මේ තරම් බය හිතෙන්න
හොල්මන් කතාවක් කියද්දිත්
ඔහොම නිදාගන්නේ කොහොමෙයි..........?
අපිට නං ඒ කතාව අහපු වෙලාවේ ඉඳලා
හරිහමං නින්දක් නෑ...... රෑටවත්.............
කසුප් අනුරාධ
රූපය - http://www.gettyimages.ie/photos/lankan-minister?excludenudity=true&sort=mostpopular&mediatype=photography&phrase=lankan%20minister
.
හුඟ දෙනෙක්ට නින්දක් නැහැ බොල..
ReplyDeleteපට්ට හොල්මන් කතාවක් නේ කියෙව්වේ හිටං...හින්ගලෙනුයි, ඉන්ගිරිසියෙනුයි...
මෙහෙමනේ මචං අපේ ලොක්කාගේ ඉංග්‍රීසි වලින් කිව්වාම තේරෙන්නේ රටේ කීපයකට විතරයි. අර වැදගත් ම ටික එතුමාගේ සිංහලෙන් කිව්වා ම ඒක කාටවත් ම තේරෙන්නේ නැහැනේ......... ඉතින් අපි කොහොමත් හොල්මන්......
Deleteඋබලා කුමන්ත්නය්කට අහුවෙලා ...මොනතරම් ප්‍රශ්න තිබුනත් අර බලහන් පින්තුරේ ඉන්න උත්තමයා නිදා ගෙන ඉන්න හැටි
ReplyDeleteකම්මලේ බල්ලන්ට මොන සද්ද ආවත් අගේට නින්ද යනවාලු බං..........
Deleteඇහෙනවාට තමයි කණේ ඇබ ගහන් ඉන්නෙ. රටේ මිනිස්සුන්ගෙ කනෙත් ඒ ඒ ඇබ ජාති ගහන එක ඇර වෙන වැඩකුත් නෑ නෙ.
ReplyDeleteජයවේවා..!!
කනේ විතරක් නෙමෙයි බං මුං අපේ හැම තැනම ඇබ ගහලා හරි ඡන්ද ටික නං බා ගනීවි......
Deleteඅයියෝ කසුප් ඔබට තේරිලා නැනේ.. මෙතන ඉන්න සහ මෙගොල්ලෝ වටේ ඉන්න කිසි කෙනෙකුට මේ ගැන බය වෙන්න දෙයක් නැනේ.. තවත් සැපට නිදාගන්න පුලුවන් දේවල් ලැබෙන දෙයක් ගැන කතා කරනකොට ඔබ බය වෙනවද....:)
ReplyDeleteමෙහෙමනේ වෙන්නේ....... ඡන්දේ ගත්ත දවසේ ඉදලා ආයෙම ඡන්දයක් එනකල් උන් පාඩුවේ නිදියනවා. ඡන්දය ආපු ගමන් අපි නිදාගෙන වගේ ඇස් වහගෙන ගිහින් කතිරේ ගහලා එනවා..... ඡන්දෙ දවස් ටිකට නැගිටලා දුක් විදින අපේක්ෂකයෝ ඡන්දය ඉවර වුණ ගමන් ආයෙම පාර්ලිමේන්තුවට ගිහින් හොදට කාලා නිදා ගන්නවා......... මේකත් මාර ප්‍රජාතන්ත්‍රවාදයක් නේද........?????
Deleteහ්ම්ම්.....
Deleteමාත් තාම හොල්මන්...
ReplyDeleteඒකනේ එයාලා කලින් ම කිව්වේ මේක අපි හොල්මන් වෙන අයවැයක් කියලා........ මේකෙන් ඉස්සල්ලා ම බය වෙන්න ඕන කෝකට ද කියලා මං තාම කල්පනා කරනවා බං.....
Deleteනියමයි කසුප්......
ReplyDeleteඇයි මේ බ්ලොග් එක වෙන වෙබ්සයිට් එකකට රිඩිරෙක්ට් වෙන්නේ..
අනේ මන්දා අරූ............ ඇත්තට ම මොකක් හරි තාක්ෂණික සහයක් ගන්න වෙයිද????
Deleteකෝ මේ අපේ ආදරනීය අටමා..
Deleteඅටං ගෙන් අහන්නද??????
Deleteඔව්... ඌ පොලවේ ඉන්න එකෙක්.
Deleteහරි............. අටංට ආරාධනා කරමු..............
Deleteඑහෙම දෙයක් වෙන්නෙ නෑ.
Deleteඑහෙනං අර අරූ කියන්නේ.... මට ඔය සිද්ධිය දැනිලා තියෙන්නේ අපේ සින්ඩියේදි තමා.....
Deleteමටත් නිකං කොයිල් වගේ..
ReplyDeleteසුවල්ප සහනයක්ද සැලසිලා තියෙන්නේ
ඒවා එහෙම තමා හුදෙකලා.......... ඔබේ බ්ලොගය පැත්තටත් ගියා...........
Deleteඔව් හොඳම හොල්මන් කතාවට සාහිත්‍යය පිළිබඳ නොබෙල් තෑග්ගටත් රවි නම් කෙරිලාලු මේ පාර.
ReplyDeleteරටට මොන තරම් ගෞරවයක්ද.
අම්මපා............. ගෞරවය ආණ්ඩුවට පට්ට සහයක් දෙන පාටයි නේද???????
Deleteඅදයි ඔබේ බ්ලොගය පැත්තටත් ගියේ නයනේ........... සින්ඩි ගත කරගත්තා..... ජයවේවා.......
Deleteඕව මට කොහොමත් කොයිල් වගේ
ReplyDeleteමේවා ඇහුවා ම කොයිල් නැතත් කොයිල් වෙනවා ගිම්මි...........
Deleteමක්කද බං වෙලා කියුවේ මේ තියෙන්නෙ යසට
ReplyDeleteඋබගේ බ්ලොග් ඒක බලපන් ඉස්සර වෙලා එකේ ලෙඩක් ඇවිත්
Deleteඅටමෝ,
Deleteඅරූ තමා විස්තරේ කිව්වේ...... අපේ බ්ලොගය වෙන වෙබ් එකකට රීඩිරෙක්ට් වෙනවා ය කියලා තමා අරූ කිව්වේ............. මට ඕක හරියට ම දැනිලා තියෙන්නේ අපේ සින්ඩියේ දී තමා.... ඒකට මොකද බං කරන්නට ඇහැකි...
කුරුට්ස්....මම මේකට ගියා මම දාපු කමෙන්ට් එකක් හොයාගන්න. එතකොටත් මේක යනවා මොකක්ද බ්‍රිටිශ් වෙබ් එකකට. ඒ ගියේ සින්ඩියෙන් නෙමේ. හයිකු පෝස්ට් එක තියෙන තැන ක්ලික් කරපුවාම. මට මේවා පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැනේ බං.
Deleteයනවා යනවා... මොකද්දෝ මඟුලක් ලෝඩ් වෙනවා.බ්ලොග් එක අළුත් ටැබ් එකක ඕපන් වෙනකොට අපි හිටපු ටැබ් එකේ වෙන සයිට් එකක් ලෝඩ් වෙනවා.
Deleteමොකුත් වෙන්නෑ බං ඔය තියෙන්නෙ යස අගේට. ඔය ලබ්බට තියෙන කේස් එක මටත් පහුගිය දවස්වල තිබුණ. බ්ලොගර් ඩෑෂ්බෝඩ් එක ඕපන් කරල තියෙන ටැබ් එකේ වෙන සයිට් එකක් ලෝඩ් වෙනව.
Deleteමං දැන් පැය කිහිපයක් ම බැලුවා..... මට නං එහෙම දෙයක් පේන්නැහැනේ..... ඇත්තට ම මේක වෙනවානං අපිට කරන්න ඇහැකි මොකක්ද බොලව්...... කාගෙන් ද සහයක් ගත හැකි වෙන්නේ.........
Deleteඅරූ අයියේ.... දැන් ඒක ගැල බලනවා... .ඒක දිගට ම වෙනවාද???????
අපි සයිට් එකේ අලුත් ම පෝස්ට් එකේ ඒ ගැන සහයක් පතලා විස්තර දාන්නම්....... ආයෙම වෙනවානං කියන්න.....
මම හිතන්නේ ඔය කනට දාන එක දීලා තියෙන්නේ වටපිට සද්ද ඇහෙන එක අඩුකරන්න බං. නැත්තන් ඉතින් මොන්ටිසෝරියක් ඇතුලේ නිදාගන්න පුළුවන් මොකාටද...
ReplyDeleteපොඩි ළමයි මල් වගේනේ බං............. දැන් ඔතන ඉන්න කවුද බං මල්.........????
Deleteකිවුවත් වගේ මෙහෙමත් නිදියනවද අප්පා....
ReplyDeleteමේකනං මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කරාපු වැඩක් ද කොහෙද?????
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ ගොල්ල උදේ ඉඳල රෑ දෙගොඩහරියක් වෙනකල් ජනතා සේවයට කැපවෙන හැටියට නිදාගන්න තියෙන්නෙ ඔතනට ගියාට පස්සෙ විතරයි බං. ඒකටත් උඹල එක එක කුණු කතා කියන්න එපා.
ReplyDeleteප්‍රසන්න අයියා කඩේට ගිහිල්ලා නිදා ගත්තොත් යසට හිටී නේද??????
Delete