ජීවිතේ ඔහෙ ගලාගෙන යනවා
තෙරක් නැති ගංගාව සේ
ඉමක් නැති මහ සයුර සේ
නිමක් නැති සංසාරයේ
විටෙක හෙමිහිට - විටෙක විගහට
ජීවිතේ ඔහෙ ගලාගෙන යනවා...................
සුමුදු මල් සිප මද සුළං යනවා
කටු අකුල වැසි බලා අයැදිනවා
පොළව අහසට තවත් දෙස් දෙනවා
ඒ කිසිත් නොපෙනෙනා නොබලන
ජීවිතේ ඔහෙ ගලාගෙන යනවා..................
අතට ගත් දේ අතින් ගිලිහෙනවා
සිතු පැතූ දේ ඇවිත් සනහනවා
කදුළ සිනහව අතර සමවෙනවා
එපා වෙන්නැති ඕන්නෙත් නැති
ජීවිතේ ඔහෙ ගලාගෙන යනවා...................
තුෂාර විතාරණ
.
කෙනෙකුට එක ගඟක්
ReplyDeleteදැකිය නොහැකිය දෙවරක්
ඇරිස්ටෝටල්
දකින්නට දෙවරක්
එසේ ජීවත් නොවේ කිසිවෙක්
බුදුරජාණන් වහන්සේ
එකම ෙද් තමා ෙන්ද????????
Deleteනෑ. එකම දේ නෙමෙයි නේද. ඇරිස්ටෝටල් කියන්නේ ස්වභාව ධර්මයේ වෙනස්වීම ගැන. පුද්ගලයාගේ වෙනස්වීම ගැන නෙමෙයි. ඒත් බුදුහාමුදුරුවෝ කියන්නේ මිනිසුන්ගේ වෙනස්වීම ගැන. ඒ කියන්නේ මේ මොහොතේ ඉන්න කෙනා නොමෙයි තව මොහොතකින් ඉන්නේ.
Deleteඒක තමා මල්ලියේ කිව්වේ දෙකම එකක් කියලා......... උඹ අායෙම නෑ කියයි ද දන්නෑ.............
Deleteහරි හරි ඕන එකක්. දැන් දෙන්නම නෑනේ. කාගෙන් අහන්නද මේකෙන් මොකක්ද කියවෙන්නේ කියලා. අඩුම තරමේ මෙහෙම දෙයක් කිව්වද කියලවත්.
Deleteඒක තමයි නියම ක්‍රෙම්........... දැන් ඉතින් අපිට ඕන එකක් කියාගෙන ඉන්න ඇහැකි.... හරියට අර විචාරකයෝ වගේ ........... (හත්තිලව්වයි විචා මාමා කලබල වෙයි ද මන්දා)
Deleteඅදහස ලස්සනයි
ReplyDeleteස්තූතියි ඉයන් සහෝ............... සහෝ කිව්වාට ඉතින්......... කමක් නැහැ ඔන්න ඔහේ නේද???????????????????
Deleteඉස්කුරුට්......
ReplyDeleteජීවිතේ කව
ReplyDeleteලියු අපූරුව
එහෙත් මට තව
නොතේරෙන පව.....
ජයවේවා!!!
උඹේ කවි උත්තර නං අගෙයි..............
Deleteඕකගැන හොයන්න යන්න එපා බං.එන එන විදිහට ගහ උළුඅස්සා තියරිය පාවිච්චි කරපන්.ප්‍රොෆෙශනල් ගතියක්නම් නෑ තමයි.හැබැයි ප්‍රත්‍යක්ශයි.
ReplyDeleteඔය මොකට ප්‍රොෆෙෂනල් වුණත් ජීවිතේ සම්බන්ධයෙන් ඒවා නැතුවට කමක් නැහැ නේද බං.... ඒක නිකං ආටෝප නැතුව තියෙන්න එපැයි නේද???????????????
Deleteඅපරාදෙ ඔහේ ගලාගෙන යන්න දෙන්නෙ.
ReplyDeleteනරකද බැම්මක් බැඳල හරස් කරල ජලාශයක් හදාගත්තොත්.
අඩුම ගානෙ විදුලියවත් නිපදවන්න බැරියැ. හැක්..
සරම කෑහපොට ගහගෙන නානත් පුලුවන්
Deleteආ................. හිටහල්ලාකෝ උඹලාව නාවන්න මං...........
Deleteඒ උනාට වෙලාවකට ජිවිතේ එපා වෙනවා බං
ReplyDeleteඑ් ජීවිතේ හැටි බං...............
Deleteවිටෙක නැවතුනානන් හිතෙන විටෙක තව තවත් ඕන වෙන ජීවිතය..
ReplyDeleteඒකත් ජීවිතේ හැටිම තමා ගිම්මි...............
Deleteවිටෙක නැවතුනානන් හිතෙන විටෙක තව තවත් ඕන වෙන ජීවිතය..
ReplyDeleteමොකද මේ ගිම්මියා දෙක දෙක දාන්නේ අපේ ඩබොල් ආදි පාද නැති නිසාද
Deleteඌ ලියන්නෙත් නැහැ ඩබෙල් තියාසිංග්ල කෙමෙන්ට් එකක්වත් නැහැ
Deleteඇත්තට මොනවා වුණාද බං............ මෙහෙම අහන්නත් නිකං මොකද වගේ..... ඒත් ඔන්න ඔහේ කමක් නැහැ....
Deleteඅනේ මන්ද කුරුටු... අපේ ජීවිත අනුන්ගේ දඩබිම්ලු.... කවුදෝ ඊයේ කිවුවා
ReplyDeleteකවුරු වුණත් හරියට කියලා තියෙනවා සබරේ...........
Deleteඕනේ ඒවා ලැබෙන්නේ නැතිකොට එපා වෙනවා.... හා නැද්ද?
ReplyDeleteඅම්මපා රූපේ..........
Deleteකෝ උබ කෙමෙන්ට් වලට උත්තර දීපන්
ReplyDeleteඋත්තර දෙන්න ටිකක් වෙලා යනවා මචං............. ඒක තමා මේ ජීවිතේ අලුත් ම තත්වය.... ගණන් ගන්න එපා බං....... කොහොම හරි එනවානේ..............
Delete