තරඟයක පැටලිලා ලෝකයම දුවන කොට
පාර අයිනක තනිව නුඹ හිඳිනු පෙනුණි මට
මුවේ නැගි කිරිසිනා නුඹේ දුක වැහැව්වට
වතේ රැඳි වැරහැල්ල දුක කියයි හෙමීහිට.................
හිනාවෙන මිනිසුන්ම හෙට ඔබට ඔරවාවි
හිනාවෙන හිරුඑළිය සැඩව පීඩා දේවි
හිනාවෙන මද සුළං රළුව නුඹ හඬවාවි
හිනාවෙන තරමටම හඬන්නට සිදුවේවි.................
මහා මන්දිරයකදි නුඹ ලොවට ආවානං
සැන් පුයර සුමුදු සළු වත පුරා තියේ දැං
උන් හදයි නුඹේ ලොව නුඹට නොදැනී හෙමිං
එහෙම් ලොව හීනයකි තනිව ගොඩනැගෙනකං.................
සිඟිති පා සියුමැලිය මහපාර පරදන්න
සුමුදු අත් සවි ඇත්ද කම්කටොලු මැඩලන්න
මුවේ පිරි සිනාමල් ඇති වේවි සවිදෙන්න
නවතින්න එපා හෙට කොහොම හරි ජයගන්න.............................
තුෂාර විතාරණ
(බසයක යන අතරමග දුටු දසුනක් පිළිබඳ කුරුටු ගෑ කවියකි. ඔහුට සතයක්වත් දෙන්න නොලැබුණ මුත් මේ වදන් පැවසීමට අවස්ථාව නොලද බැවින් සිතේ තිබූ වේදනාව අකුරු කළෙමි..............)









