    4. //අහෝ!

      මුන් නේද ටොයියෝ කියාගෙන පෙරට ආවේ!//

      අන්තිමට එ් ටොයි ආණ්ඩුවේ අතකොළු වෙලා ඉන්නේ සරසා වගේ බයි සෙට් එක තමා. ඒක තමා කියන්නේ සරසා අපි කරන කියන හැම දෙයක් ඇතුළේම දේශපාලනයක් තියෙනවා. අපේ රටේ දේශපාලකයෝ හරිම සූක්ෂමයි. ඔබ ඇස් ඇරගෙන හිටියේ නැත්තං ඔබ අන්තිමට කඩේ ගිහිල්ලා විතරයි. දැන් නිකමට හිතලා බලන්නකෝ මේ ආණ්ඩුවේ ගැත්තෝ කියනදේයි ඔබ කියනදේයි සමානයි. ඒත් එදා ආණ්ඩුව ගේන වෙලාවේ ඒ වෙනුවෙන් පෙනී හිටපු අපි මෙතැනදී ඒ එක්ක එකග නැහැ. ඒත් ඔබ...............

      Delete
    5. // දැන් නිකමට හිතලා බලන්නකෝ මේ ආණ්ඩුවේ ගැත්තෝ කියනදේයි ඔබ කියනදේයි සමානයි.

      ඒත් එදා ආණ්ඩුව ගේන වෙලාවේ ඒ වෙනුවෙන් පෙනී හිටපු අපි මෙතැනදී ඒ එක්ක එකග නැහැ. ඒත් ඔබ............... //

      අපි කවදත් දනපති පක්සේ ...


      Delete
    6. ඒක හරි................. ඒකාලේ හිටපු රජවරු ගසාකාපු හැටියට ඒ වෙලාවේ ධනපතියෝ උන්නේ..... හරි හරි...... ඔබ හරි........

      ජයවේවා

      Delete
  14. රැග් එක සාධාරණය කරන්න හදන්නෙත් රැග් එක සාධාරණය කරන්න හදන අයව රැග් කරන්නෙත්
    රැග් එක අසාදාරනයි කියන්නෙත් ඒ අසාධාරනයි කියන අයව රැග් කරන්නෙත් ඔය දෙගොල්ලගෙම අදහස් බලල කරල උං දෙගොල්ලව රැග් කරන්නෙත්, බහුතරයක් විශ්වවිද්‍යාල වලට සම්බන්ධ අය. අපි අට පාස් ය අරකය මේකය කීවත් ඒ අයත් අඩුම බාහිරව හරි ඩිග්‍රියක් ගහපු අය...
    ඇත්තටම මම දැක්ක දෙයක් තමයි හුගක් අය කරේ තම තමන්ගෙ ඇරියස් කවර් කරපු එක..
    ඒ වගේම කියන්න ඕන ඔය කුලද දෙකටම නැතිව ඇත්තටම මධ්‍යාස්ථව ඉඳගෙන මේ ප්‍රශ්නය දිහ බලපු අයත් හිටිය.
    තමන්නෙ හිතේ තියෙන හීන මානයයි අනිකට වල කපන්න තියෙන ආසාවයි ලිංගික කුහක කමයි නැති වෙන කං මං හිතන්නෙ රැග් එක නවත්තන්න සක්කරයට වත් බැරි වෙයි. ඒක කරන්න සහ කරගන්න පුලුවං තමන්ටම තමයි. හැබැයි 50% ක් විතර සමාජමය දායකත්වයක් තියෙන්න ඕන...නැතිව බෑ කාටවත් තනියම රහත් වෙන්න.

    ReplyDelete
    Replies
    1. //තමන්නෙ හිතේ තියෙන හීන මානයයි අනිකට වල කපන්න තියෙන ආසාවයි ලිංගික කුහක කමයි නැති වෙන කං මං හිතන්නෙ රැග් එක නවත්තන්න සක්කරයට වත් බැරි වෙයි //

      තිත්ත ඇත්ත!
      මෙන්න නියම ටොයියො!

      Delete
    2. මහේෂ්..............

      මේ අවුරුද්දකට සැරයක් මතු කරන සමාජ විරෝධය ඉස්සරත් නොතිබුනා නෙමෙයි. හැබැයි දැන් තියෙන ගැටලුව මේක මාධ්‍ය විසින් ඔවුන්ට අවශ්‍ය විදිහට සන්දර්ශනක් කරනවා. එහෙම නොවී හැබෑ අවශ්‍යතාවය මත මේක ගැන කතිකාවක් ඇති වෙනවානං හොදයි. ඒක ඇතුළේ හුදු රැග් එකේ වැරැද්ද සහ ඔය ලිංගික කුහක කම වගේ වචන විතරක් නැතුව මේක මනාව තේරුම් අරන් මේකට හරි විසදුමක් දෙන්න සූදානම් ප්‍රවේශයක් තිබිය යුතුයි. එහෙම නොවුණොත් මං විශ්වාසයෙන් කියනවා රැග් එක නිසා ඉතිහාසයේ මැරුණා කියන 9 දෙනාට වඩා ගානක් එක දවසට අනාගතයේ දී මැරේවි......

      ගැටලුව තියෙන්නේ රැග් එක නවත්තන්න වේවැල අතට අරන් ඉන්නේ පුද්ගලික අවශ්‍යතා මත ආණ්ඩුවට කඩේ යන ලෙචාලා ටිකක්. ඔවුන්ගේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් අතින් වසරකට අතවරයට ලක්වෙන ළමයිගාන ගැන කතා කරන්නැති නිසා ඔවුන් මහා වීරයෝ වෙලා.

      අනික් අතට මේක අතට අරන් ඉන්නේ කැම්පස් ළමයි දසවද දීලා මරපු යූඑන්පී ආණ්ඩුවක්. ඒ ඉතිහාසය අමතක කරලා කොළ පාට රෙද්ද වහන් ඉන්න ජවිපෙට පරණ කතා අමතක වෙලා නිසා මේ දේශපාලකයොත් දැන් මහා වීරයෝ වෙලා.....

      හැබැයි මේ තේරුමක් නැතුව ඇගිලි ගහන පිරිස මත්තේ ෆෝම් වෙලා ඉන්න සමාජය කරන්නේ කඩේ යෑමක් විතරයි. මේ ගැටලුවට උත්තර හොයනවාට අපිත් එකගයි. ඇත්තට ම විශ්ව විද්‍යාල සිසුන් කෙරෙහි සමාජයෙන් පීඩනයක් එල්ල විය යුතුයි. එය ඔවුන්ව පාලනය කරනවා වගේ ම නිවැරදි මගකට ගන්නවා. හැබැයි ඔවුන් හිරේ දාලා දඩුකදේ ගහලා මේක කරන්න බැහැ.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. කුලප්පු වූ හරක් රැළකට මැදි ව

      ඕක ටිකක් බලන්ටකෝ අනේ මංද ඔහොම සීන් එකක් වයඹත් වුනා... ඒක ටිකක් දරුණුවටම ගියා...

      Delete
    5. // කුලප්පු වූ හරක් රැළකට මැදි ව //

      කුල්ප්පු නැති වෙලාවට ඒ හරක් කොරන්නේ මානුසික කවි ලියන එක වෙන්න ඇති නේ? මස් කඩේට දක්කන්න ඕනෙ ඔයි හරක් රැල ම!

      Delete
    6. හිතේ ඇති...........................

      නෑ මේ හරක් කුලප්පු වුණ වෙලාවට කැම්පස් එකේ ළමයි හදන්න යනවාලු.........

      Delete
  15. කැම්පස් කොල්ලො ඉන්නෙ අඩි දෙක තුනක් ඉහලින්.ඒකත් උන්ගෙ කඩප්පුලිකම් වලට හේතුවක්. තමන් සිලෙක්ටඩ් ගෲප් එකක් නිසා සමාජය තමන්ට වඩා පහත්ය කියල උන් හිතන්නෙ. මේක මානව කේන්ද්‍රන වාදය.
    කෲරත්වයෙ උපත් එතන. නමුත් උන්ට අමතකයි එලියෙ ඉන්නෙ ඩිග්‍රිය කම්ප්ලීට් කල පිරිසක්ය කියන එක. කැම්පස් දෙක තුනකම සමහර විට විදේශ විශ්ව විද්‍යාලවල පවා උගත් අය උන්ට පාරෙදි හමුවෙනව ඇති.
    ශිෂ්‍යයො නිසා මොනව කලත් සමාවක් තියනව කියලත් මේ වරත්තුවො හිතනව.
    කම්පස් වලයි රටෙයි සිදුවන වෙන අසාධාරනකම් එක්ක මේකට සම්බන්ධයක් නෑ.
    සිසු ණය ක්‍රමයක් තුලින් කෑම බීම ඉදුම් හිටුම් ප්‍රශ්නත් විසදන්න ඕන. පොලී රහිතව සල්ලි දෙනව කියන එක කොයි තරම් දෙයක්ද.

    සමාජයට පුලුවන් මුන්ට මෙහෙම කියන්න. කං කං බූරු සිං සිං නෝරු අපි කියන දේ අහපියව්.

    //ආ දැන් උබලට ජරාව කන්න ,අහුමුලුවල බුදියන්න, ජරාවතුර බොන්න ඕන නෑ. සිසු ණය ක්‍රමය මෙන්න. උබලට මදි නොකියන්න සල්ලි. හැබැයි දැන් පිස්සු කෙලින්න බෑ. බැරියර් පෙරලන්න බෑ.අට්ටාලවල ප්‍රාතිහාර්ය පාන්න බෑ, ඉක්මනට දුවපියව් පාඩම් කරන්න. මොකද අවුරුදු 3 න් හෝ 4 න් මේක ඉවර කරගෙන රස්සාවක් හොයාගෙන ණය ගෙවන්න ඕන.//

    ReplyDelete
    Replies
    1. //කැම්පස් කොල්ලො ඉන්නෙ අඩි දෙක තුනක් ඉහලින්.ඒකත් උන්ගෙ කඩප්පුලිකම් වලට හේතුවක්. තමන් සිලෙක්ටඩ් ගෲප් එකක් නිසා සමාජය තමන්ට වඩා පහත්ය කියල උන් හිතන්නෙ.//

      මචං සමහර විට මේක උන්ගේ අධිමානය නෙමෙයි උන් දිහා බලන උන්ගේ හීනමානය වෙන්නත් පුළුවනි.

      අනික මචං ඕක කැම්පස් එවුන්ගේ විතරක් යෑ ඔය ලොකු ඉස්කෝල වලට යන උන්ගෙත් තියෙන්නේ. සල්ලිකාර දරුවන්ගෙත් තියෙන්නේ. උන් ගැන හිතහංකෝ.... උන්ට දෙමාපියන්ගෙන් හම්බුණ දේවල් මත ඉදිමෙන එකේ අරුන් දුක්විදලා පාඩම් කරලා තමන්ගේ හැකියාව මත කැම්පස් ගිය එකේ ඒක එච්චර ගණන් ගන්න එපා.

      තව ඕන නං ඔය කැම්පස් එවුන් පැත්තකින් ම තියහංකෝ. දොස්තරලා ඉංජිනේරුවෝ ලෝයර්ලා වගේ කට්ටියගේ ගැට්ට බලහංකෝ...... ඒවා ගැනත් කතා කරමුකෝ.....


      //නමුත් උන්ට අමතකයි එලියෙ ඉන්නෙ ඩිග්‍රිය කම්ප්ලීට් කල පිරිසක්ය කියන එක. කැම්පස් දෙක තුනකම සමහර විට විදේශ විශ්ව විද්‍යාලවල පවා උගත් අය උන්ට පාරෙදි හමුවෙනව ඇති.//

      ඉතින් බං උපාධිය පිටේ ගහගෙන ඇවිදින්න යෑ. මම තාමත් කැම්පස් එකට යනවා. දැන් යද්දි (කැළණියට ම නෙමෙයි වෙන එකකට) ඒ කැම්පස් එකේ කොල්ලෝ කෙල්ලෝ සමහර විට ඔරවලාත් බලනවා. උන් මං කවුරුද කියලා හිතනවා ඇති. ඒත් බං මං මෙයා කිය කිය මට ඇවිදින්න බැහැනේ. ඉතින් මං ඔලුව පාත් කරගෙන වැඩේ කරගෙන එනවා. මේ වෙලාවේ කැම්පස් එක උන්ගේ. ඉතින් උන් ඒක විදිය යුතුයි. මම පිට චරිතයක්.... ඉතින් මං සද්ද නැතුව ඉන්නවා. කතා කළොත් විස්තර කතා කරනවා. ඒත් මගේ උපාධිටික උන්ට කියලා වැඩක් නැහැනේ. මමත් මේ පොඩි වැඩකට ආවා කියලා එනවා......

      Delete
    2. // තව ඕන නං ඔය කැම්පස් එවුන් පැත්තකින් ම තියහංකෝ. දොස්තරලා ඉංජිනේරුවෝ ලෝයර්ලා වගේ කට්ටියගේ ගැට්ට බලහංකෝ...... ඒවා ගැනත් කතා කරමුකෝ..... //

      නාගයන් පෙනේ කොරනා විට ගැරඬියන් වලන් කටු පුප්පති!

      Delete
    3. සාකච්ඡාව හදනවා වෙනුවට මගහැරීම සුදුසු දෙයක් නෙවේ සරසා......... අපි කතා කරනවානං මේවා ගැන කතා කරමු........

      Delete
  16. පෙසපෙට සම්බන්ධ ශිෂ්‍ය සංවිධාන වහාම කළ යුතුව ඇත්තේ නවකවදයට තමන් විරුද්ධද නැති ද යන බව පැහැදිළිව කියා, විරුද්ධ නම්, තමන් ගේ බලය පාවිච්චි කර නවකවදය විශ්ව විද්‍යාල තුලින් තුරන් කර දැමීමයි.

    එවිට ඔය කියන ආණ්ඩුවේ හෙළුව වහන්න නවකවදය නම් රෙද්ද නැති නිසා, හෙළුව සැමටම පෙනෙනු ඇත.

    හෙළුව වැසීමට රෙදි වියා දෙන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. දෙපාර්ශ්වයටම ගැලපෙන නියම විසදුම. පෙරටුගාමීන් නවක වධය නැවැත්තුවනම් ආන්ඩුවට රැග් රෙද්දෙන් තමන්ගෙ හෙළුව වහගන්න බැරිවෙනව. වැඩේ කියන්නෙ පෙරට්ටො ආන්ඩුව නිරුවත් වෙන කොට හිටු කියල රෙදි වියල දෙන එකනෙ.
      බලන්න රැග් එක කියල එකක් නැත්නම් අද වැට් බද්ද ගැන පැනමා පේපස් ගැන නෙ අපි කතා කරන්නෙ.
      පෙරට්ටුවනේ උබල මෙහෙම ආන්ඩුවට ගාමන්ට් ෆැක්ටරි දාන්න එපා.

      Delete
    2. ඒ රෙද්ද ගලවන්න කාටවත් උවමනා නැහැ. උවමනාවක් තියෙන එකෙක් මේ විදිහට මෝඩ විදිහට ඒකට ඇගිලි ගහන්නෙත් නැහැ. ඒකට උන් මීට වඩා හොද විසදුමක් සහ ප්‍රවේශයක් ගන්නවා.

      අපි හිතමුකෝ මේක මුළුමනින් ම ඉවත් කරලා ඔබලා බලාපොරොත්තු වෙන සුන්දර ලෝකය හැදුවාය කියලා. ඒත් ආණ්ඩුව ඊළගට වෙන රෙද්දක් හොයා ගන්නවා. දැන් මෙහෙම හිතන්නකෝ කලින් ආණ්ඩු තනිකරම දිව්වේ ප්‍රභාකරන් පෙන්න පෙන්නනනේ. යුද්දෙ ඉවර කරලත් රාජපක්ෂලා ප්‍රභාකරන් පෙන්නන්න හදපු එකයි වැරැද්ද. ඒකයි පැරදුනේ. දැන් ආණ්ඩුව රැග් එක වගේ කාලෙන් කාලෙට චූන් වෙන ඒවා චූන් කරාට ඔවුන්ටත් කුණු වහගන්න ලොකු රෙද්දකුත් තියෙනවා. ඒ තමා රාජපක්ෂ භීතිකාව. අරක වුණත් රාජපක්ෂලා. මේක වුණත් රාජපක්ෂලා. මේක තමා මේ ආණ්ඩුවේ බය බෙදීමේ කලාව. ඉතින් ඔය කියන විදිහට රෙදි නැති කරන්න රැග් එක නැති කිරීම නං තේරුමක් නැති වැඩක්......

      හැබැයි මෙතැන තියෙන හොද තර්කය තමා පෙරටුගාමීන් තමන්ගේ අදහස කීම කියන දේ. ඇත්තට ම එතැන හොද අදහසක් තියෙනවා. ඔවුනුත් මේ සාකච්ඡාවට අදාළ පිරිසක්. ඔවුන් මේකට අත්‍යවශ්‍යයි. නමුත් ඒ කාලේ ජවිපෙ මේ ගැන කෙළබින්දුවක් හැලුවේ නැහැ වගේ ම මේ වෙලාවේ ඔවුන් මේ ගැන කතා කරන්නෙත් නැහැ. ඒ ගැන අපි හැමෝට ම වඩා හොදට ජවිපෙ දන්නවා.

      Delete
  17. මේක උප සන්ස්ක්ර්තියක්ලු..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත...............

      Delete
  18. රැග් එකට විරුද්ධයි. අනිත් එව්වටත් විරුද්ධයි...

    ReplyDelete
    Replies
    1. ඒක හොද ස්ථාවරයක්........

      Delete
  19. බලාගෙන ගියාම මේ පෝස්ට් එක ෆන් සාගරයක් නේ!

    ReplyDelete
    Replies
    1. සිරාවටම ඔව් අෆ්ෆා.මේ ආතල් එක දැක්කාම සල්ලි දිලා හරි රැග් වෙන්න හිතෙනවා ආලෝ.

      Delete
    2. //බලාගෙන ගියාම මේ පෝස්ට් එක ෆන් සාගරයක් නේ!//

      ඔව් සරසා ඔබට තමා ඒකේ වැඩි ගෞරව හිමිවිය යුත්තේ. මොකද මේ පෝස්ට් එකේ කතාව සම්පූර්ණයෙන් ම වෙනම පැත්තකට ඇදලා දාලා මේක පුරා ජෝකර්ගේ චරිතය කරේ ඔබනේ....... ඉතින් මේ ගෞරව ඔබට අයිතියි........

      ජයවේවා

      Delete
    3. // මේක පුරා ජෝකර්ගේ චරිතය කරේ ඔබනේ....... //

      වදකයෙකු වී නවකයන් පීඩනයට සහ හින්සාවට පත් කිරීමට වඩා ජෝකරයෙකු වී මිනිසුන් ට විහිලු සැපයීම අති උතුම් ය.

      Delete
    4. මං ආයෙමත් කියන්නේ සරසා ඔබ මේ සාකච්ඡාව වෙනතකට ගැනීම අපිට කරන අසාධාරණයක්..... ඇත්තට ම අපි කලින් මේ ගැන ලියපු පෝස්ටුවක දී කිව්වා අපේ ස්ථාවරය. ඉතින් තව දුරටත් ඒ ගැන තර්ක කරමින් අපේ මතයට බලපෑම් කිරීම නවකවදයට කිසිදු බලපෑමක් කරන්නේ නැහැ. කළ යුත්තේ ඔබ දැනට ඉන්න තැන ඉදලා මේකට ප්‍රාෙයා්ගික විසදුමක් හෙවීමයි. ඒක ජනප්‍රිය හෝ චූන් වීම මත කරන්නට හැකි දෙයක් නෙමෙයි කියලත් ඔබ දැනගත යුතුයි.....

      ඉතින් සරසා ඔබට පැහැදිලි කරනවානං මේ පෝස්ටුව අපි ලිව්වේ මේ රැග් එක අස්සේ හැංගිලා යන වෙනම අරමුණු ගොඩක් තියෙනවා. අනික තමා අපිට විශ්ව විද්‍යාල ගැන කතා කරද්දි තව කතා කරන්න ඕන තරම් මාතෘකා තියෙනවා...... මේ වගේ නොවිය යුතු දේවල් ගැන කතා කරනවානං තවත් නොවිය යුතු දේවලුත් ඕන තරම් තියෙනවා....... ඉතින් මේ පෝස්ටුවේ අදහස ගැන අපි කතා කරොත් හොදයි නේද???????

      ඒක ඔබ නවකවදයට එකගද මම එකගද කියන දෙයින් එහා තියෙන දෙයක් සරසා.....

      Delete
    5. // කළ යුත්තේ ඔබ දැනට ඉන්න තැන ඉදලා මේකට ප්‍රාෙයා්ගික විසදුමක් හෙවීමයි. //

      ප්‍රායෝගික විසඳුම ඉතාම පැහැදිලියි.

      සියලුම සරසවි සිසු සිසුවියන් කුමන ආකාරයේ හෝ නවක වදයක් කිසිම කෙනෙකු හට නොකිරීමයි.
      එයට එකඟ නොවන සිසු සිසුවියන් සරසවියෙන් පහ කොට බන්දනාගාර ගත කල යුතුය!

      ඒ දේ තේරුම් ගන්න බැරි මරිමෝඩ හරකුන් ට පමනයි!

      Delete
    6. ඇත්තම මරිමෝඩ හරක් යනු සියල්ල කලු සුදු ලෙස දැකීමට සහ ක්ෂණික ආප්ප ලෙස ප්‍රශ්ණ විසදීමට සිතාසිටින අයයි. ඒ නිසා ඒ හරක් කවුරුන්දැයි ඔබේ කමෙන්ටුව දකින දෙකවසරේ දරුවෙකුට වුණත් පැහැදිලියි. ඔබ වැනි ආචාර්යවරුන් ලැබීමම මේ විශ්ව විද්‍යාල දරුවන් කළ මහා පාපයකි.

      සරසා මීට වඩා බුද්ධිමත් ව සහ පරිණත විදිහට හිතන්න බලන්න. ඔබ ගණුදෙනු කරන්නේ ලංකාවේ උගත් සහ තරුණ වයසේ ඉන්න පිරිසක් සමගයි. ඉතින් ඔබ වැනි ආවේගශීලී අය මේ ප්‍රශ්ණ විසදීමට යෑමෙන් වෙන්නේ ප්‍රශ්ණ දෙගුණ තෙගුණ වීමයි. හොදම දේ තමා පැත්තකට වී මේක කළ හැකි අයට කරන්න දීම. මේ විදිහට පෝස්ටු පස්සේ පන්න පන්න කමෙන්ට් දදා හිටියට කමක් නැහැ බිමට බැහැලා මේවා විසදන්න යන්න එපා..........

      ඔබ ඉන්න ස්ථාවරය අන්තිම වැරදියි සරසා....... විශේෂයෙන් ම කිසිම ආකාරයක වදයක් නැති තැනක් ලෝකයේ කොහේවත් නැතුව සරසවිය විතරක් ඒ තත්වයට ගේන්න ඔබ හීන දකින්න එපා. ඔබේ ගෙදරගන්නකෝ.... මේ තරම් ආවේගශීලී ඔබෙන් ඔබේ දරුවන්ට හා බිරිදට කොයි තරම් වදයක් ඇද්ද?????????? එහෙව් කොට ඉතින් සියලු සරසවි සිසුන් පන්නා දමා ශාස්ත්‍ර පීඨය වසා දමා ඉතුරු ටික බන්ධනාගාරගත කිරීමකින් මේක විසදන්න බැරිවේවි........

      ඔබ ඉහත කමෙන්ටුවෙන් ඔබේ තරම විතරක් නෙමෙයි.... ඔබේ කමෙන්ටු බල බල චූන් වෙන පිරිසගේ තත්වයත් මනාවට පෙන්නලා තියෙනවා..... හැබැයි එක දෙයක් නොකියා ම බැහැ. ඔබ ඉන්න විශ්ව විද්‍යාලයේ ඉන්න අන්තිම හරි මෝඩ මිනිහත් ඔබට වඩා බුද්ධිමත් කියලා විතරක් මතක තියා ගන්න.... මොකද ඒ මිනිහාවත් මේකට මේ විදිහ උත්තරයක් හොයන්න යන්නේ නැහැ......... විශ්වාසයෙන් කියන්නේ........

      Delete
    7. // ඔබ ගණුදෙනු කරන්නේ ලංකාවේ උගත් සහ තරුණ වයසේ ඉන්න පිරිසක් සමගයි. //

      නවක වදය හොඳායි කියනා වදකයන් උගතුන් ලෙස ස ර ස තුමා ගනන් නොගනිමි!

      Delete
    8. සරසා ඔබත් සමග කතා කිරීම ඵලකට නැති දෙයක්....... ඒ නිසා අපි මේක නවත්තමු.....

      ස්තූතියි මෙතෙක් මේ සාකච්ඡාවට එකතු වුණාට.........

      Delete
  20. ලංකාවෙ ගොඩක් වෙලාවට බොහොම තැන් වල ගැටලුවක් වෙන් වෙන් වශයෙන් බලන්න හුරු වෙලා නැ, ගැටලුවක් වෙන්නම ඕනත් නැ, ඕනම දෙයක් හතර අතේ කරකවලා තියන
    හැමදේටම ගාවල තව පුලුවන් තරන් දේවල් හොයලා නැති හේතුත් හදල නුල් බොලයක් වගෙ පටලනවා. අන්තිමෙ කිසි කෙනෙක් දන්නෙ නැ තමන් කතා කරන්න ආව නියම කාරණාව මොකද්ද කියන එකත්, කොහොමද අර අනවශය පැටලුම් ලිහන්නෙ කියන කාරනයත්... අනාදිම්ත කාලයක සිට ලංකවේ මේ ක්‍රමය වෙනවා
    ඉපදුනු දා ඉදන් මැරෙනකනුත් ඊට පස්සේත් තියන හැම සිදුවිමකම.. නූල් බෝල වගෙ තව තවත් පටලගෙන ඒකින්ම වින්දනයක් ලබනත් ,ඉන් පස්සේ පරන පුරුදු විදිහටම පැටලුම් එක්කම ජීවත් වෙන්නත් ගොඩක් වෙලාවට පෙලබෙනව මිසක් කිසි කෙනෙක් නියම ගැටලුව විතරක් වෙන් කරගෙන විසඳුමක් හොයන දිනක් , අඩුම ගානෙ එක වරකට එකක්...(හීනයක් පමණි.. )

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි....... කතාවට සීයට සීයක් ම එකගයි. ඔය කැම්පස් කතාවට විතරක් නෙමෙයි මේ රටේ හැමදේකට ම වුණේ එ්ක තමයි. මේ පෝස්ට් එකට වුණෙත් ඒකයි. මේක දිහා බැලුවේ අර හුදු රැග් එක ගැන තියෙන පුද්ගලික මත සියල්ල අමෝරගෙන මිසක් හැබෑ අර්ථය තේරුම් අරගෙන නෙමෙයි......

      අපිට කියන්න ඕනෙත් මේකම තමා චතූ....... තව ටික දවසක් ගියාම ඔය රැග් එක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒක ඒ විදිහට ම වෙනවා. කිසිම වෙනසක් වෙලා නැහැ. අඩුම ගානේ මේ විදිහ මතවාදයක් හැදුනාම එක එක ගානේ හරි අමානුෂික තත්වයන් අඩුවෙනවානං කමක් නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. සමහර විට දැඩි වෙනවා.

      කඩේ ගිය ලෙචාලා ටික අලුත් බැච් එකේ අහිසකියන් ව අදින ගමන් ම ආණ්ඩුවට කඩේ ගිය පිණෙන් තනතුරුත් ගන්නවා. ආණ්ඩුවත් වැරදි වහගන්න වෙන රෙද්දක් හොයාගන්නවා. මේකේ උපසංස්කෘතිය, බෝංචිකඩනවාය කියලා උඩ පැන පැන අඩපු බ්ලොග්කාරයෝ වෙන අපිත් දන්නෑ වගේ වෙන දෙයක් ගැන ලියලා කමෙන්ටුවක් දාලා උඩබලාගෙන ඉන්නවා. වෙන්නේ ඕක තමා........ දැන් අර හල්දුම්මුල්ලේ නායගිය පැත්ත ගැන කවුරුවත් දන්නවා යෑ........ ඒත් ඒ වෙලාවේ.......... තර්කවත් තමන්ගේ පුද්ගලික මතවාදය තග දදා ඔප්පු කොරා කියලාවත් වෙන දෙයක් නැහැ........ මේවා ප්‍රාෙයා්ගික සහ කළ හැකි දෙයක් ගොඩනැගීම අරමුණු කරගන්නැතුව කිසිම පෝස්ටුවක් සාකච්ඡාවක වැඩක් නැහැ.....

      Delete
  21. සති දෙකෙන් දෙකට අපේ මිනිස්සුන්ට කතා කරන්න දෙයක් තියෙන්නත් එපැයි මචං.

    ReplyDelete
    Replies
    1. සීයට සීයක් හරි දිනේෂ්............ අපි නිකං උඩබලාගෙන ඇවිදින ජාතියක් විතරයි.......

      Delete
  22. එකෙන්ම විලිලැජ්ජයි

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ බං.........

      Delete
  23. කෝමත් මන් කැම්පස් යන්ට කලියෙන් මේක නැවතුනොත් ලොකු දෙයක් ඕන්න කිව්ව

    ReplyDelete
    Replies
    1. සාදු සාදු සාදු.............

      Delete
  24. රෙද්දක් වියන්න දඟලන දැගලිල්ලක්...

    ReplyDelete
    Replies
    1. මොකක් හරි රෙද්දක් හැම එකාට ම එපැයි නේද විභියා......

      Delete
  25. රැග් එකේ හොඳ? මොකක්ද්ද ඒකේ හොඳ? අනේ මූ වගේ සතෙක්. මූ අහිංසක කොල්ලො කෙල්ලො ඇබියුස් කරපු තවත් එක සතෙක්. අනෙ මුගෙ මානුසීය කවි! ගහගනින් පුකේ.

    ReplyDelete
    Replies
    1. කෙලින් ඇවිල්ලා කතා කරන්න බැරි උඹලා වගේ උන් අපි ඉන්න කාලෙවත් කැම්පස් එකක් පැත්තට එන්න පින් කරලා තිබුණානං ඔය බයේ හැංගිලා ගල්ගහන කුප්ප ගතිය හදලා කෙලින් ඇවිල්ලා කතා කරන්න තරම් කොන්දක් හදලා දෙන්න තිබුණා.......කොහෙද ඉතින් උඹලාගේ කරුමෙනේ.........

      Delete
  26. අපි සමග අපි හෙළුවෙන්

    ReplyDelete
    Replies
    1. ඇත්තට ම බැලුවොත් අපි හැමෝම හෙළුවෙන්...............

      Delete
  27. බලද්දි මෙච්චර දවස් මං බ්ලොග් රෝලෙ තියන් බලල තියෙන්නෙ කුරුටු සින්ඩිය විතරනෙ... විලි ලැජ්ජාවෙ බෑ. මගෙ අයි ටී දැනුම බිංදුවයි, ඒ නිසා සමාව දෙන්න. ඔන්න ෆලෝවින් දැම්මා.

    ReplyDelete
    Replies
    1. ඕවා මොනවද ලේ................ සින්ඩිය තිබ්බා කියන්නේ ඒ පැත්තේ ගියොත් මේ හැම එකක් ම තියෙනවානේ.......

      Delete
  28. ප්‍රශ්නේ තාම එතනම තියෙනවා, එත් හේතු මුලයට නොව පලයට විසඳුම් සොයන නිසා ප්‍රශ්නේ තාමත් එතනමයි. හොඳම දේ තමා නිදහස් අද්‍යාපනය වෙනුවෙන් සටන් වදින්න යන මුලින්ම කරන්නේ ඒක නිසා කොහොම හරි ඇතුලට ආපු න ටික තලා පෙලා උන්ගේ රූකඩ කර ගන්න හදන එක. ඉතින් සල්ලි තියීන එකෙක් උනොත් මේ ක්‍රමය අතහැර වෙනත් ක්‍රම්මයකට යන්න හදන ප්‍රවන තාවයක් ඇති වෙන්නේ නැද්ද? එත් හොඳම ආතල් එක තියෙන්නේ මුන් ඔය කොහෙට හරි වැදිලා කියන්නේ මොකක්ද අපි යන්නේ කොඉ පාරේ ත්‍රිමා බලේ ගිය පාරේ කියල.හැබැයි මම කියනවා ඒ පාරවල් දෙකක් කියල.

    අද තියෙන්නේ තමන්වත් මුලා කරගෙන ඒ මුලාවට වෙන උන්වත් ආඳා ගන්න හදන විකෘති උත්සාහයක්. තව කෙනෙක්ව තලා පෙලා බිහිකරන්න හදන එකමුතුකම මොකක්ද කියන එක තමා අහන්න තියෙන්නේ.

    ඊළඟ කාරණය මහින්ද රාජපක්ෂට නෙවේ හමුදා ආරක්ෂාව දෙන්න ඕන විශ්ව විශ්යාලයට ඇතුල් වෙන නවකයන්ට නවකවදය තියෙන තාක්, :D

    ආචාර්ය වරු නොනිල වශයෙන් නවක වදයට අනුග්‍රහ දැක්වුවා අපි ඉන්න කාලේ, සමහරු විරුද්ද උනා, සමහරු ජෙෂ්ටයන්ගෙන් බෝතලයක් හාම්බු නා නම් සියල්ල හොඳයි කියන තැන හිටිය, සමහර ජෙෂ්ටයන් උන්ට දොළ පුදල විභාග පාස් උනා, හැබැයි ගැටලුවක් උන තැන අනුග්‍රහ දක්වපු උනුත් වෙනස් උනා, හැක්. කැම්පස් වල නවකවදයට සිදු වෙනවා නම් ඊට එහි විනයපාලක වරයා කෙලින්ම වග කියන්න ඕනා, ඔහුගේ නොහැකියාව තමා ඉන් විද්‍යාමාන වෙන්නේ. ලංකාවේ උනිවසිටි වල රෑන්කින් බහින්නේ ලෝකෙටම යන්නේ හොඳ අවුට් පුට් එකකට වඩා නරක මතයක් නිසා, අචාරියොත් උන්ගේ බඩ වඩා ගන්නවා මිසක් (බහුතරය) අම්මල තාත්තල වගේ අය නැතිව නෙවේ, මුකුත්ම වෙන්නේ නැහැ.

    එනිසා මොන ආණ්ඩු ආවත් ප්‍රශ්නේ එතනමයි, හැමෝම පලයට ගල් ගගහ ආතල් ගන්නවා විතරයි.

    ReplyDelete
    Replies
    1. සොමියා.............

      උඹ කියන බොහොමයක් කරුණු ඇත්ත. ඔබ රැග් එක ප්‍රතික්ෂේප කරනවා වගේ ම ඒක ගැන හැබෑ අදහසක් තියෙනවා.... ඒ වගේ ම හැමදාම මේ කතාව ඇදිලා නැවතිලා යනවා තමා. මොකද කාටවත් හැබෑ උවමනාවක් හෝ හැබෑ අදහසක් නැහැ මේ ගැන.... ඉතින් ඔබ කියනවා වගේ මේකට හරි විසදුමක් හෙවීම ඇරෙන්න බොරු මෝඩ චූන් වලින් වැඩක් නැහැ......

      Delete
  29. https://notoriousjournal.wordpress.com/2016/05/13/%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94-%E0%B7%80%E0%B7%96-%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B8%E0%B7%90%E0%B6%AF/

    ReplyDelete
    Replies
    1. සරසා ඔබයි මමයි විතරක් මේ ගැන කතා කිරීම ඵලක් නැහැ. ඒ නිසා මේක නවත්තමු... ආයේ මේ වගේ සරසා ෆෝම් වෙල මාතෘකාවක් ආවාමවත් එන්නකෝ බැණ ගන්න....

      ජයවේවා

      Delete
    2. සාරසා තුමා නියම කොමෙන්ටුව කුරුටු ට මේ ලෙඩේ තාම තියනවා මට කනගාටු මේ ලෙඩේ තියන තව කොච්චර අය ඇද්ද?

      මම දැක්කේ නෑ තවම කටුබැද්ද විශ්වවිද්‍යාලය මේවට විරෝදය දක්වනවා මෙයින් පෙන්නේ වැඩකට ඇති උපාධි කරන අය කාලය නාස්ති කරන අපත වැඩ නොකරන බවයි මේ කිසි වැඩකට නැති කළා උපාධි ටික ඉදිරියේ නතර කළා නම් මේ රටේ මෙනිසුන්ගේ බදු මුදල් බේරගන්න පුළුවන් වෙනවා වගේම මානසික රෝගීන් රටට ජාතක වීම නතර වෙනවා.

      Delete
    3. ලාංකික ඔබයි මමයි විතරක් මේ ගැන කතා කිරීම ඵලක් නැහැ. ඒ නිසා මේක නවත්තමු... ආයේ මේ වගේ ලාංකික ෆෝම් වෙල මාතෘකාවක් ආවාමවත් එන්නකෝ බැණ ගන්න....

      ජයවේවා

      Delete
    4. ඕකම සරසටත් කිව්වා නේද ?

      Delete
    5. ඒක තේරුම්ගත්ත නේද ඔබ..........

      Delete
  30. අනේ මන්දා මචෝ මම නම් කැම්පස් ගිහින් නැහැ ඒක නිසා ඕක ගැන කතා කරන්න මට ලොකු අයිතිවාසිකමක් තියනවා කියලා මම හිතන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං උඹ එහෙම කියන්න එපා මමත් හෙට අනිද්දා උඹේ ෆීල්ඩ් එක ගැනත් කතා කරන්න ඉන්නේ...... හැක්......

      Delete
    2. ලියපන් මස්සිනේ අපි ගැන ලියපන්

      Delete
    3. උඹ ගැන නෙමෙයි උඹේ නිෂ්පාදනයන් ගැනයි..... හැක් හැක්......

      Delete
  31. හැබයි මම ඉස්කෝලේ යන කලේ රැග් උනා රැග් කරා

    ReplyDelete
    Replies
    1. උඹ ඉස්කෝලෙත් ගියාද බන් හෙහෙ හෙහෙ

      Delete
    2. අම්මට හුඩු යකා දැක්ක කල්

      Delete
    3. මම උසස්පෙළ වෙනකන් ආසවෙන් ඉස්කෝලේ ගියා බන් එත් ඉස්කෝලේ හිටපු ඒක පරයේක් මට ඉස්කෝලේ එපා කරා

      Delete
    4. උන්ට පේන්න වැඩ කරහං..........

      Delete
  32. මෙය සුළු දෙයක් ‍යැයි සමහරුන් සිතුවද කෙනෙකුගේ නිදහස සීමා කිරීම යනු බරපතල ගැටළුවකි.වෙනත් අයෙකුට කරදරයක් නොවන ආකාරයට තම නිදහස උපරිම ලෙස විඳීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත.නමුත් විශ්ව විද්‍යාල තුල නිදහස සීමා කිරීම දකින්නන් නීතියෙන්ම පාසල් සිසුන්ගේ නිදහස සීමා කර ඇති ආකාරය නොදකී.මිනිසුන් හැකිතරම් විවෘත මනසකින් සිතිය යුතුය.එවිට මෙම තත්වය විසඳ ගත හැකිවනු ඇත.නමුත් ඔබ පවසා ඇති ආකාරයට අපට තිබෙන්නේ මේ ප්‍රශ්නය පමණක් නොවේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඉන්ද්‍රජීත්.........

      අපි හැම සතියකට ම සැරයක් කතා කරන්න මාර උණුසුම් මාතෘකාවක් හොයා ගන්නවා. අපිට ඒ වෙලාවට ඒක තමා ලොකුම ගැටලුව. ඒක මේ සතිය ඇතුළේ විසදාගන්න ඕනේ වගේ මාර හදිස්සියකින් අපි ඒ ගැන කෑ ගහනවා. ඒත් ලබන සතියේ ඒක අමතකයි..... මේකයි තත්වය..... මෙහෙම ප්‍රශ්ණ විසදන්නත් බැහැ. අනික තමා අපිට තියෙන එකම ගැටලුව මේක විතරකුත් නෙමෙයි....... අපි ප්‍රශ්ණ විසදාගත යුතුයි. හැබැයි ඒ ගැටලුව ගැන කිසිම අදහසක් නැතුව ඇගිලි ගහන අය හරහා නෙමෙයි......

      Delete

Related Posts Plugin for WordPress, Blogger...