Sunday, April 17, 2016

ඇගේ වත දකින සඳ ...............



සිරියහන් විමන දුල
නුරාවේ පහන් සිල
අප්සරා වත මඬල
සිත් අහස එකලු කල

සරා හසරැල් පවන
බිඳ දමයි සිල් දැහැන
සුනිල ඉඳුවර නයන
එළි කරයි පෙම් විමන

පෙමින් මත් වූ දෙතොල
පරදවයි සුරත් ඵල
රණ තිසර සරන විල
පුබුදුවයි මෙසිත් මල

සොඳුරු පෙම් පහස විඳ
ගෙතෙන්නේ සඳැස් පද
ඇගේ වත දකින සඳ
සැඟවේය සුපුන් සඳ


ඉසූ


.

57 comments:

  1. නෙක වර්ණන කැටිවුන
    සෘංගාර රස දැව‍ටුන
    මනා-ලියක රුව මවන
    සොඳුරු කවි වියමන


    ඔබ ඇතුලු කුරු‍ටු ගෑ ගී පවුරේ සියලුම දෙනාට පැතූ පැතුම් ඉ‍ටුවෙන සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා ...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරු....... ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  2. නියමයි කියනවා හැර වෙන කියන්න දෙයක් නැත

    ReplyDelete
  3. නියමයි කියනවා හැර වෙන කියන්න දෙයක් නැත

    ReplyDelete
  4. //රණ තිසර සරන විල//

    කැමතිම තැන...
    අසංකයගෙ ලඟ ඉදල වගේ හැක් හැක්.....

    ReplyDelete
    Replies
    1. ඔව් අසංක අයියගෙන් තමයි වචන ටික අහගත්තේ රසික........

      Delete
    2. යකෝ මේකා හැම එකටම මේ අහිංසක ළපටි මාවම අල්ලගන්නවනේ අප්පා...

      අසංක

      Delete
    3. රණ හංස යුවල නිමල නිල් ජලාසේ,

      Delete
  5. Replies
    1. ස්තූතියි සිතුවිලි..

      Delete
  6. Replies
    1. ස්තූතියි රොහාන්........

      Delete
  7. හොඳ කවියක් කියනවා හැර වෙන මොනවා කියන්නද ඉසූ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණි....... ඒ අගය කිරීමත් වටිනවා

      Delete
  8. ඉසුරි............

    පද ටික අදහස වගේ ම සදැස රැකීමත් හරි අගේට කරපු නිර්මාණයක්... විභාග වැඩ ටිකත් ඉවර එකේ දැන් ඉතින් කවි ලියැවෙන්නැතෑ හෝ ගාලා නේද?????

    තුෂාර

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ.....
      ඒක තමයි වැඩේ අයියේ,දැන් කවි ගඟුල හිඳිලා වගේනේ. ඒ දවස්වල හෝ ගාන පොකුණ වගේ වෙලා තිබ්බනේ

      Delete
  9. ඔය එක්කෙනෙක් ගැන නෙවෙයිනෙ කියන්නෙ :D

    ReplyDelete
    Replies
    1. මොකක්දෑ අලියෝ ඒ කතාව??

      Delete
  10. ඇගේ වත දකින සඳ
    මතක්වේය සෞම්‍ය සඳ
    සඳ දියෙන් කළතා
    ගනිමි දෝතට මුදුව

    ReplyDelete
    Replies
    1. ලස්සනයි ලස්සනයි Trans........

      Delete
  11. කවිය ඇතුලෙ වචන හරඹය හරිම අගෙයි ඉසූ :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසියෝ......

      Delete
  12. අපි ඕවට නෑනේ ! අපිට දැන් බෑනේ !

    ReplyDelete
    Replies
    1. " අපිට දැන් බැරි හින්දා, අපි ඕවට නැහැ " ඒකයි මේ ..... හැක්.. ☺ ☺

      Delete
    2. හ්ම් හ්ම්..එහෙම හිතන්නම්කෝ ඉයන්.....

      Delete
  13. පසුගිය දින කීපයේ ඉසුරිකාගේ නිර්මාණ වල අරමුණ වරදවා වටහා ගත් කුරුට්ටන් ඇයව ඉක්මනින් විවාහ කරදීමට උත්සාහ කරන බවට පැතිර යන රාවයේ සත්‍යතාවයක් නොමැත. හැක්.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඉයන් ඉසුරිගේ පහුගිය කවි ගැන ඇහැගහගෙන ඉදලා... මේ ගැන නෙලුම් අජිත් අයියාගේ (ඔය ගානට උස අය සාධාරණයි කියනවානේ) ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

      මීට තුෂාර සහ අසංක අයියලා......

      Delete
    2. බ්ලොග් සගයින් මාගේ පබැඳුම් වරදවා වටහා ගැනීම පිළිබඳව මාගේ බලවත් කනාටුව!!

      ඉහික් ඉහික්....... මං අම්මට කියනවා.....ඉහික් ඉහික්

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. අජිත් ගේ කමිටුව වහා ස්ථාපිත කර FCID එක විසුරුවනු.

      අම්මලත් ඔය වයස පහුකරපු කට්ටියනේ, ඒක නිසා එයත් 'වරදවා' වටහා ගනීද දන්නෙ නැහැ ඉසුරිකා.

      Delete
    5. නෑ නෑ මං අම්මට කිව්වා.... අම්මා කිව්වා කවියෙක්ට ඕනිම දෙයක් නිර්මාණය කරන්න පුළුවන් කියලා.......

      ඒ හින්දා එහෙම 'වරදවා' වටහා ගන්නේ නෑ අයියේ.....

      Delete
    6. බය වෙන්න එපා ඉයං,

      Delete
  14. සරා සලෙලු දන සතො සේ
    සුරා පාන කරන ලෙ සේ
    පුරා අවුළු නොයෙක ර සේ
    සරා අවන් හල් සහ සේ

    ReplyDelete
    Replies
    1. සුරඟන රඟ රඟ හලුවෝ
      මනයොන සැර කුසුමලුවෝ
      සැම දන මන නෙත් වෙලුවෝ
      තැන තැන රඟ දෙති නලුවෝ

      (පද පිළිවෙලනං මතක නැතෝ)

      Delete
    2. සතොසෙ බාර් ටික අයින් කරන්න වෙයි වගේ,

      Delete
  15. හඳටත් ලැජ්ජ කරලනෙ මේ මනුස්සය. හැක්..
    අපූරු පද පෙළක්.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං ප්‍රසා අයියේ........

      ස්තූතියි

      Delete
  16. සුපුන් සඳ පරදවන
    සරා නෙතු දල්වන
    පෙම් සුවඳ කැන්දන
    අගෙයි ඔබේ මදහස

    ReplyDelete
    Replies
    1. දිරිය සිත වඩවන
      අගෙයි ඔබෙ අදහස...

      ස්තූතියි මනෝජ්

      Delete
  17. කොයිතරම් සොඳුරුද කවි හැඟුම් පිබිදුන හිතක් කාගේ උනත්..කවිය හරි අගෙයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චතූ......... හඳ දකිනකොට කවි සිතුවිලි මතු වෙනවා.

      Delete
  18. ඇගේ වත දකින සඳ
    සැඟවේය සුපුන් සඳ

    ලැජ්ජාවට වෙන්න ඇති හැක ,


    සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. ඉවාන් අයියටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  19. අරැත් බරයි... ජය!

    ReplyDelete
    Replies
    1. අගය කළාට ස්තූතියි කිඹුලී......

      Delete
  20. අපූරු පැදි පෙළ...
    ලස්සනයි ඉසුරිකා...

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඉසුරිකාටයි ඔක්කම කුරුට්ටන්ටයි..
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේශ්.........

      ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
      ජය වේවා!!

      Delete
  21. සුපිරි පද පෙළක්, රසවිඳිය හැකි තාලයක් එක්ක වචන හරඹයක්. එක හරිම අපුරුයි. ජය,

    ReplyDelete
    Replies
    1. මේ අගය කිරීම් එක්ක අපි තව දිරිමත් වෙනවා...
      ස්තූතියි සොමි යා

      Delete
  22. පිස්සුනං කරන්නෙපා ඉසූ...
    නව හද බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. නව හඳ තමයි හැංගිලා තියෙන්නේ අයියේ......... මාර වැඩේ

      Delete
  23. පේලි 2ක් විතර කොපිකරගත්ත හදිසියකට...

    ReplyDelete
  24. පේලි 2ක් විතර කොපිකරගත්ත හදිසියකට...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...