Tuesday, November 1, 2016

එපා ආදරය...



රාග දෙනෙතින් බැලූ සඳ මා
කෝල බැලුමන් හෙලයි මා වෙත
කිම ළඳේ මේ අධම ලෝකේ
ආදරය මා වෙතට පෑයේ

නුරා දෙනෙතකි සොයන්නේ මා
ඔබෙන් හෝ අන් ළඳක් වෙතකින්
පලක් නෑ මට ප්‍රේම විජිතය
එය වසා දැන් බොහෝ කල් වෙයි

පෙර කලෙක යම් කෙනෙකු වී නම්
ආදරේ පිළිරුවක් විලසින්
මාද එලෙසම සිටියෙමි
ආදරේටම පණ පුදා

ඒත් දැන් මා හිතේ ඉඩ නැත
දරාගනු බෑ ආදරේ මට
පටන් චපල වු ප්‍රේම ලෝදිය
ගැලූ පසු මා හද තුළින්...

 

අසංක ගයාන් අබේසිංහ

17 comments:

  1. අහෝ ගයියට වූ දෙයක්
    බොහෝ ගලනා ලෝදියක්
    සහෝ ඉන් තව පෙම් නෙතක්
    අහෝ නොදවනු වෙයි දුකක්....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹනම් මරු දුමියෝ...ගී පවුරට කමෙන්ට් කරන්නෙත් ගීයෙන්මයි...

      Delete
    2. @ දුමින්ද
      +++
      නියම පද හතර.

      Delete
  2. ෙමම කෙමන්ටුව අසංක අයියාට ෙනාව නංගිට බව කරුණාවන් සලකන්න...

    නංගි, ෙකා්කටත් කියලා ටිකක් ෙහායලා බලාපං....

    තුෂාර අයියා......

    ReplyDelete
    Replies
    1. බාරියාවට මෙම අඩවිය තහනම් කලාපයක් කර ඇති බව කාරුණිකව දැනුම් දෙමි.

      මීට

      ස්වාමියා

      Delete
    2. අන්න ගෑණු......... එ්කට අෙප් උන්.......... අපිට තහනම් කරයි.......

      Delete
  3. අපි දැන් එහෙම තමා. ආදරේ ඕනම නෑ..

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් ඔහෙට වෙලා කරන රාජකාරිය නේ...

      Delete
  4. ඕක තමයි කියන්නෙ පිළිරූ වලට ආදරේ කරන්න එපා කියල හිටං.

    ReplyDelete
    Replies
    1. හිටං හිටියම හරි...

      Delete
  5. මං මොකුත් කියන්නෑ අප්පා.... තාම තනිකඩයා වෙච්චි....

    ReplyDelete
    Replies
    1. දෙකඩ වුණාම තේරුම් යයි...හැක්...

      Delete
  6. මට මේකට අහන්න තියෙන්නේ උඹෙන් "එක මකුණයි ළමයෝ කන්නේ-ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ" කියලායි.:D

    ReplyDelete
    Replies
    1. ඉතිං ඊළඟ එකත් මකුණෙක්මනෙ බං...ඌත් කනවම තමා...හැක්...

      Delete
  7. //නුරා දෙනෙතකි සොයන්නේ මා.. පලක් නෑ මට ප්‍රේම විජිතය// හෆොයි..තවත් ලෝදියමනේ හොයන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔය කාලෙට ඔහොම තමා කමියා............ අපි කිව්වාට බෑ..........

      තුෂාර

      Delete

Related Posts Plugin for WordPress, Blogger...