සයුරක තනිවී සිටින නිමෙෂෙක
ඔරුවක් වුව කලතයි හඳ සතුටින
එලෙස අතරමං වූ ආලෙන් මට
වදනක් වුව ඔබගෙන් මට අගනෙය
කෙරුවත් ආලය වෙයි එය වරදක්
වෙයි වරදක් ආලය නොකෙරූවත්
එම වරදට දඩුවම කිම වූවත්
ඇත්දැයි සැකයකි ඇපදෙන පිළිවෙත්
අතරින් මාගේ දෑසේ දෙපියන්
රුචිනැත දැකුමට කදුලැලි නලියන්
විරසක වී මගෙ හද මා සමගින්
දඩුවම් දෙයි වරදට දුන් කදුලැල්
අරුමෙකි මගෙ ලොව මට විරහව දුන්
නරුමෙක් විය ලොව හට මා හිතදුන්
කරුමෙකි මා කල තුළ පෙරබවයන්
මරුකතරක සිරවී ඇත අද මන්
ආලෙ කලෙමි මා මා හද ඇපේ තියා
හට බොල් ණයක් නැති කොට කිසි සිතේ ප්‍රියා
විදි නැත මහට ගෙවුමට ගත් ණය නැවතා
අයදිමි සමා නැවතත් කළ මැනව කමා
බලා සිටිමි මා සදු දෙස දෙනෙත් පියා
කිසිවක් නුදුටුවෙමි ගඟනේ රැයක් පුරා
මහට වැටහුනේ සදදෙවු බවකි අමා
නමුදු සත්‍යලෙසකින් විය මහද මුලා
වික්මල් සුභසිංහ
.



.gif)




