Thursday, October 20, 2016

කුරුටු සෙත්..........!



අරසර කිවියර නැණ ඉසුරින්දා
සුලකර කවි පදවැල් මන නන්දා
පළකර සරසවි බැලුම පසින්දා
හැමවර මනකළ පද පටබැන්දා

රහු මුව පත් සිසි කිරණසෙ ගුවනේ
කවු පබැදුම් සැඟවී ගිය ලෙසිනේ
පවු නොම කළ සරසවි කිවියරණේ
එවු යුදයට කවි පබඳින අරණේ

පස්වන නැකතින් පන්හිඳ ගෙනතා
කස්තුරි කුංකුම චන්දන කලතා
වස් නොව සෙත් දෙන කරුණා මුදිතා
ඇස්වහ දොස් දුරු වී ජය නියතා



ඉසුරි


.

27 comments:

  1. මං එක

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. එක වුණාට ඉතින් එකම එක නෙමෙයි හරිය........

      තුෂාර

      Delete
    2. මදැයි සෙත් කයිය එතනිංම ඉවරයි. හැක්..

      Delete
  2. නිල් ගුවනකි අනන්තයකි දුහුල් පවනකී
    සල් සුවඳකි තුරුගොමුවකි විසල් සෙවනකී
    විල් ඉවුරකි ජලදහරකි නිසල් සුවයකී
    මල් අහුරකි කුරුටු කවකි සිසිල් මිහිරකී........

    ජයවේවා!!!

    ReplyDelete
  3. Replies
    1. හරි බං ඉතින් තේරුණේ නැත්තං ඒක එක පාරක් කියහං. ඒ ඇති....... උඹට තේරුණේ නැහැ කියලා එක පාරක් කිව්වා ම අපිට තේරෙනවා කසුට්ටෝ........

      ඔය කවියක් තේරුණේ නැහැ කියලා ඔච්චර දුක් වෙන්න එපා බං..... ගොඩක් කවි එහෙම තමා..... අපි ඉතින් අපිට තේරුණ විදිහට ඒක තමා තේරුම කියලා හිත හදාගත්තාට ඇත්තට ම අපිට තේරිලා නැහැ තමා බං....... හැබැයි ඉතින් උඹ බොක්කෙන් ම ඇත්තම කියලා තියෙනවා....... ලියහංකෝ මෙන්න මෙහෙම තේරෙන්නැති කවියකුත්.....

      තුෂාර.......

      Delete
    2. දුමින්ද පිළිතුරු කවිය ලස්සනයි. සෙත් කවියටම ගැලපෙනවා.

      Delete
    3. තුෂාර අයියේ කසුටුට හොඳටම තේරිලා නෑ වගේ.....

      Delete
  4. පෙරදී ලීවා කවි , ගී නෙක නෙක රස බන්ඳා
    කුරිරු ඉඩෝරය ඇවිත් කවි උල්පත සින්ඳා
    මගෙ කවි සිත අද වියළි කතරක් හින්දා
    පෙරදී මෙන් රස ගී වැල් ලියනු හැකිද මන්දා

    ReplyDelete
    Replies
    1. ඔය කවි ලස්සනයි කවදත් සදරුවානෙණී
      මුහුදක් හිදෙන්නෑ මිදුනත් සත්හිතානෙණී
      කතරත් ලස්සනයි දළු ලා හිනැහුණාමෙනී
      කවියක් දෙකක් ලීවානං හිතහදාගනී.................

      තුෂාර

      Delete
  5. හරිම ලස්සනයි පැදි පෙළත්, යොදාගෙන තියෙන වචනත්. :)

    ReplyDelete
  6. එතකොට කුරුටුලා පේන්න හිටියේ නැත්තේ ඇස්වහ වැදිලද ඉසුරී....

    ReplyDelete
  7. කවි පබැදුම් මන රස කර කියතා
    අමරසයෙන් පිරි හැඟුමන් සදතා
    සරසවි ඇල්මෙන් බැල්මෙන් අගතා
    කවුරුද මේ කවි පබඳින වනිතා

    ReplyDelete
  8. කුරුටු පවුල එක් වී පෙර‍ ලෙසිනේ
    කුරුටු ගාමු පවුරේ සිත තොසිනේ
    දොස් නොම වේ එතකොට කිසි ලෙසිනේ
    සෙත් වේවා සැමහට ජය ජය වේ

    ReplyDelete
  9. සෙත් යුගය ඉවරයි. දැන් කොළේක ලියලා පාන් බාගෙක දාන යුගය

    ReplyDelete
  10. අපූරු පද පෙළ... ගොඩ කාලෙකින්:D

    ReplyDelete
  11. දැන් සෙත් කවිත් කිව්වා.දැන්වත් කට්ටිය ලිව්වා නම්.

    ReplyDelete
  12. ලස්සන කවි පෙළක්. කවුරුහරි විභාගෙකට යන නිසාද කොහේද අලියල තියෙන්නේ.

    ReplyDelete
  13. අනේ මේ බ්ලොග් එක වැහිලම යනවනං...

    ReplyDelete
  14. අගෙයි නගා.... අන්න එහෙම එන්ට එපැයි... කාන්තා චරිතයක් උනහම නැත්තං මේක පාළුයි අප්පා....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...