රාග දෙනෙතින් බැලූ සඳ මා
කෝල බැලුමන් හෙලයි මා වෙත
කිම ළඳේ මේ අධම ලෝකේ
ආදරය මා වෙතට පෑයේ
නුරා දෙනෙතකි සොයන්නේ මා
ඔබෙන් හෝ අන් ළඳක් වෙතකින්
පලක් නෑ මට ප්‍රේම විජිතය
එය වසා දැන් බොහෝ කල් වෙයි
පෙර කලෙක යම් කෙනෙකු වී නම්
ආදරේ පිළිරුවක් විලසින්
මාද එලෙසම සිටියෙමි
ආදරේටම පණ පුදා
ඒත් දැන් මා හිතේ ඉඩ නැත
දරාගනු බෑ ආදරේ මට
පටන් චපල වු ප්‍රේම ලෝදිය
ගැලූ පසු මා හද තුළින්...
අසංක ගයාන් අබේසිංහ
අහෝ ගයියට වූ දෙයක්
ReplyDeleteබොහෝ ගලනා ලෝදියක්
සහෝ ඉන් තව පෙම් නෙතක්
අහෝ නොදවනු වෙයි දුකක්....
ජයවේවා!!!
උඹනම් මරු දුමියෝ...ගී පවුරට කමෙන්ට් කරන්නෙත් ගීයෙන්මයි...
Delete@ දුමින්ද
Delete+++
නියම පද හතර.
ෙමම කෙමන්ටුව අසංක අයියාට ෙනාව නංගිට බව කරුණාවන් සලකන්න...
ReplyDeleteනංගි, ෙකා්කටත් කියලා ටිකක් ෙහායලා බලාපං....
තුෂාර අයියා......
බාරියාවට මෙම අඩවිය තහනම් කලාපයක් කර ඇති බව කාරුණිකව දැනුම් දෙමි.
Deleteමීට
ස්වාමියා
අන්න ගෑණු......... එ්කට අෙප් උන්.......... අපිට තහනම් කරයි.......
Deleteතුෂාර
Deleteඅපි දැන් එහෙම තමා. ආදරේ ඕනම නෑ..
ReplyDeleteඔය ඉතින් ඔහෙට වෙලා කරන රාජකාරිය නේ...
Deleteඕක තමයි කියන්නෙ පිළිරූ වලට ආදරේ කරන්න එපා කියල හිටං.
ReplyDeleteහිටං හිටියම හරි...
Deleteමං මොකුත් කියන්නෑ අප්පා.... තාම තනිකඩයා වෙච්චි....
ReplyDeleteදෙකඩ වුණාම තේරුම් යයි...හැක්...
Deleteමට මේකට අහන්න තියෙන්නේ උඹෙන් "එක මකුණයි ළමයෝ කන්නේ-ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ" කියලායි.:D
ReplyDeleteඉතිං ඊළඟ එකත් මකුණෙක්මනෙ බං...ඌත් කනවම තමා...හැක්...
Delete//නුරා දෙනෙතකි සොයන්නේ මා.. පලක් නෑ මට ප්‍රේම විජිතය// හෆොයි..තවත් ලෝදියමනේ හොයන්නේ..
ReplyDeleteඔය කාලෙට ඔහොම තමා කමියා............ අපි කිව්වාට බෑ..........
Deleteතුෂාර