නිලුපුල් නෙතක දැඟලිලි
හෙමින් සැලෙනා කෙහෙරැලි
සුර ලොවක සිතුවිලි
සිහිල් කිතියකි නැළවිලි
මිහිරි හැඟුමන් පෙනි පෙනි
කෙසේ කියමිද සිතමිනි
වියළි තොල් යුග තෙමමිනි
අද මගේ හද තනියෙනි
මෝසම් සුළං රැළි
හමනා රැයක සැණකෙලි
ළඟින් හිඳි නම් වෙළි වෙළි
සිත ඇදුම් දෙයි ගිනි ගුලි
හිතින් පෙම් කල තරමිනි
ඇය දනී නම් සතුටිනි
හාදු වැස්සක තෙමි තෙමි
මමත් සිඹිනෙමි මල් කෙමි
අසංක ගයාන් අබේසිංහ
ලස්සන පද මාලාවක්. ටෙලි නාට්‍යයක තේමා ගීතයකට නියමයි
ReplyDeleteලස්සන පද මාලාවක්. ටෙලි නාට්‍යයක තේමා ගීතයකට නියමයි
ReplyDeleteඉයන් දෙපාරක්ම කියල තියෙනව කියන්නෙ මේකෙ ගතයුත්තක් ඇති...
Deleteබොහොම ස්තුතියි ඉයනෝ...
දැං ඉතිං ටෙලි නාට්ටි පිටපතකුත් ලියහංකෝ..
Delete///හිතින් පෙම් කල තරමිනි
ReplyDeleteඇය දනී නම් සතුටිනි
හාදු වැස්සක තෙමි තෙමි
මමත් සිඹිනෙමි මල් කෙමි///
ඇය දනීනම් මීට වඩා වෙනස් වෙන්න තිබුනනේ...
අපූරු පද පෙළ...
හෑ...ඔයා කොහොමද දන්නේ...හා හා හොරේ දැනුණා දැනුණා...
Deleteවිහිළුවට හොඳේ නිර්මාණි...
බොහොම ස්තුතියි අගය කිරීමට...
its ok kurutu...
Deleteලස්සනට ලියලා තියෙනවා...
ReplyDeleteබොහොම ස්තුතියි මිතිල...හැමදාම මේ පැත්තෙ එන්න...
Delete///වියළි තොල් යුග තෙමමිනි
ReplyDeleteඅද මගේ හද තනියෙනි////
/////හාදු වැස්සක තෙමි තෙමි
මමත් සිඹිනෙමි මල් කෙමි//////
ෂා අපරාදේ.......ඇයි යකෝ ඇය දැණ ගත්තේ නැත්තේ....
ආ......................... අරූ............. කොහොමෙයි ඉතින්..... මෙන්න කාන්චනා මතක් කරන්න කියලා කියනවා........
Deleteතුෂාර
හොඳින් ඉන්නවා දරුවෝ...මමත් මතක් කරා කියන්න.
Deleteමාත් කාංචනා මතක් කලා කියපං
Deleteඅරූ අයියට බොහොම ස්තුතියි...
Deleteමේ ඔය පුංචි කෙල්ලො මතක් කළා කියල මුන් අයියව අන්දවන්න හදන්නේ...රැවටෙන්න එපා...
අසංක
@ අරූ.............
Deleteහරි කිව්වා..... කාලෙකින් නොවැ... මුල්කාලේ අපේ සහයට හිටපු සගයො නොවැ නේද?????
@ විදානේ...
ඒක කිව්වා ම ඇතිද බං.....???????
කියන්න අමතක වුණානේ..
Deleteතුෂාර
ගැබේ ගුවනෙ සඳවත වන් ඇය වෙතට
ReplyDeleteඋඹේ හිතක සුපිපුණු පෙම ගෙනියන්ට
අබේ නමින් මම යමි උඹෙ උදව්වට
කඹේ ලිහාපන් ඕනේ නැහැ ගෙලට......
අපූරු කවියක් ගයියෝ.....
ජයවේවා!!!
දුමියගෙ රස කවිනම් මරු...ඇත්තටම...
Deleteබොහොම ස්තුතියි දුමියෝ...
ඔය කාලෙට ඔහොම තමා...................... ඉවසහං ගොයියෝ..........
ReplyDeleteහිහ් හිහ් හී...............
අසංක අයියා කොච්චර සීනියර් වුණත් ඉතින් මේ වැඩේදි මං සීනියර්නේ නේද??????
තුෂාර
වැඩේ ගැස්සුනා නේද?
Deleteමුල් කාලෙදි උඹ සීනියර් වුණාට ඊට පස්සෙ වැඩ වලදි මම සීනියර් නේ...හැහ්..හෑ...හා නැද්ද...
Delete@ විදානේ.
Deleteගැස්සුනා නෙමෙයි බොල හරිගියා.........
@ අසංක අයියා
යකෝ ඒකේ සීනියර් ද ජූනියර් ද මනින්නේ මාස ගානෙන් බොලව්.......
තුෂාර
අම්මපා...මේ මේ ඕව මේ විදානයා වගේ කටකම සිරියාවක් නැති උන් ඉන්න තැන කියෝන එක හරිද...අපි දෙන්නා ප්‍රයිවෙට් එකේ චැටක් දාමු...
Deleteඔන්න ඕක තමා සීන් එක. ආදරේ කතා ගොතන්න පුලුවන්, කවි ලියන්න පුළුවන්, සිතින් පෙම් කරන්න පුලුවන්. ඊට එහා ටිකනේ අවුල..
ReplyDeleteඔය අවුලට ඉතිං එකම පිහිට මධ්‍ය-සාරය තමා...බුහැක්...
Deleteආදරේ වැඩි වුණාම කොන්ද පණ කෙන්ද අතුරුදහන් වෙනවා බං...ඉතිං ඒකයි කියාගන්න හරිය කොරන්න හරිම අමාරු...
සහතික ඇත්ත. කියන්න ඕන ඒවා නෙමෙයි කියවන්නේ.
Deleteකිඹුලන් නැති වලට කබරගොයත් කිඹුලෙක්ලු
ReplyDeleteජ ය වේ වා !!
ආ උඹට 'තලගොයා' කියලත් කියනව කියල දැනගත්තෙ අද...හැහ්...
Deleteචිත්තරෑප මැවෙන ආකාරයේ කවියක්. ලස්සනයි.
ReplyDeleteහා හා චිත්ත රූප වලින් එහාට එහෙම යනව නෙවෙයි ඕං...
Deleteඒකට පින් නැතුවා අප්පා
Deleteඋඹ දුක් වෙන්න එපා...කරුමෙ පල දෙන වෙලාවට ඕක මගහරින්නම බෑ...කවුරු හරි උඹ වෙනුවෙන් ඉන්නවම තමයි මචෝ...
Deleteහ්ම් හ්ම් හ්ම් අසංක අයියටත් හිතෙන දේවල්
ReplyDeleteඔව් ඉතිං උඹල හිටියට මොකුත් හිතෙන එකක්යැ...ඉතිං මංම හිතල ලිව්වා..
Deleteසිතින් පෙම් කරන එව්වා දැනෙන්නේ නැතුවමත් නෙමේ.
ReplyDeleteඔන්න ඔන්න...හැබැයි ඒකත් මාර ජොලි නේ මචං...
Deleteමට එපා වෙනවා බං.....
ReplyDeleteකාවද මචං...
Deleteලස්සනම නිර්මාණයක්
ReplyDeleteබොහොම ස්තුතියි එරන්දි...
Deleteඅපූරු පද පේලි ටිකක්...
ReplyDeleteබොහොම ස්තුතියි තුශානි...
Deleteදෙවෙනි කවිය අරක්කු බොන එකක් ගැනයි තුන්වෙනි එක සිගරට් බොන එකක් ගැනයි නේද කියන්නෙ. හැක්..
ReplyDeleteඇයි හතරවෙනි එකේදි වහ බොන එකක් ගැන කියවෙනව උඹට පෙනුණෙ නැද්ද යකෝ...
Deleteමල් කෙමි කොහොම වෙතත් අලයක් ගැනවත් තිබ්බනං එහෙම විස්වාස කරන්න තිබ්බ.
Deleteඒ මල් තනමල්විල ඒව නෙමේ ද?
නෑ නෑ ඒව උඹලගෙ ගෙදර පැලවෙන නියඟලා මල්...
Deleteඔහොම බලා ඉඳලා බෑ අනේ. යන කැකිරි වත්තකින් යන්න කියලා, කියලා දාමුකෝ මහා හයියෙන් (කනට කොඳුරලා) අම මාදරෙයි කියලා.
ReplyDeleteවයසක උදවියට නම් ඕව ගේමක් නෑ...ඒත් මේ අපි වගේ කොල්ලොන්ට...හෑහ්...
Delete