Sunday, October 30, 2016

හතරවැනි හයිකුව........




නැතිවුණත් කමක් නැහැ පාළුවනං
තනිව උන්නාට වඩා අගෙයි මේ මල් පොකුර
මේක වෙන්න ඇති නේද ජීවිතය ?


තුෂාර විතාරණ


.
පසු සටහන - 2016 ජූනි 11 තුන්වැනි හයිකුව ලියුවාට පස්සේ https://kurutugegeepawra.blogspot.com/2016/06/blog-post_11.html (මාස 4.5 පමණ කාලයකට පෙර) බ්ලොග්කරණයෙන් ඈත් වී සිටි නමුත් නැවතත් බ්ලොග්කරණයේ යෙදීමේ හැකියාව පිළිබද ව උත්සහ කොට බැලීමට තැබූ සටහනක් ලෙස මෙම හයිකුව සලකන මෙන් කාරුණික ව ඉල්ලා සිටීමට කැමැත්තෙමි. 

29 comments:

  1. කවි සිත පැතිරුන
    නිවහන අතහැර යන්න තරම්ම නපුරුද
    නුඹ විඳි පාළුව ...

    ප.ස - පසු සටහන නිදහසට කාරණයක් නොවන බව කාරුණිකව දන්වනු කැමැත්තෙමි. :D

    ReplyDelete
    Replies
    1. පිළිගනිමි මචං........,....

      හයිකුව සුපර්.......

      Delete
  2. පාළුව දවයි ජීවිතය අපේ සැමදා
    සකුරා සුවඳ දැණුනු සිතක් සැහැල්ලුවට ගුවනේ පාවෙයි
    ජීවිතය පහදනා කුරුටු කව අරුමයකි......

    දන්න විදිහට ඔන්න ලිව්වා. හයිකුවක්ද නැද්ද කියලා ලොකු අදහසක් නැහැ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හයිකුවක් නොවන්නේ මන්දැයි............??????

      ලස්සනයි දුමින්ද.... ස්තූතියි ජයවේවා

      Delete
  3. නිදහසට කාරණා කිසිවක් පිලිගත නොහැකිය. දිගටම ලියමු
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අනිවා......... බලමු බලමු.........

      Delete
  4. ජීවිතය ගැන ඉතින් කොහොම නම් කියන්නද?

    ReplyDelete
    Replies
    1. ජීවිතේ මාරයි......... ඒක අපි හිතනවාට වඩා මාරම මාරයි........ ඒක තමා ජීවිතය දිනේෂ්............

      Delete
  5. Replies
    1. යකෝ හයිකුව..............???????

      Delete
    2. කවි හැමදාම ලස්සනයිනේ අසංක ලියන..:) :)

      Delete
    3. හරි හරි අසංකනේ නේද????? බලාගමුකෝ ඈ........

      Delete
  6. තුෂාර විතාරණ...ම්හු...ෂහ්...මතකෙට එන්නෙම නෑනෙ...කවුද මේ...ම්ම්ම්

    ආහ්...මේ අපේ මස්සිනා කාරයනෙ...ආයෙමත් ආදරෙන් පිළිගනිමු මෙහෙට...හෑහ්...

    අසංක

    ReplyDelete
    Replies
    1. කවුද මේ අසංක කියන්නේ........... මං දන්නේ නැහැනේ........... මහබැංකුවේ වැඩ කරපු කෙනෙක්වත් ද ????????

      Delete
  7. හයිකු ගැන අහලා තිබුනට අද තමයි දැනගෙනම කියෙව්වේ.

    ReplyDelete
    Replies
    1. මල් මලයෝ..............

      හයිකු ගැන හොද කතාබහක් කලින් ඒවායේ දී ඇති වුණා... ටිකක් කියවලා බලන්න... තව හයිකු ගැන ලියන බ්ලොග් තියෙනවා.... අධ්‍යනයට හරි වටිනා පැත්තක්.... කියවලා බලලා හයිකුවක් ලියන්න....

      ජයවේවා..

      Delete
  8. හැකියාව ඇති බව පෙන්වන කමෙන්ටුවක් මෙන් මෙය පිළිගන්නා ලෙස ඉල්ලමි.

    ReplyDelete
    Replies
    1. අදහස පැහැදිලි මදි. පොඩ්ඩක් පැහැදිලි කලොත්

      Delete
    2. ස්තූතියි මනෝජ්.............

      හැමදාම වගේ තාමත් අපිත් සමග ඉන්නවාට... ජයවේවා..

      Delete
  9. එකෙක් ගැන කිව්වා නම් ඕක පිලිගන්න තිබුනා..

    ඒත් උඹලයි රෙජිමෙටම කෙල උනාද මහින්දට වගේ..

    ReplyDelete
    Replies
    1. ආ......... මාතා කොහොමද ඉතින්....

      කොහෙද මාතා මහින්දට කෙළවුණේ.......... ඔය යස අගේට ජීවත් වෙන්නේ.... යකෝ බලයේ හිටියානං තමා අමාරුවේ වැටෙන්නේ........ ඒ අතින් අපි ලොක්කාව බේරා ගත්තා..... අන්න කළගුණ සැලකීම....

      Delete
  10. හි හි ඔය බැහැල ඉන්නේ වැඩට.... ගුඩ් ලක් අයියන්ඩි

    ReplyDelete
    Replies
    1. * වැඩට = මඩට

      සබරෙ ඇනෝ.

      Delete
    2. සබරයත් දැන් දැන් කරක් ගහන නිසා ලියන්න හිතුනා........

      Delete
  11. ඔයිට වැඩිය අගෙයි
    තනමල්විල
    මල් එතුම...

    වෙල්කං බැක්.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ...... අයියණ්ඩී.....
      එ්ත් අැයි අෆ්ෆා වල්කම් කියන්ෙන්......

      Delete

Related Posts Plugin for WordPress, Blogger...