නිමාවිය වසන්තය ඇය ළඟින් සිටි
පැමිණේද කාලයක් එවන් වූ යළි
නොදනිමි මා තවමත් ...............
ගිලිහී ගිය අත්වැල්
බොඳවී ගිය සුසුම්
ඇදුම් කවනා මතකයන්
මාවත පෙන්වයි මා හට
සැනසුමේ මාවත වේය එය
මරණයේ මාවතද සමග පැමිණි
නොහැඟේ යා යුචුද යනු ඒ මග ...................
දෙගුරුන් වෙතින් මිදී මා
ලෝකයේ ගැරහුම් නොලබා
කෙසේ තරණය කරම්ද ඒ මාවත ...........
වේදනා නොදැනේ හදවතට
වේදනා තිඹිරිගෙය වී අද එය
කඳුළු නොනැගේ නෙතු අගට
ඇත සිඳී ඒ කඳුළු උල්පත
සොයා එනතුරු සොඳුරු මරණය
සිටී මගබලා මා සිත නොමැති කය ..................
පුදමි මිලින වූ සෙනෙහසේ මල්
යටගියාවේ සොහොන් කොත වෙත
එහෙත් තවමත් ඇය ද නොදනී
මගේ සිත එහි සැතපෙනා බව .................
අසංක ගයාන් අබේසිංහ
.









