Tuesday, October 18, 2016

- ජීවන මං පෙත -



ජීවිත උදෑසනේ
පිරිසිදු හිත් අහසේ
කිරි සුවඳින් පිරි
මුව මඳහාසෙන්
උණුහුම් තුරුළක වේ...

ජීවිත දිවා යමේ
කිළිටි වු හිත් ගඟුලේ
කිමිදී තෙමි තෙමි
දුගඳ වු හැඟුමෙන්
සරන්නෙ වනන්තරේ...

ජීවිත සැඳෑ සමේ
අසරණ හිත් දැහැනේ
කියාගන්න බැරි පව් කඳ තනිකම
රජයන වීදි දිගේ
සැනසුම මිරිඟුව වේ...



අසංක ගයාන් අබේසිංහ

34 comments:

  1. අපූරු අදහසක්

    උදේ පියකරුයි නෙතු දැකුමට පිරියයි
    නදේ ඇහෙන දහවල හරි කලබලයයි
    සඳේ රැසින් මැදියම් රැය නිසංසලයි
    යෙදේ දවස මේ ලෙස සමවන දිවියයි.........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමියගෙ කවි හැකියාවත් නියමයි...ස්තුතියි දුමියෝ...

      Delete
  2. ඕක තමයි ජීවිතේ....
    ලස්සන සිතුවිල්ලක් නිර්මාණයක් වෙලා අ.ග.අ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බොහෝ අයගේ ජීවිත මේ වගේ තමයි වැව්...

      Delete
  3. සැනසුම මිරිඟුව වේ.

    ReplyDelete
    Replies
    1. ඒක මිරිඟුවක් වෙන්නෙත් අපි හැසිරෙන විදිහට තමයි...

      Delete
  4. මේ ලංකාවේ පාරක්..... අපූරූ කවියක්...

    ReplyDelete
    Replies
    1. මේක මේ අන්තර්ජාලය සර්ච් කොරද්දි අහුවෙච්චි එකක් මාතෙ...

      කොහොම වුණත් ලංකාවෙ උන් ගොඩක් හැසිරෙන්නෙ සැනසීම අහිමි වෙන තාලෙට තමයි...

      Delete
  5. කවියත් photo එකත් හරිම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි එරන්දි...

      Delete
  6. Replies
    1. නෑ මචං අපේ ජීවිතේ...

      Delete
  7. දවසම කවියකට ගොනු කර අපුරුවට.

    ReplyDelete
    Replies
    1. අපි දවස් ගොඩක් මග හැරගන්නව බං...

      Delete
  8. සතර පෙර නිමිති දැක්ක ද?

    කොහේ තියෙන පාරක්ද බොල මේ.
    සූරියවැව අඩි 100 පාර ඔයිට වැඩිය කොලිටියට කෙලින් තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඒවම දකින්න ඕන නෑ බං...

      කොහොමත් අපේ පාරවල් කොලිටි නෑ තමා...

      Delete
    2. මටත් හිතුනේ ඒකමයි

      Delete
  9. Replies
    1. ඒකනේ මං දැන් එදාටත් වඩා ලස්සනයි...හා බොරුනම් තුෂාරගෙන් අහල බලන්නකෝ...

      Delete
    2. මාත් ලස්සසනයිද ඇ‍ණේ..

      Delete
    3. උඹේ කට නැත්තම් මාර ලස්සනයි...

      Delete
    4. මේං වැඩක්.... ඇයි වදේ ගෙදර කණ්නාඩියක් වත් නැද්ද්..... දෙන්නටම කිව්වේ...

      Delete
    5. උඹලා කට්ටියම සෙට් වෙලා නොවැ.......... මාත් එන්නද කියලයි බැලුවේ...... හැක්

      Delete
    6. අම්මෝ උඹේ මූණත්තහඩුව දැක්ක කල්...වරෙන් වරෙන්...

      Delete
  10. කාලෙකින් මෙහෙට ගොඩ උනේ ..මේක සිංදුවකට නම් මරු

    ReplyDelete
    Replies
    1. කාලෙකින් ගොඩ වෙලා ලොකු කතානෙ හංසි කියන්නේ...සිංදු...බුදු අම්මෝ...

      ස්තුතියි හංසි...

      Delete
  11. මැරුං නොකා ඉසුරු නගාට ඇඩ්මින් දීපිය..

    ReplyDelete
  12. ජීවිතේ අපේ ජීවිතේ..

    ලොක්කා කාලෙකින් දැක්කේ. දැන් මොකද ඉස්සර වගේ නොලියන්නේ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉස්සර වගේ ලියන්න හිතක් පහළ වෙන්නෙ නෑ බං...ඒක තමයි වෙලා තියෙන්නේ...ඒ වුණත් උඹලගෙ මේ දිරිමත් කිරීම හින්දම අපි ඉන්නව...

      Delete
  13. Replies
    1. මොකෝ මේ ඉංගිරිස් කෑලි...ලස්සනයි අසංක කිව්වොත් නරකට හිටී...හැහ්...

      Delete
    2. රැ වැටුන වලේ දවල් වැටෙන්න...ඒක වෙන්නේ නැ අසංක.. :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...